චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.
ඉහත මාතෘකාව යටතේ මා ලියූ
ලිපියක්, 2009 ජූනි 22 දා අයිලන්ඩ් පුවත් පතේත් (http://pdfs.island.lk/2009/06/22/p6.pdf), එහි සංශොධිත කොපියක් 2012 පෙබරවාරි 15 දින ලංකාවෙබ් වෙබ් අඩවියේත් පලවිය. කරුණු කීපයක් නිසා මෙම ලිපිය
දැනටත් ඉතා වැදගත්‌ය: (1) 13- ඒ ප්ලස් පියා ලෙස සැළකෙන
දයාන් ජයතිලක මහතා ප්‍රමුඛ, පරණ යටත් විජිත කැබලිකිරීමේ
හා ඒවායේ කළුසුද්දන්ට හීනමානය ආරූඪ කිරීමේලා අළුත් උපාය මාර්‌ග දෙකක් වන, <නන්මැජෝරිටේරියන්>, <ආර්.ටූ.පී> කතාවල ලෝකල් ඒජන්තලා
කල්ලියක් බිහිවී සිටී. මොවුන් විසින්, මේ දිනවල, දිනපතාම වාගේ, 13-ඒ වෙනුවෙන් ඉංග්‍රීසි ලිපි
ලියමින්, නැගී එන මිශ්‍ර සිංහලබෞද්‌ධ අන්තවාදයක් හා මිලිටරිවාදයක් ඉදිරියේ ගෝඨාභයගෙන්, ඉන්‌දියාවේ මෝඩි ලවා 13-ඒ රැකගත යුතුයයි තර්‌ක
කරමින් සිටී. මෙහිලා ටී.එන්.ඒ. කාරයින්, විග්නේෂ්වරන් හා පොන්නම්බලම්
එකමුතුව සටන් කල යුතුයයි දයාන් ඔවුන්ට උපදෙස් දෙමින් සිටී.
(2) අනික නම් 2015-19 යහපාලනයෙන් ඉතිරිව ඉන්නා
පඬරැල් හෙවත් විරුද්‌ධ පක්‍ෂය සත පහකට වැඩක් නැති නරුමයින් පිරිසක් බව ඔවුන්ගේ ක්‍රියාවලින්
පෙනීයාමය. මොවුන් රට රැකීම නොව කුමණ අක්කාරයකින්, කොරෝනා මිණී උඩින් හෝ, ආණ්ඩුව බකල් කිරීම තම කාරිය යයි සිතන, දයාන් තම න්‍යායාචාරියා ලෙස සිතන බාල-මහළු පිරිසක්‌ය. ඒ නිසා
දයාන්ලාට දෙන උත්තර ඔවුන්ටද අදාලය. ඔවුන් හා (අද්මිරාල් සරත් වීරසේකර හා තව කීපදෙනෙකුට
අමතරව), ආණ්ඩුපක්‍ෂයේ මන්ත්‍රී පංචස්කන්‌ධ මෙම කාරණා දැනගැනීමේ ඇති
වටිනාකමය.
(3) සමහර විට මෙහිදී වැදගත්ම කරුණ නම් දැනට පත්කර ඇති ව්‍යවස්ථා
සම්පාදන විද්‌වත් කමිටුවේ සාමාජිකයින් 9 දෙනාගෙන් 8 ක් දෙනෙක්ම නීතීඥයින් වීමය. රටේ ඉතිහාසය හා භූගෝල විද්‍යව පිළිඹඳව
ඔවුන්ට ඇති දැණුමට අදාලව ඇති සැකයය. පාසැල් වලින් මේ විෂයයන් දෙක ඉවත් කිරීම
සිදුවූයේ සිරිමා අගමැති කාලයේ බදිුද්දීන් ඇමති යටතේය. ඇමෙරිකාවේ මෙන් නීති ශිෂ්‍යයෙක්
නම් ඊට පෙර වෙනත් ප්‍රථම උපාධියක් ලංකාවේදී ඉල්ලන්නේ නැත. මේ නිසා ලංකාවේ
නීතිඥයින්, නීතිය නමැති රේල්පාරේ යන කෝච්චි වැනිය. ඔවුන් හා වෛද්‍යවරුන් අතර වෙනසක් නැත. මියගිය, විනිශ්වයකාර, මහාචාර්ය සී. ජී වීරමන්ත්‍රි
වැනි මීට ව්‍යාතිරේකවන අය ඇත්තේ සුළු පිරිසකි. කමිටුවේ ඉන්නා කොළඹ ලෝ ෆැකල්ටි එකේ
අයද රේල්පාරේම ගිය අය මිස, එහි සිටින එක නිතීඥයෙක් නොවන
සාමාජිකයා වන ජී. එච් පීරිස් විශ්‍රාමලත් මහාචාර්යවරයා මෙන් සමාජ පර්යේෂණ කල බහුශ්‍රැතයෙක්
නොවේ. පොතේ ඇති නීතිය හා ක්‍රියාවේ යෙදෙන නීතිය යන දෙකේ වෙනස දැනගත හැක්කේ ක්‍ෂේත්‍ර
සමීක්‍ෂණාදිය මඟිනි.
මේ නිසා මේ කමිටුවට වෙනත්
විෂයයන් ගැන විශාරද දැනුමක් ඇති අයවද
ඇතුලත් නොකිරීම බරපතල අඩුපාඩුවක් යනු මගේ මතය වන්නේ භූගෝල විද්‍යාව හා නීති විද්‍යාව
සසඳමින් මා කල පශ්චාත් උපාධි දෙකෙන් ලද අත්දැකීම් නිසාය. උදාහරණයක් වශයෙන්, මෙම ලිපියේ සඳහන් වන මායා චඩ්ඩගේ (1997) කෘතිය මෙම කමිටුවේ
සාමාජිකයින් වන නීතිවිද්‍යා ගුරුවරු කී දෙනෙක් කියවා ඇද්ද කියා මට සැක සිතේ. මේ
නිසා මෙවැනි කරුණු ඇතුලත් මා ලියූ පරණ ලිපි කමිටු ලේකම් හරහා ඔවුන්ට යැවීමට මම
බලාපොරොත්තු වෙමි.
කරුණානිධිගේ ජීවිත කතා පොත (2020)
1997 චඩ්ඩ ගේ පොතෙන් මා ඉගෙනගත් දේට අමතරව, ටැමිල්නාඩ් මහaැමතිව සිටි කරුණානිධි හා
එම්.ජී. රාමචන්ද්‍රන් ගැන 13-ඒ ට අදාල විස්තර, මා දුටුවේ කරුණානිධිගේ පොත ගැන ස්ක්‍රොල්.ඉන් (නොවැම්බර් 3, 2020) වෙබ් අඩවියේ පළවූ සාරාංශයකිනි. අවුරුදු 2600 ක ලිඛිත ඉතිහාසයක් ඇති ලංකාවේ විශාල ජීවිත විනාශයකට
ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි පංචස්කන්‌ධ අතලොස්සක් දායකවූ හැටි කෙතරම් ඛෙදජනකද? මේවා පුදගලික කෝන්තර උඩ සිදුවූදේය. ජේ. ආර්. (හා ආර්. ප්‍රේමදාස)
විසින් ඇමෙරිකාවට පන්දම් ඇල්ලීමත්, සිරිමා හිටපු අගමැතිනිට දුන්
වධ හීංසා නිසාත්, තමාට හා තමාගේ පුත් සංජයට, එළදෙන හා වස්සා යයි, හරක් මුත්‍රා බිව් ඉන්‌දියා
අගමැති මොරාජි දේශායි (1977-8) සමඟ එකතුව උපහාසයෙන්
කතාකිරීමත් නිසා ඉන්දිරා ගාන්‌ධි ප්‍රභාකරන්ලාට මිසයිල් පවා දුන්නේ ජේ ආර්ගෙන්
පලිගන්නය. දැන් මෝඩි ඇමෙරිකාව සමඟ එකතුව ලංකාවට ඔච්චන් කරන්නේය. හරක් මුත්‍රා බොන
අය ඔහු සමඟද සිටින්නේය!
ටැමිල්නාඩ් නාට්‍යය යනු චිත්‍රපටි
නළු-නිළියන් මාරුවෙන් මාරුවට මහaැමති වීමය. එහි ලංකාවට අදාල
(1987 රජිව්-ජේ.ආර් ගිවිසුම හා 13-ඒ සම්බන්‌ධ), එක් ජවනිකා අවධියක් කරුණානිධිගේ පොතේ හැටියට මෙසේය:
1969 දී ඇන්නදොරෙයි මියගිය පසු කරුණානිධි ප්‍රධාන ඇමති විය;
1981 මැයි 31 යාපනේ පුස්තකාලයට ගිනි
තැබීම;
1981 න් පසු කරුණානිධි හා ලංකාවේ කඳුකරයේ උපන්,එම්. ජී. රාමචන්ද්‍රන් වෙන වෙනම අගමැති ඉන්‌දිරා මුණගැසීම;
1986 මැයි 4-කරුණානිධි විසින්, ටැමිල් ඊළම් සපෝටර්ස් සංවිධානය, මදුරෙයි නගරයේදී කැඳවීම;
1986 මැයි 6- ප්‍රභාකරන් විසින්, ටෙලෝ නායක සබාරත්නම්ව මුදාහරින ලෙස කරුණානිධිකල ඉල්ලීම නොසලකා, මරා දැමීම නිසා, කරුණානිධිට ඇතිවූ කළකිරීම;
එම්.ජී.ආර්, ප්‍රභාකරන්ට කෝටි හතරක් දීම, එහෙත් ප්‍රභාගේ අකීකරු
හැසිරීම, මේ නිසා ප්‍රභාට දුන් අවි ආයුධ ආපසු ගන්නා ලෙස (කන්ෆිස්කේට්)
එම්.ජී.ආර් විසින් පොලිස්පති මෝහන් දාස්ට අණකිරීම (මේ වනවිට මහaැමති එම්.ජී,ආර් ය).
මීට විරුද්‌ධව ප්‍රභා
උපවාසයක් ඇරඹූ විට කරුණානිධි හා ඉන්දියා ආණ්ඩුව ප්‍රභාගේ පැත්ත ගැනීම. ප්‍රභාලාගේ
සෙල්ෆ් ඩිෆෙන්ස් සඳහා ඒවා අවශ්‍යය යන තර්‌කය. මේ නිසා ඒවා ආපසු දීම.
සියළුම ඊළම් සටන් කාර පාර්‌ශව
ගෙන්වා රජිව් ගාන්‌ධි පැවැත්‌වූ සාකච්චාවට ප්‍රභා ගෙන්වා ගන්නට එම්.ජී.ආර් අසමත්‌විය;
1987 ජූලි 29- ජේ. ආර්.-රජීව් ගිවිසුම, ඉන්දීය ආම හමුදාව යැවීමට ජූනි 2 දා එම්.ජී.ආර් එකඟවීම (මේ
වනවිට එම්.ජී.ආර් කොන්ග්‍රස් පක්‍ෂය හා මිත්‍රව සිටියේය);
ප්‍රභා සැළකුවේ සාම හමුදාව
ඔහුගේ ගමනට අවහිරයක් ලෙස්ටය;
නැවතත් මහ ඇමතිවූ කරණානිධි
සාම හමුදාව ආපසු කැඳවන ලෙස ඉල්ලා සිටියේ එය දමිළයින් මරණවා යන තර්‌කය නඟමින්‌ය;
1989 දී වී. පී. සිං (ජනතා ඩාල් කෝලිෂන් ගවර්න්මන්ට්) අගමැතිවීම;
සාම හමුදාව ආපසු චෙන්නායි
වලට ආවිට ඔවුන් පිළිගන්නට කරුණානිධි ආවේ නැත;
කරුණානිධි, ප්‍රභාගේ ඝාතන ක්‍රියාවලට විරුද්‌ධ වුවත්, ඒවා නතර කිරීමට ක්‍රියාකලේ නැත.
මෙවැනි කාරණා දෙස බලන විට, එනම් ටැමිල්නාඩ් නළුවන්ගේ පදයට නැටූ දිල්ලි දේශපාලකයින්ගේ පඹයින්
ලෙස හැසුරුණු ඒකාලයේ ලංකාවේ පක්‍ෂ දේශපාලකයින්, දැන් කෑ ගසන දයාන් වැනි කළු
සුද්දන්, පරණ යහපාලන දේශපාලක ගැත්තන්, 13-ඒ බදාගෙන කරණ නිදිමැරිල්ල, දැඟලිල්ල, මානව හිමිකම්, නන්මැජෝරිටේරියන්-ප්‍රජාතන්ත්‍රවාදය හරහා රට කැබලිකිරීමට දෙන උදව්
මොනතරම් ලංකාවේ සිංහල බෞද්‌ධ ශිෂ්ටාචාරයට එරෙහිව කරණ දුෂ්ඨ ක්‍රියාවක්ද?
Police powers under the 13th Amendment: A rare example
Posted on February 15th, 2012
C. Wijeyawickrema
Leo
Perera’s summary essay ‘The 13th Amendment to the Constitution – Devolution of
Public Order and exercise of Police powers – Indo-Lanka Accord has no such
requirement’ (The Island Newspaper, 6/10/2009) explaining (1)
the conflict between 13-A and 17-A, and (2) the failed past attempts during the
colonial times (1892-1905) to implement police powers by Government Agents at
the Province-level, is a significant contribution especially due to three new
developments we see today. These developments indicate that Tamil separatism is
buried and not dead. The lucrative, many-faceted international network created
by Prabakaran is rapidly raising its head again ironically, blaming the dead man
for his undemocratic (inhuman?) acts!
All three
developments are linked to the 13-A or a 13-A plus formula, which will open the
path for Eelam by devolution sooner or later. (1) UN-SG Ban Ki-Moon as well as
some Indian politicians tries to pin” President Rajapaksa to a promise” they
say he made to them before the end of the war. The hint is that he will agree
to Tamil group rights in a homeland, which was the apparent goal behind the
13-A passed in 1987. (2) Suresh Premachandran of the TNA now in crisis makes an
interesting proposition, which is: Give rule of our province to us in a
unitary state” (Lanka-e-News, 6/14/2009). He thinks replacing the words United
Sri Lanka by Unitary Sri Lanka would cure all the worries of the majority
people in the island against the 13-A! (3) The plan to have an Eelam government
in exile by those who inherited Prabakaran’s international dowry (all kinds of
business enterprises including drug manufacture, drug trafficking, gun running
and money laundering) will be a pain in the neck for the IDP Tamils, village Tamils
and the GOSL.
====http://pdfs.island.lk/2009/06/22/p6.pdf
As Leo
Perera explained (1) the legal jargon in 13-A (1987) completely politicized the
Provincial police, and (2) the legal jargon in 17-A, expected to depoliticize
the Police Force. What kind of mad politics was this? To quote Leo Perera:
Under
13-A, the DIG of the Province was the Chief Minister’s nominee, with the DIG,
the Chief Minister had two nominees in the three-member Provincial Police
Commission, and the DIG was responsible to and under the control of the Chief
Minister in the maintenance and the exercise of police powers in the Province.
It removed all the powers the President had in respect of the Police Force at
the national level and the powers the President had under the 13th Amendment at
provincial levels. But it failed to completely depoliticize the Police Force at
the provincial level…”
…The
17th Amendment (2001) did not amend Appendix I item 4 (of 13-A) which provided
for a nominee of the Chief Minister to be in the Provincial Police Commission,
item 6 which required the IGP to appoint the DIG of the Province with the
concurrence of the Chief Minister, and, item 11:1 which made
it mandatory for the DIG of the Province to be responsible to and under the
control of the Chief Minister in respect of the maintenance of public order and
the exercise of police powers in the Province. It is submitted that it is a
very serious anomaly to depoliticize the Police at the national level and to
keep the Police politicized at the provincial level as practical police work is
done at provincial levels and in that respect the 17th Amendment was an
amateurish exercise in depoliticizing the Police Force…”
India and
Europe
Nehru did
not like the idea of language-based state boundary demarcation. In 1956, he
agreed to it reluctantly, when a Telegu politician began a fast unto death! The
treacherous two-India (two-nation) plan of the colonial master in India
received official recognition with the 1935 Government of India Act, and from
then onward the communal cancer could not be stopped. Ali Jinnah had the nerve
to tell Gandhi, Mr. Gandhi, you worship the cow, and we eat the cow, how can
we be friends?”
But
because India is a sub-continent as big as the Western Europe, one can argue
that language-based regions were unavoidable. It is like German, French, and
Italian language regions in Europe. On top of that was the fact that Hindi was
a newer language compared to Tamil, Telegu or Bengali. Hindi was spoken between
30-40% Indians when it was made the official language in 1949 with a majority
of just one vote. Therefore, 13-A cannot be justified in Sri Lanka applying the
standards of Indian politics or Indian geography to a tiny island.
Hindia
and Tamil Nadu
Tamil
Nadu was the only state which had a set of politicians with an inferiority
complex in not accepting Hindi as the Indian official language. Gandhi used to
ridicule Tamil politicians for not learning Hindi. It was also the only region
which asked the colonial master to create a separate country for them (a
Dravidasthan). Under the Indian F” system, education, land and police powers
are state functions. The implementation of a unifying language policy (Hindi
was made the official language for unifying the country under one language and
not to kill other languages) by teaching Hindi in schools was prevented for
some time by Tamil Nadu politicians because the state controlled education.
Tamil Nad
police and IPKF
Quoted
below is a rare example of how ‘hostile’ provincial police officers could
sabotage, a larger national plan, whether the plan is reasonable or not. One
can imagine how grave the situation will become in the case of Sri Lanka,
considering the fact that there will always be separatist-minded Tamil elements
in Colombo, Killinochchi, Malayanadu, and Tamil Nadu, helped with the money
from the LTTE government in exile. There will also be a set of white
politicians from the UK, the EU, Norway, Canada and the US helping them
separately, jointly or using UN agencies as a veil. These politicians are not
Mother Theresas overflowing with humanitarian love for the Tamil IDPs, but
scheming persons who want to tap the Tamil block vote to win their local
elections. Humiliation they are now suffering at the hands of the Sri Lankan
government by way of deportation etc. would therefore not stop their political
behaviour.
…The
decision to wage a war against the LTTE was not an easy one for Rajiv Gandhi.
Nor was he oblivious to the cruel irony in being forced to crush the very
elements he and Indira had nurtured with care and money. Rajiv could abandon
neither the Tamils nor could he support its chief representative, i. e. the
LTTE…”
…Confrontation
with the LTTE had followed from the need to maintain relational control and to
restore balance of forces between the various actors in Indo-Lanka relations.
That the balance was in danger is clear from the account of the IPKF operations
by Field Commander Sardeshpande:
…We
gathered credible intelligence through smugglers, boatmen- about exact
bungalows, lanes, hospitals, beds, towns, cities and helpers of the LTTE
cadres, convalescing Tigers, gunrunners and manufacturers of explosive devices
and grenades and gave it to the Tamil Nadu police, only to be told that there were
no such individuals and no such activities! We told them that the LTTE cadres
after enjoying India’s shelter and medical treatment were returning to Sri
Lanka and killing IPKF soldiers. All this made no impression on the Tamil Nadu
government and the police. This was the tragicomedy played out on our own
country…”
…Facing
an impasse in Tamil Nadu and fearing its deleterious impact on the IPKF role in
Sri Lanka, the Central Government, on January 1988 imposed President’s Rule in
the state.”
From Ethnicity,
security, and separatism in India by Maya Chadda, 1997, p. 169
What Sri
Lanka needs is not language-based spatial units with Tamil police stations in
the south. Belgium, Northern Ireland, and Scotland are all examples of how
language or religion-based arrangements will not work even after 100 years of
experimenting. In the US, 13 colonies did not join together as language units. German was going to be the
official language of the US! Now in the Mexican border regions, with larger
concentrations of Hispanic-speaking people, the old debate of making English
the official language in USA has renewed. Whether students should be taught in
English or it should be bi-lingual is the new issue due to the requirement that
schools must show results of student learning under the No Child Left Behind
Law passed in 2001.
In 1983,
in Sri Lanka, the IGP, all the DIGs and the Attorney General were all Tamils.
Tamil terrorists threw CID Inspector Bastianpillai into an abandoned well. He
behaved as a police officer and not as a Tamil. Similarly, what Sri Lanka
should do is not 13-A or 13-A plus, but recruit and train Tamil police officers
on a national basis and employ them all over the island. When both Sinhala and
Tamil police officers know both Sinhala and Tamil, they will become real peace
officers. Why is this so difficult an idea for the Colombo crowd to understand
is puzzling? When Anton Balasingham agreed to a federal solution giving up
Eelam at the 2002 Oslo meeting, the then GOSL and its NGO agents celebrated it
as a golden opportunity and a paradigm shift in Prabakaran’s thinking. Maybe
characters with this kind of self-imposed foolishness are still lurking in the
dark in some ministry corridors in Colombo.
(Karunanidhis’
biography indicates that IPKF was withdrawn, not because R. Premadasa demanded
so!)