චූලහත්ථිපදොපම සූත්‍රය හා එලාරගෙ යහපාලන බෙල්එක
Posted on March 26th, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට 

සයිබර් අවකාශයේ පැමිනි අරාබි වසන්තයේ සංනිවේදනයෙන් දෝංකාරවූ මානසිකත්වයකින් පෙලුන සිත්ඇත්තේ එකඳු හස්තියෙක් හෝ නොදැක වනාන්තරයේ වෙසන්නේ මහා හස්තිරාජයෙකැයි සිතා, මහා හස්තියාගේ අහලින්වත් යා නොහැකි `වාමණික`, `කාළාරික` ආදිවු කුරැ කෙසඟ අලි රෑහැනක් සිටිනා වනයක මංමුලා වුහ. සයිබර් අවකාශයේ අපට පෙනෙන්න සැලැස්වූයේ අලි පා සලකුනු හා ගස්වල සටහන්වූ දල සටහන් පමනි. ඇතාගේ තරම එමගින් අවබෝධ කරගන්නැයි අපට අරාබි වසන්තයේ කලමනාකාර මහතුන් වදාලේය.බුදුන්ගේ ඒ වටිනා චූලහත්ථිපදොපම දේශණය ප්‍රගුණකර සිටියත් ඊටත්වඩා බලගතු සයිබර් දේශණයට යොමුකල සිත්ඇතේතේ අදුරෙහිම ගැලීමට ප්‍රියකලහ. ඒ සයිබර් අවකාශයේ එන අරාබි වසන්තයේ තරමය. දැන් ඉතින් මේ වසංගතයෙනේ මිදීමට පරම්පරා කියක් ගතවේදැයි කාට කිවහැකිද?

දෙවැනි වෝල අක්‍රමනිකයාවු එලාරගෙන් අපේ මවුබිම ගලවාගන්න අපිට පරම්පරා තුනක් කල්ගියා. ඒ ගෝඨාභයගේත්, ඔහු පුත් කාවන්තිස්සගේත්, ඔහු පුත් ගැමුණුගේත් පරමපරා තුනයි. එලාරට ඉස්සරවෙලා තවත් චෝලයො දෙන්නෙක් එකට ඇදිලා අවුරැදු 22 ක්  මේ රට අනුභව කලා, ඒ සේන හා ගුත්තික කියල. එලාරගෙ අවුරැදු 47 ත් එක්ක එකදිගටම වගෙ අවුරැදු 69 ක් මේගොල්ලො මේ රට පාලනය කලා. මේ දෙක අතරෙ අපේ අසේල රජු පාලනය කරපු අවුරැදු 10 ක් විතරයි අපට තිබුනෙ. ඉතින් මෙච්චර කලක් කොහොමද චෝලයො මේ බුදුන් තුන්පාරක් වැඩිය සිංහල බෙෳද්ධ රාජ්‍යය අලලාගෙන හිටියෙ. බොරැ වපුරන්න එදත් සයිබර් අවකාශය වෙනුවට මුඵ වායුගෝලයම පාවිච්චිකලා එලාරගෙ කේවටේටයො (එ කාලෙ හිටපු NGO කලමනාකරැවො). මේ බොරැ සහ මඞ ප්‍රචාර මහවැලි ගඟෙ දකුනු ඉවුරෙන් එපිට මාගම්පුරයෙත් පැතිරැන නිසා අපේ අයට පරම්පරා තුනක් ගතවුනා සත්‍ය වටහාගන්න. වායුගොලයට මේගොල්ල මුදාහැරපු අසත්‍ය ප්‍රචාර ඒතරම්ම ප්‍රබලයි.

ඒ අතර එලාර යහපාලකයෙක්බවත් ඔහු මාලිගාවෙ ගේට්ටුවෙ යහපාලන බෙල් එකක් සවිකර ඇතිබවත් (දවසක් එඵවෙක් මේ බෙල්එක ගහලා හරි වැඩක් වුනාලු….. මතකයි නේද ඒ කතාව), යහපාලනයට කෙතරම් කැපවුනාද කියනවනම්… එලාරගෙ පුතාටත් මරණ දඩුවම දෙන්න පසුබට නොවුන බවත් (මේ අර අස්සකරත්තේ දාගැබක කෙරවල එයා අතින් හැප්පිලා බදාමෙ ටිකක් හීරැනා කියලා. පස්සෙ අර NGO කේවට්ටයො එ දඩුවම චූටි අස්සකරත්තයක් රනින් හදල දාගැබට පූජා කරන වැඩේකට පරිවර්තනය කරල ෂේප් කලා). මේවගේ පට්ටපල් බොරැ අපේ අහිංසක ජනතාව අතරෙ ප්‍රචාරයකරලා ඔවුන්ව කුල්මත් කරල (අද වගේම) අවුරැදු  47ක් මේ රට පාලනය කලා, සිංහල සිරිතත් බුදුදහමත්`විනාශකලා. අපේ ශ්‍රේෂ්ඨ ගැමුණු කුමාරයටත් දුටුගැමුණු කියල නමක් පටබැදලා ඔහුව හෑල්ලුවට පත්කරන්න හැදුවෙ මේ කේවට්ට NGO නඩේමයි. මෙයාලගෙ මුනුපුරැ මිනිපිරි නැල අද සයිබර් ස්පේස් එකේ පිනුම් ගහනවා. ඉතාම කල්පනාවෙන් හා බුද්ධියෙනේ වැඩකලයුතු කාලයක්.

එදා අපිට යායුතු හරිමාර්ගය පෙන්නන්න මහා සංඝරත්නයට අමතරව විහාරමහදේවියත්, රංමැනිකාගේ අප්පච්චිත් (මතකද, උඔත් හරියට කන්නෙ ගැමුණු කුමාරය යුද්ද කරනව වගේකියලා යුධ උපහැරන දුන්නෙ පසුව දේවිය වුනු කොත්මලේ රංමැනිකාගෙ අපපච්චි) හිටිය.

එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න අද අපිත් එක්ක මහා සංඝරත්නය නම් ඉන්නව, නැත්තෙ විහාරමහදේවිලයි කොත්මලේ අප්පච්චිලයි විතරයි. සයිබර් අවකාශයේ සැරිසරන අපේ කුමාරිහාමිලා අපිට විහාරමහදේවිලා කරගන්න හැකිනමේ….. තවත් පරම්පරා තුනක් ඉන්නෙ නැතිව මේ වසංගතේ ඊලඟ පාරලිමේන්තු චන්දෙන්ම  ඉවරකරල අපේ රජාව අයෙම රටේ නායකය  කරල ජයගන්න අපිට තිස්තුන් කෝටියක් දෙවියො වරම්දේවි.

`සෙන්පතියනේ ගැන නැව්පතියන් ගැන කතා ඇහැනකොට අම්මේ….

මටහරි ආසයි….මට හරි ආසයි….ඒ ඇයි මගෙ හොඳ අම්මේ…

සෙන්පතිකමටයි නැව්පතිකමටයි නමගිය සිංහල ආරෙ, ගතිනෑරේ පුත…ඒකයි ඔබහට…ඒ ගැන එතරම් ආසා…`

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

2015 මාර්තු මස 26දා

3 Responses to “චූලහත්ථිපදොපම සූත්‍රය හා එලාරගෙ යහපාලන බෙල්එක”

  1. Christie Says:

    Namaste: Dear Tissa, you are mistaken the Tamils and other Indians of the island are people who arrived in the island are those who came as Peons, Sepoys and Coolies under British guns. People who were left after Elara became part of the Sinhalese. There is no other group of people in the world who lived across the ocean and have the same religion, language, culture and way of life like the Tamils in the Island and India. Jai Hind.

  2. Independent Says:

    “(දවසක් එඵවෙක් මේ බෙලෙක ගහලා හරි වැඩක් වුනාලු….. මතකයි නේද ඒ කතාව) ”

    – මං දන්නා ඉතිහාසයේ හැටියට (මතකය හරි නම්) බෙල් එක ගැහුවේ එලුවෙක් නොවේ, පැටවා රජුගේ පුතා විසින් නැසුනු එලදෙනයි.

  3. Jag Says:

    Great stuff Tissa… Many thanks for doing your duty for the country and it’s people!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress