නැගෙනහිර පළාත් සභා මැතිවණය කල් දැමීමට අත උසවන්නේ නම් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් උතුරු-නැගෙනහිර ද්‍රවිඩ ජනයාගේ පමණක් නොව දකුණේ ප්රගතිශීලී ජනතාවගේ ද ද්‍රෝහියෙකු වනු ඇත.
Posted on August 7th, 2017
කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන්පු වත්පත් නිවේදනය යි.
නැගෙනහිර පළාත් සභාව සදහා නව මහජන නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සදහා 2017 ඔක්තෝබර් 2 දින නාම යෝජනා කැදවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ සමගම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නැගෙනහිර, උතුරු මැද, සබරගමු පළාත් සභා මැතිවරණ වසර දෙකකට වැඩි කලකට කල් දැමීම සදහා ’20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව අනාගතයේ ඌව පළාත් සභාව හැර අන් සියළුම පළාත් සභා මැතිවරණ කල් යනු ඇත.
පළාත් සභාව කල් දැමීමටත්, නව නායකයින් බිහිවීම වලක්වමින් ‘වසර දෙකකට පළාත් ඡන්ද නැති කිරීමටත්‘, පළාත් සභාව පාලනය කිරීමට ‘කොළඹ ආණ්ඩුවට‘ නැතිනම් ‘උතුරේ ද්‍රවිඩ තරුණයින් කියූ ලෙස ‘සිංහල පාර්ලිමේන්තුවට‘ බලය දෙන්නේ නම්, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන මහතා එතුමා නියෝජනය කරන නැගෙනහිර ද්‍රවිඩ ජනතාවගේ පමණක් නොව පළාත් සභා ක්‍රමය වෙනුවෙන් පෙනී සිටි දකුණේ ප්රගතිශීලි ජනතාවගේ ද ද්‍රෝහියෙකු වනු ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කිර්ති තෙන්නකෝන් මහතා පවසයි.
බලය බෙදා හැරීම සදහා වන ක්‍රමයක් ලෙස දකුණේ ප්රගතිශීලි ජනතාව ‘පළාත් සභා ක්‍රමය‘ වෙනුවෙන් තම ජීවිතය පරදුවට තැබීය. තිස් දහසකට වැඩි පිරිසක් පළාත් සභා ක්‍රමය ඇති කරන්නට ජීවිතයෙන් වන්දි ගෙවීය. පළාත් සභා ක්‍රමය ඇති කළ එජාපය දැන් එදා එයට විරුද්ධවූ පුද්ගලයින් ඝාතනය කළ, ජනතා දේපල විනාශ කළ, බස්, ගිණි තැබූ ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වී මෙරට පළාත් සභා මැතිවරණ සිතියම පාර්ලිමේන්තු කුමන්ත්රණයකින් අකුලා දමන්නට උත්සහ දරයි.
මේ ආණ්ඩුව බලයට පැමිණියේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට වැඩි බලයක් ලබා දෙන බව පවසමිනි. 13+ අද සිහිනයක් වී ඇත. නැගෙනහිර පමණක් නොව උතුරේ ජනතාවට පළාත් සභාවට ද නියමිත කාලයට මහජන නියෝජිතයින් තෝරා පත් කර ගැනීමට ජනතාවට අයිතියක් ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ‘පළාත් සභා ඡන්ද විමසීම කල් දැමීමේ යෝජනාව‘ මගින් පළාත් සභා ක්‍රමය නැවත වරක් කොළඹ ආණ්ඩුවට යට වන බව පැහැදිලි ය. එමගින්, පළාත් සභාවේ ස්වාධීනත්වය නැතිවී යනු ඇත.
පළාත් සභා ක්‍රමය රටේම ජනතාව පිළිගත් බලය බෙදීම පිළිබද සංකල්පය කි. ඒ සදහා දකුණේ ජනතාව මරණය පෙනී පෙනී දුෂ්කර අවස්ථාවල පවා පෙනී සිට ඇත. ඡන්දය කල් දැමීම, මැතිවරණ නොමැතිව පළාත් සභාව පවත්වාගෙන යාම, පළාත් සභාව විසිරුවා හැර ‘කොළඹ ආණ්ඩුව නැතිනම් සිංහල පාර්ලිමේන්තුව‘ මගින් පළාත් සභාව පාලනය කිරීම ප්රජාතන්ත්රවාදී වන්නේ නැත. එවැවින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයෙකුට ‘පළාත් ඡන්ද කල් දැමීමේ පනතට පක්ෂ විය නොහැකිය.‘
වතුකරය නියෝජනය කරන ප්රගතිශීලි දෙමළ නායකයින් ද, ලංකා කම්කරු කොන්ග්රසය වැනි සාම්ප්‍රදායික වතු නායකත්වයට සබරගමුව පළාත් සභා මැතිවරණය කල් දමන්නේ නම් රත්නපුර, කෑගල්ල වතු ජනතාවට මහජන නියෝජිතයෙකු පත් කර ගැනීමට ඇති අයිතිය ඒ අනුව නැති වන බව වටහා ගත යුතුය.
උතුරු මැද, නැගෙනහිර මුස්ලිම් ජාතිකයින්ට පොරොන්දු වූ බලය බෙදාහැරීමක් ලබාදීමට මෛත්‍රී-රනිල් රජයට තවම හැකි වී නැත. නමුත්, ඔවුන් පළාත් සභා ඡන්ද කල් දැමීමටත් අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුව හරහා පළාත් සභාව පාලනය කිරීමටත් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. බලය බෙදා හැරීම වෙනුවට බලය තවදුරටත් ‘පාර්ලිමේන්තුවට ගොනු වන යෝජනාවක් පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් වනු ඇත.
මෙම යෝජනාවට පක්ෂව ඡන්දය දෙන්නේ නම් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධානය, මුස්ලිම් පක්ෂ, දෙමළ ප්රගතිශීලි හෝ සාම්ප්‍රදායික වතු කම්කරු නායකයින් සියළු දෙනා තම ජනතාවට ද්‍රෝහීවූවන් ලෙස ඉතිහාසයට එක් වනු ඇත. එපමණක් ද නොව, බලය බෙදා හැරීම සදහා පළාත් සභා ක්‍රමය වෙනුවෙන් ජීවිතය පවා පරදුවට තබා පෙනී සිටි දකුනේ සිංහල-මුස්ලිම්-දෙමළ ජනතාවට ද ඔවුන් එක ලෙස ද්‍රෝහි වනු ඇත.
කීර්ති තෙන්නකෝන්
විධායක අධ්යක්ෂ/කැෆේ සංවිධානය
2017 අගෝස්තු 7