මෛත්‍රිපාලගේ ප්‍රාථමික ප්‍රශ්නය
Posted on March 18th, 2015

නලින් ද සිල්වා

පදනම් ආයතනයේ පැවති ශ්‍රී ල නි පක්‍ෂ සංවිධායකවරුන්ගේ රැස්වීමේ දී මෛත්‍රිපාල සිරිසේන වැදගත් කතා කිහිපයක් ම කියා ඇත. එලිසබෙත් වින්ඩ්සර් මේස් නැතිව තමන්ට අතට අත දීම, ඩේවිඩ් කැමරන් තම මෝටර් රථය ළඟට ම පැමිණ අතට අත දීම වැදගත් නොවන්නේ යැයි කිව හැක්කේ කාට ද? සුද්දකු අතට අත දීමෙන් පසු තම අත සෝදා නොගත් පුද්ගලයකු ගැන අප තරුණ වියේ කතාවක් තිබූ බව මතක ය. මෛත්‍රිපාල එවැනි ප්‍රාථමික තත්ත්වයකට ඇද වැටෙන බවක් මෙකල මුහුණු නැති මුහුණුපොත හෙවත් ෆේස්බුක් පමණක් පරිහරණය කරන තරුණයන්වත්් නො කියනු ඇත. 

එහෙත් මෛත්‍රිපාල වෙනත් ප්‍රාථමික කතාවක් අර සංවිධායකවරුන්ට කියා ඇත. එය අතට අත දීමේ ප්‍රතිඵලයක් යැයි අපි මොහොතකටවත් නො කියමු. මෛත්‍රිපාලට අනුව මෙරට ඇතැම්හු ප්‍රාථමික ප්‍රශ්නයක් කරගහ ගෙන ක්‍රියා කරති. මේ රටේ ජීවත්වන්නේ සිංහලයන් පමණක් නො වේ. දෙමළ ජනයාගේ ප්‍රශ්නය සංකීර්ණ ප්‍රශ්නයකි. එයට නිසි පිළිතුරක් නොදී ප්‍රාථමික ප්‍රශ්නය සටන් පාඨ බවට පත්කර ගතහොත් තවත් යුද්ධයක් ඇති වීම වැළැක්විය නො හැකි යැයි මෛත්‍රිපාල පදනම් ආයතනයේ දී කියා ඇතැයි වාර්තා වෙයි. 

සිංහලයන්ගේ ඡන්දයෙන් පමණක් ශ්‍රී ල නි පක්‍ෂයට මැතිවරණයකින් ජයගත නොහැකි බවත් බණ්ඩාරනායක මහතා 1951 දී ශ්‍රී ල නි ප ආරම්භ කිරීමේ දී පක්‍ෂයේ සමලේකම් වරුන් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා නියෝජනය වන පරිදි තුන්දෙනකු පත්කළ බවත් මෛත්‍රිපාල සිරිසේන පදනම් ආයතනයේ දී පවසා ඇත. අද පදනම් ආයතනයේ දී මෙවැනි අදහස් සිතට ඒම පුදුමයක් නො වේ. එහෙත් අපට ප්‍රශ්නයක් වෙයි.

මෙරට විසඳීමට ඇති ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය කුමක් දැයි මෛත්‍රිපාල සිරිසේන දන්නේ ද? එහි ප්‍රාථමික කතාව පැත්තකින් තබන්න. ප්‍රශ්නය කුමක් ද? ප්‍රශ්නයක් විසඳීමට පෙර ප්‍රශ්නය කුමක් දැයි දැනගත යුතු ය. පදනම් ආයතනයෙන් එය දැනගැනීමට නොහැකි නම් මෛත්‍රිපාල සිරිසේනට ඇතැම් විට තමන් නූතන කඩහපොළ හිමියන් ලෙස හඳුන්වන අතුරලියේ රතන හිමියන්ගෙන් ඒ අසා දැනගත හැකි ය. එහෙත් හිටපු ජනවේග කල්ලිවල සාමාජිකයන්ගෙන් නම් ඒ දැනගැනීමට ඇත්තේ ශූන්‍යයට ආසන්න සම්භාවිතාවකි. රාජිත සේනාරත්න ඒ සම්බන්ධයෙන් කියන්නේ කුමක් දැයි මාධ්‍ය ප්‍රකාශකයකු අපට පැහැදිලි කරන්නේ  ද?   

මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නය කුමක් ද? පළමුවෙන් ම මෛත්‍රිපාල ඒ ප්‍රශ්නය කුමක් දැයි කියන්නේ ද? ඉන්පසු මෙරට දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශ කවරේ දැයි කියන්නේ ද? අඩු තරමෙන් පසුගිය ජනාධිපතිවරණයේ දී තමන්ට ඡන්දය ලැබුණු පළාත්, දිස්ත්‍රික්ක, මැතිවරණ බල ප්‍රදේශ  ආදිය පදනම් ආයතනයේ පරිගණක යොදා ගෙන වුව විශ්ලේෂණය කිරීමෙන් මෛත්‍රිපාලට අවශ්‍ය දත්ත හා නිගමන ලබාගත හැකි ය. මෙරට දෙමළ ජනයහාගෙන් 50%කට වඩා ජීවත්වන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිටත බව කීම නිවැරදි ද? 

මෙරට දෙමළ ජනයාට ඊනියා ප්‍රාථමික නොවන ප්‍රශ්නයක් ඇත්නම්, ඒ ප්‍රශ්නය උතුරු හා නැගෙනහිර පළාත් එක්කර බලය බෙදා දීමෙන් විසඳන්නේ කෙසේ ද? එවිට ඒ පළාත්වලින් පිටත ජීවත්වන දෙමළ ජනයාගේ ඊනියා ප්‍රශ්නය විසඳෙන්නේ කෙසේ ද? ඒ නොවිසඳෙන්නේ නම් එවිට ඔවුන්ට ද ඇතැයි කියන ප්‍රශ්නය විසඳීමට මෝදි, කැමරන්, වින්ඩ්සර් ආදීන්ට හෝ මෙරට පඬියන්ට හෝ යෝජනා තිබේ ද? මෛත්‍රිපාල ප්‍රාථමික ප්‍රශ්න ගැන නොවෙහෙසනවා විය හැකි ය. එහෙත් අපට නම් වැදගත් වන්නේ ප්‍රාථමික මූලික ප්‍රශ්න ය. මෛත්‍රිපාල ඉහත සඳහන් මූලික ප්‍රශ්නවලට දෙන පිළිතුරු කවරේ දැයි දැනගැනීමට ආරධනා කරන්නේ නම් පදනම් ආයතනයට පැමිණිය හැකි ය. එහි ඉන්දීය රෝ ඔත්තු සේවයේ ඒජන්තයන් සිටින්නේ ද නැද්ද යන්න අපට ප්‍රාථමික ප්‍රශ්නයක් වුවත් අපි ඒ නොතකා එහි පැමිණෙන්නෙමු. 

නලින් ද සිල්වා

2015 මාර්තු 18

 

11 Responses to “මෛත්‍රිපාලගේ ප්‍රාථමික ප්‍රශ්නය”

  1. Geeth Says:

    As the old saying goes… “Mere smile of a slaveholder is more valuable to a hungry slave than a lunch.” As masters who manipulated racism, Queen knows this and Cameron knows this very well. They know how the mental slavery works and know how slave’s mind works. The only person who doesn’t know this is the colonized ruler of old colony. He behaves exactly the way his former master calculated. The most hilarious part is that our leader (our king) putting down himself at the feet of a Queen of another nation in a public meeting, and describes it in detail of how and what part made him more delighted like a happy toddler.

    He explains it to the audience as if queen took off her Victoria’s secrets for him. Then of course he must have a point to be so overwhelmed and delighted to the way he has been flabbergasted now. But however his remarks acknowledge that he thinks he is lesser than the queen therefore taking off her glove is a sign of showing extra respect, which, being a lesser one, he doesn’t deserve. It may be true for himself, but for us, he is our king and we expect him- at least to act like one.

    He has been moved by Queen removing her glove to shake hands with him without knowing that shaking hands with a glove is most dishonorable act one can do to another and he reserves the right to decline to shake hand if queen doesn’t remove her glove. He doesn’t understand the subtle common tricks that white man plays when they deal with, in white terminology, ‘naggers.’ Ayiyoooo Sirisena!

    Alas!! A buffalo does not feel the weight of its own horns, but only we can feel it at the butcher house; that is the next election guys. Take necessary action when the time comes!!!
    .

  2. Christie Says:

    Namaste: Basics for Governor and the rest:
    !. We are a colony of India with Indian colonial parasites controlling our thinking, economy, religion and society.
    2. Indian Empire and Third Eye (known as RAW Research and Analysis Wing) has got Mahinda the Coolie, Governor Chandrika and Kankani Ranil. (these positions can rotate depending on the circumstances and the behavior of non Indians of the island)
    3. Indian Empire has got the “Governor’ appointed and voted for the next six years.
    Jai Hind

  3. Ratanapala Says:

    In the coming days Maithripala Sirisena will be crowned at the Westminster Abbey as Udurawana II. We the readers will wait to hear more jokes about Udurawana II.

  4. Senevirath Says:

    දෙමල ජනයාගේ ප්‍රශ්නය සංකීර්ණ බව සිරිසේන කියන්නේ කැමරන් හමුවුණාට පසුවය් .සිරිසේන බටහිරයන්ගේ අසූචි කාලා දැන් සිහි විකල් වෙලා කියපන් යකෝ දෙමලුන්ගේ ප්‍රශ්නය මොකක් ද කියල නලින් එක්ක වාදෙකට ඇවිත් .බූරු වාගේ තැන තැන කා ගහන්නේ නැතුව

  5. Dr.K Says:

    උතුරට වෙනම පාලනයක් දෙනකොට රටපුරාම සිටින දෙමළ සහෝදරයෝ සහෝදරියෝ ඔක්කොකොම වෙන පළාත්වල තියෙන ගේදොර වතුපිටි අතහැරලා උතුරුට යනවද? එහෙම යන්නෙ නැත්තම් ඔවුන් අපිත් එක්කම සහෝදරයෝ වගේ ඉන්න තැන්වලම ඉන්නවනම් ඇයි බොලේ මොකද්ද මේ 13න් එහා දෙයක් උතුරට දෙන්ඩ කියලා කරන්නේ. මේ ගැන කථාකරන දේශාපලන උන්නැහේලා මද්‍යස්ත්තව ඉඳල කටයුතු කළොත් නේද හොඳ?

  6. ranjit Says:

    Konda pana nethi dushta Sihaluni mole padaganilla ikmanata naththan weda weradai. Stupid Sinhala leaders say YES SIR to everything what Sudda Master says and take us Sinhalese to the grave. Who will be the Sinhalaya who can say to these Para Suddas and the big bully India to go to hell and scrap 13 completely? No need to debate or think of it.Just throw to the Garbage and listen to the Sinhala patriots and the Majority ordinary Sinhalese because this is our sovereign country which no one can dictate to us how to do and what to do. Come on unpatriotic rulers of the nation make our Motherland free from interference from outside Mafia of International community and the bloody Indians. Do things for the country or just bugger off without being puppets to the Para Suddas.

  7. Christie Says:

    “Mahinda the Coolie” errorr; Siriseana the Coolie..

  8. Geeth Says:

    Correction! it should be read as ‘nigger’ not ‘naggers.’

  9. dhane Says:

    I heard full speech of MS for SLFP organizers in Colombo. MS was telling his 2 months experience meeting at Jaffna for the first time all Tamils leaders the head of the country for a discussion. Meeting Indian PM, Queen, British PM & UK Tamil Diaspora. It looks he was welcome by all of them open arms. Yes that is good. But MS have not realized Tamils welcome all previous Politicians who were supporting them. As soon any politician go against them eliminated for ever. Start with Amirthalingam who appeared for Praba on a murder case & got him released. When Amithalingam went against he was eliminated. Rajiv helped & financed but finally eliminated, President Premadasa gave Arms, money finally eliminated. Thiruchelvam eliminated. There are many others who were eliminated when realized obsolete or no more useful. Therefore dear President Tamils will do anything & everything and show “good face” as long as you give whatever they ask. Moment you cannot give anymore & become obsolete just remember what happened to others. Mr President please remember these Tamils all over the world are big in population but DO NOT have a country for their own. Tamils are jealous of Sinhalese less in population but we have a country Sri Lanka. According to Indian constitution nobody can talk about separatism. Therefore easiest place to create Ealam is in Sri Lanka and then expand to South India. Tamils will worship MS as long as you dance according to their Ealam tune. Just remember what happened to those who stop dancing. Fallow Mahathir Mohamed Malaysia is for Mala people , Le Quan U Singapore is for Chinese. Sinhala people have no other country therefore Sri Lanka is for Sinhalese peoples country all others can live but on their “limit”

  10. Indrajith Says:

    For a man who started his career as a gramasevaka, Queen’s handshake is a big thing.
    Godayata magic!

    I think Nalin is asking the right question. මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නය කුමක් ද?
    Nalin is asking this question for the last three decades. It is valid as long as this bogus Eelam prject is alive!

  11. Independent Says:

    All leaders including Mahinda, do not reject “Bogus Elam” openly and publically.
    They all worship India.
    Only leader openly said India has trained LTTE was JR.
    Mahinda will never say this openly, nor will My3.
    Anyone in this forum wanting Mahinda back please get this straightened from Mahinda and then support him, rather than support him first.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress