රනිල් ඉවත් කිරීමට ව්‍යවස්ථා මගඩිය යොදා ගනිමු
Posted on March 22nd, 2017

නලින් ද සිල්වා

අද රටේ ප්‍රශ්න බොහොමයකට විසඳුම රනිල් වික්‍රමසිංහ අගමැති කමෙන් ඉවත් කිරීමයි. මොන ක්‍රමයකින් හරි සිංහල විරෝධී දෙමළ ජාතිවාදී නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ඔහු බැඳී සිටිනවා. ජනමත විචාරණයක් පවත්වා නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ඔහු පමණක් නොව සුමන්තිරන් හා සම්බන්ධන් ද ක්‍රියා කරනවා. ජනමත විචාරණය තවත් ලාම්පු කළගෙඩි සෙල්ලමක් කර ගන්න ආණ්ඩුවට බලාපොරොත්තුවක් ඇති. ඒ සඳහා ඔවුන් දැනටමත් සූදානම් වෙනවා. අද අපට තිබෙන ප්‍රධාන කාර්ය්‍ය මේ ජනමත විචාරණය පැරදවීමට සූදානම් වීම මිස මීළඟ පළාත් පාලන මැතිවරණය මහා මැතිවරණය හා ජනාධිපතිවරණය ගැන ඇඟිලි ගණන් කිරීම නො වෙයි. 

මා මෙයින් අදහස් කරන්නේ ඒ මැතිවරණ හා ජනාධිපතිවරණය නොවැදගත් බව නො වෙයි. බොහෝ විට ජනමත විචාරණය ඒ කිසිම මැතිවරණයකට කලින් පැවැත්වෙන්න පුළුවන්. මෛත්‍රිපාල සෝභිත හිමියන්ගේ දේහය අසළ දී කුමක් කිවුවත් කුමක් පොරොන්දු වුවත් ඉන් අපට වැඩක් නැහැ. මේ රටේ මිනිසුන් මෛත්‍රිපාලට ඡන්දය දුන්නේ ඔහු ජනාධිපතිවරණයට කලින් දුන් පොරොන්දු මත පදනම් වෙමින් මිස සෝභිත හිමියන්ගේ දේහය අසළ කී දේ අනුව නො වෙයි. මෛත්‍රිපාලට ඡන්දය දුන් සියලු දෙනා ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රකාශය කියෙවුවා කියා මා කියන්නේ නැහැ. එහෙත් මෛත්‍රිපාලටත් ඔහුට ඡන්දය දුන් නොදුන් සියල්ලන්ටත් පදනම් වීමට ඇත්තේ ඔහු ජනාධිපතිවරණයට පෙර කී ප්‍රකාශ පමණයි. රනිල් කියා ඇති දේ මෙහි දී වලඅඝු වන්නේ නැහැ. රාජිත කියා ඇති දේ කොහොමටවත් වලංගු වන්නේ නැහැ.

අද මෛත්‍රිපාල කළ යුත්තේ තමා ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළ පරිදි  ජනමත විචාරණයකට තුඩු නොදෙන පරිදි නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීම හෝ පමණයි. එපමණකින් ඒකාබද්ධ විපක්‍ෂය එයට සහාය දිය යුීු නැහැ. අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල දී ඔහුට තම ස්ථාවරය අනුව ක්‍රියා කිරීමට හැකි විය යුතුයි. ඔහු එසේ කළහොත් තවත් තර්ජනයක් මතු වීමට ඉඩ තිබෙනවා. රනිල් නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් නොකර ව්‍යවස්ථා මණ්ඩලයේ දී ම සම්මත කර ගැනීමට ක්‍රියා කරාවි. ඔහු එහි දී බණ්ඩාරනායක මැතිණිය 1972 ව්‍යවස්ථාව සම්මත කර ගත්තේ ඒ අයුරෙන් යැයි පවසා තමන් බණ්ඩාරනායක මහත්මිය අනුගමනය කරන බව කීමට ඉඩ තිබෙනවා.

අප ලිපි කිහිපයකින් ම පෙන්වා දී ඇත්තේ 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව එංගලන්ත පාර්ලිමේන්තුවේ සම්මත වූ නිදහස් පනතින් කැඩීමට ගත් එකක් බවත් 1978 ව්‍යවස්ථාව 1972 ව්‍යවස්ථාව මත පදනම් වී සම්මත කර ගත් එකක් බවත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ නම් එය 1978 ව්‍යවස්ථාව මත පදනම් ව කළ යුතු බවත්. ඒකාබද්ධ විපක්‍ෂය මේ නව ව්‍යවස්ථා සම්පාදනයට කිසිසේත්් ම හවුල් නොවිය යුතුව තිබුණා. එකී මණ්ඩලයේ ඊනියා මෙහෙයුම් කමිටුවේ අනුකමිටුවලින් ඒකාබද්ධ විපක්‍ෂය ඉවත් වීම අපේ ප්‍රසාදයට ලක් වුවත් ඔවුන් තවමත් ඊනියා මෙහෙයුම් කමිටුවේ රැඳී සිටිනවා. ඒකාබද්ධ විපක්‍ෂය මේ සමස්ත ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් ඉවත් විය යුතුයි. එසේ නොකළහෙත් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂ වීමෙන් කරන ලද දිට්ඨ ධම්ම වේදනීය පාපයටත් වඩා භයානක පාපයක් කරනවා.

අප ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ කෙසේ දැයි දැන් තියා කල්පනා කිරීම තේරුමක් නැති වැඩක්. ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිකම කෙසේ තිබේ ද කියාවත් අප දන්නේ නැහැ. අද බොහෝ දෙනා සිතන්නේ මහින්දට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැරි නිසා අප වෙනත් අයකු සූදානම් කළ යුතු ය කියායි. මෙය ගඟ හත්ගවුවක් තියා අමුඩ ගැසීමක් නොව ගඟක් තිබෙනවා ද කියාවත් නොදැන අමුඩ ගැසීමක්. මේ අප භේද කිරීමට අටවන උගුල් පමණයි. අප ඒ උගුල්වලට හසු වී භේද භින්න විය යුතු නැහැ.

මේ රටේ අද ආණ්ඩු විරෝධී ඡන්ද තිබෙන්නේ මහින්දට. මහින්දගේ ආශිර්වාදය නැතිව අද පළාත් සභා මැතිවරණයකටවත්  විපක්‍ෂයෙන් ඉදිරිපත් වෙන්න බැහැ. මා සඳහන් කරනෙැන් ජ වි පෙ, දෙමළ ජාතික සංධානය වැනි ආණ්ඩුව් විපක්‍ෂ ගැන නො වෙයි. ඒකාබද්ධ විපක්‍ෂයේ අය මේ ගැන සිතා බැලිය යුතුයි. අද ඇති ප්‍රධාන කාර්යය රාජ්‍ය විරෝධී ව්‍යවස්ථා සංශෝධන පරාජය කිරීමයි. වචන හරඹවලින් ජනතා පරමාධිපත්‍යය අහෝසි කිරීමට ආණ්ඩුව ක්‍රියා කරාවි. එයට කසිකබල් මාක්ස්වාදීන්ගේ මෙන් ම දෙමළ ජාතිවාදීන්ගේ ද සහාය ලැබේවි.

රණවිරුවන් ආරක්‍ෂා කර ගැනීමේ දී මෙන් ම පොදුවේ රට ආරක්‍ෂා කර ගැනීමේ දී ද අනිවාර්ය අවශ්‍යතාව වනුයේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමයි. මෛත්‍රිපාලට එය කරන්න නීතියෙන්, ව්‍යවස්ථාවෙන් ඉඩකඩ තිබෙනවා. එහෙත් ඔහුට ඒ සඳහා දේශපාලන ශක්තිය තිබෙනවා ද යන්න ප්‍රශ්නයක්. රනිල් ඉවත් කිරීමට අද ඇති වඩා විශ්වාසනීය හා ඉඩක් ඇති ක්‍රියා මාර්ගය නව ව්‍යවස්ථාව හෝ රාජ්‍ය විරෝධී සිංහල විරෝධී ව්‍යවස්ථා සංශෝධන හෝ සම්මත කර ගැනීමට ඔහුට ඉඩ නො දීමයි. ව්‍යවස්ථාව රනිල් ඉවත් කිරීමේ ආයුධයක් බවට පත් කර ගනිමු. ඉන් පසු මහින්ද අගමැති කර ඔහුට තුනෙන් දෙකේ බලයක් දී අපට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයකට මග පාදා ගනිමු. ව්‍යවස්ථාව සංශෝධනය විය යුත්තේ රනිල්ට හා බටහිරයන්ට අවශ්‍ය අන්දමට නොව අපට අවශ්‍ය අන්දමටයි.

14 Responses to “රනිල් ඉවත් කිරීමට ව්‍යවස්ථා මගඩිය යොදා ගනිමු”

  1. Lionel Says:

    It is hard to understand why some people are writing only against either Ranil or Mangala nowadays. How about Sirisena? He is the man who made all this mess. Ranil is in power because of Sirisena. So, Sri Lankans should go against not only Ranil, but both Ranil and Sirisena. It is a shame to see Dayan Jayathilake was talking about a possible Mahinda-Gota-Sirisena administration in one of his recent articles. It is the high time for Mahinda to leave the SLFP and Gota to come forward.

  2. dhane Says:

    If Gotabaya come into the seen this stupid Sira Ranil Government will frame some bogus charges against Gota and put him also in prison. Therefore its better Gota keep away from direct politics. We all have confidence Gota will come forward and lead Sri Lanka at right moment.
    What ever although Sira & Ranil show good face to each other in public, but inside they are planning how to eliminate each. We will wait until one strike & plot first to go out. Its not very far away.

  3. Lorenzo Says:

    Lionel,

    GR has to join Sirisena. Or Sirisena has to GO. Otherwise RUN-NIL wins because MINO-RAT-Y votes are NOT divided.

    SLFP should NOT be divided. Emotions has no place in DECISIONS.

    I know your frustration but this is the SAD TRUTH.

  4. Lorenzo Says:

    Dhane,

    Whether GR comes into politics or not RUN-NIL is going to FRAME him because GREEDY RUN-NIL is NOT prepared to take ANY chances.

    Sirisena played the APPAM GAME knows very well that others will play it too. So he too is READY.

    So there is no point playing HIDE & SEEK anymore. But GR has to come to some deal with Sira. DIVIDING the SLFP means UriNePee winning.

  5. Ananda-USA Says:

    Lionel,

    Your premise that GR coming forward requires MR to step back is PATENTLY FALSE!

    It need not be one coming forward at the EXPENSE of the other.

    Instead, they will work TOGETHER, with GR as President and MR as Prime Minister, to restore a PATRIOTIC GOVERNMENT to our Motherland.

    They have done that before, seamlessly, to crush the LTTE, and they will do so now as well. NO ONE, I repeat NO ONE, will be able to DRIVE WEDGES BETWEEN THEM and undermine the Patriotic Forces from achieving victory.

    Other TRUE patriots, such as Wimal Weerawansa, DEW Gunasekara, and Sarath Weerasekara will flock to their standard!

  6. Ananda-USA Says:

    Indeed, the SOLUTION to many of the problems of misgovernance of our country us to DISMISS Ranil Wickramasinghe from the post as Prime Minister!

    The EARLIER it happens, the BETTER!

  7. Lionel Says:

    Ananda,

    Sorry, I meant it is high time for Mahinda to leave SLFP, not to step down.

    Until Sri Lankan voters get out of this stupid SLFP or UNP mentality, there is no future for the country. When the majority of the SLFP MPs joined the Sirisena-Ranil-CBK government it was a great oppertunity to build up a “thunweni Balawegaya”. Now the time is running out.

  8. Dilrook Says:

    I agree with Lionel. It is high time Mahinda left the SLFP and formed the third force. May be it is already too late.

    The problem of not establishing the third force early is that the anti-government camp will fragment. If it fragments, there is no chance of dislodging Sirisena and Ranil. There is no legal grounds of removing MPs just because they support another political group. Even if it happens, there is nothing to lose. JO doesn’t have the numbers to block a two-thirds requirement anyway.

    A Gotabhaya president and Mahinda prime minister combination would not work as it arouses extreme nepotism. Only extreme Rajapaksa supporters would tolerate such an arrangement and they are a small minority. This is the very reason why Mahinda didn’t appoint Basil as the Prime Minister. Chandrika appointed her mother Sirima as the prime minister but she was only ceremonial due to very poor health. Still it was a wrong decision that costed her party dearly.

    Sirisena cannot be “wished away”. He is not going anywhere. He will contest the next presidential election.

  9. Ananda-USA Says:

    Dilrook,

    The AMAZING but PREDICTABLE thing about Sirisena is that he came to power claiming he will step down after 100 days!

    There are STILL fools who believed that, and even some others who think he won’t run in 2020!

    Beyond a shadow of doubt Sirisena will try to hang on for a second term, and even more terms if he can get the Constitution amended to permit it!

    So much for Yahapalanaya by Yamapallas!

  10. dhane Says:

    According present day political situation this Yahapalanaya will continue until next General Election 20/20. Although this government had not done anything for people and will not do anything in future. Yahapalanaya will keep selling SL asserts & carry-on their hidden agenda with the help of India & US. To avoid any Forces taking over had been nicely done appointing their supporters. All these are well planned by the Master Planer Esmond Wick son Ranil. But generally opposition had become weak & weaker. Voters had some hope earlier on JVP but it is no more. JVP can keep talking for another 50 years. Only hope is a new 3rd force headed by Gota and other patriotic new comers into the seen. Should avoid most of the former seniors & young both in SLFP / UNP.

  11. Lionel Says:

    Agree with Dilrook. Feelings and the memories of the public fades away with the time. I think Prsanna Ranatunga and few others wanted to use that oppertunity after the last general election and find out an alternative, but looks like someone has asked them to shut up! I don’t know who picked GL to form a new party, it was a joke!

  12. Lorenzo Says:

    NO NEW PARTIES!

    FIX the SLFP and run for the 2020 election. That is all we can do.

    IF MR can form a new party he would have done it by now. WHY NOT? Because he knows more than ARMCHAIR POLITICAL PUNDITS.

    A new party only DIVIDES Singhala voters.

    I fear BR contesting the presidential election instead of GR. “nangi pennala akka marry karala thenawa”.

  13. Lorenzo Says:

    Don’t take Dayan J too seriously.

    Dayan J started his politics from the EPRLF – ELAM PEOPLE’S REVOLUTIONARY LIBERATION FRONT.

    So he is for ELAM.

    But whatever MR touches turns PATRIOTIC. When MR touched KP he became patriotic. So EPRLF Dayan J also became patriotic when MR touched him.

  14. Ancient Sinhalaya Says:

    We all talk a lot about getting rid of traitor chief die hard catholic token Buddhist Bay Gal karaya Batalande
    Wadakaya pol pot r@nil wickramaSinhalakiller. But no action so far. At least the relatives of victims of BHEESHANA SAMAYA aka SINHALESE CULL under the catholic run UNPatriotic should organise a protest in front the Wadakaya’s house to show he hasn’t been pardoned. Traitor chief gets away with murder every time since all talk about punishing the Pathala Man but never do any thing. Not even a protest. That’s how powerful the Wadakaya with his catholic run media and christian west backing him. Then you have a lot Sinhala deshapaluwan licking his back side for favours. So the Wadakaya carries on regardless.

    Look at some of Wadakaya’s grave treacheries.
    Giving half the country to his catholic buddy hitler mala paharan on a plate in 2005 to start a catholic country in Sri
    Lanka.

    Getting rid of Buddhism and Buddhist temples in the north and the east by dragging the war for 30+ years and
    pretending to fight when in fact they were encouraging to kill Sinhalese incl. Buddhist monks.

    Then sending millennium city intelligent officers to the catholic tigers bullet to expedite the cause

    Instrumental in killing 60,000 Sinhalese youth on the pretext of putting down a rebellion with his catholic buddy
    policemen and catholic buddy deshapaluwan (not my theory, read Batalande Commission report)

    Getting rid of 100,000+ Sinhalese by dragging the war for 30+ years saying catholic tigers were too strong when
    in fact they were slapping the terrorists’ hands

    Soon after becoming the PM (pathala man) through back door day light robbery of Rs 5585 at the CB with his
    catholic buddy maha horandran

    Abolishing state pension soon after he became the pathala man (PM) through the back door (beg on the street
    after retiring)

    Stopping teaching history at schools when r@nil was the education minister to encourage tamils and mussies
    to destroy Sri Lanka

    List goes on and on.
    Question is who is going to bell the Wadakaya?
    In the meantime Wadakaya keep destroying Sri Lanka, Sinhalese race and Buddhism. We have to blame the
    traitor Sinhala modayas who support the biggest traitor ever in the history of Sri Lanka die hard catholic token
    Buddhist Bay Gal Karaya Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress