‘නාගානන්ද කොඩිතුවක්කු හා සුගන්ධිකා ප්‍රනාන්දු ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ මගින් එන කුමන්ත්‍රණයේ අරමුණ ගෝඨාභය රටේ නායකයා වීම වැළැක්වීමයි
Posted on May 14th, 2018

හර්ෂනී අර්සකුලරත්න උපුටාගැණීම  මව්බිම

ගෝඨාභය රාජපක්‍ෂ මහතා 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා බොහෝ දෙනකු උත්සාහ දරන බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා පැවැසීය.
ඔහු මේ බව කියා සිටියේ ඉකුත් 10දා සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

‘නාගානන්ද කොඩිතුවක්කු නීතිඥවරයා හා සුගන්ධිකා ප්‍රනාන්දු නීතිඥවරිය ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් මෑතකදී කර තිබුණා. ඊළඟට නාමල් රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ ගැන සොයන බව කියනවා.
මේ නීතිඥවරුන්ගේ කුමන්ත්‍රණය පියවර තුනකින් එළියට එන්නේ. ගෝඨාභය මහත්තයාව කෙසේ හෝ හිරකොට 2020දී ජනාධිපතිවරණයට ඒම නතර කිරීමට යන කුමන්ත්‍රණයේ ඔවුන් හවුල්කාරයෝ.

නාමල් රාජපක්‍ෂට රාජ්‍ය දේපොළ අවභාවිත කළා කියලා කිසිදු චෝදනාවක් නෑ. ගෝඨාභය රාජපක්‍ෂට මිග් යානා ගනුදෙනුවක් ගැන චෝදනා කරනවා. ඒ ගනුදෙනුව හෙළි කරන්න හදපු ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළා කියලත් ගෝඨාභයට චෝදනා කරනවා.

පිටරටක ඉන්න උදයංග වීරතුංග එක්ක ගෝඨාභය රාජපක්‍ෂ සම්බන්ධ කරලා මුදල් ගසා කෑමේ චෝදනාවක් එල්ල කරනවා. මේ ගනුදෙනුවලදී ප්‍රසම්පාදන කමිටු තිබුණු බවවත් කාර්යපටිපාටීන්වල හිටපු නිලධාරීන් ගැනවත් මෙහිද කතා කරන්නේ නැහැ.

දූෂණ, වංචා කරන්න ඕනනම් ගෝඨාභය මහත්තයාට ඒ සඳහා ඕන තරම් ව්‍යාපෘති තිබුණා. නාගරික සංවර්ධන අධිකාරිය ඔහු යටතේයි තිබුණේ. දියත උයන, වැලි පාර්ක්, ඉන්ඩිපෙන්ඩන් ආර්කේඩ්, රේස්කොස්, කෝට්ටේ, බෙල්ලන්විල ව්‍යාපෘති, කොම්පඤ්ඤවීදියේ අවට මුඩුක්කු ඉවත් කොට ඒ නිවැසියන්ට මහල් නිවාස ලබාදීම ඇතුළු බොහෝ ව්‍යාපෘති තිබුණා ගසා කන්න.

මේ කිසිම ව්‍යාපෘතියකට දේශපාලනඥයෝ ගාව ගත්තේ නැහැ. ඒක තමයි මා දන්නා තරමින් දේශපාලනඥයෝ ගෑවිච්ච නැතිව කරපු සංවර්ධන ව්‍යාපෘති.
දූෂණ, චෝදනා තියෙන්නේ ඇවන්ගාර්ඩ් එකට. මෙය මා දන්න තරමින් රුපියල් බිලියන 5.4ක් වසරකට රටට ලැබුණා. අද එය රුපියල් බිලියන 1.4කට බැහැලා රුපියල් බිලියන 4ක් පාඩුයි.

අනික තමයි ගෝඨාභය මහත්තයාගේ මවුපියන්ගේ ස්මාරකය හදන්න රජයේ මුදල් යොදා ගත්තා. ගසා කනවා නම් ගසා කන්න ඕන තරම් ව්‍යාපෘති තියෙද්දී මවුපියන්ගේ ස්මාරකයෙන් ගසා කයිද?
පසුගියදා අධිකරණ සංවිධාන සංශෝධන පනත සම්මත වුණා. මේ පනතින් ආවරණය වෙන්නේ වංචා, දූෂණ සම්බන්ධව පමණයි. මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය වංචා, දූෂණද? හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්තයාගේ සුදු රෙදි නඩුවට මාස 6ක්වත් ගියාද? ඔය අහලා නඩු තීන්දු දුන්නේ. මේ රටේ වැඩිපුර පමා වෙන්නේ මිනීමැරුම්, ඉඩම් ආදී නඩුයි.

ඔය නීතිඥ නාගානන්දලා මේ දේවල් ගැන කතා කරන්නේ නැහැ. නීතිඥයෝ විනිසුරුවන් හෑල්ලුවට ලක් කරමින් කතා කරන්නේ ඔවුන් කෙරේ අවධානයක් දිනා ගන්න. පොලිසිය සහ අධිකරණය දූෂිතයි කියන ඔවුන් එය එසේ නම් ඊට පිළියම් මොනවාද යන්න ඉදිරිපත් කරන්නේ නෑ.

ගෝඨාභය රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ, ටිරාන් අලස් ඇතුළු පිරිසකට එල්ල කර ඇති චෝදනා ගැන නඩු අහනවාද නැද්ද කියා තීරණයක් ඉල්ලා තිබියදී එෆ්.සී.අයි.ඩී.ය කරන්නේ පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම පමණයි.

මීට වඩා වංචාවක් තියෙනවාද? මීට වඩා මානව හිමිකම් උල්ලංඝනයක් තියෙනවාද? මේ වෙලා තියෙන්නේ අධිකරණ පද්ධතිය මේ ආණ්ඩුවේ බලපෑමට නතු වෙලා තිබීමයි. ජනතාවගේ කිරිපල්ල අතගාමින් මේ කට්ටිය කුමන්ත්‍රණය කරන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මේ රටේ නායකයා වීම වැළැක්වීමට බව ඉතා පැහැදිලියි.’

හර්ෂනී අර්සකුලරත්න
ඡායාරූප – වෙනුර චන්ද්‍රමාලිත

4 Responses to “‘නාගානන්ද කොඩිතුවක්කු හා සුගන්ධිකා ප්‍රනාන්දු ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ මගින් එන කුමන්ත්‍රණයේ අරමුණ ගෝඨාභය රටේ නායකයා වීම වැළැක්වීමයි”

  1. Dilrook Says:

    Complete nonsense!

    The international community is demanding hybrid courts and international investigations because our justice system is horribly faulty. The only sure way to stop hybrid courts and international investigations is to fix the courts system. Here are some indisputable evidence why no one (not even locals) trust the courts system to punish war criminals.

    The Batalanda mass murderer was not only set free from punishment for crimes against humanity but also became prime minister thrice after that.

    LTTE leader KP accused of international terrorism and war crimes is protected by the Sri Lankan government.

    Aranthalawa and Dalada Maligawa bomber was not only protected but also given a parliamentary seat.

    No right thinking person will trust the Lankan court system to deliver justice on war crimes for this reason. It must be fixed to save our war heroes. Unless it is fixed, ordinary people will demand international courts for their court cases too.

  2. Hiranthe Says:

    I felt that there is something wrong with this (Su)gandika project from day 1…!!

    Traitors are coming in different facets.. unbelievable what a little $$ can do…

  3. NAK Says:

    Sugandika’s final sentence let the cat out of the bag. They are on an agenda to hunt Gotabhay. Otherwise most of what she said is true. It is the lawyers who are most corrupt and they have spread it to the whole judicial system.

  4. Ratanapala Says:

    We know that our judiciary is not the best or even very corrupt. However the important issue before the nation is to choose a proven leader to lead the nation. The advent of Nagananda Kodituwakku and now this lady lawyer is a clear Red Herring to throw a spanner in the United Opposition march towards throwing the Yahapalana Traitors out of office.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress