තලතා රංජිත් රාජිත නීතිපති පොලිස්පති මහ රෑ රහසිගත හමුවක්
Posted on July 7th, 2018
රුචිර දිලාන් මධුසංඛ උපුටාගැණීම මව්බිම
මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේ සිදු වූ බව කියන වංචා දූෂණවලට සම්බන්ධ නඩු කඩිනමින් විභාග කිරීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා වන රහසිගත හමුවක් පසුගිය අඟහරුවාදා (3දා) රාත්‍රියේ අධිකරණ අමාත්‍යාංශයේ පවත්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ‘මව්බිම’ට හෙළි කළේය.
එදින රාත්‍රි 10.30ට පමණ පැවැති මෙම විශේෂ සාකච්ඡාව සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය, නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා මෙම හමුව සඳහා සහභාගි වී ඇතැයි වාර්තා වේ.
එහිදී අලුතින් ඇති කළ විශේෂ අධිකරණවල අදාළ නඩු ගණනාවක් එකදිගට විභාග කිරීම සඳහා අවශ්‍ය කටයුතු මෙහිදී සාකච්ඡා කර තිබේ.
ඊට අමතරව ප්‍රමුඛතාව අනුව කඩිනම් කළ නඩු පිළිබඳව ලැයිස්තුවක් සකස් කර අදාළ චෝදනාවලට සම්බන්ධ පුද්ගලයන් කඩිනමින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම ගැනද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.
July 8th, 2018 at 8:26 am
India and Indian Colonial Parasites are working according to their long term plan.
I think they will take people in to custody close to the elections.
It is a continuation of the “good governance plan”.
July 8th, 2018 at 11:20 am
චන්දයක් ලං වෙන කොට දතාලට මරු පනෙන බව පැහැදිලිය්.