මුහුදු මහා විහාරය යලිත් අර්බුදයක ඉඩම් නිරවුල් කිරීමට නීතිපති තීරණය හරස් වේ
Posted on October 13th, 2019

මතුගම සෙනෙවිරුවන්

       මුහුදු මහා විහාරයට වන්දනාවේ යෑම මෑතක සිට ඉතා ජනප්‍රිය වී ඇත.පාණදුරේ විජය සෞගත පිරිවෙනේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ ලා 95 දෙනෙකු සහ ගිහි සිසුන් 15 දෙනෙකු ඇතුලු පිරිසක් පසුගියදා නැගෙනහිර පළාතේ අධ්‍යාපන චාරිකාවකට සාභාගි වූ අතර මුහුදු මහා විහාරය දැක බලාගෙන වන්දනාමාන කිරීමද ඔවුන් ගේ ප්‍රධාන අරමුණක් විය.එම ස්ථානයට ඔවුන් පැමිණෙන විට අවට සිටින මුස්ලිම් අන්තවාදීන් පිරිසක් නොනවත්වා මේ වන්දනා නඩයට හූ හඩ තැබූහ.ඉන්පසු අක්කරපත්තු පෙදෙස පසුකර අම්පාර දෙසට ගමන් කරමින් සිටින ඔවුනගේ බස් රථ වලට ගල් පහරවල්ද එල්ල කළහ.ජනාධිපතිවරණයක් ආසන්නයේ අන්තවාදී කෝළාහලයක් ආරම්භ කිරීම මේ පහරදීමේ අරමුණ බව පෙනේ.පසුගියදා මුහුදු මහාවිහාරය අසල අනවසර ඉඳිකිරීමක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තව මැදිහත්ව නවතා දමන ලදහ. මේ කේන්තිය අවුලමින් මුස්ලිම් ජනතාව අන්තවාදයට තල්ලු කිරීම පිටිපස හිස්බුල්ලා වැන්නවුන් නිසැකවම සිටිනු ඇත.

        ක්‍රි.ව. පළමු වන  සියවසේ දී මහදැළියමානා නොහොත් මහා දාඨික මහා නාග රජ තුමා විසින් ඉඳිකරන ලදැයි පැවසෙන මුහුදු මහා විහාරය රූණු රජ පෙළපතේ වන්දනාමානයට පාත්‍රව තිබූ ප්‍රධාන සිද්ධස්ථානයකි. ජනප්‍රවාදයට අනුව කැළණිතිස්ස රජුගේ දූ කුමරිය වන දේවී කුමරිය මුහුද ගොඩගැලීමෙන් හානියට පත් වන සිය රට බේරා ගැනීම පිණිස මුහුදට බිලි වුණද දෛවයේ හාස්කමකින් මෙන් එතුමිය රැගත් යාත්‍රාව සැඩ රළ පහරට අසුව පාවී අවුත් රුහුණේ  තොටමුණකට ගොඩ ගැසූ බව පැවසේ. මේ ස්ථානය කතරගම අසල කිරින්ද යයි පවතින මතයට බැහැරව යමින් මෙම ජන ප්‍රවාදය නිර්මාණය වී තිබේ.පානම් පත්තුවේ සිංහල ජනතාවගේ තුඩ තුඩ පවතින මේ කතාවට අනුව දේවී කුමරිය ගොඩට පාවී අවුත් ඇත්තේ වත්මන් පොතුවිල් අසල මුහුදු මහා විහාර සීමාවටයි. එකල රුහුණු රජය කල කාවන්තිස්ස රජුට මෙම පුවත දැන ගන්නට ලැබී වහා එහි අවුත් දේවී කුමරිය පිළිගෙන තම බිසෝ තනතුරෙහි පිහිටුවා ගත් බව කියවෙන මේ ප්‍රවාදය ලෙහෙසියෙන් බැහැර කල නොහැකිය. ඉන්පසුව මෙහි ලංකා විහාරය නම් වූ මහා සිද්ධස්ථානයක් ඉඳි වූ බවද ජනප්‍රවාදයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

            කෙසේ වෙතත් මුහුදු මහා විහාරය කාලයේ වැලි තලාවෙන් යටව ගියේය. පොතුවිල් මුහුදු තීරය නිරන්තරයෙන්  මුහුදු කෑමට ලක් වීමෙන් විහාරයට අයත් භූමි ප්‍රදේශය මුහුදුට බිලි විය. නටබුන් වසා ගෙන වැලිකඳු ගොඩ ගැසෙන්නට විය. ලංකා රාජ්‍යත්වය  අවසන් වී බ්‍රිතාන්‍යයන් ගේ පාලන සමයේ දී සුදු නිළධාරීන් අතින් පුරා වස්තු සොයා බැලීම් කරන අවස්ථාවේ දී මුහුදු මහා විහාරය යලි සොයා ගැනුණි. එකළ පානම් පත්තුවේ ජීවත් වූයේ ඉතාමත් අල්ප වූ ජන කොට්ඨාශයකි. එය ගණනින් හත් අටසියක් පමණ පිරිසකි. මුස්ලිම් වර්ගයට අයත් මට්ටයන්ද සෙනරත් රජුගේ අණින් මෙහි විත් පදිංචි වී සිටි අතර පොතුවිල අවට ද ඔවුන් ගේ ජනාවාස විය.මුහුදු මහා විහාරය අසල ඉඩම් කීපයක්ද මොවුන් සතු කර ගෙන තිබුණී. නව සිය පණහ දශකයේ දී මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මූලිකත්වයෙන් නැගෙනහිර පළාත ගවේශණය කරන කල්හි. මුහුදු මහා විහාරය ඇතුලත් බිම් කඩද පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත් කරන ලද්දේය. ඒ 1951 වසරේ ජනවාරි 26 ගැසට් පත්‍රයෙන්ය.

            අක්කර හැත්තෑ දෙකකුත් රූඩ් තුනකුත් පර්චර්ස් දහතුනකුත් මේ රක්ෂිතයට අයත් විය. රක්ෂිතය හඳුනා ගැනීමෙන් පසු මෙහි ගවේශණ කටයුතු ද කැණීම් කටයුතු ද ආරම්භ කරන ලද්දේ 1975 වර්ෂයේ දීය.එහෙත් මේ වන විට අක්කර හැත්තෑ දෙකක මූලික හඳුනා ගැනීම් අන්සන්තකව තිබූ බවට සාක්ෂි හමු වෙයි.විශේෂයෙන්ම පුරාවිද්‍යා රක්ෂීතය තුළ පදිංචිව සිටි අනවසර මුස්ලිම් පිරිසකට මඩකලපුව සහකාර ආණ්ඩුවේ ඒජන්ත වරුන් ගේ අනුග්‍රහයෙන් බලපත්‍ර ලබා දී තිබේ. ඒ තත්වය මත ඉතිරිව  තිබෙන බිම් කොටස් පමණක් ගෙන 1965 වර්ෂයේ මැයි මස 28 වන දින මුහුදු මහා විහාර භූමිය නැවත රක්ෂිතයක් ලෙසට  ගැසට්ටුවක් මගින් ප්‍රකාශයට පත් කොට ඇත. එහි වපසරිය අක්කර තිහකුත්  රූඩ් තුනකුත් පර්චස් දහතුනක් විය.  රාජා ද සිල්වා මහතා පුරාවිදු කොමසාරිස්වරයා වශයෙන් සිටි අවදියේ දී කැණීම් සඳහා මුදල් වෙන් කෙරිණ. එම කැණිම් කටයුතු වලදි අනුරාධපුරයේ පසු භාගයට අයත් පිළිම ගෙයක් සහ මුල් භාගයට අයත් පිළිම ගෙයක් හඳුනා ගන්නට යෙදුණි. එයට අමතරව පොතුවිල මුහුදු තීරයේ වූ වැල්ලෙන් වැසී ගිය නටබුන් වූ දාගැබ් දෙකක් ද හඳුනා ගන්නට යෙදුණි.  රාජ ලීලාවෙන් සිටින බෝධිසත්ව ප්‍රතිමාවක්ද මෛත්‍රිය බෝධිසත්ව පිළිමයක්ද මෙම පිළිම ගේ තුළ තිබෙන අතර ඒවා කැණීම් වලින් පසුව සංරක්ෂණය කරන්ට යෙදුණි. බුදු පිළිමයේ හිස කිසියම් පුද්ගලයෙකු විසින් ගලවා ගෙන ගොස් තිබූ අතර එය මෙහි සිටි පුරාවිද්‍යා මුරකරුවන මජීඩ් ගේ ගෙයි ලිප් ගලකට ගෙන ඇති බව පසුව සොයා ගැනීමට හැකි විය.1978 වර්ෂය වන විට මෙහි තහවුරු කිරීම අවසන් වූ අතර පිළම ගෙයට යාබද සීමා පවුර ද ලකුණු කොට තිබුණි. මෙම විහාර සීමාවේ තව දුරටත් ගවේශණ කටයුතු  සිදු කර මෙහි අනන්‍යතාය නිවරදිව හඳුනා ගත යුතු නමුත් කොටි ත්‍රස්තකලබල වලින් පසු මෙම ස්ථානය අරාජික විය.

        පුරා විද්‍යා රක්ෂිතය භාරව සිටින මුස්ලිම් මුරකරු වරක් විහාරාධිපති කතරගම සිරිරතන හිමියන්ට අඩන්තෙට්ටම් කිරීම සඳහා මුස්ලිම් පිරිසක් උසිගන්වන ලදහ. බුද්ධ ප්‍රතිමාවට පළන්දන ලද සිවුර ගලවා වීසි කළහ.මේ අකාරයට කොටි ත්‍රස්තවාදී සමයේ හුදකලාවූ මුහුදු මහා විහාරය සතු ඉඩ කඩම් වලින් අක්කර නවයක් ජය භූමි පැවරුම් මගින් මුස්ලිම් වරු සන්තක කිරීමටද ප්‍රාදේශීය ලේකම් වරයා ගත් පියවරට එරෙහිව කිසිවෙක් ක්‍රියා නොකළහ .ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිනිය ලෙසට කටයුතු කළ වකවානුවේදීය.එතුමියගේ අත්සනින් යුතු ජයභූමි ඔප්පු ගත් මුස්ලිම් ජන කොටස් තවදුරටත් මෙම ඓතිහාසික භූමිය ආක්‍රමණය කරමින් සිටී.

       කතරගම සිර රතන හිමියන් ගෙන් පසුව මෙහි විහාරාධිපති ධූරයට පත් පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ මුහුදු මහා විහාරයේ දියුණුව උදෙසා  විශාල වැඩ කොටසක් ඉටු කළහ. ඒ අතර 2012 වර්ෂයේ දී දිනක් මුස්ලිම් වරු මෙහි පැමිණ වැල්ලට යටව තිබූ පැරණි චෛත්‍ය ඩෝසර කිරීම නිසා මහත් කලබගෑනියක් ඇති විය. මේ තත්වය තුල රජයට තවත් කරබා ගෙන සිටිය නොහැකි විය. අම්පාර දැයට කිරුළ උත්සවයට සමගාමීව මුහුදු මහා විහාරය සංවර්ධනය ආරම්භ කරන ලද අතර අභිනවයෙන් බුදු මැදුරක් ද එයට ප්‍රවිශ්ඨ විය හැකි නව මාවතක්ද විවෘත කරන ලදහ.මෙයින් කෝපයට පත් මුසල්මානුවන් යළිත් වරක් සංවිධානය වී ආවාස ගෙයට ගිනි තබන ලද්දේය.

        වරින් වර මුහුදු මහා විහාරයේ ගැටළුව ඉස්මතු වෙමින් යටපත් වන විට කොළම සිටින දේශපාලකයන් කිසිවෙකුට ඒවා විසඳුන්නට උනන්දුවක් ඇති නොවූහ. විශේෂයෙන්ම අක්කර හැත්තෑ දෙකක නටබුන් අන්සන්තක වීම පීළිබඳ පුරාවිද්‍යො බලධාරීන්ද නිහඬ පිළීවෙතක් දිගින් දිගටම අනුගමන කළහ. ජය භූමි ඔප්පු ලබා දෙන අවෝථාව වන විට පුරාවිද්‍යා ආඥා පනත ක්‍රියාත්මක නොකිරීම මෙහිදී පෙන්වා දිය හැකිය. පසුගියදා මේ ස්ථානයේ ඇතිවූ කලබල වලින් පසුව අදාළ ගැසට් පත්‍ර දෙක පිළිබඳව නීතිපති මතය විමසීමට පුරාවිද්‍යා අද්‍යක්ෂ ජනරාජල් වරයා කටයුතු කර තිබුණී. ඒ අනුව 2019 ඔක්තෝබර් 01 දින දාතමින් යුතුව නීතිපති වරයාගේ පිළීතුර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලැබී ඇත. එහි සඳහන් වන්නේ 1965 වසරේ නිකුත් කළ ගැසට්ටුව පමණක් වලංගු බවයි. නීතී තර්ක ඉදිරියේ දී මෙම නිගමනයේ සාධාරරණයක් තිබේ. ගැසට් පත්‍රයක සඳහන් දෙයක් නැවත ගැසට් කරන කල්හි මුල් ගැසට්ටුව අහෝසී වී යෑම සිදු වේ. නමුත් මෙලසෙ අහෝසි කරන්නට සැරසෙන්නේ භූමිය මත තිබෙන පුරාවස්තු වල අනන්‍යතාවයයි. සැබවින්ම පුරාවස්තු ආඥා පනතේ 34 වන වගන්තිය ප්‍රකාරව පුරාවිද්‍යා රක්ෂීත ආක්‍රමණය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරලීමට බලතල තිබේ.සැබවින්ම ඒ නීතය බලාත්මක කරලීමට නීතිපති විමසීම අත්‍යවශ්‍ය නොවේ. ඔහු තමන් යටතේ තිබෙන පුරාවිද්‍යා රක්ෂිතය පීලබඳ ගකීම දරයි නම් එම ස්ථානයේ තිබෙන පුරාවස්තු  කෙරෙහි ශාස්ත්‍රීය වශයෙන් නිගමන වලට එළඹී තිබේ නම් පුරාවිද්‍යා නීතය ක්‍රියාත්මක කරලීමට පැකිළෙන්නේ නොවේ. නමුත් වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් වරයා තමන් ගේ ඇඟ බේරා ගැනීමට කටයුතු කර ඇත. පුරාවස්තු ගැන හෝ ඒවායේ ඓතිහාසික උරුමය ගැන අවබෝධයක් නොමැති  නීතපතිවරයා එවැනි අවසථාවකදී නීති තර්ක මග කටයුතු කරලීම පුදුමයක් නොවේ.බළන්ගොඩ පුරාවිද්‍යා රක්ෂිතය තුළ තිබෙන අනවසර ඉඳි කිරීම් ඉවත් කරලීමේ දී හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරයා පුරාවිද්‍යා ආඥා පනතට අමතරව රජයේ සන්තකය ආපසු පවරා ගැනීමේ පනතද භාවිතා කළ බව පැහැදිලිය.ඒ පුරාවිද්‍යා විෂය ගැනඅවබෝධයෙන් සහ නීතය පිළිබඳ සැබෑ ලෙසටම උපදෙස් ගැනීමෙනි. නමුත් දැන් තත්ත්වය එසේ නොවේ. 1951 වර්ෂයේ ගැසට් කරන ලද පුරාවස්තු සහිත භූමියද මුස්ලිම් අන්තවාදීන සතු වීමට නීතයෙන්ම ඉඩකඩ ලබා දීමයි.මෙම තීරණය තුළින් මුස්ලිම් සහ සිංහල බෞද්ධයන් අතර නව ගැටුමක් ඇවිලීමට උත්සාහයක් තිබෙනු ඇතැයි කල්පනාවට ගත හැකිය.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress