Author Archive for මතුගම සෙනෙවිරුවන්

පර්යේෂණායතන විද්වතුන්ගේ විශ්ව විද්‍යාල කෙමන

Sunday, November 29th, 2020

මතුගම සෙනෙවිරුවන්              ලංකාවේ දැනට ක්‍රියාත්මක රාජ්‍ය විශ්ව විද්‍යාල ගණනින් අටකි.එයට අමතරව කාර්මික විද්‍යාල සහ පෞද්ගලික විශ්ව විද්‍යාලයන් ද කීපයකි.මෙයින් පිටවන උපාධිදාරීන් විශාල සංඛ්‍යාවකට මෙරට රැකියා ලබා දීමේ ඉඩකඩක් නැත. දේශාපාලන විද්‍යාව කළ සිසුවියකට වත්මන් ජනපතිවරයා දුන් පිළිතුරකින් ගම්‍ය වූයේ පොලිටිකල් සයන්ස් වලට වඩා ටෙක්නිකල් සයන්ස් සඳහා රැකියා ඉඩ ප්‍රස්ථා විවර කර දීමට රජය පෙළඹෙන […]

More >

දිගාමඩුල්ලේ ආශ්චර්ය හෙවත් දීඝවාපී ස්ථූපයේ සාධුනාදය

Friday, November 27th, 2020

මතුගම සෙනෙවිරුවන්             නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පවතින දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ සමස්ත සිංහල බෞද්ධ ජනතාවගේ සදා වන්දනීය පූජ්‍යස්ථානයකි.බුදුන් වහන්සේ ලංකාවට වැඩම කොට දිවාගුහාවේ සමවත් සුවයෙන් වැඩ සිට නැගෙනහිර පළාතේ දීඝ මණ්ඩලයට වැඩම කළහ.එහි භාවනායෝගීව වැඩ සිටි අතර සම්බුද්ධ පරිනිර්වානයෙන් පසුව ලබාගත් උන්වහන්සේ ගේ දික්නිය ධාතුව මෙහි තැන්පත් කොට සත්රියන් උස ඉඳුනිල් මුවා දාගැබක් නිර්මාණය […]

More >

මරක්කල නීතිරීති වලට ප්‍රමුඛස්ථානය ලැබුණේ කවරදාද?

Monday, November 16th, 2020

මතුගම සෙනෙවිරුවන්               මහමදාගම්කාරයන් යනු මොහොමඩ් නබි තුමාගේ අනුගාමිකයන්ය.ඒ නිසාම නබිතුමා නිර්මාණය කල ආගමට මහමත් ආගම යයි ව්‍යවහාරයක් ඇත. මහමත් ආගම ඉතාමත් ආක්‍රමණශීලි ස්වභාවයෙන් ලෝකයේ නොයෙක් රටවල පැතිරීම  නිසා ස්වදේශිකයන් ඝාතනයට ලක් වූහ.එසේම මහමත් ජනයා ගේ වානිජ ශූරත්වය නිසා ඉතා ඉක්මනින් විදෙස් රටවල වෙළෙඳ ආධිපත්‍යද ගැනීමට ද හැකි වී ඇත. ඉන්දියාවට පැමිණි මහමත් අක්‍රමණිකයන් විශාල […]

More >

සීනි තිත්ත කරන මුදල් ලොක්කන්ගේ වැඩකිඩ

Saturday, November 14th, 2020

මතුගම සෙනෙවිරුවන්           රජයේ නියෝගයෙන් පාරිභෝගික අධිකාරිය විසින් සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක් හඳුන්වා දී තිබේ.මෙම ගැසට්ටුව නිකුත් කරනුයේ නොවැම්බර් මස 14 වනදා වන විට බදු පනත යටතේ වන නවතම ගැසට්ටුවක් පිටවීමට නියමිත වන වකවානුවකය.පසුගිය ඔක්තෝබර් මස 14 දින සීනි ආනයනය සඳහා වන බද්ද රුපියල් 49 ශත හැත්තෑපහකින් අඩු කරමින් ආණ්ඩුව ගැසට් නිවේදනයක් නිකුත් […]

More >

ව්‍යවස්ථා චෞරයෙකු සමග අලුත් ව්‍යවස්ථාවක් සැකසිය හැකිද

Thursday, November 5th, 2020

මතුගම සෙනෙවිරුවන්          ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පත් කරගන්නා ලද නව රජය ස්වකීය ප්‍රමුඛ කාර්යයක් වශයෙන් සලකා ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමයි.මේ කරුණ සාකච්ඡා කිරීමේ දී පැවති ආණ්ඩුකම ව්‍යවස්ථා පිළිබඳ විමසීම කරනු වටී. එංගලන්ත රැජින යටතේ ස්වාධීන පාලනයක් ලංකාවට ඇති කරලීම පිණිස 1948 දී සකස් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සමග  යම් පමණක දේශපාලන නිදහසක් […]

More >

දහනවයේ පියා රනිල්දාසගේ කපටි වෙස් මාරුව

Thursday, October 15th, 2020

මතුගම සෙනෙවිරුවන්             යහපාලන මෛත්‍රීපාල රනිල් ජෝඩුව සහ එවකට ආණ්ඩුබලයේ සිටි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම විසින් සම්මත කරගත් 19 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලද්දේ අධිකරණ ඇමතිව සිටි විජේදාස රජපක්ෂ මහතාය.රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාවය මත මෙම ව්‍යවස්ථා සංශෝධන කොටුම්පත සකස් කරන ලද්දක් බව බොහෝ දෙනා දනී.විශේෂයෙන්ම එවකට ප්‍රබලව සිටි රාජපක්ෂ කණ්ඩායම දුර්වල කිරීම පිණිස එල්ල […]

More >

බූවැලිකඩින් ගිලාබැස්සේ කලුසුද්දන්ගේ නාගරික පුරාජේරුවයි

Wednesday, September 23rd, 2020

මතුගම සෙනෙවිරුවන්               මහනුවර පොළව කම්පාවී ඇත.බූවැලිකඩ පස් මහල් නිවසක් කඩා වැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත. මේ ඛේදවාචකය උලුප්පා තලු මැරීමෙන් වන්නේ සැබෑ ප්‍රශ්ණය යටපත් වීමයි.එනම් මෙම විනාශය දක්වා පැමිණි ගමන් මග පිළිබඳව සාකච්ඡා නොකර අත හැරීමයි.සෙංකඩගල සිරිවර්ධනපුරය නොහොත් මහනුවර නගරය බිහිවන්නේ උඩරට රාජධානියේ ක්‍රමික විකාශනයත් සමගය.අවසාන සිංහල රජවරුන් ගේ ආරක්ෂාව තහවුරු […]

More >

නවවන වගන්තිය අනුව රජයේ ඉහළ තනතුරු බෞද්ධයන්ට පමණයි

Tuesday, September 1st, 2020

මතුගම සෙනෙවිරුවන්           ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජියක් බවට පත් වීමට පළමු මෙරට පාලනය වන ලද්දේ ලිඛිත ව්‍යවස්ථාවකට අනුව නොවේ.නමුත් ශිලා ලේඛන මගින් ප්‍රකාශ කරන ලද්දා වූ පෙර රජවරුන් විසින් පිළිගන්නා ලද ව්‍යවස්ථාවක් විය.වෙසෙසින්ම සතරවන පැරකුම් රජු කාලයේ රචනා කරන දළදා ව්‍යවස්ථාව මගින් දක්වන ලද කරුණු සිංහල බෞද්ධ පාලකකයෙකු ගේ යුතුකම් වශයෙන් සළකන ලදී.එසේම මෙරට නායකත්වයට […]

More >

බෙන්තර ගඟ අයිනේ තරුණ විප්ලවය

Sunday, August 23rd, 2020

මතුගම සෙනෙවිරුවන්       වලල්ලාවිට කෝරළයේ ඉස්මත්තේ කඳු සිඛර තෙරපාගෙන ඇදෙන බෙම් ගඟ කොමළියට සළු පළදන්නේ දෙගොඩ දෙකෝරළයේ අතු ගංඟාවන්ය. මහාවන ලැහැබ් වලින් සඟවා ගෙන සිටින පිටිගල ඇළ ඕමත්ත ඇළ පැළවතු ඇළ වැලි පැන්න ගඟ ගොරක දූ ඇළ යයි නම් ලත් අතුරු ජලදහරාවන් මගින්  බෙම් ගඟ පෝෂිත වන්නේ යයි කියති. බෙම් ගඟ කලකදී වියරු වෙයි.පිටාර ගලයි. […]

More >

කෝමාරිකා (Aloe Vera) වගාව පරිසරය සහ ඉඩම් ගැටළුව

Sunday, July 19th, 2020

මතුගම සෙනෙවිරුවන් කුමරි නැතිනම් කෝමාරිකා යන නාමයෙන් හඳුන්වන පලෑටිය දේශීය ඛෙහෙත් හේත් වලට යොදා ගැනෙන බලගතු ඖෂධයකි.පිලිස්සුම් තුවාල සඳහා සම මතු පිට ගෑම ට මෙන්ම තෙල් ඛෙහෙත් සිඳ ගැනීමටද යොදා ගන්නා කෝමාරිකා ඌව පළාතේ ජනප්‍රිය ඖසධීය ආහාරයකි.සිංහල ජනතාව මෙම අගනා ඔෂධ පැලෑටිය සිය ගෙවතු වල වගා කොට රැක බලාගන්නේ ඉතාමත් ආදරයෙනි.මෑත කාලයේ දී කෝමාරිකා පැලෑටිය […]

More >

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම හා බැඳි ඉඩම් පරිහරණ සැලැස්ම –

Tuesday, June 30th, 2020

මතුගම සෙනෙවිරුවන් පූර්විකාව –                 ලංකාවේ අතීත ඉඩම් භාවිතය සැමවිටම රජු හා සම්බන්ධ විය. රටේ භාරකරු වශයෙන් සහ පාලකයා වශයෙන් භූපති ලෙසට ඔහු හැඳින් වූ අතර රටේ සංවර්ධනය උදෙසා ඉඩම් යොදා ගැනීම සඳහා ගම් වසම හා බැඳි වැඩ පිළිවෙලක් විය. අනුරාධපුර යුගයේ පණ්ඩුකාභය රජ්‍ය සමය වන විට මෙරට ගම් සීමා කොට විධිමත් ක්‍රමයකට රජ්‍ය පාලනය […]

More >

මහජන මන්ත්‍රීවරයෙකු විය යුත්තේ කුමන අරමුණක් ඉටුකිරීම සඳහාද

Monday, June 15th, 2020

මතුගම සෙනෙවිරුවන්            එක් දහස් නවසිය හතලිස් අටේ අප බ්‍රිතාන්‍ය අධීරාජ්‍යා ගෙන් ලද දේශපාලන නිදහස මත ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙසට නැගී සිට දැන් වසර හැත්තෑ දෙකක් ගතවී තිබේ.1815 මාර්තු 02 අත්සන් කරන ලද මහනුවර ගිවිසුමට අනුව නම් මෙම පිවිසීම  වැරදි සහගත වුවද ලබන ලද නිදහස තුළ රටක් වශයෙන් අත්පත් කරගත් වාසි සහ අවාසිද අද අප […]

More >

තොන්ඩා ගියා බණ්ඩලාගේ කල දසාව කුමක් වේවිද?

Saturday, June 6th, 2020

මතුගම සෙනෙවිරුවන්            මහනුවර යුගයේ මෙන්ම කෝට්ටේ යුගයේ රදළයන්  බණ්ඩාර නාමය භාවිත කළ හෙයින් ලක තුළ බණ්ඩාරවලියක් ඇති වී යයි කියති. ඉංග්‍රීසීන්ට රට භාර දුන් පසු කාලයේ දී උඩරට බණ්ඩාරලා බණ්ඩා බවට පත් වී කොළඹ කුරුඳුවත්තේ බංගලාවල වැඩට පැමිණියහ.බන්ඩලා මෙන්ම මැණීකේලාද මෙලෙස කොළඹ බංගලාවල මෙන්ම සුද්දන්ගේ වතු බංගලාවලද සේවයට යෑමට සිදු වූයේ උඩරට ඔවුන්ගේ ඉඩම් […]

More >

රජු දැහැමි නම් කලට වැසි වසී සාගත වසංගත පල්ලම් බසී

Friday, May 15th, 2020

මතුගම සෙනෙවිරුවන්         ලෝකයේ බොහෝ රටවල පැතිර පවතින නව වෛරස වසංගතය නිසා ලක්ෂ තිස් එකක් පමණ වන ජනතාවක් මේ වන විට අසරණව සිටී. ලංකාවේ ද මෙම රෝගය වැළඳී අතැයි සැළකෙන පුද්ගලයන් නවසීයකට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ.වසංගත පාලනයට අද භාවිතා කරන්නේ වර්ෂ 1897 දී බ්‍රිතාන්‍යයන් හඳුන්වා දුන් නිරෝධායන හා ස්පර්ශයෙන් බෝවන රෝග වැළැක්වීමේ ආඥා පනතයි.එකල පැතිරී […]

More >

ලංකා මුදල් ඒකකය ශක්තිමත් කිරීමට වෙනසක් අවශ්‍යයි

Monday, May 11th, 2020

මතුගම සෙනෙවිරුවන්         ලංකාවේ භාවිත සම්මත මුදල කාලයක් තිස්සේ අව ප්‍රමාණය වීම නිසා රටේ ආර්ථිකය බරපතල ලෙසට කඩා වැටී ඇත.වර්තමාන වසංගත තත්වය හමුවේ ඇතිවී තිබෙන ආර්ථික අවපාතය ගණනය කළ නොහැකි තරම්ය.බොහෝ දේ වෙළෙඳ පලෙන් මිළට ගන්නා ජනතාවට සිය එදිනෙදා වියදම් කළමනාකරණය කරගන්නටවත් අවස්ථාවක් නොදී රුපියල කඩා වැටෙයි.වසංගත තත්වය මර්දනය කර ගැනීමෙන් පසුව  රුපියල පාලනය කිරීමටවත් […]

More >

නිරෝගී දරුවා ජාතියට සම්පතකි

Saturday, May 9th, 2020

මතුගම සෙනෙවිරුවන්         සෞඛ්‍ය අංශයන්හි ප්‍රගමනය මනින එක් දර්ශකයක් වශයෙන් සැලකෙන්නේ ළදරු මරණ අනුපාතය අඩු විමයි. වසංගත රෝග  බෝවන රෝග බාල පක්ෂාගාතය වැනි රොග වලින් ආරක්ෂා වීම පිණිස අලුත ඉපදුනු දරුවෙකුට එන්නත් කීපයක්ම දෙනු ලැබේ. මේ නිසා ළදරු මරණයන් ගේ සීග්‍ර අඩු වීමක් ඇති බව කියති. එන්නත් කරනු ලබන්නේ ශරීරයේ ප්‍රතිශක්තය ජනිත කිරීමටයි.එහෙත් ස්වභාව ධර්මයා […]

More >

කැස්ස හෙම්බිරිස්සාවට බිය විය යුතුද

Sunday, April 26th, 2020

මතුගම සෙනෙවිරුවන්             මෙලොව උපදින සෑම මනුෂ්‍යයෙකුම යම් කිසි ප්‍රකෘතියක් අනුව උප්පත්තිය ලබයි. මෙහිදී  සඳහන් ප්‍රකෘතිය යනු පංච මහා භුත තත්වයන් අනුව ජනිත ප්‍රකෘතියන්ය. ඒ අනුව කෙනෙක් සෙම් ප්‍රකෘතිකයෙක් බවටද තවකෙක් පිත් ප්‍රකෘතිකයෙකු බවටද ඇතැම් අය වාත ප්‍රකෘතිකයන් ලෙසටද නම් කළ හැකිය.සිංහල ජනතාව  මේ බැව්  දැන ගන්නේ කේන්ද්‍ර සටහනිනි. හඳහනේ ලියැවී තිබෙන මේ ස්වභාවය මේ […]

More >

මැතිවරණ බලහත්කාරය සමග ගැටගැහෙන ආර්ථික ඝාතනය

Monday, April 20th, 2020

මතුගම සෙනෙවිරුවන්             සුනාමිය නොහොත් මුහුද ගොඩ ගැලීම සිදු වන කල්හි එවකට සිටි පාලකයන් එම ව්‍යසනය කළමනාකරණය කරන ආකාරය දැන නොසිටියහ. අතීතයේ සිදු වූ මුහුදු ගොඩ ගැලීම් ඉතිහාසයට පමණක් සීමා වීම නිසා දේශපාලකයන් ඒ බැව් නොදත් බව පැහැදිලිය. සුනාමියට මුහුණ දෙන්නට අවශ්‍ය සංනිවේදන උපක්‍රම සූදානම් කර ගැනීමට මෙන්ම ආරක්ෂාව කල් තියා යොදා ගන්නට  ලක ලෑස්ති […]

More >

වසංගත හමුවේ ජනාවාස සැලසුම්කරණය ගැන අලුතින් සිතා බලමු

Sunday, April 12th, 2020

මතුගම සෙනෙවිරුවන්               ලෝකයම වෙලා ගත් නව වසංගත තත්වය හමුවේ අද වන විට සියල්ලෝම හුදකලා වී සිටිති. ඇඳිරි නීතිය වේවා නගර වසා තැබීම  වේවා මගින් ඇති කරන ලද සමාජ දුරස්ථකරණය හමුවේ කාර්මික විප්ලවය විසින් ඇති කරන ලද ගෝලීය මනෝභාවය අර්බුදයට පත්ව තිබේ. ලංකාව දූපතක් බැවින් වසංගත තත්වයන් නිරතුරු පැතිරෙන්නේ සාංක්‍රමණිකයන්ගෙනි. මේ නිසා ගුවන් තොටුපළ වසා […]

More >

ආහාර අර්බුදයක් ඇති නොවීමට සහල් බල ගන්වමු

Friday, April 10th, 2020

මතුගම සෙනෙවිරුවන්                පවතින වසංගත තත්වය හමුවේ බරපතලම හානිය සිදුව තිබෙන්නේ දේශීය ආර්ථිකයටයි. නිෂ්පාදන ආර්ථිකය මෙන්ම සේවා ආර්ථිකයද බිඳ වැටෙමින් පවතී. මේ තත්වය හමුවේ දෛනික ආහාර වේල සරි කර ගත නොහැකි විශාල ජනතාවක් සිටිනු නිසැකය. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට රජය විසින් දියත් කරනු ලැබූ වැඩ පිළිවෙල තුළ ත්‍රිවිධ හමුදාවේ කාර්යය  අති විශිෂ්ට ලෙස සිදු වේ. […]

More >

සිංහල වෙදකමට එරෙහි අනුකාරකයන් ගේ නැගීම

Monday, April 6th, 2020

මතුගම සෙනෙවිරුවන්                  කොරෝනා වසංගත තත්වය තුළ වර්තමාන දේශපාලනය පිළිබඳ ලිට්මස් පරීක්ෂාවක්ද කරන්නට හැකිව තිබේ. රුවන්වැලි මහා සෑය ඉදිරිපස දිව්රුම් දුන් ජනපතිවරයෙකු මෑත කාලීන දේශපාලනයේ දක්නට ලැබීමේ ආශ්වාදයෙන් සිටි මෙරට බහුතර ජනතාව බලාපොරොත්තු කඩ වේ දෝ යන බියකින් පසුවෙති.සිංහල බෞද්ධ චන්ද බහුතරය යනු පරම්පරා ගණණාවක සිට ශක්තිමත් වුණු සිංහල ජාතිකත්වයේ අපේක්ෂාවන්ය. තමන්ගේ ජීවන රටාව නිදහසේ […]

More >

සම්ප්‍රදාය ඔස්සේ අභියෝග ජය ගනිමු

Saturday, April 4th, 2020

මතුගම සෙනෙවිරුවන්               ශත වර්ෂයකට ඉහත වසූරිය වංසගතයෙන් පීඩා විඳි මෙරට ජනතාව නැවතත් වරක් ඒ තුන් බියෙන් වෙලී සිටී.රටම එක කලාපයක් ලෙසට ගෙන අඳුරු නීතිය දමා වරින් වර වසා දැමීම හේතු කොට ගෙන සියලු මානව ක්‍රියාකාරකම් අකර්මණ්‍ය ව ඇත. අතීතයේ දී නම් මෙවැනි වසංගත තත්වයකදී හෝ ආපදා පන්න අවස්ථාවන්හිදී ගම් දහයක එකමුතුවකින් සැදි සභාවකින් ( […]

More >

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අර්බුදය ගැන රජය සැලකිලිමත්ද

Wednesday, April 1st, 2020

මතුගම සෙනෙවිරුවන්               ලංකාවේ ජීවත් වන බහුතර ජනතාවගේ ජීවනෝපායන මාර්ගය වන්නේ ගොවිතැනයි.ගොවි තැනට සාපේක්ෂකව එයට සේවා සපයනබොහෝ පිරිසක්ද එම ආර්ථිකයට ඇතුලත්ය.එසේම අනෙකුත් සියලුම දෙන  ජීවත් වීම පිණිස විවිධ ‌ජීවනෝපායන මාර්ගයන් අනුගමනය කරති..රැකියාවන්හි නිරත අය ව්‍යපාරයන්හි නිරත අය මාසයක නිමාවේදී වැටුපක් අතට ගන්නා අතර ව්‍යාපාරිකයන් තමන් ‌ගේ බැංකු ගිණුම් තර කර ගනිති. නමුත් බහුතර පිරිසක් ගමේ […]

More >

බෝවන ‌රෝග ගැන අතීත අත්දැකීම්

Sunday, March 29th, 2020

මතුගම සෙනෙවිරුවන්                 පෘතුගීසීන් ලංකාවට පැමිණ සිංහල රාජධානිය තමන් සන්තක කර ගැනීමට යුද්ධ කරන කල්හි.ඒවාට ‌නොබියවම මුහුණ ‌දීමට අපේ මුතුන් මිත්තන්ට හැකිවුණා.මේ කාලෙ තමයි 1580 දී පමණ ලංකාවට වසූරිය බෝ වුණේ. මන්නාරම් කොටුවේ පරංගීන් ගේ රැකවරණය යටතේ සිටි කරලියද්දේ බණ්ඩාර සහ බිසව මේ වසූරිය රෝගය නිසා මිය ගිය බව ඉතිහාසයේ සඳහන්ය. ලංකාවෙ මුහුදු කරය විදේශිකයන් […]

More >

ඉන්දු ලංකා සබඳතා පිළිබඳ සිරිමා මැතිණයගෙන් පාඩමක්

Wednesday, December 4th, 2019

මතුගම සෙනෙවිරුවන්             වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නරේන්ද්‍ර මෝඩි අගමැති තුමාගේ  ආරාධනයෙන් ඉන්දියාවට සැපත් වූ අවස්ථාව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමක් වෙයි. එහෙත් එම සංචාරයේ දී මෝඩි ජනාධිපතිවරයා කළ කතාවෙන් ගම්‍ය වනුයේ ඔවුන් තවදුරටත් අන්‍යාකාරයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඇඟිලි ගසන ආකාරයයි. මෙය දීර්ඝ කාලීනව හිතකර තත්ත්වයක් නොවේ. වසර හතරහමාරක් තිස්සේ රට තුළ […]

More >

ජනතාවගෙන් වසන් කළ ජාතික භෞතික සැලසුම

Sunday, November 10th, 2019

මතුගම සෙනෙවිරුවන්               නගර සහ ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව නමින් 1946 වසරේ පනතකින් අනුමත වූ ආයතනයක කාර්ය භාරය වූයේ ලංකාවේ නගර සහ දියුණු වන ගම් සඳහා සැලසුම් සකස් කිරීමයි. මෙම පනත වසර 2000 දී සංශෝධනය වී යටකී ආයතනය ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව වශයෙන් පුළුල්  වුණි. ඉන්පසු ඔවුන් ගේ කාර්ය භාරය අනුව රටටම අවශ්‍ය භෞතික සැලැස්ම ගැන […]

More >

මුහුදු මහා විහාරය යලිත් අර්බුදයක ඉඩම් නිරවුල් කිරීමට නීතිපති තීරණය හරස් වේ

Sunday, October 13th, 2019

මතුගම සෙනෙවිරුවන්        මුහුදු මහා විහාරයට වන්දනාවේ යෑම මෑතක සිට ඉතා ජනප්‍රිය වී ඇත.පාණදුරේ විජය සෞගත පිරිවෙනේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ ලා 95 දෙනෙකු සහ ගිහි සිසුන් 15 දෙනෙකු ඇතුලු පිරිසක් පසුගියදා නැගෙනහිර පළාතේ අධ්‍යාපන චාරිකාවකට සාභාගි වූ අතර මුහුදු මහා විහාරය දැක බලාගෙන වන්දනාමාන කිරීමද ඔවුන් ගේ ප්‍රධාන අරමුණක් විය.එම ස්ථානයට ඔවුන් පැමිණෙන විට අවට […]

More >

එදා දළදා මාළිගාවට ගැහැව්වා අද දළදා පෙරහැරට මඩ ගහනවා වඳුරු හමුදාවේ පැටිකිරිය එළීයට

Sunday, August 25th, 2019

මතුගම සෙනෙවිරුවන් ලංකාවේ අසිරිමත්ම පූජ්‍ය උත්සවය වන දළදා පෙරහැර නිකිණි පොහොය ගෙවීමත් සමග අවසන් විය.දළදා වහන්සේ වීථී සංචාරය කරන විට පෙරහැරට කප් සිටුවන විට වර්ෂාව ආරම්භ වී රටේ සෞභාග්‍ය උදාවන බව එදත් අදත් බොහෝ දෙන විශ්වාස කරති. මේ නිසාම දළද පෙරහැරට සමගාමීව රටේ නොයෙක් තැන් වල මෙවැනි ආශිර්වාද සහිත පෙරහැර පැවැත්වෙයි. කිත්සිරි මෙවන් රජ දවස […]

More >

සම්බන්ධන් සහ සුමන්තිරන්ගේ පුරවැසිකම අහෝසි කළ හැකිද?

Friday, August 23rd, 2019

මතුගම සෙනෙවිරුවන්      වත්මන් ව්‍යවස්ථාවේ හැටියට මන්ත්‍රීධූරයක් දරන තැනැත්තෙකු තමන්ගේ රටේ පමණක් පුරවැසියෙකු විය යුතුය.ගීතා කුමාරසිංහ මහත්මියට සිය ධූරය අහිමි වූයේ මේ ව්‍යවස්ථාපිත තත්ත්වය නිසාවෙනි.දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ඇමරිකන් පුරවැසි භාවය ගැන බොහෝ දෙන ප්‍රශ්ණ කරමින් සිටී.ඔහු එය ඉවත් කරගත් බව දන්වා සිටියද සමාජ මාධ්‍ය ජාලා තුළ සාකච්ඡා වන්නේ වෙනත් කරුණකි.         පුරවැසියා (Citizen) […]

More >

කාලය විසින් නිර්දේශිත පාලකයෙකු ගෙන් බලාපොරොත්තු විය යුත්තේ කුමක්ද?

Sunday, August 18th, 2019

මතුගම සෙනෙවිරුවන්              මෙම ලිපිය සමග ඇති සිතියම හොඳින් නිරීක්ෂණය කළහොත් වටහා ගැනීමට හැකි වන්නේ ලංකාවේ පළාත් කීපයක බෞද්ධ ජනගහනය ඉක්මවා වෙනත් ආගමිකයන්  ඉදිරියට පැමිණ ඇති ආකාරයයි. මේ සිතියම පළ වී තිබෙන්නේ 1915 වර්ෂයේ ජන ලේඛන කොමසාරිස් ඊ.බී.ඩෙන්හැම් ගේ පාලන වාර්තාව තුළයි.1815 වසරේ ලංකාවේ දේශපාලන බලය බ්‍රිතාන්‍ය කිරීටයට පවරා දීමෙන් පසු සියක් වසරක් තුළ ඔවුන් […]

More >

Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress