යුද සිරකරුවෙකුගේ කතාව
Posted on April 15th, 2016

වෛද් රුවන් එම් ජයතුංග 

විශේෂඥ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු මහතා විසින් මනෝ ප්‍රතිකාර සඳහා මා වෙත යොමු කරන ලද සෙබලා හිටපු යුද සිරකරුවෙකි. ඔහු 1993 දී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වැලිඔය කඳවුරට පහර දීමේදී අල්ලා ගන්න ලද ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායට අයත් සෙබලෙකි. ඔහුව එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් පුරා වසර පහක් සිරගත කොට තබාගන්නා ලදි. එම කාලය පුරා ඔහු විඳි ගැහැට අප්‍රමාණය​.   ඔහු අත් අඩංගුවට පත් වන්නේ යුද ගැටුමකදීය​. ඔහුගේ ඇස් ඉදිරිපිටම කොටින් ඔහුගේ ඉහල නිලධාරියෙකු වූ ලුතිනන්වරයෙකුට උදැල්ලෙන් ගසා ඔහුගේ දෙනෙත් ගලවා මරා දමන ලදි. ඉන්පසු ඇස් බැඳ තුවක්කු මිට වලින් පහර දෙමින් ඔහුව ගෙන යන ලදි.

මුලින්ම ඔහුව මාස අටක් පමණ කරුවළ සිරමැදිරියක හුදකලා කොට  තැබුවේය​. මෙමගින් සිරකරුවාගේ ජීව විද්‍යාත්මක ඔරලෝසුව කඩනු ලබයි. ඉන්පසු ඔහුට දිවා රාත්‍රී පිළිබඳ සංවේදනය ක්‍රමක් ක්‍රමයෙන්  ක්‍ෂය වේ. මාස අටම ඔහුව ඉතා පීඩාකාරී ඉරියව් වලින් මාංචු දමා තබන ලදි. ඉන්පසු ඔහුව යොමු කරන්නේ ප්‍රශ්න කිරීම් වලටයි.

මෙම සෙබලා අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ එල්.ටී.ටී.ඊ කේඩරයන්ට අතපසුවීමක් සිදු විය​. මෙම සෙබලා සිටියේ සිවිල් ඇඳුමින් නිසා ඔවුන් සිතන ලද්දේ මොහු  සංඥා බලකායේ උසස් නිලධාරියෙකු කියාය​. එම නිසා මෙම පුද්ගලයා වධයට ලක් කරමින් හමුදාව විසින් සන්නිවේදනයේදී භාවිතා කරන කේත  පිළිබඳ විස්තර මොහුගෙන් අසන ලදි. තමන් සාමාන්‍ය සෙබලෙකු බව පුන පුනා කීවද ටොසී ඔත්තු සේවයේ කාඩරයන් එය විශ්වාස නොකරන ලදි. ඔහුට තව  තව වද දෙමින් ඔවුන් ප්‍රශ්න කලහ​.

මෙම සෙබලාගේ විස්තර ප්‍රකාශය අනුව  ඔහුගේ ලිංගේන්ද්‍රියට කරන්ට් අල්ලන ලදි . මේ වධ බන්ධනය නිසා ඔහු කිහිප විටක්ම සිහිසන් විය​. එසේම දිනපතා ඔහුට පහර දෙනු ලැබීය​. කිහිප විටක්ම වෙඩි තබා මරා දැමීම සඳහා ගෙන යමින් ඔහු තුල මරණ බිය ඇතිකරවන ලදි. වරක් ඔහු ඉදිරියේ ඊ පී ආර් එල් එෆ් සංවිධානයේ සාමාජිකයෙකු රත්වූ යකඩ වලින්ම මැරෙන තුරු පුළුස්සන ලදි.  එසේම තවත් දෙමල සිරකරුවෙක්ව ඔහුගේ දෑස් ඉදිරිපිට මරා දමන ලදි.

මෙලෙස බොහෝ කාලයක් ඔහු යුද සිරකරුවෙකු ලෙස දුක් වින්දේය​. අවසානයේදී රතු කුරුස සංවිධානයේ මැදිහත් වීම නිසා ඔහු සාමාන්‍ය සෙබලෙකු බව සනාත විය​. ඉන් පසු තියුණු වධයන් වලට ලක් නොකෙරුනද අවිනිශ්චිත තත්වය​, නිදහස පිලිබඳව කිසි බලාපොරොත්තුවක් නොලැබීම නිසා ඔහු කාංසාවට ලක් විය​. අවසානයේදී වසර පහකට පසුව 1998 දී රතු කුරුස සංවිධානයේ  බලවත් ඉල්ලීම මත මෙම සෙබලාව නිදහස් කරන ලදි.

නිදහස් වීමෙන් පසු ඔහු තම ඒකකයට ගියේය​. සති දෙකක නිවාඩුවක් ඔහුට දෙන ලදි. කොටි අත් අඩංගුවෙන් නිදහස් වූවද ඔහුගේ සිත බියෙන් පෙලුනි. යළිත් තමන්ව එල්.ටී.ටී.ඊ  සංවිධානය විසින් අල්ලාගනු ඇතැයි අනවතර බියක් ඔහුට ඇති විය​. මේ අතර මීලඟ හමුදා කිර්‍යාන්විතයට යාමට සූදානම් වන ලෙස ඔහුට දන්වන ලදි. තමාගේ අසනීප තත්වය ගැන කීවද ඔහුට සහනයක් නොලැබුනි. එක් උසස් නිලධාරියෙක් ඔහු වියාජ ලෙස රෝගයක් පෙන්වන බව කියා පරුෂ වචනයෙන් බැන ඔහුව දැන් පලාලි වලට යවන බව කියා තර්ජනය කලේය​.

මේ බලවත් පීඩනය නිසා ඔහුගේ හිස තුල කම්පනය  අධික විය​. හෙතෙම විසංඥව ඇද වැටුනි. සිහිය එන විට ඔහු මනෝ මූල කටහඞ නැතිවීමකට (psychogenic aphonia)  ලක්ව සිටියේය​. ඔහුගේ කථනය අතුරුදහන් විය​. මෙලෙස 1998 සිට 2000 වසර දක්වා ඔහුව  විවිධ පීඩනයන්ට ලක් කෙරුණි.

2000 වසරේදී යුද හමුදා රෝහලට යොමු කරන ලද මෙම   සෙබලා පශ්චාත් වියසන ක්ලම්ථ අක්‍රමතාවයෙන් (PTSD) පෙලෙන බවට රෝග නිර්ණය කරන ලදි. ඒ වන විට සිහිනෙන් බියවීම , තිගැස්ම , යුද සිරකරුවෙකු ලෙස ගත කල අත්දැකීම්   නිතර ආවර්ජනය වීම , තදබල විශාදිය​, කට හඞ රහිත බව​, ජීවිතාශාවෙන් තොර වීම වැනි ලක්‍ෂණ ඔහු තුලින් දක්නට ලැබුනේය​.විශේෂඥ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු මහතාත් මමත් නොකඩවා මෙම රෝගියාට ප්‍රතිකාර කලෙමු.

මෙම සෙබලා එල්.ටී.ටී.ඊ  සංවිධානය යටතේ යුද සිරකරුවෙකුව සිටි කාලයේ ඔහුට හිමි වැටුප් සහ දීමනා තවමත් ලැබී තිබුනේ නැත​. මා විසින් කරන ලද ඉල්ලීමක් නිසා මේ පිලිබඳව සොයා බැලූ මානුෂික ගුණාංගයන් ගෙන් සපිරි නිලධාරියෙකු වූ බ්‍රිගේඩියර් සිරි රණවීර මහතා (මෙතුමා පසුව ජෙනරාල්වරයෙකු වී විශ්‍රාම ගියේය​) මෙම සෙබලාට හිමි විය යුතු ලක්‍ෂ හතරකට ආසන්න මුදලක් ගෙවනු ලැබීය​. එසේම තවත් යහපත් නිලධාරියෙකු වූ සංඥා බළකායේ බ්‍රිගේඩියර් රොහාන් කඩුවෙල මහතා (මෙතුමාද පසුව ජෙනරාල්වරයෙකු වී විශ්‍රාම ගියේය​)  මෙම සෙබලාට සහන සැලසීමට අපට උපකාර වූයේය​.

පශ්චාත් වියසන ක්ලම්ථ අක්‍රමතාව නිසා උක්ත සෙබලාගේ කායික මානසික සෞඛ්‍ය පිරිහී තිබුනි. ඔහු යුද ආබාධිතයෙකු  ලෙස සලකා යුද හමුදාවෙන් වැටුප් සහිතව ඉවත් කල යුතු බවට විශේෂඥ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු මහතාත් මමත් යුද හමුදා රෝහලේ එවකට සිටි අණදෙන නිලධාරියාගෙන් ඉල්ලා සිටියෙමු. එහෙත් මානසික සෞඛ්‍ය හේතූන් මත මීට ඉහතදී කිසිම සෙබලෙකු යුද ආබාධිතයෙකු  ලෙස සලකා යුද හමුදාවෙන් වැටුප් සහිතව ඉවත් නොකර තිබෙන බව පෙන්වා ඔහු තර්ක කලේය​. ඔහුට අනුව ආබාධිත විය හැක්කේ ශරීරය පමණි. මනස ආබාධිත නොවේ. නමුත් අප අපගේ ඉල්ලීම ඉහලටද යොමු කලෙමු.  හමුදාවේ සෙබලුන් ගේ දුක තේරුම්ගත නොහැකි වූ ඔහු  දිගින් දිගටම ඊට එරෙහි විය. නමුත් අපද සටන් කලෙමු.

අප සටන් කලේ කිසිම ලාභ ප්‍රයෝජනයක් නොබලා  කිසිම සිවිල් බලයක් නොමැති ඊලාම් යුද්දය නිසා ආබාධිතවූ  දුප්පත් සෙබලෙක් වෙනුවෙනි. අවසානයේදී 2005 වසරේදී මෙම සෙබලාට වැටුප් සහ දීමනා සහිතව හමුදාවෙන් ඉවත් වීමට ඉඩ දීමට ඉඩ ලැබුණි. එය ඊලාම් යුද්දය බලපෑමෙන්  පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවයෙන් (PTSD) මානසිකව ආබාධිත වීම නිසා ඉවත් කල ප්‍රථම සෙබලා විය​.  එය ලංකාවේ මානසික සෞඛ්‍ය සේවයේ සන්ධිස්ථානයකි.

මෙම ජයග්‍රහනයෙන් පසු අපට විඳින්නට වූ ගැහැට විශාලය​. අණ දෙන නිලධාරියා මාව හමුදා රෝහලේ ශ්‍ල්‍යාගාරයට මාරු කිරීමට තැත් කලේය​. එයට විශේෂඥ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු මහතා තදබල ලෙස විරුද්ධ විය​. එසේම මාව සතියට දින දෙකක් රාත්‍රී සේවයට දැම්මේය​. 2002 සිට 2006 දක්වා මම කිසිම අතිකාල දීමනාවක් නොගෙන යුද හමුදා රෝහලේ සේවය කලෙමි.

සතියට දින දෙකක් රාත්‍රී සේවය කලද මම අතිකාල දීමනා නොගත්තෙමි. තවද ඒ වන විට ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් මට මනෝ විද්‍යාව සම්බන්ධයෙන් MSc උපාධියකට ඇරයුම් ලැබී තිබුණි. හෙතෙම යටින් එය කඩාකප්පල් කලේය​. මම අධ්‍යන කටයුතු වල​ට ඇමරිකාවට යන විට මගේ වැඩ බැලීමට වෛද්‍යවරයෙක් අවශ්‍ය බවට බල කොට ඇමරිකා ගමනද බකල් කිරීමට උත්සහ ගත්තේය​.  අවසානයේදී මගේ පිහිටට ආවේ කර්නල් වෛද්‍ය ටී. ඒ දයාරත්න මහතාය​. එතුමා ” පුතා උඹ ඇමරිකාවේ ගිහින් ඉගනගෙන වරෙන් මම වාට්ටුව බලාගන්නම් ” කියා මාව දිරිමත් කලේය.

​කෙසේ නමුත්  විශේෂඥ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු මහතාත් මමත් කොලඹ යුද හමුදාවේ 2002 වසරේ සිට අරඹා තිබූ යුද ආතති ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දැමීමට මෙම නිලධාරියා උත්සුක වූයේය​. වරක් ජෙනරාල් වෛද්‍ය තිලක් ජයවීර මට කැඳවීමක් කලේය . අණ දෙන නිලධාරියා ඔබට අනවතරයේ කරන හිරිහැර මම දනිමි කියා ඔහු කීය​.  මම කිසිවක් නොකීවෙමි.

යුද ආතති ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දැමීමට උක්ත නිලධාරියාට ස්වර්ණමය අවස්ථාවක් උදා විය​. ඒ හමුදාපති සරත් ෆොන්සේකාට හමුදා මූලස්ථානයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමග හමුදා රෝහල නාරාහේන්පිටට ගෙන යනු ලැබීය​. ඒ සමගම ඒ පිට දමා යුද ආතති ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දැමින​. යුද ආතති ප්‍රතිකාර මධ්‍යස්ථානය නාරාහේන්පිට ස්ථාපිත කිරීම වැලැක්වීම සඳහා ඔහු සියළු දේ කලේය​. එසේම වෛද්‍ය නීල් ප්‍රනාන්දු විසින් කල සේවයට කිසිදු ස්තූති කිරීමක්වත්  නොකොට ඔහුට යන්නට දුන්නේය​.

මෙම පුද්ගලයා සමග සීමාවාසික පුහුණුවේ නිරතවූ වෛද්‍යවරයෙකු පැවසූ පරිදි ඔහු එන්නේ ඉතාම ආර්ථික වශයෙන් දුෂ්කර පවුලකිනි. එසේම කුල පීඩනය නිසාම ඔහු තම ගමෙන් ද කොන් වූ අයෙකි . මේ හේතු නිසා හමුදාවට බැඳී තමට කිසිදා නොතිබූ ගරුත්වය සොයාගෙන යයි. අහේතුවකට මෙන් මෙවැනි සමාජ දුෂ්කරතා වලට මුහුණ දුන් පුද්ගලයෝ බොහෝ විට සමාජ සාධාරණතාව වෙනුවට පෙනී සිටින්නේ තමන් ගේ උදර පෝෂණය වෙනුවෙනි.  එසේම තමා අයත් වූ පන්තියේ මිනිසුන් කෙරෙහි පසුකාලීනව (පන්තිය මාරු කිරීමෙන් පසුව​) කිසිම සංවේදිතාවක් නොදක්වති. මොවුන් නරුම මිනිසුන් ලෙස මම දකිමි. මේ හේතුව නිසාදෝ අතීතයේ සුද්දා නිලධාරීන් ලෙස හමුදාවට බඳවා ගත්තේ තම ප්ලැටූනයට මසක් පුරා තම වියදමින් කෑම දීමට හැකියාවක් තිබෙන ප්‍රදේශයේ වැදගත්කමක් දැරුවා වූ පුද්ගලයන්‍ය​. වැඩවසම් චින්තනයක් ලෙස මෙය නිර්වචනය කල හැකි වූවද පසු කාලීනව හමුදාවේ ලී පවා හොරකම් කල නිලධාරීන් දකින විට සුද්දා නිවැරදි බව සිතේ.

යුද ආතති ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දැමීම නිසා මේ වන තෙක් දළ වශයෙන් සොල්දාදුවන් 400 කට ආසන්න සංඛ්‍යාවක් දිවි නසාගෙන තිබේ. එසේම  යුද කම්පනය නිසා නිරවුල් මනසකින් තොරව අපරාධ  කිරීම නිසා පෝරකය දෙස බලා සිටින සොල්දාදුවන් ද මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය  වැසුනු නිසා ප්‍රතිකාර අහිමි වූ පිරිසක් වෙති. ඔවුන් ද යුද්දයේ වින්දිතයන් ය. මේ සමාජ වියසන ගැන මෙම නිලධාරියා නිහඞය​. මෙම කරුණු ඕනෑම උසාවියක වාද කිරීමට මම  බිය නොවෙමි.

අවසානයේදී  දුප්පත් සෙබලෙකුට පිහිට වීම නිසා අපට අහිමි වූ දේ බොහෝ වෙතත් මම එම ක්‍රියාව ගැන පසු නොතැවෙමි. යුද්ධය නිසා මානසික වශයෙන් ආබාධිත වූ විශාල දුක් කන්දරාවක් විඳි ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායට අයත් පුෂ්පකුමාර නම් මෙම සෙබලා දැන් අවම වශයෙන් කාටත් අත නොපා ජීවත් වේ. එය විශේෂඥ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු මහතා සහ මා විසින් කල සද් ක්‍රියාවකි. එසේම එය මට විශාල සතුටක් ගෙන දෙයි.

17 Responses to “යුද සිරකරුවෙකුගේ කතාව”

  1. Kumari Says:

    Thank you Dr. Jayatunga for enlightening us on this. I thought during Mr. Gotabhaya’s time our forces were very well taken care of. My heart go out to these valiant soldiers for the unbelievable services they rendered to the motherland.

    Your revelations of the LTTE atrocities make me sick, even more sick of the current puppets who are supposed to be leading the country. Terrorists have more rights than the government forces.

    May all those involved in protecting the country now have the protection of Buddha, Dhamma, Sangha and all the Devas. I found this on the internet and am sure you will enjoy listening/watching this video. A sermon by Ven Mawarale Bhaddiya Himi Bana 04-08-2015 . https://www.youtube.com/watch?v=3DnoGGr0GFo

  2. Dham Says:

    රුවන් ,
    ඔබවැන්නන් දේසපාලනයට ආයුතුය​. බුද්ධදාස බෝධිනායක තමාට කල අසාධාරණය නිසා තරඟ ක්ට ආසනයක් දින්නේය​. පල් හොරුන් හා තක්කඩියන් පාර්ලිමේන්තුවේ සිටිනතාක් සිංහලයාට අබසරණය​.
    අපේ මෝඩයින් “රණ විරුවා ” කියමින් උඩින් තියා ගත් අධමයින් කෙතරම් හමුදාවල ඇත්දැයි ඔබේ මේ ලිපියෙන් පැහැදිලිය​. මොවුන්ට දඬුවම් දෙන ක්‍රමවේදයක් අත්‍යවශ්‍යය​. එහෙත් මොවුන් ද මානසික රෝගීන් බව අමතක කලයුතු නැත​. කොටි යුද්ධයෙන් රෝගීන් වූවන් මෙන්ම සමාජ යුද්ධයෙන් රෝගීවූවන් ද සිටින බැවිනි. දඬුවම එකක් Therapy වෙන්නේ නැද්ද ? මා ෙවද්‍ය විද්‍යාව ගැන කිසිවක් නොදනිතත් හිංසාවෙන් තොරනම් එසේවිය හැකියයි සිතමි.
    රාජපක්‍ෂ කාලයේ මේ මානසික අංශ්‍ය වසාදැමීම සැලකිල්ලට ගත යුතුය​. ඔබට ජනාධිපතිට පැමිනිල්ලක් කලයුතුව තිබිනි.

    කෙසේවෙතත් දේසපාලනයට ඇවිත් අපේ පුංචි ලංකාව බේරා දැන ලෙස දෙපා නමැද ඉල්ලමි.

  3. Dham Says:

    Kumari,
    Thank you for the link. Hope you have listened to this sermon with 100% attention and “sathi sampajanna”.
    Please remember to love these soldiers who made the actual sacrifices. They are us. We are them. We have no connection to the commanders. Out hearts should connect to them not to politicians and commanders in air-conditioned rooms and bunkers with ZERO sacrifices but ready to take all the credit.

    Politicians are making use of foolish but kind people’s love to gather wealth and power. They are stealing that wealth developed in compassionate hearts. Don’t get caught.

  4. Dham Says:

    Kumari,

    ” I thought during Mr. Gotabhaya’s time our forces were very well taken care of. ”
    I too thought this way until we saw Sunil Ratnayake prosecuted and sentenced by LTTE government recently. Even Ruwan thought he too was suffering from PTSD when he committed crimes ( if any). But he was not treated and released ? Surely it was a case similar to the soldier Ruwan was talking about. He was sent to battlefield before curing.
    My heart too goes out to these valiant soldiers for the unbelievable services they rendered to the motherland but my brain goes to politicians who took less risk than general public ( even thought they could have been targets , they have so much security , bullet proof vehicles , bunkers you name it).

    We should make use of politicians. We should get promises in writing from them and force them to fulfil those promises. We should not sign blind checks.

  5. Fran Diaz Says:

    We thank Dr Ruwan Jayatunge for this revealing article about the state of matters re SL Army soldiers in need of proper health care. Also the plight of able psychiatrists who are not given due place and recognition.

    In the heat of civil conflict, those in charge earlier did not respond quickly and efficiently to mental illness in soldiers – no obvious signs till something triggers an episode of violent or odd behavior patterns. However, physical disabilities may have received better care, as the injuries are plain to see.

    A shameful state of affairs for Buddhist Lanka ….

    At least at this late stage, after nearly 30 yrs of war which ended in May 2009, it would be a good thing if the President directed a Special Medical Commission to inquire into the needs of earlier soldiers who are still suffering from diseases such as PTSD, as well as reward physicians who have done exceptionally good work serving the Nation in our hour of need.

    The case of Sgt Sunil Ratnayake especially must be looked into immediately with understanding and compassion. He was forced to do duty as a soldier whilst still unwell during the time Chandrika Kumaratunge was President and Ranil Wickremasinghe was Prime Minister. He must be released from the unfair prison sentence and receive the proper medical treatment that is due to him from the State.

    We know that as Secy. for Defense, Gotabhaya Rajapakse (Gota) did a great service looking after the injured Army personnel as well as their families. We ourselves contributed toward the Ranaviru Seva Services which was set up by Gota, and helped a destitude Army family through the young boy who was sponsored by us, as his father had died.

    We hope many people who feel concerned will help in any way possible in this worthy cause.

    Thank you again, Dr Jayatunge.

  6. Christie Says:

    Thanks doctor. We fought against Indian terrorist arm.

  7. Ratanapala Says:

    Our sincere thoughts go out to you brave doctor. Posterity will recognise your services as a true hero of Motherlanka’s struggle against Tamil Tiger Terrorism and also against our own traitors. Our heroes are a forgotten lot, not even 7 years after the end of open hostilities.

    In Europe 70 years after the end of World War II, Nazis are not allowed to raise their heads. Security concerns are still addressed and security zones are still in place where they are required to maintain the post war status quo. In Sri Lanka even after a disastrous 30 year racist terrorist war, the traitorous Aappaya – Ponil administration is dismantling the security infrastructure.

    People have a right not to topple these imposters. Constitution is there to protect the people and not vice versa.

  8. Dham Says:

    From Ruwan’s previous writing
    http://www.lankaweb.com/news/items/2015/04/15/shell-shock-to-palali-syndrome-2/

    Nearly 400 soldiers had committed Suicide in the Post War Sri Lanka: In 2006, one senior officer attached to the Military Hospital Colombo closed the Combat Stress Treatment Center that was headed by the Consultant Psychiatrist Dr. Neil Fernando. Following this unwise action many combatants suffered from battle stress had no way to receive appropriate psychotherapy. In later years this short sighted action was criticized by many as the biggest betrayal to the Sri Lanka Army and it has caused an immense damage to the image of the military. Many combatants who suffered from battle stress had no way to receive psychotherapy and counseling became deserters. Some committed suicide.

    According to the Military Spokesman Brig. Ruwan Wanigasooriya nearly 400 soldiers committed suicide between 2009 – 2012 postwar period in Sri Lanka. These victims suffered from various stress related conditions and some were diagnosed with PTSD.

  9. Piyadigama Says:

    හමුදා රෝහලේ මගේ කෙටි කාලීන සේවය තුලද මම මෙය දැක්කෙමි. ඇතැම් නිලධාරීන් තුවාල ලැබූ සොල්දාදුවන්ට සලකන්නේ බල්ලන්ට මෙනි. ඔවුන් කොටි සල්ලි ගත්තේ දැයි මට සිතුනු අවස්ථා අපමණය. තුවාල ලැබූ සොල්දාදුවන් ගේ බිරින්දෑ වරුන්ට ඇතැම් විට ඉතා නින්දිත දේ විඳීමට සිදුවේ. යුද්ධය ගැන කතාකරන බොහෝ දෙනෙක් මේවා දන්නේ නැත. ගණන්ගන්නේ ද නැත.

    මම ඉතා සුළු කාලෙකින් හමුදා රෝහලෙන් ගියේ අතිමහත් කලකිරීමෙනි.

    රට දැය රැකගත් රණ විරුවන්ට බල්ලන්ට මෙන් සලකන්නට පටන් ගත්තේ යුද්ධය පවතින කාලයේ සිටමය. ඇතැම් විට සංඝයා වහන්සේලා හමුදා රෝහලට පැමිණ තුවාල ලැබූ සොල්දාදුවන්ට ආවතේව කරයි. එම සේවය ඉතා අගනේය. සංඝයා වහන්සේලාගේ මැදිහත්වීමෙන් බොහෝ දේ සොල්දාදුවන්ට ලැබුණි. ඇතැම් විට සංඝයා වහන්සේලාටද කුණු බැනුම් ඇසීමට සිදුවේ. උන්වහන්සේලා ඒවා විද දරා ගත්තේ රණ්ඩුවට යෑමෙන් සොල්දාදුවන්ට එම සහනයද නැතිවන බව දනිමිනි.

    කුමන දේශපාලන කල්ලියක සිටියත් අතුරලියේ රතන ස්වාමින්වහන්සේගේ සේවය අගය කල යුතුය. උන්වහන්සේගේ අප්‍රමාන වෙහෙසින් දිවි රැකුණු තුවාල ලැබූ සොල්දාදුවන් ගණන දුසිම් ගණනකි.

    මේ පාපකර්මයට දේශපාලන කල්ලිවාදයෙන් අන්ධ වුනු මෝඩ සිංහලයන්ද වගකිව යුතුය.

    යුද්ධයෙන් පසු සොල්දාදුවන්ට කිසිදු අමතර සහනයක් ලැබුනේ නැත. එය මහා පරිමාන ඉච්චා භංගත්වයට හේතු විය. සොල්දාදුවන් ලවා දෙමල ප්‍රදේශ වල කානු සුද්ද කිරීමටත්, පාරවල් අතුගෑමටත්, වැලි කොට්ට සිමෙන්ති කොට්ට ඇදීමටත්, කකුස්සි සෝදන්නටත් තරම් දේශපාලුවන් තුච්ඡ විය. ඔවුන් දෙමළ ජනයාගේ උසුළු විසුළු වලට ලක් විය. 2015 ජනාධිපතිවරණයේදී අධි බහුතර හමුදා සෙබළුන් පැවති රජයට විරුද්ධව චන්දය දුන්නේ මේ නිසාය.

    යුද්ධය දින්නේ දේසපාලුවන් නම් හමුදා රෝහල පිරී යා යුතුව තිබුනේ දේසපාලුවන් සහ උන්ගේ අඹු දරුවන් ගෙනි. නමුත් උන් එකෙකුවත් හමුදා රෝහලට ඇතුලත් නොවීය. දේසපාලුවන් තෑගි රැගෙන වසරකට වරක් හමුදා රෝහලට එන විට අපි සෙබළුන්ට වැඳ ඉල්ලන්නේ උන්ගේ හිතේ කැකෑරෙන වචන පිට නොකරන ලෙසය. නමුත් බොහෝ විට සොල්දාදුවන් ජනාධිපති සිට සේවා වනිතා ලොක්කන් දක්වා එවුනට අමු සිංහලෙන් බැණ වැදුණු අවස්ථා ඇත. ජාතික රූපවාහිනියට පමණක් හමුදා රෝහල ආවරණය කිරීමට අවසර දී ඇත්තේ මේ නිසාය.

    මෙම කරුණු කාරනා කතා කරන්නට ඉඩ දීමට මෙම වෙබ් අඩවියට අප ස්තූති විය යුතුය. මම විදේශ ගත වී ඇති බැවින් කිසිදු බියකින් තොරව මට කතා කල හැකිය. ලංකාවේ සිටි කාලයේ මහා රෑ නිවස අසල headlight දමමින් horn ගහන හමුදා වාහන සුලභ වූයේ සොල්දාදු පුතුන් වෙනුවෙන් මම මැදිහත්වී කතා කල පසුය.

    දේශප්‍රේමය ගැන සීතල රටවල් වල සිට කෑමොර දෙන දේශපාලුවන්ගේ ගැත්තන්ට මේවා ඇසීම දුෂ්කර බව දනිමි. එයම මට සතුටකි. යුද්ධය දින්නේ කඳුලින්, ලෙයින්, හඩු මූත්‍ර ගඳින් සහ පිරිමි ස්ත්‍රී ළමා විලාප මැද මිස පාර්ලිමේන්තු, මන්දීර, ac කාමර සහ වෙබ් අඩවි තුල නොවේ. සිංහල ලේ හලා ප්‍රසූති වූ මව් කිරි බී ලොකු මහත් වූවන් මෙය අවබෝධ කර ගත යුතුමය.

  10. Dham Says:

    පියදිගම​,
    මුලුමහත් සිංහල ජනතාව වෙනුවෙන් මම ඔබගෙන් මෙන්ම සියලුම සැබෑ සෙබලුන් ගෙන්ද සමාව අයැදිමි.

    තෙරුවණ් සරණයි.

  11. Dham Says:

    “යුද්ධය දින්නේ දේසපාලුවන් නම් හමුදා රෝහල පිරී යා යුතුව තිබුනේ දේසපාලුවන් සහ උන්ගේ අඹු දරුවන් ගෙනි.”

    People who worship politicians here should answer this question. Please stop worshiping them praise them for good action and kick their back side for bad action. Give a good verbal hammering. Otherwise they will go from bad to worse.

  12. Fran Diaz Says:

    Sri Lankans have to recognise that it is mostly nearly 500 yrs of COLONISATON that has brought tragedy to our island home, dividing our society as never before.

    Next, to bring true and lasting closure to any past negative events, GoSL will probably have to appoint a Commission to look into the Grievances of Army Personnel throughout the nearly 30 yrs of conflict.

    When all sides to the long conflict in Lanka have had their Grievances settled, then we can say we have a lasting Peace. The citizens of Lanka have to make sure that the country is never ever subjugated again. A truly indpendent and free country must emerge from the dust of the long wars from outside and inside. Or else war was futile and a waste of life, and objectives not realised.

  13. Fran Diaz Says:

    Re Labor : A comment on Labor and Labor being ‘looked down’ on (per Piyadigama) :

    This is part of the Caste divide attitude from INDIA. The Caste system originated from the type of work done, the High caste folk looking down on the others.

    Labor is merely Physical Work.

    We, the citizens of Lanka, who are mostly Buddhist, do not have to ‘look down’ on whatever physical work is done – food production, factory work, digging ditches, road work, sewing, cleaning bathrooms & toilets, cooking, handyman work, teaplucking, etc. Lanka would not function without physical work.

    Most of us do these activities on a smaller scale in our gardens and our own homes doing our own cooking, cleaning the home & toilets/bathrooms, etc. There is no indignity in doing our own physical work. There is no need to ‘look down’ on any type of physical work. In fact, most of the REAL work in the world is physical work and those who do such must feel PROUD to do so. Others must respect those who do physical work. Only foolish people look down on physical work. Without Physical work the world would grind to a halt. Children must be taught at an early age to respect physical work and encouraged to do such work according to their ability and age.

    People who balance their lives with work that involves both physical work as well as use their brains (Intellectual), are the happiest folk in the world. There are NO FALSE VALUES in such people.

    Labor Day on the 1st of May is all about DIGNITY OF LABOR, Physical or Intellectual. Celebrate both !

  14. SenaD Says:

    Fran Diaz,

    You said, “The citizens of Lanka have to make sure that the country is never ever subjugated again.”

    However, we remain subjugated as long as the 13th amendment to the constitution is in force. It was not added to the constitution through the will of the people of Sri Lanka, quite the opposite. India imposed it on Sri Lanka to satisfy India’s needs.

  15. Dham Says:

    It is absolutely foolish to ask citizens of Lanka have to make sure that the country is never ever subjugated again. How can they make sure such thing ?
    For example when Rajiv came, there was only one citizen who protested directly to him. Thousands of people protested, some got killed but 13A was showed in.

    When the leaders do horrible things people kick them out regardless of which party he is from. that is all they can do and MUST DO.

  16. Fran Diaz Says:

    SenaD,

    Near 500 yrs of COLONISATION is at the bottom of division of Lanka & her People. COLONIAL ‘rule by the gun’ imposed fear and death on the local Colonised populations. Local folk who ran with the Colonial Powers usually converted through Fear and for Favors. Those leaders who did not run with Colonial Powers went into disfavor and were either killed or impoverised. In Lanka, even DS Senanayake and other Sinhala leaders were jailed during the 1915 Muslim protest riots. Young William Pedris who was an able Officer of the BRITISH ARMY was put to death by the ruling British on trumped up charges of conspiracy in the riots of 1915. The country was completely crushed through Fear of the Colonists.

    Re: Ultra pro west JRJ Cold War times when the 13-A was impsoed : It is when the UNP came into power during the Cold War times that INDIA panicked and imposed the 13-A. At that time the rural Sinhala Buddhist youth had formed the Communist JVP. Now Lanka is stuck with the 13-A.

    Question: Why don’t the now powerful pro-west Ranil led UNP group REMOVE the 13-A, even at this late stage ? It is foolish not to do so, in the interests of the country & the People, indeed the whole SE Asian region, on a forever basis, isn’t it ?
    To remove the 13-A, now all the information necessary for the public is out in the open

  17. Fran Diaz Says:

    Repeat : It is up to the UNP led Yahap to remove the 13-A.
    Replace it with the District System and SLAS Administration system which works very well for a small country like Sri Lanka.

    The new Constitution (which is unnecessary), if brought about, can have a header similar to the American Constitution – the RIGHT TO PURSUE HAPPINESS with the clauses necessary to make such endeavors to bring about positive action only.

    Note that INDIA fought for Independence from Britain in a Non-Violent way. Note also that INDIA will never want to be Colonised again. Neither does the sane 99% of Lanka !!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress