ජනපති සිරිසේන මොරගහකන්ද ගැන කියපු පට්ට පල් බොරු මාට්ටු වෙයි. මෙන්න සාක්ෂි!
Posted on August 15th, 2016

www.mahinda.info

මොරගහකන්ද ජලාශයේ නිදන් වස්තු තැන්පත් කිරීමේ උත්සවයේදී විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත පැවැත්වූ කථාව පහත දැක්වේ.

එම කථාවේදී හිටපු විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගැනද සඳහන් කරමින් වත්මන් විධායක ජනාධිපතිවරයා විසින් බොරු ගණනාවක් ප්‍රකාශ කර තිබේ. එනිසා ජනතාව නොමග යැවීම වැළැක්වීමට ඒ ගැන අන්තර්ජාලය භාවිතා කරන ජනතාව වෙත මූලාශ්‍ර සහිතව පැහැදිළි කිරීමක් ඉදිරිපත් කරන්නෙමු. ඔහු දැක්වූ බොරු සහ ඒ ගැන ඇත්ත මූලාශ්‍ර සහිතව පහතින්.

[1]. බොරුව: 2005 දී අපි අලුත් ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුව තුළ මම අවුරුදු 2 ක් බලාගෙන හිටිය මේ කාර්යය ඉෂ්ට වෙනකම්, ඉටු වුණේ නැහැ.”

ඇත්ත: ඉහත බොරුවේ තරම පහත කරුණු වලින් පැහැදිළි වෙයි.

(i). මහින්ද රාජපක්ෂ මැතිතුමන් 2005 දී බලයට ඒමේදී ජනතාවට දුන් මූලිකම පොරොන්දුව වන්නේ රට කොටියාගෙන් බේරා ගැනීමයි. එනිසා බලයට ආ සැනින් වැව් අමුණු හැදීමට වඩා ප්‍රමුඛස්ථානයක් රට බේරාගැනීමට දීමට සිදුවිය.

(ii). 2005 සිට 2007 දක්වා තිබුණේ අපායේ ඉන්ටවල් එක” වැනි තත්ත්වයකි. යුද්දය ඇරඹුනොත් රටට අත්වෙන ඉරණම ගැන කිසිවෙකුට අදහසක් තිබුණේ නැත. එනිසා රජයේ බහුතර ප්‍රාග්ධන වියදම් වෙන් කෙරුණේ ජාතික ආරක්ෂාව වෙනුවෙනි.

(iii). අනික් අතට රජරට ප්‍රදේශය ආරක්ෂාව අතින් තිබුණේ දැඩි අවදානමක යි. එවැනි අවිනිශ්චිත තත්ත්වයකදී කිසිදු ආයෝජකයෙක් එම ප්‍රදේශ වල ආයෝජනය කිරීමට නොපැමිණෙනු ඇත.

(iv). මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කථාවේ මුල් භාගය තුළදී ඔහු මෙසේ පැවසුවේය. 1930 කාලෙ ඉඳන් මොරගහකන්ද ගැන කතා කළේ… 1973 දී පළවෙන සක්‍යතා අධ්‍යයනය… චන්ද්‍රිකාගේ කාලෙදි කරන්නත් බැරි වුණා…. එතකොට කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රීපාලයි… පහුගිය අවුරුදු 50 ක කාලයේම දේශපාලන වේදිකාවල මොරගහකන්ද කළුගඟ ගැන කතා කළා.” එසේ අවුරුදු 50 ක් කල් ගත වූ මොරගහකන්ද ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පැමිණ මහා යුද්දයක් තිබියදීත් වසරකින් ඇරඹීම ගැන කෘතවේදී විය යුතුය. ඒ වෙනුවට මොහු කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපහාස කිරීමයි.

(v). මහින්ද ආණ්ඩුව පැමිණ අවුරුදු 2 ක් යනකම් මේ කාර්යය ඉටු වුනේ නැහැ කීම පට්ට පල් බොරුවකි. ඇත්තනම් මොරගහකන්ද ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත් පත් කරගැනීම ඇරඹෙන්නේ 2006 දීය. (2007 දී පැවැතුණේ නිල වශයෙන් මුල් ගල් තැබීමයි). එනම් මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පැමිණ හරියටම අවුරුද්දෙන් මොරගහකන්ද ව්‍යාපෘතිය ඇරඹීය. මූලාශ්‍රය: 2006 වර්ෂයේ මුදල් අමත්‍යාංශයේ වාර්ෂික වාර්තාව , 65 පිටුව

පහත දැක්වෙන්නේ 2006 වර්ෂයේ මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවේ මුල් පිටුවේ මොරගහකන්ද ඉදිකිරීම් ගැන පළවූ පින්තූරයයි.

 

[2]. බොරුව: අවසානයේදී මගේ බේරිල්ලට මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා එහෙනම් පටන් ගන්න වෙන්නේ සල්ලි නැතිවයි” කියලා. මම කිව්වා කමක් නැහැ සර් සල්ලි නැතිව පටන් ගමු, පටන් ගත්තට පස්සෙ සල්ලි හොයාගමු” කියලා.

ඇත්ත: 2006 දී ලබාගත් ඉහත පින්තූරය බලන්න. මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන පරිදි සල්ලි නැතිව මොරගහකන්ද ඇරඹුනානම්, ඉහත දැක්වෙන ආකාරයට මොරගහකන්ද වේල්ල ගොඩ නගන්නේ පිනට විය යුතුය. ඩෝඩර් කරුවන්, බැකෝ කරුවන්, ඉංජිනේරුවන්, කම්කරු සහෝදරවරුන්, ඇතුළු කාර්ය මණ්ඩලය අතින් වියදම් කරගෙන ඉහත ඉදිකිරීම් ඇරඹුවා විය යුතුය. මුදල් නැතිව ව්‍යාපෘතිය ඇරඹුවා කියපු බොරුවේ තරම පැහැදිළියි නේද?

 

[3]. බොරුව: අවුරුදු 5 ක් යනකම් සල්ලි දුන්නෙ නෑ මේ ව්‍යාපෘතිය කරන්න.

ඇත්ත: 2006 වර්ෂයේ මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවේ 169 පිටුවේ මෙසේ දැක්වෙයි.

ඉහත දැක්වෙන අයුරින් මොරගහකන්ද ජලාශය සඳහා ඉඩම් අත් පත් කරගෙන ජනතාව නැවත පදිංචි කිරීම සිදුකළේ 2006 දී ය. එම ව්‍යාපෘතීන් සඳහා මහින්ද රාජපක්ෂ මැතිතුමා රු මිලියන 4600 ක් වෙන් කරන්නේ යුද්දයක් ඇරඹෙන්න ඔන්න මෙන්න තිබියදී ය. එතනින්ම සල්ලි දුන්නේ නැහැ කියන බොරුව මාට්ටු වෙයි.

 

[4]. බොරුව: 2007 ජනවාරි 25 වැට පටන් ගත්ත මේ ව්‍යාපෘතියේ වැඩ අවසන් වෙන්න තිබුණේ 2012 අවුරුද්දෙයි කියන එක මම මතක් කරන්න ඕන.

ඇත්ත: එම බොරුවට පිළිතුරු 2010 වර්ෂයේ මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවේ 75 පිටුවේ දැක්වෙයි.

ඒ අනුව මොරගහකන්ද ව්‍යාපෘතිය අවසන් වී එය විවෘත කරමින් රජරට ගොවීන්ට ජලය ලබා දීමට තිබුණේ 2016 වර්ෂයේදී ය. (පසුගිය දා සිදුවූයේ විවෘත කිරීම නොව නිදන් වස්තු තැන්පත් කිරීමයි).

 

[5]. බොරුව: 2012 අවසන් කරන්න තිබුණ වැඩේ දැන් 2018 ට කල් ගියේ අවුරුදු 5 කට වැඩි කාලයක් මේ ව්‍යාපෘතිය කරන්න මුදල් නොලැබිච්ච හින්දයි, මුදල් නොදුන්න හින්දයි.

ඇත්ත:  මුදල් ලැබුණේ නෑ කීම බොරුවක් බවට අප මීට පෙර පෙන්වා දුන්නෙමු. එසේම 2010 වර්ෂයේ මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවේ 75 පිටුවේ දැක්වෙන පරිදි මොරගහකන්ද ව්‍යාපෘතිය අවසන් වීමට තිබුණේ 2016 වර්ෂයේ දී ය. 2015 දී බලයට පැමිණි යහපාලන ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් පළි ගැනීම සඳහා එතුමා සිදුකරගෙන ගිය සියලුම සංවර්ධන ව්‍යාපෘතීන් නවතා දැමීය. මොරගහකන්ද ව්‍යාපෘතිය 2018 ට කල් යන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මොරගහකන්ද 2018 ට කල් යාමට යහපාලන ආණ්ඩුව වග කිව යුතු වෙයි.

 

[7]. ගල් පැලෙන බොරු” යන වැකිය ඔබ අසා තිබෙනවා ඇත. පැරැන්නන් එය පැවසූයේ කට කහනවාට නොවේ. මොරගහකන්ද වේල්ලේ නිදන් ගලේ නිදන් වස්තු තැන්පත් කිරීමේ උත්සවයේදී ඉහත පට්ට පල් බොරු සියල්ල මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ අතර, පසුව බැකෝවක් වැදී නිදන් ගල ඉරි තලා ගොස් ඇත. මූලාශ්‍රය: දිවයින පුවත්පත /2016/08/07

 

[7]. මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන මහතා 2016 දී එසේ පැවසුවත්, 2014 දී පැවසුවේ මෙලෙසයි.

ඔබතුමා ආරම්භ කරපු මහා යෝධ සංවර්ධනය තුළ තව වසර 100 කට අවශ්‍ය වරායන් 5 ක් ඔබතුමා ඉදිකරලා තියෙනවා. ඒ වගේම නොරොච්චෝලේ කොත්මලේ කෙරවලපිටිය වැනි විදුලි බලාගාර ඉදි කරල තියෙනවා. ඔබතුමා මහා ජාතික වාරි පද්ධතියක් ඇති කරලා තියෙනවා. මොරගහකන්ද කළු ගඟ වැනි මහා යෝජනා, ඒ වගේම උමා ඔය දැදුරු ඔය වැනි යෝජනා ඔබතුමා ක්‍රියාත්මක කරලා තියෙනවා….” – සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසයි

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන තාමත් හරියට නොදන්නා අයට ඉහත වීඩියෝව නැරඹීමෙන් සෞඛ්‍ය අමාත්‍ය සිරිසේනගේ හඬින්ම අසාගැනීමට හැකියාව ලැබේ.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

2 Responses to “ජනපති සිරිසේන මොරගහකන්ද ගැන කියපු පට්ට පල් බොරු මාට්ටු වෙයි. මෙන්න සාක්ෂි!”

  1. NAK Says:

    Born with falsehoods and now living off falsehoods and soon the falsehoods will be expired.

  2. Ratanapala Says:

    Aappayage moona dakkama mage bada dangalanne ayi?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress