නුගේගොඩ මිනිසාගේ “පැතුම.”
Posted on March 14th, 2015

ගීතාංජන

රාජපක්ෂ මහතාගේ රුපය සහිත මෙම පෝස්ටරය මා විසින් පිළියෙළ කලේ ඔබාමා මහතා ගේ ජනාධිපති වරණයට භාවිතාකල “HOPE” පෝස්ටරය අනුකරණය කරමිනි. මගේ මතයේ හැටියට, දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබාමා මහතා තම පැතුම “HOPE”  අනෙකාගේ එනම් ශ්‍රී ලාංකික අපගේ පැතුම  “HOPE” විනාශ කිරීමක් බවට පරිවර්තනය කර තිබෙන නිසා මෙම පෝස්ටරයේ සංකේතාත්මක වටිනාකමක් මෙන්ම කිසියම්  දේශපාලන පණිවුඩයක්ද ගැබ් වී ඇති බව මම සිතමි. සැබවින්ම සිදුවෙන හා සිදුවීමට ඉඩතිබෙන දේවල පිළිබඳව සිතා බලන විට, …”why success of the west is so dependent on the failure of the rest?” යන සුප්‍රසිද්ධ පැනය නිතැතෙන්ම සිහිගැන්වේ. 

 Nugegodaman01  Nugegodaman02

 

මගේ අනෙක් අරමුණ වුයේ මෙම පෝස්ටරය තුලින් ශ්‍රී ලංකාවේ දැනට රට වටා යන රැස්වීම් වලදී ජනතාවට භාවිතා කල හැකි අයුරේ ICONIC ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමයි. චායාරුපයක් වෙනුවට කළා කෘතියක් භාවිතා කලවිට ජනතාව එම රුපය පරෙස්සම් කොට තම නිවෙස් කරා රැගෙන යති. ඒ ආකාරයෙන් තම නිවසේදී නිතර දෙවේලේ මෙම රුපය දැකීම නිසා රාජපක්ෂ නාමය තවත් කලක් ඔවුන් මෙනෙහි කරනු ඇත. මේ සියල්ලට වඩා වැදගත් වන්නේ නුගේගොඩ මිනිසා විසින් බිහිකල රැල්ල සුවිශේෂ දේශපාලන රැල්ලක් බවට පෙරලීමයි.

එබැවින් ප්‍රිය මිත්‍ර වරුනි, ඔබට මේ පෝස්ටරය අවශ්‍යනම්, කරුණාකර geethanjana@msn.com වෙත ඔබේ ඉල්ලීම යොමු කළහොත් මුද්‍රණයට සුදුසු PDF ෆයිල් එක ඔබට ලැබෙන්නට සැලැස්විය හැකිබව කරුණාවෙන් සලකන්න.

දැනට මා සතුව සිංහල fonts නොමැත. ලැබෙන ප්‍රතිචාර මත මෙහි සිංහල පිටපතක්ද මා හට නිර්මාණය කල හැකි බව කරුණාවෙන් සලකන්න. එමෙන්ම මෙම පෝස්ටරය විකිණීම සඳහා නොවන බවද කරුණාවෙන් සලකන්න.

3 Responses to “නුගේගොඩ මිනිසාගේ “පැතුම.””

  1. Dr.K Says:

    ගීතාංජන

    මේ පෝස්ටරය නිර්මාණය තුළින් ඔබ අදහස් කර ඇත්තේ අද අපේ නිජබිම අපට නැතිවී යන තැනට යහපාලන හිවලුන් විසින් පාරකපන මොහොතක එදා වසර දසක ගණනාවක් තිස්සේ අපේ රට විනාසකල ඊලම් වාදීන්ද ඔවුන්ට උඩගෙඩි දෙමින් සිංහළ ජාතිය දීන ජාතියක් ලෙස ජාතියන්තරය හමුවේ හංවඩු ගහමින් සිංහළ බවුද්ද නිජබිම අපට නැති කරදැමීමට වෙර දරණ ඉන්දියානුවන් හා බටහිර බලපෑම්ද හමුවේ අබීතව මුහුණදීමට මෑත යුගයේ බිහීවූ එකම ජන නායකයා වූ මහින්ද රාජපක්ෂ කෙරෙහි එදා ජනතාව තැබූ බලාපොරොත්තුව අදත් ජන හදවත් තුල එලෙසම රැවු -පිළිරැවූ දෙන බවනම් , එදා නුගේගොඩ රැස්වූ ජනතාවගේ බලාපොරොත්තුව ඔහු බවනම් ඔබ ගේ උත්සාහය නිවැරදිය.

  2. ranjit Says:

    Thanks Geethanjana for creating such a beautiful picture of a great man ever born to this great land of ours A MAN CALLED “M A H I N D A RAJAPAKSA”

    Nugegoda man is the answer for all the ill wills in this country not Ranil or Chandrika the evil duel. We will strengthen this movement by participating in every gathering from South to North,North to South. This will be the new beginning for the oppressed masses in this country. We have to get rid of all traitors who intimidate and harass Opposition members who supported MR for no valid reasons. MY3/Ranil/Chandrika trio will never do anything good to this country as we can see the way things are moving. Same like westerners they too want the scalp of Mahinda nothing else. They live with hate towards the man who saved the Motherland. Let’s join en-mass to crush the Dictatorial Govt of MY3/Ranil as soon as possible and bring back the man who sent PRABAKARAN to hell.

    Geethanjana thanks for creating such a beauty.Well Done Sinhale Sinhayo.

  3. Karu Suriyabandara Says:

    Geetahanjana,
    My salute to you! You are one us who feel for our motherland. I can’t wait till this Nugegoda man come and save this country and our dignity. Under this ‘gon rala’ how can we keep our head high and indentify us as Srilankans. Nugegoda man, Please come quickly and youarethe only one who can regain our lost pride.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress