තවත් ආබාධිත සෙබලෙකුට ප්‍රහාරයක්
Posted on October 23rd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කළ පහරදීමකින් පො‍ළොන්නරුව – ගිරිතලේ ප්‍රදේශයේ ආබාධිත රණවිරුවෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ආබාධිත හා විශ්‍රාමික රණවිරු සංවිධානය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ රණවිරුවන්ට දිගින් දිගටම සිදුකරන මෙම පහරදීම් රාජ්‍ය දැනුවත් වීමෙන් සිදුකරන ඒවා බවයි.

පොළොන්නරුව ගිරිතලේ නිල් මානෙල් මල්විල ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුකර ඇත්තේ ඊයේ පස්වරු 6.30ට පමණයි.

යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මාර්ගය හරස්කර මෙම ආබාධිත රණවිරුවාට පහරදී පලාගොස් තිබෙනවා.

පහරකෑමෙන් තුවාල ලැබූ දෙදරු පියෙක් වන එම්ගජීගඒග ජයවර්ධන මහතා 42 හැවිරිදි වියේ පසුවන ආබාධිත රණවිරුවෙක්.

පසුව ප්‍රදේශවාසීන් තුවාලකරු දියබෙදුම රෝහලට ඇතුලත් කර ඇති අතර, පසුව පොළොන්නරුව මහ රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා.

මෙම පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා, පොලිස් දිවිපිදු ආබාධිත හා විශ්‍රාමික රණවිරුවෝ සංවිධානය අද පෙරවරුවේ මාතරදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

මේ අතර, හිටපු හමුදා සෙබළුන්ගේ බිරින්දෑවරුන්ගේ සහ රණවිරු සෙබළියන්ගේ සංවිධානය අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress