RANJANGATE SCANDAL – විමර්ශන සිදුකිරීමට ප්‍රතිපාදන පවතින බව නීති විශාරදයන් කියයි
Posted on January 10th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස්
ආන්දෝලනයකට තුඩුදී තිබෙන රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් පටිගත කර ඇති හඬපට සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකිරීමට මෙරට නීතියේ අවශ්‍ය ප්‍රතිපාදන පවතින බව ජ්‍යෙෂ්ඨ නීති උපදේශක මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා පෙන්වා දෙනවා.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කොළඹදී අද (10) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.