ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගැන අදත් සාකච්ඡාවක්
Posted on October 2nd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා වන අවබෝධතා ගිවිසුම පිළිබඳ අදත් ඔහු සමඟ සාකච්ඡාවක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාවේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් පල කරමින්.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා.

එම සාකච්ඡාව සඳහා වැඩ බලන පොලිස්පතිවරයා සහ තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක්ද  එක්ව සිටියා.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වැලැක්වීම සම්බන්ධයෙන් පක්ෂ නියෝජිතයන් මෙහිදී එකඟතාවන් කිහිපයකට පැමිණ තිබෙනවා.

සාකච්ඡවෙන් අනතුරුව ඔවුන් මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress