RANJANGATE SCANDAL – රන්ජන්ගේ තවත් හඬ පටයක්… දහම් සිරිසේනගේත් කලිසම ගැලවෙයි..
Posted on January 9th, 2020
උපුටා ගැන්ම ලංකාසීනිවුස්
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ තවත් හඬ පටයක් නිකුත් වී ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතා විසින් ඔහුට හිතවත් පොලිසියේ නිලධාරීන් ඉහල තනතුරුවලට පත් කිරීම සඳහා බලපෑම් කල අයුරු රංජන් රාමනායක මහතා සමග රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා එම හඬ පටයේ සාකච්චා කරයි.
දහම් සිරිසේන මහතා තම පියා වූ හිටපු ජනාධිපති වරයාගේ බලතල ද ගෙන හිතවත් පොලිස් නිලධාරියෙකු ඉහළ තනතුරකට යොමුකර ඇති බව එම සාකච්චාවේදී ශානි අබේසේකර මහතා සදහන් කලේය.