හකීම් ගැන අදත් හෙළිදරව්වක්
Posted on October 21st, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම්ගේ සොහොයුරා වන රිල්වාන් හෂීම් බවට සැලකෙන පුද්ගලයෙකු සමග එකට සිටින ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

රිල්වාන් හෂීම් මියගියේ පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින්.

අප්‍රේල් 21 වනදා සිදුකල ප්‍රහාර මාලාවේ මහමොළකරු වන ත්‍රස්තවාදි කල්ලි නායක මොහොමඩ් සහරාන් හෂීම්ගේ සොහොයුරෙකු වන මොහොමඩ් රිල්වාන් හෂීම් බවට සැලකෙන පුද්ගලයා සමගින් මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා සිටින ඡායාරූපය පිළිබඳ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්ව ඇති අතර අමාත්‍ය රාවුෆ් හකීම් මහතා සමග මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පළාත් සභා මන්ත්‍රී සිද්ධි ෆාරුක් ද මෙම ස්ථානයේ සිට<br />තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වන්නේ රිල්වාන් හෂීම් රෝහල්ගත කර සිටින අවස්ථාවකදී අමාත්‍යවරයා ඔහු බැලීමට පැමිණ ඇති බවටයි.

පාස්කු ප්‍රහාරය සිදුවී දින 5 පහකට පසුව අප්‍රේල් 26 වනදා කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක් ආරක්ෂක අංශ විසින් පරික්ෂා කිරීමට උත්සහ කිරීමේදී එහි සිටි ත්‍රස්තවාදී පිරිස මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළා.

එහිදී සහරාන් හෂීම්ගේ සොහොයුරු රිල්වාන් හෂීම් මියගිය අතර ඊට පැය කිහිපයකට පසුව ඔහු සහ සහරාන් හෂීම් එකට සිටින ඡායාරූපයක් ෂී හිතවාදී අමාක් පුවත් සේවයේ වෙබ් අඩවිය ප්‍රසිද්ධ කර තිබුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress