සදා සමරමු සොහොයුරෝ! අප්රේල් විරුවන් සමරමු! 1.
Posted on April 3rd, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

මෙයට වසර 45 කට පෙර, ශ්රී ලංකා ජනසමාජය, අන්තර්ජාලය, කොම්පියුටරය, සෙල්ෆෝනය හා රූපවාහීනී වලින් තොරව පැවති නිහඩ නිශ්චලව, හෙමින් ගමනේ යෙදුන ජන සමාඦයක් විය. මේ නිසලව සෙමින් ඉදිරියට ඇදුන සමාජය තුල කුහුඹුවන්සේ කඩිමුඩියේ දිව යමින් කඩිසරව, කිසියම් කාර්යභාරයක යෙදුන තරුණ තරුණියන් කණ්ඩායමක්ද විය. ඔවුන් වයස 18 සිට අවුරුදු 35 අතර වයස් පරතරයක් තුල ජීවිතය ගත කල, ජීවිතයේ‌ රසවත්ම, කාල පරිච්ඡේදයේදී, රසවත් භාවය බුක්ති විදිනවා වෙනුවට, එය පැහැර හරිමින් ඒ සම්බන්ධව කිසිදු උනන්දුවක්ද නොදක්වමින් අමුතුම ආකාරයේ කටයුත්තක යෙදී සිටිය බවක් දක්නට ලැබුණි.

මේ තරුණ තරුණියන් තමන් ජීවත්වෙන සමාජයේ, තමන් මුහුණ දෙන ගැටළු, හදුනා ගනිමින්, ඒවා ඇති වීමට හේතු සොයමින් හා ඒවා නැති කරගැනීමේ මාර්ගයන් සොයමින්  මහා එෙතිහාසික ගමනක යෙදෙමින් සිටියහ. ඔවුන් තමන් මුහුණ දෙන සමාජ ගැටළු මනාව හදුනා ගත් අතර, ඒවා ඇතිවීමට හේතු ලෙස ඉතිහාසය පුරාම පැවති,

1. ඉන්දීය ආක්රමණයන් හා නූතන ඉන්දීය දේශව්යාප්තවාදයද
2.වර්ෂ 1505දී මෙරටට පැමිණි, බටහිර අධිරාජයවාදය හා නූතන ඇමරිකන් අධිරාජ්යවාදය බවද අවබෝධ කර ගත්හ.

තවද ඒවා විසදා ගැනීමට නම් තමන්ට අනිවාර්යෙන්ම,දකුණු ආසියානු‌ කලාපය තුල ඇති ඉන්දීය දේශ ව්යාප්තවාදයට එරෙහිව ඇති අරගලයේ කොටස් කරුවෙකු වීමට සිදුවන බවත් ලෝකය පුරා අධිරාජ්යවාදීන්ට එෙරෙහිව සටන් වදින ජනතාව හා අත්වැල් බැදගැනීමටද සිදුවන බව පසක්කර ගත්හ. ඒ අනුව ඔවුන් තම සටනේ තේමාව,

1.”අධිරාජ්යවාදයට විනාශය – ජනතාවට විමුක්තිය”
2.”ඉන්දීය දේශ ව්යාපතවාදයට විනාශයද ජනතාවට විමුක්තිය” යයි නම් කලහ.

ශ්රී ලාංකීය ජනතාවට විමුක්තිය ඇවැසි නම් “අධිරාජ්යවාදය,” හා “ඉන්දීය දේශව්යාප්තවාදය” විනාශ කලයුතුය. මෙය කළු ගලේ ඔළුව හප්පා ගැනීමට සමාන කාර්යයකි. නමුත් මේ තරුණයින් අභියෝගයට මුහුණදීමට තීරණය කලහ. ඒ සදහා මෙරට සමාජවාදී සමාජයක් ගොඩනැංවීම අරමුණු කරගත් අතර, ඊට උචිතයයි ඔවුන් විශ්වාස කල වැඩපිලිවෙලකට අනුව  දේශපාලන පංති පහක් සම්පාදනය කරන ලදී

  1. ආර්ථික අර්බූදය.

2.ඉන්දීය දේශව්යාප්තවාදය.

3.නිදහස.

  1. වාමාංශික ව්යාපාරය

5 ලාංකීය විප්ලවය ගත යුතු මග.

වශයෙන් ඒවා සමාඦ‌ගත කරන ලදී.

මෙහි වැදගත්කම වන්නේ තමන් සතුව කිසිත් නොමැති තරුණ කැලක් තම බුද්ධිය උපයෝගී කරගෙන රටක් අල්ලන්නට සාකච්ඡාවක් ආරම්භ කිරීමයි  උපාධිධාරීන් රැකියා ඉල්ලා බෝඩ් උස්සා ගෙන මහපාරේ බෙරිහන් දෙමින් ජනතාවට දෙෙනික ජීවිතයටද බාධා කරමින් කටයුතු කරන වර්තමානය හා සසදන විට, එදා ඒ තරුණයින් උපාධිය ගැනීම පසෙකලා රටේ රාජ්ය බලය සියතට ගැනීමට තීරණය කිරීමට තරම් ධෙෙර්ය සම්පන්න පරපුරක් විය.

ඔවුන් මේ දේශපාලනය සිදුකර ගෙන යනවිට, එක්සත් ජාතික පක්ෂ රජයක් බලයට පත්විය. එක්සත් ජාතික පක්ෂ රජයෙහි නායක ඩඩ්ලි සේනානායක මහතා වූ අතර, උප නායක ජේ. ආර්. ජයවර්ධන මහතා විය. පැවති රජය ඥාති සංග්රහ කරන ලද රජයක් විය. එමෙන්ම බලය පාවිච්චි කරමින් ජනතාව මර්ධනයට ලක් කරන රජයක්ද විය. එමෙන්ම දූෂණයන්ද පිරි, ලෝක බැංකුට ඇවැසි ආකාරයට රට මෙහෙයවන රජයක්ද විය. නමුත් මේ සංවිධානයේ තරුණයින්ට ඒ කිසිත් එතරම් වැදගත් කරුණු නොවිණි. ඩඩ්ලි සේනානායක මහතාගේ ඥාති සංග්රහයන් ගැනවත් වෙනත් දේශපාලඥයින්ගේ මැරකම් ගැනවත් පුද්ගලයින්යින් හා පවුල් ඉලක්ක කරගෙන පරිභව කරමින් කිසිදු දේශපාලන ක්රියාවලියක නිරත වූවෝ නොවේ, ඔවුන් හැම විටම පහර ගසන ලද්දේ දේශපාලන ප්රතිපත්ති හා තීන්දු වලට පමණි. තවද  ඔවුන් අලුත් දේශපාලන සංස්කෘතියක් මෙරටට හදුන්වා දුන්හ. ඒ ස්වයං විවේචනයයි. ස්වයං විවේචනය ඉතා ප්රභල අවියක් විය. ඒ තුලින් තමා විසින් තමාව සමාජය ඉදිරියේ විවෘත කර පෙන්වීමේ වගකීම බාරගත් අතර, තමා සිදු කරන වැරදි දකිමින් තමාව දේශපාලනිකව පිරිසිදු චරිතයක් බවට පත්කර ගැනීමට මේ ස්වයං විවේචන ක්රියාවලිය මහෝපකාරී විය. මත් පැන් නොබොන, දුම් පානය නොකරන, මිනිසුන්ට නිකරුනේ ගැරහීම නොකරන, බොරු නොකියන මහා සරල කමකින් හෙබි අල්පේච්ඡ ජීවිත ගත කරන තරුණ තරුණියන් කොට්ඨාශයක් බිහිවන්නට විය.

තමා තුල සිටින සතුරා හා සටන් කොට, ඌව පලවා හැර, පිරිසිදු දේශපාලන චරිතයක් බවට පත්වූ මේ තරුණ, තරුණියන්ට අපිරිසිදු දේශපාලනයට පහරදීමට ශුද්ධවූ අයිතියක් ඔවුන් විසින්ම නිර්මාණය කර ගත්හ.

 

 

3 Responses to “සදා සමරමු සොහොයුරෝ! අප්රේල් විරුවන් සමරමු! 1.”

  1. Dham Says:

    රුවන් ජයතුංගේ JVP සාකච්ඡා පාඨකයාට මෙවැනි ලිපිවලට වඩා විද්‍යානුකූල තර්කානුකූල සංවාදයකට ඉඩ සලසයි.

    ඒවා වලින් පැහැදිලි වන්නේ JVP තරුණයා “අපිරිසිදු දේශපාලනයට පහරදීමට ශුද්ධවූ අයිතියක් ” එකමුතුව​, මොලය පාවිච්චිකර ලබාගැනීම නොව​, විජේවීරගේ බණ අසා නොමග ගිය අහිංසකයින් පිරිසක් බවයි.

    පාඨකයා නොමග යවන මෙවැනි බණ, පව්කාරයෝ මේ මොහොතේ ද දෙසමින් සිටිති. එහෙත් අද තරුණයා මොළය සේදීමේ උත්සාහයයක යෙදෙන මෝඩයින්ට අසු නොවෙති. දේසපාලුවාන්ට පසුබිම සකස් කරණ බණ මේ කනින් අසා අනිත් කනින් පිටකිරීමට ශුද්ධවූ දැනුමක් හාර්ඩ් ඩ්‍රයිව් වල​ ඔවුන් සේව් කර ඇති බැවිනි.

  2. chandrasena Pandithage Says:

    Dham, රුවන් ජයතුගයන් මේ යුගයේදී අප්රේල් කැරල්ල සම්බන්ධව මහා ගවේෂණයක් කොට ඒවා පාඨකයන් හ ට ලැබීමට සැලැස්වූ විද්වතෙකි. ඔහු ඉටු කල කාර්යභාරය කිසිද පුද්ගලයෙක් ඉටු කලේවත් ඉටු කිරීමට සිතුවේවත් නැත. අඩුම තරමින් රෝහණ විජේවීරටද අප්රේල් නැගිටීම සම්බන්ධව පැහැදිලිව කරුණු ගෙනහැර දැක්වීමකට අවශ්යතාවයක් තිබුණ බවක් අපි නොදකිමු.

  3. samurai Says:

    පෙර කල ජර්මනියේ හැමලින් නගරයේ විසු බටනලා ඉතා දක්ෂ බටනලා වාදකයකු ගැන කතාවක් මා අසා ඇත. එම නගරයේ වැසියන් ඔහුට කල අසාධාරණයකට ඔහු පලිගත්තේ එනුවර තරුණ පිරිස සිය බටනලා වාදනයෙන් තම වසඟයට ගෙන කොහෙද දක්කාගෙන ගොස් අතුරුදහන් කිරීමයි. ඉන්පසු එම නගරයේ වැඩිහිටියන්ට එම තරුණ තරුණියන් කිසිදාක දක්නට ලැබුනේ නැත.

    ජනතා විමුක්ති පෙරමුණද මෙරටේ සිංහල තරුණ පරම්පරා දෙකක් 1971 දී සහ 1987-90 වකවානුවේදී සිය මනස්ගාත සංකල්ප වලින් මුලා කොට මරු කටට යැව්වේ ඒ බටනලා වාදකගේ ක්රියාව සිහි ගන්වමිනි. අද ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය පෙරටුගාමීන්ද එවැන්නක ‘ආස්වාදය’ ඉතිහාසය නොදත් නොපැසුණු අලුත් පරම්පරාවකට යලි ලබා දෙන්නට තැත් කරනු පෙනේ.

    මොවුන් කවදා ලෝක යථාර්ථය තේරුම් ගනීදැයි අපි නොදනිමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress