ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් රටවටා යාමට සූදානම් බව විජේදාස කියයි
Posted on October 18th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් රට වටා යෑමට තමා සූදානම් බව හිටපු අධිකරණ අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් කොළඹ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහය ගෝඨාභය රාජපක්ෂට ලබාදෙන බවයි.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙලෙස පිළිතුරු ලබාදුන්නා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress