ගල් අගුරු කප්පම් දේපල ඕස්ට්‍රේලියාවේ දේශපාලනඥයින්-නිලධාරීන් නැවත ගල් අගුරු මාෆියාවට පණ දෙන්න හදනවා 
Posted on May 13th, 2018

පුවත්පත් නිවේදනය  මාධ්‍ය ඒකකය ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

ලංකාවේ දුෂිතම ව්‍යාපාරික මාෆියාව බවට පත්ව ඇති ‘විදුලිබල හා බලශක්ති කේෂ්ත්‍ර‍ය ‘2020 ජනාධිපතිවරණ ප්‍ර‍චාරක ව්‍යාපාරයට සිතු පැතු සම්පත් දෙන ධන ආකාරයක් කර ගැනීමට මේ රටේ ප්‍ර‍ධාන දේශපාලන පක්ෂ දෙක උත්සහ කරන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

අද, (මැයි 13) රාජගිරියේ දී පැවැති ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය සංවිධානය කළ පුවත්පත් සාකච්ඡාවේ දී තෙන්නකෝන් මහතා පැවසූයේ, විදුලි මාෆියාව සමග ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අත්වැල් බැදගෙන ඇත්තේ ලංකා රජයේ අභිලාශයන් සදහා නොව ‘දේශපාලනඥයින්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ සාක්කු පිරවීමට බවයි.

පසුගිය සතියේ ආමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ පිරිසක් යොමු කළ සාමුහික කැබිනට් පත්‍රිකාවක් යොමු කරමින් ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 1/3ක් ගල්අගුරු මගින් සපයා ගැනීමට යෝජනා කර ඇත.  ලෝකයේ ඇති දුෂිතම විදුලි උත්පාදන ප්‍ර‍භවයෙන් ඉවත්වීමට තව දුරටත් ගල් අගුරු බලාගාර ඉදි නොකරන්නට ලෝකයේ සැම රටක්ම කටයුතු කරන විට ලංකාව නැවත ගල් අගුරු බදා ගන්නට හදනවා.  චීනය, ඉන්දියාව, සමස්ථ යුරෝපය, ඇමරිකාව ගල් අගුරු බලාගාර වසා දමමින් සිටිනවා.  ලංකාව චීනයේ ගලවන පරණ යකඩ ගොඩකට නැවත වරක් කර ගසන්නට සුදානම් වෙනවා.

සාම්පූර් ගල්අගුරු බලගාරය නැවැත්වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නරේන්ද්‍ර මෝදි, ඉන්දියානු ජනපතිවරයාට 2015 පැවසුවේ ප්‍ර‍තිපත්තියක් ලෙස ලංකාව ගල්අගුරු බලාගාර ඉදිකිරීම නවතා දැමූ බවයි.  2006 වසරේ දී ආරම්භවුණ, 2011 සැප්තැම්බර් 11 අක්කර 505 ක් පවරා දී ඇරඹුණු මාගාවෝට් 500 ක සම්පූර් බලගාරය නවතා දමන්නේ ප්‍රදේශවාසීන්, පරිසරවේදීන්ගේ විරෝධතාව නිසයි.  ලංකාව දිගටම පුද්ගලික අංශයෙන් වැඩි මිලට ඩීසල් විදුලිය හදිසි අවශ්‍යතා මත යැයි කියමින් මිලදී ගත්තා. පුණර්ජනනීය බලශක්තිය ගැන පෝස්ටර් ගැහුවාට, ඇඩ් දැම්මාට ඒ සදහා රජය පහසුකම් සපයන්නේ නෑ.

දැන් ජනාධිපතිවරයා කියන්නේ තමන් ගල් අගුරු තහසම් නොකළ බව ද?

නව කැබිනට් පත්‍රිකාවට ජනාධිපතිවරයාගේ අනුග්‍ර‍හය ලැබෙනවා.  ගල් අගුරු අගුරු ලාබම විදුලි ජනන ක්‍ර‍මය යැයි පහුගිය අවුරුදු 8 ක් මේ අය කිව්වා.  දැන්, ලංකාව දන්නවා ලාබම විදුලිය ලැබෙන්නේ    LNG            කියලා.  මෙච්චර කල් ගල්අගුරු ගැන කථා කළ උදවිය දැන් අගු අගුරු 30% යි,  LNG  30% කියනවා. ඇත්තටම, විදුලිබල අමාත්‍යාංශයේ ප්‍ර‍තිපත්තිය, ‘තමන්ගේ සාක්කුව පෙරට‘ බව පසුගිය වසර 30 පුරාම ඔප්පු කරලා තියෙනවා. මේ අය කාලයකට ගල් අගුරු, තවත් කාලයකට LNG, නමට විතරක් පුර්ණජනණීය බලශක්තිය.  2016 ගල් අගුරු හොරකම කරන්න, නැවකින් කෝටි 12 ක් හොරකං කරන්න, අර ශේෂ්ඨාධිකරණය කිව්ව ‘හර්ද සාක්ෂිය කම්පා කරපු‘ කාරණයේ දී ගල් අගුරු තමයි ලාබ වුණේ. හදිසි විදුලිය ගන්න 2017 මැද හරියේ, පුණර්ජනනීය බලශක්ති සංග්‍රාමයක් ගැන කථා කළා. දැන් ආය 30% ක් ගල් අගුරු කියනවා.

පුණර්ජනනීය බලශක්තිය ගැන කථාව විතරයි වැඩ නෑ. රටේ ස්ථාන 17ක බලාගාර හදන්න ටෙන්ඩර් කැදෙව්වා.  ඒවාගෙන් කීයක් හදන්න පටන් අරගෙන තියෙනවාද කියලා ඇමති සියඹලාපිටියගෙන්, අජිත් පී.පෙරේරාගෙන් අහන්න.  මින්නේරිය වැවේ පාවෙන සුර්ය විදුලි නිශ්පාදනයක් ගැන යෝජනාවක් ආවා.  අමාත්‍යාංශයේ දැන්වීමේ තියෙනවා ඒකකයක් රු. 18 ගානේ ගන්නවා කියලා. ආයෝජකයාට කිව්වා රු. 16 ගානේ දෙන්න කියලා.  ආයෝජකයා ගියා.  දැන් විදුලිබල මණ්ඩලය ලෝක නැතිව රු. 24 ගානේ ඩීසල් විදුලිය ගන්නවා. ඒයා  ‘සිරිකොත බිල් ගෙවනවා.  ඇමතිවරුන්ගේ තේ කම්හල් හදලා දෙනවා. එජාපයට පත්තර අච්චු ගහනවා.  2020 එජාප මැතිවරණයේ කැම්පේන් ෆයිනෑන්ස් කරනවා. ඩීසල් මාෆියා ඇමතිවරු ප්‍ර‍සිද්ධයි. ගල් අගුරු මාෆියා ඇමතිවරු මේ දවස්වල හයියෙන් කථා කරනවා.  උම්බෑ කියනවා. ගල් අගුරු මාෆියාවේ ඉන්නේ ඩාලි පාරේ ඇමතිවරු.  නොරච්චෝල් හදන්කොට එංගලන්තේ, ඕස්ට්‍රේලියාවේ ගෙවල් මතුවුණා. රොකට් ගියා. පත්තර ගැහුවා. කොළඹ ගොඩනැගිලි අහස උසට ගියා.   මැනික් හා ස්වර්ණාභරණ අධිකාරිය, භු විද්‍යා පතල් කාර්යාංශය, ආයෝජන මණ්ඩලය, දැව සංස්ථාව, ගැන දවසෙන් තීරණ ගන්න ජනාධිපතිතුමා එතුමාගේ පක්ෂයේ කැබිනට් ඇමතිවරයෙකුගේ අමාත්‍යාංශ්‍ය යටතේ සිදුවන ගල්අගුරු නැවකින් කෝටි 12 ක හොරකං කිරීම ගැන වචනයක් කියන්නේ නෑ.

නොරච්චෝලේ ගල් අගුරු බලගාරය හා පරිසර හානිය

නිරිත දිග මෝසම් සමයට තවත් ඇත්තේ සතියකට අඩු කාලයකි. නොරච්චෝල බලාගාරයට 2017 ජුනි 30 සිට අද දක්වාම පරිසර බලපත්‍ර‍යක් නෑ. රටේ පරිසර ඇමති ජනාධිපතිතුමා.  මධ්‍යම පරිසර අධිකාරිය කියනවා, තමන්ට වයඹ  පරිසරය ගැන තියෙන්නේ පුංචි බලයක් විතරයි කියලා. මිනිහෙකුට තමන්ගේ ගෙදර හදාගන්න ගඩොල් ටික කපාගන්න ඉඩ නොදෙන පරිසර බලධාරීන්  නොරච්චෝලේ ගැන වචනයක් කථා කරන්නේ නැතිව දැන් මාස 10 යි. 

පසුගිය සතියේ හිරු සළකුණ වැඩසටහනේ දී අජිත් පී. පෙරේරා ඇමතිතුමා බලශක්ති අර්බුදය ගැන අඩුවා. කෙදිරිගෑවා. හැබැයි ඒ දුක නොරච්චෝලේ මිනිස්සු ගැන නෑ. සාම්පූර් මිනිස්සු ගැන නෑ. විදුලිබල මණ්ඩලය  ‘දැනට තිබෙන බලාගාරයේ පරිසරය සුරැකීමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නෑ.  ඇමතිතුමා දුෂණ වංචා ගැන කාලයක් හයියෙන් කථා කළා.  එයාගේ අමාත්‍යාංශය තමයි ලංකාවේ දුෂිතම අමාත්‍යාංශය. එදා හොරු ගැන වත්, මෙදා හොරු ගැන වත් එයා කථා නෑ.  ඇමතිතුමා, අන්න හිටපු ලේකම් ගේ දේපල ඕස්ට්‍රේලියාවෙන් මතුවෙනවා.  අර විශේෂ අධිකරණයේ හරි මේ අවනඩුව අහන්න.  ඊට ඉස්සර නොරොච්චෝලේ මිනිස්සු වෙනුවෙන් පරිසර ආරක්ෂණ නියෝග පිළිපදින්න විදුලිබල මණ්ඩලයට උපදෙස් දෙන්න.    පාරිසරක වාර්තා අනුව, රසදිය, නිකල් හා සින්ක් වැනි රසායන හේතුවෙන් දරුවන් හා සේවකයින්ට සෞඛ්‍ය ප්‍ර‍ශ්න විශාලය.  පසුගිය මාස 2 ට සේවකයින් 7 දෙනෙකු ලේ වමනය නිසා රෝහල් ගත කළා. 2018 අප්‍රේල් මස බලගාරය අසල මුහුදේ කි.මි. 4 ක් දුරට කහ පැහැති රසායන ද්‍ර‍ව්‍ය තට්ටුවක් තිබුණා.

විදුලි මාෆියාව දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් හා එක්ව උත්සහ දරන්නේ ‘දැවැන්ත තනි විදුලි ජනන ප්‍ර‍භවයක් හරහා සිය අධිපත්‍ය විදුලි ජනන කේෂ්ත්‍ර‍ය පුරා පැතිරවීමටය.  වසර 6 ක් නව විදුලි බලගාර ගැන ප්‍ර‍තිපත්තියක් සදහා ගැනීමට විදුලි මාෆියාව ඉඩ දෙන්නේ නැත.

කෙරවලපිටිය මෙ.වෝ. 300 ක LNG බලාගාරයක් හදන්න ටෙන්ඩර් කැදෙව්වා.  ටෙන්ඩර් ආපු සමාගම් 7 න් 5 කට සුදුසුකම් නෑ කියලා තාක්ෂණික කමිටුව කිව්වා.  අගමැතිතුමා කැබිනට් පත්‍රිකාවක් දාලා මේ ටෙන්ඩර් විවෘත කළා. මේ බලාගාරය හදන්නේ නෑ.  එජාපයට අවශ්‍යයි තමන්ගේ කැම්පේන් ෆයිනෑන්ස් කරන අයට මේ බලගාරය දෙන්න.  නැත්තම් හදන්නේ නැතිව ඉන්න. මොකද, හදිසි විදුලිය කියලා රු. 24 ගානේ ඩීසල් විදුලිය ගන්නේ මේ අයගෙන්ම නිසා. කෙරවලපිටිය ටෙන්ඩරයේ දී මැර බලය යෙදෙව්වා. දැන් අභියාචනා මණ්ඩලය රැස්කරන්නේ නෑ.  දුෂණ විරෝධී රණ හඩක් වෙච්ච ඇමතිවරුගේ අමාත්‍යාංශවල වැඩ කෙරෙන්නේ මෙහෙමයි. කෙරවලපිටිය ටෙන්ඩරයේ ‘අභියාචනා කමිටුවේ සාමාජිකයෝ කවුරුන්ද?  ඔවුන් අතර ‘සබැදියාවන් අතර ගැටුම් නැති ද?‘ කියලා ඉදිරියේ දී බලාගන්න පුළුවන්.  කන්තලේ සීනි ගනුදෙනුව වගේම අභියාචනය අහන්න, කප්පම්කරුවා පත් කරන්න විදුලි අමාත්‍යාංශය කටයුතු කළොත් අපි පුදුම වෙන්නේ නෑ.

දැන් හම්බන්තොට LNG බලාගාරයක් සදහා කිසිදු ටෙන්ඩර් කැදවීමකින් තොරව අවසරය දී ඇත.  වසනාවන්ත ආයෝජකයා නොරච්චෝලේ හදපු     CMEC  ආයතනයයි.  මේ සමාගම ලංකාවේ දේශපාලනඥයින්ට, නිලධාරීන්ට අල්ලස් දුන්න බව ලෝකයම දන්නවා.  සමාගමේ ලංකාව බාර උප සභාපති MR LI CHOYANG පගාව ගැන දුෂණ චෝදනා නිසා 2014 හිරේ ගියා.  මේ වෙලාවේ චීන EXIM BANK  මේ සමාගමට ණයදීම පවා නැවත්වුණා.  දැන් ඒ සමාගමට ටෙන්ඩර් නැතිව, හම්බන්තොට විදුලි ජනනයට අවස්ථාව දීලා තියෙනවා.  ආයෝජන මණ්ඩලය ගෙනාපු ආයෝජකයෝ 7 දෙනා ගෙදර ගිහින් තියෙනවා.

උපුල් ජයසූරිය, මෛත්‍රී ගුණරත්න ගේ පාරේ යවන්න හදන මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් දමිත කුමාරසිංහ ද? 

උපුල් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපතිවරයා ලෙස කටයුතු කරද්දී එල්එන්ජී කේෂ්ත්‍රයේ ආයෝජකයින් 5 ක් ලංකාවේ ආයෝජනය කිරීමට ඉදිරිපත් විය.  ඒ සියල්ල විදුලි මාෆියාව විසින් ප්‍ර‍තිකේෂ්ප කරන ලදී.  උපුල් ජයසූරියට රස්සාව නැතිවුණේ විදුලි මාෆියාවයි, කන්තලේ සීනි කප්පම් කල්ලිය නිසයි.

ගල් අගුරු සමාගමේ මෛත්‍රී ගුණරත්නට රස්සාව නැති කරලා, නැවකින් කෝටි 12 ගානේ හම්බකළා. ගල් අගුරු විගණන වාර්තාවට මොකද වුනේ?  අර ‘හෘර්ද සාක්ෂිය කම්පනය කළ නඩු තීන්දුවට මොකද වුනේ?  යැයි ද කීර්ති තෙන්නකෝන් මහතා ප්‍ර‍ශ්න කළේය.

දැන් ඔවුන්ගේ ඉල්ක්කය විදුලි මාෆියාවට විරුද්ධ  ‘මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ‘ අධ්‍යක්ෂ ජෙනරාල් දමිත කුමාරසිංහ බව ඉතා පැහැදිලියි. 

 අජිත් පී.පෙරේරා අමාත්‍යවරයා පවසන්නේ හිරු සලකුණේ පැවසුවේ ‘මහජන උපයෝගිතා කොමිෂන් සභාව ‘විචක්ෂණභාවය, විනිවිදභාවය සහ පරිනතභාවයක් නොමැතිව කටයුතු කරන බව‘ යි.  ‘තමන්ට නීතියෙන් පැවරී ඇති බලයෙන් පිට කටයුතු කරන බව‘ යි. විදුලිබල මාෆියාවේ ලේඛනවලට කන අත්සන ගහන්නේ නැති කම තමයි අද විදුලිබල අමාත්‍යාංශයට තියෙන ලොකුම ප්‍ර‍ශ්නය. දමිත් කුමාරසිංහ ඉවත් කරන්නට කියන්නේ විදුලිබලයේ වෘත්තීය සමිති මාෆියාව යි.  ඒ සදහා කස කරුවන් වී ඇත්තේ සියඹලාපිටියට, අජිත් පෙරේරා ට බටගොඩ ට නැතිනම් පසුගිය සිකුරාදා (මැයි 11) දක්වා විෂය භාර සාගල රත්නායක අමාත්‍යවරුන්ට මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අත ගැසිය නොහැකිය.  නමුත්, ඔවුන් එකාවන්ව මේ සදහා එයට පෙළ ගැසී සිටියේ ‘විදුලි මාෆියාවේ අවශ්‍යතාව නිසාය. දැන් නැවත මහජන උපයෝගීතා කොමිෂන් සභාව‘ අගමැතිවරයා යටතට පත්වී තිබේ.  

විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයේ මහජන උපයෝගිතාව ලැබෙන්නේ සාගල රත්නායක අමාත්‍යවරයාට.  හැබැයි එයා දක්ෂිණ සංවර්ධන ඇමති විතරයි.  මහජන උපයෝගිතාව හා දක්ෂිණ සංවර්ධනය අතර තියෙන සම්බ්න්ධයේ විද්‍යාත්මක බව ‘ඩීසල් මාෆියාව ද?‘ ගල් අගුරු මාෆියාව ද කියා දන්නේ ජනාධිපතිතුමා ම විතරයි. 

බැදුම්කර වංචාව විසින් රටට අහිමි කළ මුදල රු. බිලියන 33 ක් පමණ වේ.  විදුලිබල මාෆියාවේ වාර්ෂික බිල රු. බිලියන 600 කි.  මේ ධන ඉල්ලම තමන්ගේ සාක්කුවට දා ගත් උදවියට විශේෂ අධිකරණයේ නඩු පවරන්නේ කවද්දැයි අජිත් පී.පෙරේරා පැවසිය යුතුයි.  නැතිනම්, තව මාස 18 කින් අද නඩුව, ඔය විශේෂ අධිකරණයේ වෙනත් කට්ටියක් අහන්න පුළුවන් බව නම් සියඹලාපිටිය – අජිත් පෙරේරා – බටගොඩ ලා දැනගත යුතුයි.

රට බංකොළොත් කරමින්, දේශපාලනඥයින්ටද, නිලධාරීන්ට ද, රට රටවල ධන නිධාන මතු කරන්නට විදුලි මාෆියාව ඉල්ලමක් වී ඇත. 2020 ජනාධීපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් සිය වියදම හොයා ගන්නට ඔට්ටු දමා ඇත්තේ, ‘ඩීසල් මාෆියාව‘ හා ‘ගල් අගුරු මාෆියාව‘ හරහා ය.  මේ මාෆියා දෙක එකතු කරන්නට එජාපය – ශ්‍රීලනිප එකතුවෙලා තියෙනවා.  මෙතැන තියෙන්නේ මහජන උපයෝගිතාව නොවෙයි, 2020 ජනාධිපතිවරණ උපයෝගිතාව යැයි ද, කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress