විමල් වීරවංශගෙන් අගමැතිට අභියෝගයක් (වීඩියෝ සහිතයි)
Posted on October 14th, 2016

 නාලක සංජීව දහනායක, ඡායාරූප හා වීඩියෝ – ලහිරු හර්ෂණ උපුටා ගැන්ම ලංකාදීප

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන දේශපාලන න්‍යාය පත්‍රයන් අනුව ක්‍රියාත්මක වන බවට ජනපති කළ ප්‍රකාශයට වහා පිළිතුරු දෙන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (13) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කළේය.

‘රට පාලනය කරන්නේ අගමැතිරයා බව ජනපති තමනගේ කතාවෙන් අවංකවම ඔප්පු කරලා තිබෙනවා. රටේ ජනපතිට බොරු කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරගෙන ඉන්නේ වෙන කාගේ හෝ නියෝග මතයි. ජනපති වහෙන් ඔරෝ බසින් මේ කියන්නේ අගමැති ගැනයි. මේවාට පිළිතුරු දෙන ලෙස අගමැතිට අභියෝග කරනවා‘ යැයි ද වීරවංශ මහතා කියා සිටියේ පිටකෝට්ටේ ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

webIMG_3507

 

 

One Response to “විමල් වීරවංශගෙන් අගමැතිට අභියෝගයක් (වීඩියෝ සහිතයි)”

  1. Sarath W Says:

    It seems My3’s plan is working and he has fooled Wimal too. Just think, more than one and half years of FCID haressing the opposition members why My3 suddenly thought it was wrong to do so. Did he suddenly woke up from a long deep slumber? This is again the two tong Siri se naya trying to fool the voters again. To me it is OBVIOUS he is trying to take the attention away from his son Dham the thug’s miss deeds at the night club.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress