ශ්‍රී ලංකාවේ ගුරු ගැටලුව.
Posted on July 22nd, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

අප රටේ ඇති ප්‍රධානම ගැටලුවක් වන්නේ ගුරු ගැටලුව බව අද දින පවත්වන ලද ගුරු වර්ජනය හා ගුරු පෙළපාලිය ජාතියට හඬගා කියා පෑවාය. මුළු රටම විනයානුකුලව පවත්වාගෙන යාමට අවශ්‍ය අනාගත පරපුර නිර්මාණය කිරීමේ බැරෑරුම් වගකීම පවතින්නේ ගුරුවර ගුරුවරියන් අතය. ඔවුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ යනු ගහට පොත්ත මෙන් එකට බැදුන සුසංයෝගයකි.

කලකට පෙර වැඩවර්ජන, පෙළපාලි අයත්ව තිබුනේ කම්කරු පන්තියට පමණක් වන අතර,ගුරුවරු පෙළපාලියක ගියේ මැයි දින පෙළපාලිවල පමණි.අද කම්කරුවන් වැඩවර්ජන හා පෙළපාලි යාමේ යාන්ත්‍රනය ගුරුවරුන්ට විකුණා ඇත.මේ යාන්ත්‍රනය අතට ගත ගුරුවර ගුරුවරියන් වදුරාට ලැබුන දැලි පිහිය සේ එය පාවිච්චි කරමින් මුළු ශරීරයම එයින් කපාගෙන ඇත. එය මනාව පෙන්වා දෙන්නේ, පෙළපාලියෙන් ජනාධිපති ලේඛම් කාර්යාලයට පැමිණි ගුරුවරු කණ්ඩායමයි.

ගුරුවර ගුරුවරියන් යනු මෙරට සිටින සියලුම ඉහල නිලතල දරණ  හැම දෙනාගේම ගුරුවර ගුරුවරියන්ය. එය හරියට සැරියුත් හා මහා මුගලන් යන රහතුන්වහන්සේලා අප වර්තමාන භික්ෂුන් තුලින් දකිනවා හා සමාන කාර්යකි. අපි සියලුම ගුරුවර ගුරුවරියන් ඉදිරියේ ගෞරවයෙන් සිටගන්නේ, ඔවුන් අපේ ගුරුවර ගුරුවරියන්නේ වර්තමානය බැවිනි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යනු මෙරට ගුරුවර ගුරුවරියන්ගේ නිර්මාණයකි. එතුමා තුලද මෙරට ගුරුපරපුර කෙරෙහි ඇත්තේද එවන් ලෙන්ගතු කමකි. හැමවිටම ගුරුවරයා මග පෙන්වන්නෙක් මිස මග අහුරන්නෙක් නොවේ.නමුත් නුතන ගුරු පරපුර මෙහෙයවන ලංකා ගුරු සංගමය මෙරට රාජ්‍ය විරෝධී සවරුපයෙන් කටයුතු කරන ආයතනයක් ලෙස දුටුවද එයට සම්බන්ධ ගුරුවරු මෙතරම් ම්ලේච්ච ලෙස හැසිරෙන්නන් ලෙස අපි කිසිදා නොසිතුවෙමු.

ජනාධිපති ලේඛම් කාර්යාලය යනු මෙරට ඇති උත්තරීතර ආයතනයකි. මෙයට පෙර මෙරට පාලනය කල එකද ජනාධිපතිවරයෙක්, මේ ආකාරයට නිදහසේ ජනාධිපති ලේඛම් කාර්යාලයට පෙළපාලිවලට පැමිණීමට ඉඩ දුන්නේ නැත. නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඕනෑම පෙළපාලියකට නිදහසේ ජනාධිපති ලේඛම් කාර්යාලය දක්වා පැමිණීමට ඉඩදී තිබේ. ඒ අනුව අද දින මේ ගුරුවරුද තමන්ට ඇති කියන ගැටලුව විසදා ගැනීම සඳහා පෙළපාලියෙන් සටන් පාඨ කියමින් පැමිණියහ.

මෙතන ඇති සුවිශේෂිත්වය වන්නේ,රටේ පළමුවැනි පුරවැසියා සිටින මධ්‍යස්ථානයට රට ජාතිය ගොඩනැගීමට සිටින මහා උපදේශකයන් නිර්මාණය කරන ගුරුපරපුර පැමිණීමයි. මෙය තවත් ආකාරයකින් කියනවා නම් රජු මුණගැසීමට රටපුරා විසිරි සිටින බ්‍රාහ්මණයන් පැමිණි බවයි. රජුත් ගෞරවනීය තලයක් සිටින අතර බ්‍රාහමනයන් ඊටත් වඩා ඉහල ගෞරවනීය තලයක් සිටින අයය.

අද අප දුටුවේ එයද ගෞරවනීය ගුරුවරු තමන්ට තරම් දුරකට පැමිණීමට ඉඩදීම සම්බන්ධව ස්තුතිවන්තබාවයකින් තොරව පුජනිය දඹුල්ලේ රජමහා විහාරයේ සිටින රිලවුන්ගේ තත්වයට පත්ව මුළු ගුරු පරපුරටම නිගා දෙන ලෙස හසුරුනහ.කොතරම් පහත තත්වයට වටුනාද යත්, ජනාධිපති ලේඛම් කාර්යාලයට පැමිණි සමහර පිරිස් ඔවුන් හරවා යැවු අතර, සමහර වාහන වල හුලන් යැවීමද සිදු කළහ.

ස්වභාවය මේ තත්වය නිර්මාණය කොට පෙන්වා දුන්නේ මෙරට පාසල් පද්ධතිය තුල සිටින්නේ, විනය ගරුක ගුරු පරපුරක් නොවන බවයි. තවද ඔවුන්ගෙන් විනයගරුක අනාගත පරපුරක් හෝ රටක් බලා පොරොත්තු විය නොහැකි බවද පෙන්වා දුන්හ. මෙය බරපතල ගැටලුවකි. මෙවැනි ගුරුවරුන්ට පාසලක් පන්තියක් දරුපරපුරක් ගොඩනැගීමට ඉඩදිය නොහැක. එබැවින් ජනාධිපතිතුමා වටහාගත යුත්තේ මෙතන ඇති බරපතලම ගැටලුව වන්නේ වැටුප් විෂමතාවය සම්බන්ධව කටයුතු කිරීම නොව පිරිහුණ විනයක් ඇති ගුරුවර ගුරුවරියන්ගෙන් මේ රටත් ජාතියත් ගලවා ගන්නේ කෙසේද යන්න සම්බන්ධවයි.

නිවැරදිව කටයුතු සිදුකරනවා නම් පළමුව ජනාධිපති ලේඛම් කාර්යාලය අභියස්දී විනය විරෝධිව හැසුරුන සියලුම ගුරුවරුන් සොයාබලා ඔවුන්ව සේවයෙන් නෙරපා හැර, ඊළඟට ගුරු වැටුප් විෂමතාවයක් ඇත්නම් ඒ සම්බන්ධව කතා කල යුතුය.ඉතාම පැහැදිලි කරුණ වන්නේ මෙවන් ගුරුවරුන්ට දීප්තිමත් අනාගතයක් මේ රටට ලබාදිය නොහැකි බවයි.,

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress