මහින්දට හා ඒකාබද්ධ විපක්ෂයට වචනයක්
Posted on April 4th, 2016
නලින් ද සිල්වා
මේ ලිපිය ලිවිය යුතු දැයි කිහිප වරක් ම කල්පනා කෙළෙමි. මා කියන කිසිවක වටිනාකමක් නැතැයි දේශපාලනඥයන් ද ජනමාධ්‍යවේදීන් (රිවිර හැර) ද තීරණය කර ඇතැයි මට සිතෙයි. ඒ එතරම් දෙයක් නො වේ. තව ටික කලකින් මිය යන මට ඔවුන්ගේ පිළිගැනීම යන්න කිසිම වටිනාකමක් ඇති කරුණක් නො වේ. එවැනි පිළිගැනීමක්, කීර්තියක්, ධනය හෝ වස්තුව හෝ මෙන් ම මට පරලොව ගෙන ගිය නො හැකි ය. එහෙත් ජාතිය තව කලක් පැවතිය යුතු ය, පවතිනු ඇත. ජාතියේ පැවැත්ම සඳහා උපකාර වේ යැයි මා සිතන කරුණු කිහිපයක් ලියා පළකළ යුතු යැයි මම සිතමි. මේ ලිපි කාලය වෙබ් අඩවියෙහි ද මා නමින් ඇති මුහුණු පොතෙහි ද පළකරමි. මහින්ද සවන් දෙන්නේ සිංහල බෞද්ධ විරෝධී දයාන් ජයතිලකට, තමාට විරුද්ධ වූ සරත් සිල්වාට, තම කැබිනෙට්ටුවේ සිටි පැකේජ්වාදී ඇමතිවරුන්ට බව දැන දැන ම මේ ලිපි ලියමි. ඔවුන් නිසා මහින්ද වරද්දා ගත් තැන් ඇත. එහෙත් මම ද සර්වනිර්දෝෂි නො වෙමි. සියල්ල කල් තබා කී සර්වනිර්දෝෂි පුද්ගලයකු ගැන නො දනිමි.
අප නිතර කියන ආකාරයට ශ්‍රී ල නි පක්ෂයක් දැන් නැත. බටහිරයන්ගේ හා ඉන්දියයන්ගේ අවශ්‍යතාව පරිදි මෛත්‍රිපාල සිරිසේන තම පෞද්ගලික අභිලාෂ ඉටුකර ගැනීම සඳහා ඒ මරා දැම්මේ ය. අද තවදුරටත් ශ්‍රී ල නි පක්ෂයේ නායකත්වය දිනීම සඳහා කාලය මිඩංගු කිරීම නිරර්ථක ය. විජාතික බලවේග මෛත්‍රිපාල සිරිසේන මගින් ඒ නොකෙරෙන බවට වග බලාගනු ඇත. අද කළ යුත්තේ සිංහල ජාතිකත්වය නියෝජනය කිරීම සඳහා නව පක්ෂයක් නිර්මාණය කිරීම ය. බණ්ඩාරනායක මහතා 1932 දී පමණ සිංහල මහා සභාව පිහිටුවූයේ ඒ අරමුණෙන් ය. 1951 පිහිටුවන ලද ශ්‍රී ල නි ප මුල දී ලිබරල් පක්ෂයක් වුව ද 1952 වන විට ජාතිකත්වයේ මගට පිවිස තිබිණි. නව පක්ෂයක් බිහි කර වත්මන් ඒකාබද්ධ විපක්ෂයේ (ඒකාබද්ධ විපක්ෂය යනු මන්ත්‍රීවරුන්ගේ සංසදයක් පමණකි) මන්ත්‍රීවරුන් එහි සාමාජිකයන් වුවහොත් ඔවුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කර මෛත්‍රිපාල හිතවතුන් මන්ත්‍රීන් ලෙස පත්කිරීමට ඉඩ ඇත. අනෙක් අතට මැතිවරණ කොමසාරිස් නව පක්ෂය දැනට නොපිළිගනු ඇත. එබැවින් අද කළ යුතුවන්නේ මහින්දගේ නායකත්වයෙන් නව සිංහල සභාවක් පිහිටුවීම ය. යථා කාලයේ දී එය පක්ෂයක් ලෙස ලියාපදිංචි කරගත හැකි ය. කිනම් නමකින් පිහිටුවුවද සභාව සිංහල ජාතිකත්වය (සිංහල බෞද්ධකම) මත පදනම් විය යුතු ය. එය මූලික ව ම සිංහලයන්ගේ සංවිධානයක් විය යුතු ය. එයින් කියැවෙන්නේ ඒ දෙමළ විරෝධී හෝ මුස්ලිම් විරෝධී හෝ බව නො වේ. ඒ ජනතාවගේ ද ආරක්ෂාව හා පැවැත්ම සහතික කළ හැක්කේ සිංහල ජාතිකත්වය මත පදනම් වූ පක්ෂයකට ය. බටහිර ගැති යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ එ ජා පක්ෂයට ආරක්ෂා කළ හැක්කේ එහි නායකයන් කිහිප දෙනකු පමණ ය.
වත්මන් රනිල් සිරිසේන ආණ්ඩුව තරම් සිංහල බෞද්ධ විරෝධී ආණ්ඩුවක් 1948න් පසු මෙරට තිබී නැත. මේ ආණ්ඩුව රටේ ඉතිහාසය, සංස්කෘතිය පමණක් නොව බටහිර ක්‍රමයට සකස් කරන ලද ව්‍යවස්ථාව ද සත පහකට මායිම් නො කරයි. එය මූලික වශයෙන් ම බටහිර හා ඉන්දීය ගැති ආණ්ඩුවක් පමණක් නොව වෛරීත්වය මත පදනම් වූ ද වැඩ බැරි ටාසන්ලගේ ද ආණ්ඩුවකි. එයට කළ හැක්කේ පළිගැනීම හා සිංහල ජාතිකත්වයට විරුද්ධව කටයුතු කිරීම පමණකි. මේ ආණ්ඩුව රාජ්‍ය විරෝධී ය. රාජ්‍යය ආරක්ෂා කිරීමට සිටින බුද්ධි අංශවල විරුවන් සිරකරන අතර දෙමළ ත්රස්තවාදීන් නිදහස් කරයි. නීති විරෝධීව ජාතික ගීය දෙමළෙන් ගයයි. භික්ෂූන් වහන්සේ සිරගත කරයි. ගොවියන් පාරට බස්සවයි. සිංහල වෙදකමට කිසිම තැනක් නො දෙයි. සිංහල විරෝධී ආණ්ඩුව තම නොහැකියාව වසා ගන්නේ රාජපක්ෂලාට, විශේෂයෙන් ම මහින්දට වරද පටවමිනි. විදුලිය දී ගන්නට බැරි වූ විටත්, ඩොලරයේ අගය ඉහළ ගියත් වරදකරු මහින්ද ය. පසුගිය වසරේ දරු උපත් සංඛ්‍යාව වැඩි වී ද අඩු වී ද යනු දැනගැනීමට නො හැකි ය. ඒ කුමක් වුවත් එයටත් වගකිව යුත්තේ මහින්ද විය යුතු ය.
විජාතික බලවේග පසුගිය ජනාධිපතිවරණයෙ දී ද මැතිවරණයේ දී ද මහින්දට විරුද්ධව බොරු ප්රචාරක කටයුතුවල නිරත විය. අදත් නිරත වෙයි. එහෙත් දැන් එහි සීමාවට පැමිණ ඇත. මහින්දට විරුද්ධව කරගෙන ගිය බොරු ප්‍රචාරවලට සමාජ මාධ්‍ය ද යොදා ගැණිනි. එහි දී මෛත්‍රිපාලවත් එ ජා පෙරමුණවත් විරුද්ධ නො වී ය. අද සීමාව ඉක්මවා ගොස් ඇති බැවින් තවදුරටත් සමාජ මාධ්‍ය මහින්දට විරුද්ධව යොදාගත නො හැකි ය. ඒ මාධ්‍යය අද මෛත්‍රිපාලට විරුද්ධව පෙළ ගැසී ඇත. මෛත්‍රිපාල අද නම් ඒ ගැන කියවයි. ඇතැම් විට විජාතික බලවේග එකතු වී බැළයන් ලවා නැවතත් මහින්ද විරෝධී ප්‍රචාර සමාජ මාධ්‍ය මගින් ගෙන යැමට හැකි ය. එහෙත් එමගින් තවදුරටත් ජනතාව රැවටිය නොහැකි බව අවමංගල ගොබෙල්ස්ලා දැනගත යුතු ය.
මේ තත්වය යටතේ මහින්දට (එනම් නව සංවිධානයට) සිංහල බෞද්ධ ඡන්දවලින් 85%ක් පමණ ලබාගත හැකි යැයි සිතමි. අන්තිම අවාසි සහගත අවස්ථාවේ දී ද ඔහුට සිංහල බෞද්ධ ඡන්දවලින් 60%කට වඩා ලැබිණි. පසුගිය වතාවල නායක පූජකවරුන් විසින් නොමග යවනු ලැබූ සිංහල ක්‍රිස්තියානි ජනතාව යම් ප්‍රමාණයක් නැවතත් මහින්දට ඡන්දය දීමට ඇති ඉඩකඩ වැඩි ය. සිංහල ක්‍රිස්තියානිහු වැඩි දෙනෙක් ආගමෙන් ක්‍රිස්තියානි/කතෝලික වුව ද සංස්කෘතියෙන් සිංහල බෞද්ධ වෙති. ඒ අනුව මහින්දට සිංහලයන්ගේ ඡන්දවලින් 80%ක් පමණ ලැබනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. සිංහලයන්ගේ ජනගහන ප්‍රතිශතය 75%ක් බැවින් ඒ මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට ප්‍රමාණවත් ය (ජයග්‍රහණය සඳහා අවශ්‍ය වන්නේ 66%ක් පමණ ය). මහින්දට සැමදාමත් ඉතා වැඩිපුර ලැබුණේ සිංහල බෞද්ධ ඡන්ද ය. මහින්ද ඒ බව මතක තබාගන්නේ නම් ඒ රටේත් ජාතියේත් අභිවෘද්ධියට ම හේතු වෙයි. එහෙත් මහින්දට අප කලින් සඳහන් කළ පරිදි සිංහල ක්‍රිස්තියානි ඡන්ද ද යම් ප්‍රමාණයක් ලැබෙනු ඇත. වෛරයට පදික මංතීරු කඩන්නෝ අවසානයේ දී සිංහල ක්රිස්තිියානි ජනතාවට විරුද්ධ වෙති.
මහින්ද දෙමළ හා මුස්ලිම් ඡන්ද අමතක කළ යුතු යැයි මෙයින් නොකියැවෙයි. යාපනයේ ඉතිහාසය තවමත් ලංකාවේ ඇසකින් ලියැවී නැත. මේ ඒ ගැන කෙරෙන කෙටි හැඳින්වීමක් පමණකි. යාපනයට (අලිමංකඩින් උතුරට) කෝරමණ්ඩල වෙරළෙන් වෙල්ලාලයන් ගෙන එනු ලැබුයේ ලන්දේසීන් විසිනි. ඒ වන විට එහි වැඩි ජනතාව සිංහල විය. වෙල්ලාලයන්් දකුණු ඉන්දියාවේ අයත්වූයේ බමුණු කුල ක්‍රමයට අනුව නම් ශුද්‍ර ගණයට ය. එහෙත් යාපනයේ දී ඔවුන්ට ලන්දේසීන්ගේ අනුග්‍රහය ලැබිණි. 1707 දී ලන්දේසීහු තේසවලාමේ නීතිය සංගෘහිත කිරීමෙන් වෙල්ලාලයන්ගේ තැන ආරක්ෂා කළහ. (තේසවලාමේ යනු සාම්ප්‍රදායික දෙමළ නීතියක් නොව දකුණු ඉන්දියාවේ මුස්ලිම් ජනකොටසකගේ නීතියකි). දකුණු ඉන්දියාවේ දී ඊනියා අඩු කුලයක් වූ වෙල්ලාලයන් ලන්දේසීන්ගේ ආධාරයෙන් යාපනයේ දී ඊනියා උසස් කුලය බවට පත්වූයේ එහි සිටි සිංහලයන් ඊනියා අඩුකුල බවට පත්කර දෙමළ හින්දු (ශෛව) සංස්කෘතියට අවශෝෂණය කරමිනි. පසු කලෙක කුලවාදී ආරුමුගම් නවලාර් වෙල්ලාලයන් බ්‍රාහ්මණ තත්ත්වයට ද පත්කර ඊනියා පහත්කුල තවත් පීඩනයට ලක් කෙළේ ය. සිංහල බෞද්ධයන් අතර ඇති කුල ක්‍රමය ගැන කතා කරන ඊනියා මානව හිතවාදීහු දෙමළ හින්දු සමාජයේ කුල පීඩනය ගැන මුනිවත රකිති. මහින්ද කළ යුත්තේ දෙමළ ඊනියා අඩුකුල ජනතාව සංවිධානය කිරීම ය. අද දෙමළ සමාජය බටහිරයන්ගෙන්, ඉන්දීයයන්ගෙන් පමණක් නොව වෙල්ලාල හා ක්‍රිස්තියානි සංස්කෘතික පීඩනයෙන් ද මුදාගත යුතුව ඇත.
අද නැගෙනහිර පළාතේ වෙසෙන මුස්ලිම් ජනයාගේ මුතුන් මිත්තන් එහි පදිංචි කරවනු ලැබුයේ සිංහල රජවරුන් විසින් ඔවුන් පෘතුගීසි කතෝලිකයන්ගේ පීඩනයෙන් ගලවා ගැනීමට ය. (සිංහල රජවරු සිංහල කතෝලිකයන් ලන්දේසි රෙපරමාදු පීඩනයෙන් ගලවාගැනීම සඳහා වහකෝට්ටේ වැනි ප්‍රදේශවල පදිංචි කළහ) අද මේ සියළු පදිංචිකිරීම්වල උරුමය ඇත්තේ මහින්දට ය. සිංහල විරෝධී මුස්ලිම් නායකයන් විල්පත්තුව වනසමින් එහි මුස්ලිමුන් පදිංචි කිරීමට විරුද්ධ විය හැක්කේ ද ජාතිකත්වය මත පදනම් වන මහින්දට ය. ඒ අතර ලෝකයේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය හා මුස්ලිම් සංස්කෘතිය අතර කෙරෙන සටනෙහි දී පලස්තීනය වෙනුවෙන් (ජිහාඩ්, අයිඑස්අයිඑස් වෙනුවෙන් නොව) මහින්ද මෙරට ඊනියා මුස්ලිම් නායකයන්ට ද වඩා පෙනී සිට ඇත. මහින්ද මේ සියල්ල මත පදනම් වී මුස්ලිම් ජනයා ආමන්ත්‍රණය කර ඔවුන්ට ඇත්ත කිව යුතු ය.
අද අපට අපේ රට බටහිර, ඉන්දීය ආධිපත්‍යයෙන් මුදාගැනීමට සටන් කිරීමට සිදු වී ඇත. යටත්විජිතවාදී ආණ්ඩුව එහි දී බටහිර හා ඉන්දීය ආධිපත්‍යයට (එක්ටා වැනි ගිවිසුම්) හිස නමයි. මේ ආණ්ඩුව රාජ්‍ය විරෝධී ය. (ආණ්ඩුව හා රාජ්‍යය අතර වෙනසක් ඇත. ඒ බව පඬියකු වුව ද කියනු ඇත). යටත්විජිතවාදයට විරුද්ධව හැමදාමත් සටන් කර ඇත්තේ සිංහල බෞද්ධයන් ය. මහින්ද මේ සටනේ නායකත්වයට පත්කර ගැනීමට සිංහල බෞද්ධයන් සූදානම් ය. ඒකාබද්ධ විපක්ෂය රාජ්‍ය විරෝධී ආණ්ඩුවට කිසිම සහායක් දිය යුතු නො වේ. ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයට විපක්ෂය සහභාගිවීමෙන් කරන්නේ බලවත් වරදකි. ආණ්ඩුව සූදානම් වන්නේ රාජ්‍ය විරෝධී ව්‍යවස්ථාවක් අධිකරණය ද මගහැර ගොස් ව්‍යාජ ජනමත විචාරණයක් පවත්වා සම්මත කර ගැනීමට ය. එමෙන් ම ඒකාබද්ධ විපක්ෂය අපේ සතුරා හඳුනාගත යුතු ය. කතානායකට විරුද්ධව ජෙනීවාහි අන්තර්ජාතික පාර්ලිමේන්තුවට යෑම බටහිරයන්ගේ ආධිපත්‍යය හා ඊනියා සාධාරණත්වය පිළිගැනීමකි. එයින් එතරම් දෙයක් සිදු නෙවේ. 1987- 1990 අවධියේ භිෂණයට විරුද්ධව මහින්ද ජෙනීවා ගියේ ය. ඉන් ඇති වු සෙත කුමක් ද? විජේවීරගේ හා රන්ජන් විජේරත්නගේ භීෂණයෙන් මිදීමට මම එකල මාස නවයක් පමණ එංගලන්තයේ විසුවෙමි. එහි දී ආණ්ඩුවේ භිෂණයට විරුද්ධව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ (ඇම්නෙස්ටි ඉන්ටනැෂනල්)් ලංකාව භාරව සිටි ලේකම්වරිය ද, විශේෂයෙන් ම ශිෂ්‍යයන්ට එල්ල කරන ලද භීෂණයට (ත්රිමාවිතාණ) විරුද්ධව එංගලන්තයේ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සම්මේලනයේ ලේකම් ද, කිහිප වතාවක් හමු වී මෙරට විශ්වවිද්‍යාලයීය ආචර්ය සමිති සම්මේලනයේ හිටපු ලේකම්වරයකු ලෙස කරුණු කීවෙමි. ඔවුන්ගෙන් කාරුණික වචන හැරෙන්නට වෙනත් කිසිවක් නො ලැබිණි. බටහිරයන් හා ඉන්දීයයන් ලංකාවේ දී සංවිධානය කර උපකාර කරන්නේ සිංහල බෞද්ධ විරෝධී සංවිධානවල ඊනියා විමුක්ති සටන්වලට පමණ ය. බටහිරයන්ට හා ඉන්දියාවට කරුණු කීමෙන් පලක් නැත. ඔවුන් සිංහලයන් වරදකරුවන් නොවන බව නොදන්නවා නො වේ. එහෙත් ඔවුන්ට අවශ්‍ය හැකිනම් සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම ය. ඔවුන් අපට සවන් දෙනු ඇත, අපට විරුද්ධව ආයුධ දෙනු ඇත.
මේ ලිපිය මුහුණු පොතෙන් ද කියවිය හැකි ය.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/
නලින් ද සිල්වා
2016 මාර්තු 31
April 4th, 2016 at 7:35 pm
I agree with Nalin’s recommendations. However, Nalin’s electoral math is extremely poor.
For the tenth time he should be told that Mahinda or the Joint Opposition cannot get 85% of Sinhala Buddhist votes. It has never happened before and it will not happen. A look at the 2010 election results will clear this doubt. Mahinda and UPFA failed to win even 70% of the vote in virtually Sinhala Buddhist Hambantota, Matara and Monaragala districts in 2010 January and 2010 April. In 2010 January, Mahinda managed to win 69% of Sinhala votes at the height of war victory. In April 2010, his UPFA managed to win about the same. By 2015 January, this fell to 58% (and he lost the election). In 1994 November, Chandrika managed to win about 70% of Sinhala votes.
Even with the Sinhala-only slogan, Bandaranaike’s SLFP only managed to win 66% of Sinhala votes. He had the advantage of the first-past-the-post election system.
So please scale down the 85% to about 65% at most. However, that is sufficient to form a stable parliament and win a presidential election as there is a small minority vote. Mahinda or Joint Opposition only needs to win 61% of Sinhala votes to win a presidential election and form a stable parliament.
Unlike Tamils and Muslims, the Sinhala pendulum doesn’t swing into extremes. It has its own good and bad. The good is it gives a balanced outcome. The bad is political immaturity as a large percentage of votes is tied to traditional voting without thinking.
However, if Mahinda or his Joint Opposition is to win 65% of the vote, it must promise to abrogate 13A highlighting is huge economic and national benefits, ETCA (if signed), LLRC and war crimes commitments. Are they ready to do it? If not, they cannot win even 65% of Sinhala votes. UNP’s blunders alone cannot propel it to victory. There will be many opposition parties at the next election trying to use UNP blunders to get votes. JO will be just one of them.
My question to Nalin is, do you and the JO promise to abrogate 13A, ETCA (if signed), LLRC and war crimes commitments? If not, please forget about winning 65% of Sinhala votes. It will not happen.
April 4th, 2016 at 8:25 pm
Assuming everything remains as it is, Dilrooks numbers appear more realistic.
This is based on current MR chintanaya of Multi-religious, Multi-ethnic beautiful Sri Lanka.
But if MR can be more radical and attract more Sinhala Buddhists, I believe even Nalin’s maths is achievable.
If someone thinks MR’s “Hora” label is no more, then he/she is grossly mistaken.
There is no such thing. He has to do something about it and new promises become extremely important. Hanging on to LLRC will be a disaster.
April 4th, 2016 at 8:39 pm
නලින් ද සිල්වා මහතාගේ මෙම අදහස් අද රටට ඉතාම යෝග්‍ය යයි සිතමි. සිංහල සභාව පිහිටුවීම ඉතාම කාලෝචිත කටයුත්තක් වනු ඇත. නව දේශපාලන පක්ෂයක් පිහිටුවා මන්ත්‍රී ධුර නැතිකර ගැනීමට වඩා එය කාලීන මෙන්ම උපක්‍රමශීලී දිගු කාලීන විසඳුමක් යැයි මට සිතේ.
කෙසේ වෙතත් නලින් ද සිල්වා මහතාගේ එක කරුණකට පමණක් එකඟ වීම අමාරු වනු ඇත. එය නම් ජිනීවා නුවර පාර්ලිමේන්තු සංගමයට කරුණු කියා දීම ගැනය. නලින් ද සිල්වා මහතා කියන අන්දමටම සහතික වශයෙන්ම ඔවුන් අපට සවන් දෙනු ඇත, නමුත් අපට විරුද්ධව ආයුධ දෙනු ඇත. නමුත් ආයධ දෙන ඔවුන්ට යම් දිනෙක “අපි දැනගෙන හිටියේ නෑ , අපිට කවුරුවත් කිවුවේ නැහැ” ලෙස නිදහසට කරුනු කීමට අප ඉඩ නොතැබිය යුතුය. එය හරියට බටහිරයන් ඉරාකය විනාශ කර දැන් “අනේ අපි දැනගෙන හිටියේ නැහැ නොවැ මේ විනාශකාරී අවි කතාව බොරු බව” යනුවෙන් නිදහසට කරුණු සොයන්නාක් මෙනි.
ඒ නිසා, අපි හැකි තරම් උපරිමව රටේ අද පවතින පහත් තත්වය ඔය කියන ජරා බටහිරයන්ටත් උන්ගේ බත් බැලයන්ටත් (eg: HRW, Amnesti International, UNHCR etc etc) “නිල වශයෙන්” දන්වා එසේ දැන්වූ බව හැකි පමණින් ලොව පුරා ප්‍රචාරයද කල යුතුවේ. එවිට ඔවුන්ට කට උත්තර නැතිම නොවුනත් තරමක් අඩු විය හැකිය. උන් ඒවාට උත්තර යම් පමණකින් සාදා ගනු ඇත. ඒත් සෑම පුංචි දෙයකම ප්‍රයෝජනය අප විසින් දැකිය යුතුය, ලබා ගත යුතුය. එය අද රටේ හොරුන්ට බටහිර හොරුන්ගේ ආශීර්වාදය ලැබෙන නිසා අපට දැන් අතේ ඇති කටයුත්ත ඒ තරම්ම බැරෑරුම් සහ අමාරු දෙයක් බැවිනි. එමෙන්ම බෙහෙතට කුකුල් බෙටිත් සමහර විට ඕනෑ වන ලෙසිනි.
මේ ප්රචාරයට ඔය ජරා බටහිටයන් තරහ කරගෙන අමාරු විය හැකිය. මොකද ලොව පුරා මාධ්‍ය ජාලය මේ වෙලාවේ හසුරුවන්නේද ඔය හොර රැලම නිසා බැවිනි. මේ වෙලාවේ රට බේරා ගැනීමට යම් යම් උපක්‍රමශීලී ලෙස කටයුතු කල යු වේ. හොරුන්, වංචා කාරයන් සමඟ රට වෙනුවෙන් තරඟ කිරීමේදී සිල් රෙද්ද පොරවාගෙන එය කිරීම අමාරු වනු ඇත. අපට ඉඳ හිට ඔය හොර තක්කඩින්වත් අපේ වාසියට මේ අමාරු වෙලාවේ ප්‍රයෝජනයට ගත යුතුය යන්න මගේ මතයයි. එය හරියට පිස්සු බලු රෝගයෙන් වැලකීමට එම රෝග විෂබීජයම යෝදාගන්නක් මෙන් උපක්‍රමයක් පමණි. ගෙදර රැක ගැනීමට අප බල්ලෙක් යොදා ගන්නේත්, ඌට හොඳින් සලකන්නේත් ඒ හේතුවෙනි. නමුත් අප ඒ බල්ලා සමඟ නිදි වැදිය යුතු නොවේ. ඌ බල්ලා බව දැනගෙන, බල්ලාට සුදුසු ලෙස සලකා, බල්ලාගෙන් ලබා ගත හැකි මෙහෙය ලබාගෙන ඒ බල්ලාවත් බුදු දහමේ පරිදිම රැක බලා ගැනීම කල හැකි මෙන්ම, සුපරීක්ෂාකාරීව සිටිමින් බල්ලන් මිස නයින් ලඟට නොගැනීමටත් අප වග බලාගත යුතුය.
කිසිම කෙනෙක් 100% ක් වැරදි නොවෙන්නාක් මෙන්ම 100% ක් නිවැරදිත් නොවේ. දයාන්ලාගෙනුත්, සරත්ලාගෙනුත් සමහර විට බෙහෙත හැදීමට අවශ්‍ය කුකුල් බෙටි ලබා ගත හැකි වනු ඇත. අවශ්‍ය වන්නේ බෙහෙත හැදීමට උවමනා කරන උපක්‍රමශීලී දුර දක්නා ඇසයි. ඒ සඳහා 100%ක් පිරිසිදු පුද්ගලයන් සොයා ගැනීම කල නොහැක්කකි, හේතුව එවැන්නන් මෙලොව නොසිටීමය. කලින් සිදුවී ඇත්තේ නයින්ද ඔඩොක්කුවේ දමා ගැනීමකි. එය යළි නොකළ යුතුය. නමුත් නයා නටවා පෙන්වා ඉන් යමක් උපයා ගැනීම සමහර විට ප්‍රයෝජනවත් විය හැකිය.
April 5th, 2016 at 3:54 am
පලමු ඡේදය හද කකියන සුලුය. අවුරුදු ගනන්ක් ඔබ මේ සටනේ යෙදී සිටියහ. මහින්දට ද අපමණ අවවාද දී ඇත. අදත් දෙයි. හෙටත් දෙනු ඇත. එසේනම් මොහු පසුපස යන්නේ වෙනකෙක් නැති නිසාමය.
මෙය අපේ රටට ඛේදවාචකයකි. මොහු අතහැර පසුගිය අවුරුදු6 තුල වෙනකෙකු හැදුවා නම් අද අපට සුදුසු නායකයෙක් සිටිනු ඇත.
April 5th, 2016 at 6:41 am
ජාති ප්‍රේමින් කෙමින් අඩුවියනමේ වකවානුවේ ඔබැවන්නන් අද ලංකාවට අතිශයෙන්ම අවශ්‍යය . එමනිසා අසරණ සිහල බෞද්ධයන් කෙරෙහිඅනුකම්පා වෙන් හැකි හැම අවස්ථවකම ඔබථතුමා ගෙ ලිපිවලින් බෞද්ධ ජනතාව අමතන්න ඔවුන් දැ නුවත් කරන්න .
April 5th, 2016 at 8:03 am
“විජාතික බලවේග පසුගිය ජනාධිපතිවරණයෙ දී ද මැතිවරණයේ දී ද මහින්දට විරුද්ධව බොරු ප්රචාරක කටයුතුවල නිරත විය.”
Indian imperialists and Indian colonial parasites backed Mahinda in 2005 by asking the Indian colonial parasite block vote to abstain from voting. They revered it in 2015.
April 5th, 2016 at 12:01 pm
wetta ජිනීවා යාම නලින් එකහෙලාම ප්‍රතික්ෂේප කර නැත . කියා ඇත්තේ ” එයින් එතරම් සෙතක් සිදුනොවනු ඇත ” යනුවෙනි . ඒ උන්ගේ හැටි දන්නා නිසය් . ධර්මපාල හුමා මෙන් පුළුල් ව්‍යාපාරයක් ගෙන ගියහොත් සිංහල බෞද්ධ චන්ද වැඩිකරගතාහක එහෙත් ජී එල් දයාන් ආදීන් එ යට කැමති නැත .කලිසමට යටින් ෆෙඩරල් අමුඩ ඇඳගෙන වෙලාව එනතුරු අමුඩයෙන් සැරසීමට බලා සිටින සමහරු නිසා මහින්දට හිතන තරම් . ලෙසිනත .13අ ඉවත්කර නාස්තිය නැතිකිරීමත් රට බෙදීමට කිසිසේත් ඉඩ නොදෙන බවටත් විශේෂයෙන් ඉ න්දියාවට අවශ්ෂ්‍ය ලෙස නොනටන බවත් ජනතාවට පුන පුනා කිවයුත්ය් .. ඒ ගැන ජනතාව බල සිටිති
April 5th, 2016 at 3:47 pm
නලින් ගේ තවත් කියමනක් සත්‍යය වී ඇත.
මහින්දට “සිංහල සංගම්” වැඩක් නැත.
මොහු හයිඩ්පාක් සෙනග දැක මත්වී සිටී. 2014 නොවැම් බර් තත්වයට පත්වී ඇත.
දැන් ශ්‍රිලනිප “සංසිඳියාව” ගැන බණ දෙසයි.