නුතන ගුරුවරයා
Posted on July 23rd, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

අපි නුතන ගුරුවරුන්ගේ වැඩ වර්ජන දුටුවෙමු. ඔවුන්ගේ පෙලපාලිද දුටුවෙමු. මේ හැමදෙනාම ඉල්ලන්නේ මිට අවුරුදු 24කට පෙර  එවකට පැවතී රජයක් ඔවුන්ට දෙනවායි පොරොන්දුවූ දෙයක් ඉල්ලාගෙනය. ඔවුන්ට මේ පොරොන්දුව දී ඇත්තේ 1997දී මෙරට පැවතී රජය විසින්ය.එම රජයේ අගමැති සිරිමා බණ්ඩාරනායක මැතිනිය හෙබවූ අතර ජනාධිපතිවරිය වුයේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියයි. මේ ගුරු සංගම් පවසන ආකාරයට තමන්ට එදා පොරොන්දුවූ දේ එම රජයන් ලබාදී නොමැත.

සාමාන්‍යන්  පොරොන්දුවූ දෙයක් දීම පැහර හරිනවා නම්, එම රජය නිත්‍යානුකුල ලියවිල්ලක් මගින් පොරොන්දුවුවා නම්ද  කලයුත්තේ, ඊට එරෙහිව නිත්‍යානුකුල ක්‍රියාමාර්ගයක් ගැනීමයි. මේ ගුරු සංගම් එම රජයට එරෙහිව කිසිදු නීතිමය පියවරක් නොගෙන සිටීම තුලින් එහි සාමාජිකයන්ගේ මුලික අයිතිවාසිකම් කඩකර ඇත. මෙය බරපතල වරදකි. මේ වරදකල ගුරු සංගම් නිලධාරි මණ්ඩලයම පලවා හැරීමට ඒ සාමාජිකයින් එම වකවානුවේදීම සිදුකල යුතු කාර්යක්ව තිබුණි.

දැන් බලන විට මේ ගුරු සංගම් පවසන කරුණු සත්‍යනම්, එදා රජයත් වරදක් කර ඇත. එදා ගුරු සංගමය ඊට එරෙහිව නීතිමය පියවර නොගැනීම හේතුවෙන් ගුරු සංගමයද වරදක් කර ඇත. එම වරද කල නිලධාරි මණ්ඩලය පලවා නොහැර සිටීමෙන් එහි සාමාජිකයින්ද වරදක් කර ඇත.

ඊට පසු බලය ලබාගත් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ගුරු සංගම් වලට කිසිදු පොරොන්දුවක් ලැබී ඇති බවක් කිසිම සඳහනක් නැත. නමුත් චන්ද්‍රිකා-සිරිමා රජයෙන් පොරොන්දුවුදේ, චන්ද්‍රිකා-රනිල් රජය ගුරුවරුන්ට ලබාදීමට පොරොන්දුවී නැත. නමුත් ගුරු සංගමයද එම රජයටවත් එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පියවරද ගෙන  නැත. දැන්  පෙනෙන්නේ,,චන්ද්‍රිකා-සිරිමා රජය කඩකළ පොරොන්දුවට එරෙහිව ගුරු සංගමයට චන්ද්‍රිකා-රනිල් රජයට එරෙහිව නඩු පැවරිය හැකිද යන්නයි.

දැන් පැහැදිලි වන්නේ, චන්ද්‍රිකා-සිරිමා රජය ගුරු සංගම්වලට දුන් පොරොන්දුවත් දියාරු වී  යාම එදා ආරම්භාවී ඇති බවයි.  එසේම, එදා එම රජයට එරෙහිව නිත්‍යානුකුලව කටයුතු කල හැකිව තිබු තත්වයත් ආණ්ඩු මාරුවීමත් සමගම දියාරු වීමට පටන් ගත් බවත් දිස්වේ.,එදා කල යුතු දේ නොකිරීම තුලින් ගුරු සංගමයක් ලෙස සිය වගකීම පැහැර හැරිම දිගටම කිරීම නිසා, .එම ගුරුවරුන්ට හිමිවිය යුතු දෙයක් තිබුනා නම් එය ඔවුන්ට අහිමි කර ඇත.

මීළඟට බලයට පත්වුයේ, චන්ද්‍රිකා-මහින්ද රජයකි.එහි ජනතා විමුක්ති පෙරමුණද ප්‍රබල ඇමති දුර 8කම් දැරුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 41ක බලයක් හිමිව තිබුනද මේ කියන ගුරු වැටුප් ප්‍රශ්නය විසදීමට එම රජයවත්, ලංකා ගුරු සංගමයටවත් කිසිදු උවමනාවක් නොතිබිණි. ඔවුන් මේ කියන කාරණය සත්‍ය නම්, මෙය විසදා ගැනීමට තිබුන හොඳම අවස්තාව වූ ජනතා විමුක්ති පෙරමුණද අමාත්‍ය ධුර හෙබවූ එම රජයෙන් ඉටු කර නොගැනීමෙන් අද පෙළපාලි යන හැම දෙනාම සිය වගකීම ඉටුකර නැති බව පැවසීමට සිදුවේ.

මීළඟට බලයට පැමිණියේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති බලතල හෙබවූ රජයයි. එම රජය සමග සම්බන්ධ වී රටේ ප්‍රශ්න විසදීමට දායක වෙන ලෙස ඉතා බැගෑපත්ව මහින්ද රාජපක්ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලිවද එය නොතකා විපක්ෂගතවී, මේ ඇති කියන ගුරු වැටුප් ගැටලුව විසදීමට දායක වීමට තිබු තවත් අවස්තාවක මග හරියේද අද පෙළපාලිවල යන ජනතා විමුක්ති පෙරමුණයි. ඒ වකවානුවේද මේ කියන ගුරු සංගම් කිසිම ආකාරයෙන් මෙවැනි ගැටලුවක් විසඳීමට ඇති සේයාවක්වත් නැත්තා සේ පසුවිය.

2015දී බලයට පත් යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට ලංකා ගුරු සංගමයද, ජනතා විමුක්ති පෙරමුණද විශාල දායකත්වයක් ලබා දෙන ලදී. ඔය කියන ගැටලුව විසදීමට අවශ්‍යම  ගැටලුවක් නම් ඔවුන්ට ඉතා පහසුවෙන් විසඳා ගත හැකිව තිබුනේ එදාය. එදා තිබුනේ අමුතුම ආකාරයේ ඔවුන්ගේමවූ  ආණ්ඩුවකි. ආණ්ඩුවත් ඔවුන්ගේම විය.විපක්ෂයත් ඔවුන්ගේම විය ඔය ආණ්ඩු-විපක්ෂ සුසංයෝගී රජය ගොඩනැගුවේද ලංකා ගුරු සංගමයේ,හා ජනතා විමුක්ති පෙරමුණේද විශාල සහයෝගයකිනි. නමුත් එම වකවානුවේ නොවිසදගත් මේ ඔවුන් කියන 1997 පොරොන්දු වූවායයි කියන ගුරු වැටුප් ප්‍රවර්ධනය ගැටලුව 2019දී බලය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ රජය පෙළීමට අවියක් සේ යොදාගෙන ඇත.

දැන් අපි කතාකර පෙන්නාදීමට යන්නේ සම්පුර්ණයෙන්ම වෙන්ත දෙයකි. ඔබ බලන්න මේ පෙළපාලි යන ගුරුවරුන් දෙස ඔවුන් අතර වයස 30-45 දක්වා වූ තරුණ පිරිසක් සිටින බව ඔබට දැක ගත හැක. වයස අඩුම එක්කෙනා අවුරුදු 20 ලෙසද වැඩිම එක්කෙනා වයස 45 ලෙසද ගනිමු. එලෙස ගත් කල මේ පෙළපාලි යන වයස අවුරුදු 30 තරුණයා 1997දී, අවුරුදු 6ක දරු පටියෙක්ව අම්මාගේ අතේ එල්ලී, පාසල් යන දරුවෙකි. ලංකා ගුරු සංගමය කියන විදිය සත්‍ය නම්, මොහුට උගැන්වූ ගුරුවරයා තම වැටුප් වර්ධකය ඉල්ලා සටන් වදින අතරම, එය ලබාගැනීමට වැඩ වර්ජන නොකර මේ අද වැඩවර්ජනය කරන එදා පොඩි කොල්ලාට උගන්වා ඇත. 1997 වැටුප් වර්ධක ලැබීමට එදා සටන් කල් ගුරුවරු අද සේවයේ ඇත්තේ ස්වල්පයකි. ඒ වෙනුවට එදා වයස අවුරුදු 6යේ කොල්ලා අද ගුරුවරයෙක්ව තමන් වයස 6 අවදියේ සිටම්වූ වැටුප් වර්ධකයක් සම්බන්ධව දොඩවමින් වැඩ වර්ජනයක නිරත වේ, එදා මේ කොලුපැටියාට වැඩ වර්ජනය නොකරමින් ඉගැන්වූ ඒ ගුරුවරයාට අයත් වැටුප් වර්ධකය ඉල්ලා සටන් වදී.. මොවුන් සියල්ලෝම මුසිලයින් නොවන්නේදැයි සිතා බලන්න.ගුත්තිලයින් නිහතමානිව විශ්‍රාම සුවයෙන් පසුවේ. වරද වන්නේ ගුත්තිලයින් සියල්ලක්ම නිර්මාණය කර ඇත්තේ රටට ජාතියට වැඩක් නැති මුසිලයින් වීමයි. 

One Response to “නුතන ගුරුවරයා”

  1. Hiranthe Says:

    I totally agree with Chandrasena Pandithage.

    JVP were trying to derail the final war effort too. They are working on an agenda by a foreign power. I am sure it is India who is behind them and funding them.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress