මහින්ද නිසා Sri Lankan ගුවන් සේවය විකුණන්න වෙනවා කියන එජාපයේ මඩට පිළිතුරු මෙන්න
Posted on April 28th, 2016

Mahinda.Info

[1]. ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට රජය තීරණය කර තිබෙනවා. පෞද්ගලික ආයෝජකයෙකු සමග හවුල් ව්‍යාපාරයක් කිරීම යනුත් පෞද්ගලීකරණය කිරීමක්. වැටුප්/දීමනා කප්පාදුව, රැකියා කප්පාදුව ආදී පෞද්ගලීකරණය කිරීමෙන් අත් වන ඉරණම ඉදිරියේදී ශ්‍රී ලංකන් ගුවන් කාර්ය මණ්ඩලයට අත් විඳින්නට සිදුවේවි.

රජයේ ලියාපදිංචි පුවත්පතක් වන රිවිර” පුවත්පත 2016/04/27

කෙසේ නමුත් එජාපයෙන් පවසන්නේ මහින්ද යුගයේ වැරදි නිසා ණය සහ අලාභ වැඩි වීමෙන් එය විකිණීමට සිදුවූ බවයි. එහි ඇත්ත නැත්ත විමසා බලමු.

 

[2]. යහපාලන ආණ්ඩුවේ දැන් සිටින චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපතිව සිටි 1998 වසරේදී එයාර් ලංකා ආයතනය එමිරේට්ස් වෙත පෞද්ගලීකරණය කරනු ලැබුණා. නමුත් 2008 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලනය විසින් එය නැවතත් ශ්‍රී ලංකා රජයට අත් පත් කරගත්තා.

 

[3]. ශ්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේට්ස් වෙතින් නැවතත් රජයට පවරා ගන්නා විට ලෝකය විශාල ආර්ථික කුණාටුවකට හසුවෙමින් තිබුණා. ඒත් සමගම ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍රයට පමණක් නෙමෙයි, ලෝකයේ ම සංචාරක කර්මාන්තය විශාල ලෙස හැකිලීමට පටන්ගත්තා. ගුවන් සමාගමක් සිය ආදායම් පවත්වා ගෙන යන්නේ මගීන් ප්‍රවාහනයෙන්. ආර්ථික අර්බුදය හමුවේ සංචාරකයින් අඩුවීමත් සමග සිදු වූයේ අපේක්‍ෂිත ආදායම් ඉලක්කවලට යාමට හැකි ඉල්ලුමක් සමාගමට නැතිවීමයි.

ලෝක ආර්ථික අර්බුදය හමුවේ එමිරේට්ස් සමාගමේත් ලාභය අඩු වුණ අයුරු.

At Air India about 15000 employees were asked to take leave without pay for between 3-5 years. Recruitment freeze, voluntary redundancy, non-renewal of temporary contracts, and unpaid holiday leave were the most common cost cutting measures adopted by the airlines al through the world. [source: academia.edu]

ලෝකයේ සමාගම් සාමාන්‍යයෙන් මෙවැනි අර්බුදවලින් ගොඩ එන්නේ විශාල ලෙස රැකියා කප්පාදු කරමින්. එවිට පිරිවැය අඩුවී ලාභය ඉහල යයි. ලෝකයේ දරුණු ආර්ථික අර්බුදයක් පැවැතියද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලනය තුළදී කිසිදු රැකියා කප්පාදුවක් සිදු කළේ නෑ. සිදු වූයේ රජයේ මුදල් යොදා රැකියා ද සුරක්‍ෂිත කරන අතරතුර සමාගම කඩාවැටීමට ඉඩ නොදීමයි. එසේ රජයෙන් ගන්නා මුදල් සමාගමේ ණය ලෙස එකතුවෙනවා.

 

[4]. ශ්‍රී ලංකන් සමාගම ගෝලීය ආර්ථික කුණාටුවට හසු ව ඉල්ලුම අඩු වී ආදායම් පහත වැටෙන විට තවත් පැත්තකින් පහර වැදෙමින් තිබුණා. ඒ නම් ආර්ථික අර්බුදය අවසන් වෙනවාත් සමගම ලෝක තෙල් මිළ අධික ලෙස ඉහළ යෑම. එක් අවස්ථාවට බොර තෙල් බැරලයක් ඩොලර් 150 සීමාවට යනවා.


ගමන් වාර නඩත්තු කිරීමට නම් කීයක් දී හෝ තෙල් ගැසිය යුතුයි. එහෙත් ප්‍රශ්නය වන්නේ එක් අතකින් ආර්ථික අර්බුදය නිසා අඩු වූ මගින් සංඛ්‍යාවක් ද සහහිත ව සිටි සමාගමට ගුවන් ග‍ාස්තු වැඩීකිරීමට අවස්ථාවක් නොලැබීමයි.

ගෝලීය සමාගම් සමග තරඟයේ දී ගාස්තු වැඩි කිරීම යනු සිටින පාරිභෝගිකයින් ද සමාගමෙන් ගිලිහීමයි. ඒ අනුව, එම බර ද රජයට දැරීමට සිදුවීම ස්වභාවිකයි.

තෙල් මිල අඩුවැඩි වීම මගින් සමාගමට කළ බලපෑම කොතරම් ද කිවහොත් 2013/2014 වසරේ දී සමාගමේ පාඩුව ලෙස වත්මන් රජය පෙන්වා දෙන්නේ රුපියල් බිලියන 32ක්. එහෙත් 2014/2015 වසරේ දී එහි පාඩුව බිලියන 16යි. එනම් තෙල් මිල සීඝ්‍ර ලෙස පහත යෑම සමාගමේ පාඩුව අඩකින් එනම් බිලියන 16කින් අඩු කිරීමට සමත් ව තිබෙනවා.

 

[5]. දැන් මේ ඔක්කොම වුණේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විතරද, ලෝකේ අනිත් ගුවන් සේවා වල සංචාරකයො අඩු වුණෙ නැද්ද? තෙල් මිලෙන් පාඩු වුණේ නැද්ද?” ආදී ලෙස කැපුවත් අහවල් පාට බුද්ධිමතුන් අසා තිබුණා. ඔවුන්ට වෙන අමුතු උදාහරණ අවශ්‍ය නෑ, යහපාලන ජනපතිතුමාගේ ඇඳුමට පවා ආදර්ශයට ලබා ගන්නා ඉන්දියාවේ ඉන්දියන් ජාතික ගුවන් සේවාවේ අලාභයයි පහත දැක්වෙන්නේ.  [මූලාශ්‍රය: scroll.in]

ඉන්දියන් ගුවන් සේවයේ 2014 වර්ෂයේ පමණක් අලාභය රු බිලියන 117.48 කි. (5389*10,000,000*2.18)

Public-sector carrier Air India recorded a net loss of Rs 5,389 crore during FY 2014 and Rs 5,490 crore during FY 2013. [source: scroll.in]

Air India has a debt of about Rs 40,000 crore for aircraft purchase and working capital. Its accumulated losses are close to Rs 30,000 crore. The airline lost Rs 5,389 crore and Rs 5,490 crore in the fiscal 2013-14 and 2012-13, respectively. [source: indiatimes.com 2015/11/06]

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සම්පූර්ණ ණය මුදල රු බිලියන 460 කි.  එහෙත් එයාර් ඉන්දියා ආයතනයේ සම්පූර්ණ ණය මුදල රු බිලියන 860 කි. (40000*10,000,000*2.15)

එතරම් පාඩු ලබමින් වුවද රාජ්‍ය අංශයෙන් ගුවන් සේවයක් ඉන්දියාවෙ පවත්වාගෙන යන්නේ රජය සතුව ගුවන් සේවය පැවතීමෙන් රටට ලැබෙන වාසි ප්‍රයෝජන නිසයි.

[6]. එයාර් ලංකා ආයතනය එමිරේට්ස් වෙත විකිණීමෙන් පසුව එහි වෙනස්කම් ගණනාවක් සිදුකළා. එයාර් ලංකා” ලෙස තිබූ එහි නම ශ්‍රී ලංකන්” ලෙස වෙනස් කරමින් ගුවන් නාම ලේඛනයේ අකාරදී පිළිවෙළේ පහළටම දැමීමේ සිට, එයාර් ලංකා වෙත අයත්ව තිබූ එමිරේස් වෙත පිවිසීමට නොහැකිව තිබූ ගුවන් ගමන් වාර ලබා ගැනීම දක්වා සියල්ලම මගින් සිදුවූයේ එදා එයාර් ලංකාවෙත තිබූ කීර්තිනාමය ක්‍රමිකව එමිරේට්ස් වෙත ලබා ගැනීමයි. අවසානයේදී එමිරේට්ස් මගින් නැවත ලබා ගත්තත් එදා එයාර් ලංකා වෙත තිබූ හැකියාව නැවතත් මතු කිරීම ලෙහෙසි වන්නේ නැහැ. පෞද්ගලීකරණය කිරීමේ එක් භයානකත්වයක් එයයි.

එසේම ශ්‍රීලන්කන් ගුවන් සේවය ලාභ ලැබූ යුරෝපය ඇතුළු ගුවන් ගමන් ගණනාවක්‌ නතර කර ඒවා සඳහා එමිරේට්‌ස්‌ ගුවන් සේවා යොදවන ලදී. එසේම ශ්‍රීලන්කන් ගුවන් සේවයට රටක නිල ගුවන් සේවය ලෙස ගුවන් තොටුපළවල ලැබෙන ගොඩබෑම් අවස්‌ථා හෙවත් ලෑන්ඩින් රයිට්‌ස්‌ එමිරේට්‌ස්‌ ගුවන් සේවාව විසින් හිමිකරගන්නා ලදී.  [මූලාශ්‍රය: දිවයින 2016/04/10]

[7]. ශ්‍රීලන්කන් ගුවන් සේවය විදෙස්‌ කළමනාකරණයක්‌ තුළ ලාභ ලැබිය හැකි බවට මිථ්‍යා මතයක්‌ මේ වන විට රට තුළ ඇතිකර තිබෙනවා.

ශ්‍රීලන්කන් ගුවන් සේවය එමිරේට්‌ස්‌ කළමනාකරණය යටතේ ලාභ ලැබූ බවට ශ්‍රී ලාංකිකයන් තුළ ඇතිකර ඇති මිථ්‍යාව ඊට හොඳම උදාහරණයයි. එමිරේට්‌ස්‌ පාලනය තුළ ශ්‍රීලන්කන් ලාභ ලැබුවේ වසර දෙකකි. ඒ හා පසුබිම් කතාවද අපුරුය. එල්ටී.ටී.ඊ සංවිධානය කටුනායක ගුවන්තොටුපල වෙත එල්ලකළ ප්‍රහාරයෙන් විනාශ කළ ගුවන් යානා සඳහා වන්දි ලැබීම, ශ්‍රීලන්කන් ගුවන් සේවය සතුව තිබු ගුවන් යානා විකුණා දමා එම ගුවන් යානා නැවත කුලියට ගැනීම තුළින් අදාළ ගුවන් යානා විකිණීමෙන් ලබාගත් මුදල ශේෂ පත්‍රයේ ලාභය ලෙස පෙන්වීම තුළින් අදාල ලාභය පෙන්වීමට කටයුතු කරන ලදී.

එසේම ශ්‍රීලන්කන් ගුවන් සේවය සතුව තිබු ගුවන් සේවා සැපයුම් සමාගමක කොටස්‌ විකුණා ලබාගත් ලාභය ද මේ වසර දෙකක ලාභ ලැබීමට හේතුවිය.

අනිත් අතට ශ්‍රීලන්කන් ගුවන් සේවය හා ගිවිසුමට අනුව එමිරේට්‌ස්‌ කළමනාකාරිත්වය වසර දහයකට පමණක්‌ ඔවුන්ට හිමිවූ අතර ඔවුන් අවසන් වසරවල ලාභය පෙන්වුයේ ගිවිසුම දීර්ඝ කර ගැනීම සඳහාය. අදාළ ගිවිසුමේ අවසන් කාලයේ ලන්ඩන් සිට පැමිණෙන ගුවන් ආසන වෙන් කිරීමේ ප්‍රශ්නයක්‌ ඇති වුවද ඒ වන විට ගිවිසුම දීර්ඝ නොකරන්නට තීරණය කර තිබිණි. [මූලාශ්‍රය: දිවයින 2016/04/10]

 

[8]. මේ සමාගම නැවතත් පෞද්ගලීකරණය කිරීමට  යනවා. වෙනත් ගුවන් සමාගමක් විසින් නැවතත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගතහොත් එසේ කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩ නැගීමට නොව, එහි තිබෙන සාරයද උරා ගනිමින් තම සමාගම ශක්තිමත් කරගැනීමටයි. රාජ්‍ය ආයතනයක් එහි තරගකරුවෙකුට විකුණා දැමීමෙන් ඊට වඩා බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? පහත දැක්වෙන්නේ ඊට අදාල පැහැදිළි කිරීමක්.

ශ්‍රීලන්කන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා දැඩි වෙහෙසක්‌ ගනු ලබන්නේ කටාර් ගුවන් සේවයයි. වත්මන් රජය බලයට පත්ව දින ගණනාවකින් කටාර් පාලකයා හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණි අතර ඒ අවස්‌ථාවේද ඔවුන් මේ සඳහා ඇති කැමැත්ත මෙරට පාලකයන් වෙත දැනුම්දී තිබේ.

කටාර් ගුවන් සේවය විසින් අපේ රටේ ජාතික ගුවන් සේවය මිලදී ගතහොත් ශ්‍රීලන්කන් ගුවන් සේවය ජාතික ගුවන් සේවාවක්‌ ලෙස ලොවපුරා සෑම රටකම ගුවන් තොටුපළවල හිමිකරගන්නා ගමන් අවස්‌ථා හිමිකරගන්නට කටාර් ගුවන් සේවයට හැකියාව ලැබේ. රටක ජාතික ගුවන් සේවාවක්‌ නොවන ආයතනයක්‌ ඒ සඳහා ඉල්ලුම් කරන විට ගෙවන්නට වන ඇති විශාල මුදල ඔවුන්ට ඉතිරි වනු ඇත. එසේම ඔවුන් දැනට බොහෝ රටවලට පවත්වා ගෙන යනු ලබන ගුවන් සේවාවන් වඩාත් පුළුල් කරන්නටද ඔවුන්ට මෙයින් අවස්‌ථාව හිමිවේ.

මේ වන විට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මගීන් අතර දැඩි ඉල්ලුමක්‌ තිබූ යුරෝපා ගමනාන්ත නවතා දමන්න්නට ශ්‍රීලන්කන් ගුවන් සේවය කටයුතු කරමින් සිටී. දැනටමත් රෝමය බලා ගමන් කරන සේවාවන් අත්හිටුවන බව ප්‍රකාශයට පත්කර ඇති අතර පැරිසිය (ප්‍රංශය) හා ෆ්‍රෑන්ක්ෆෘට් (ජර්මනිය) සේවාවන් ඉදිරියේදී නවතා දමන්නට නියමිතය.

මේ සියලු ගමනාන්ත කටාර් ගුවන් සේවය ගුවන් ගමන් වාර පවත්වන ඒවා වන අතර එවිට ශ්‍රීලන්කන් ගුවන් සේවය නවත්වන ගමන් වාර සියල්ලේම වාසිය හිමිවන්නේ කටාර් ගුවන් සේවයටය. [මූලාශ්‍රය: දිවයින 2016/04/10]

[9]. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලය තුළදී සතොස, හම්බන්තොට වරාය, ආදිය ලාභ ලබන ආයතන බවට පත් වී තිබුණි. එනමුත් වත්මන් ආණ්ඩුවට රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට සිදුවන්නේ ඔවුන් මෙරට සාර්ව ආර්ථික තත්වයන් කළමනාකරණය නොකර රට බංකොලොත් කළ නිසයි.

චීනයට දිගට හරහට බනිමින් චීන ආයෝජකයන්ව එලවා ගැනීම, එමගින් කොටස් වෙළඳපොළ කඩා වැටීම, ආයෝජන නොමැති වීම නිසා රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීම, ඒ සමගම රටට එන ආයෝජන නැති වීමෙන් රුපියල බාල්දු වීම, රුපියල රැක ගැනීමට කියමින් විදේශ සංචිත විකුණා දැමීම, දිගින් දිගටම බැඳුම්කර නිකුත් කර පොලී මට්ටම ඉහල දැමීම, එසේම අති දැවැන්ත බැඳුම්කර මගඩිය මගින් රට ණය උගුලක හිර කිරීම ආදිය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැවැන්ත ප්‍රපාතයක ඇද දැමූ එජාපයට දැන් ඉතිරිව ඇත්තේ රාජ්‍ය දේපල කුණු කොල්ලයට විකුණා දැමීම පමණයි.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.
 

 
   

 

 

6 comments to මහින්ද නිසා Sri Lankan ගුවන් සේවය විකුණන්න වෙනවා කියන එජාපයේ මඩට පිළිතුරු මෙන්න

    • ලක්ෂ්මන්

      නුදුරු දිනකදී ජනපති සිරිසේනගෙත් අගමැති රනිල්ගෙත් බඩ පුරවාදමා මළපහ කරන්නට බැරි වුවහොත් එහි වැරදිකරුවාත් මහින්දයැයි කියන තරමටම යහපාලනය බංකොලොත්වී ඇත.කෙසේ වුවත් UNP යනු පුද්ගලීකරණය හෙවත් රාජ්‍ය දේපළ කුණු කොල්ලයට විකිණීමේ සූරයන්ය එය රටම දන්නා කරුණකි.හැබැයි ඒකටත් මහින්ද මහතා පටලවාගෙන කොලේ වසා ගසන්නට යෑම ලැජ්ජහ සහගතය

  • Dinuu

    රාජ්ය දේපල විකුනා දමමින් රටට කරන මේ වින්නැහියට සහ දැවැන්ත සංවර්ධනයකින් රට ඉහලටම එසවූ පසුගිය රජයට නිරපරාදේ දොස් නඟමින්… රට මහා ප්‍රපාතයකට මහා අනතුරකට ඇද හෙලන… රට දෙකඩ කරන භයානක න්යාය පත්‍රයකට කටයුතු කරන යමපල්ලන්ට මේ සෑම දෙයකටම ජනතාවට වන්දි ගෙවන්න සිදු වෙන දිනය වැඩි ඈතක නොවේ! ජනතාව අවදියෙන් ඉන්නේ.

    එඩිටර් තුමනි ඔබට මේ ජනතා මෙහෙවර දිගටම කරගෙන යන්න ධෛර්යය ශක්තිය සහ වරම් ලැබේවා!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress