2015 ශ්රී ලංකාවේ ජනාධිපතිවරණය හා නිවටයින්ගේ ජන සංඝණනය
Posted on January 5th, 2015

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

වර්ෂ 2015 ජනවාරි මස 8 වෙනිදා මෙරට සුවිශේෂී ජනාධිපතිවරණයක් පවත්වයි. මේ ජනාධිපතිවරණය යනු ඉතා වැදගත් ජනාධිපතිවරණයක් වන අතර මෙහි ප්රතිඵල තුලින් මෙරට පාලනය සදහා ජනාධිපතිවරයකු තෝරන අතරම; මේ රට තුල පවතින ජීවමාණ මළකදන් වන්වූ නිවට නියාලු පුද්ගලයින්ගේ ජන සංඝණනයක්ද සිදුවේ.

මේ වනවිට පවතින තත්වයන් හා ෂාධක විසින් වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුවිශේෂී ජයග්රහණයක් ලබන බව මනාව පෙන්වා දේ. අපි එහෙම ලියන විටම අප දරණ මතයට එරෙහිව දකින සමාජය,  ක්ෂණිකවම අපෙන් අසන්නේ;මොනවද ඔය කියන  හා පවතින තත්වයන් යන්නයි.

මේ රටට, මේ කියන ප්රජාතන්ත්රවාදය හා බැදි දේශපාලනය උරුමවූයේ 1947දීය. එදා සිට අද දක්වා මෙරට සිදුවූ සියලු කරුණු කාරණා තුලින් වර්ධනය වූ වර්තමාන සමාජ ජන විඤ්ඤාණය විසින් 2015 ජනවාරි මස 8වෙනිදා පවත්වන ජනාධිපතිවරණ ප්රතිඵලය තීරණය කරයි. මේ රටට ආදරය කල ජන නායකයින්වූ ඩී. එස්. සේනානායකලා; ඩඩ්ලි සේනානායකලා; එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකලා හා සිරිමා බණ්ඩාරනායකලා තුල වූ ලාංකීය ජන සමාජය ඉහල තත්වයකට ඔසවා තැබීමේ අභිප්රාය, මේ භූමියට උරුම කර ගැනීමට ඉඩ ලබා නොදුන් මහා අදිසි බලවේගයක් විය.

 ඒ බලවේගයන් විසින් ඩී. එස්. සේනානායක මහතාව ඝාතනය කරණ, දේශපාලන දහරාව තුලදීම; අගමැති බවට පත් එතුමාගේ පුත් ඩඩ්ලි සේනානායක මහතාව අගමැති ධූරයෙන්ද පලවා හරින ලදී.1956 මැතිවරණය ජයගත් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාවද ඝාතනය කරන ලද අතර; එතැනින් නොනැවතී, ඒ මහතාගේ ඇවෑමෙන් මේ රටේ පාලන බලයට පත් සිරිමා බණ්ඩාරනායක මහත්මියවද බලයෙන් පහකිරීම සදහා හමුදා කුමන්ත්රණයක්ද දියත් කරන ලදී. පසුව මේ වටිනා දේශපාලන චරිත දේශපාලන භූමියෙන් සදහටම අතුගා දමන ලදී.

එසේ කොට පසුව ඉස්මතු කරගත් චරිතය වූ ජේ. ආර්. ජයවර්ධන මහතාට ඔවුන්ගේ ආශිර්වාදයෙන් සිතැගි පරිදි රාජ්‍ය පාලනය කරගෙන යාමට ඉඩ දෙන ලදී. ඔහුගේ කාලය තුලදී මේ සමාජය කුල පැවති ඒ රජයන්ට හා එම පුද්ගල චරිතයන්ට එරෙහිව මහා බලවේගයක් ගනනාවක් නිර්මාණය විය. එම බලවෙගයන් පසුව මේ රටතුල රාජ්‍ය බලය තීරණය කරන බලවේග බවට පත්විය. ඒ නිර්මාණිත බලවෙගයන් හා සන්ධාන ගත විය හැකි පුද්ගලයාට මේ ජනාධිපතිවරණ ජයග්රහණය හිමිවන බව පැහැදිලිය මේ බලවේගයන් මොනවාද? අපි හදුනා ගන්නට වෙර දරමු.

  1. 1977 මැතිවරණය නිමාවූ වහාම බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂය මෙරට පොලීසි සියල්ලකටම සතියක කාලයක් නිවාඩු දෙන ලදී. මේ කාලය තුලදී කිසිදු පැමිණිල්ලක් සටහන් කර ගැනීමක්වත් සිදු නොකර ජනතාවගේ ආරක්ෂාව යන රජයට අයත් වගකීම තුලින් ඉවත්ව මැරවරයන්ට සිතැගි දේ ඉටු කර ගැනීමට ඉඩ ලබා දෙන ලදී. මේ සිදුවීම ඓතිහාසික සිදුවීමක් වන අතර. මෙවැනි පාදඩ වැඩක් සිදුකල කිසිදු ජන නායකයකු මෙරට බිහිවූයේ නැත. මේ තුලින් විරුද්ධ පාක්ෂිකයින් පහරදීම් වලට ලක්වූහ. ඔවුනගේ කාන්තාවන්ද දූෂණයන්ට භාජනය විය. දේපල ගිනිබත් විය. මේ පහර කෑම් වලට ලක්වූ ජන කොට්ඨාශය එම සිදුවීම් වලට මුහුණ පෑවේ මෙයට වසර 37 කට පෙරදීය. මෙම සිදුවීම් වලට ඒ ජනතාව මුහුණ දුන්නේ විවිධ වයස් මට්ටම් තුලදීය. සමහරු දරුවෝය. සමහරු තරුණයින්ය. සමහරු වැඩිහිටියන්ය. දරුවෝ තම දෙමව් පියන්ට පහර දෙන ආකාරය දුටුවහ. තමන්ගේ ගේ දොර ගිනිබත් කරනවාද දුටුවහ. ලමා අවධියේදීය.එ් දරුවෝ තමන් අත්විදි ඒ අත්දැකීම් කිසිදා අමතක කරන්නේ නැත. අද ඔවුන් වැඩිහිටියන්ය. ඔවුන් යලි කිසිදා මේ නව ආකාරයේ මැර එක්සත් ජාතික පක්ෂ රජයක් ගොඩනැංවීමේ පාප කර්මයට දායක වෙන්නේම නැත. මේ සදහන් කරන ලද්දේ වර්තමාන පොදු අපේකෂකයාට එරෙහිව අතීතයේදී ගොඩනංවන ලද එක් බලවේගයක උප්පත්තියයි.

2 මීලගට එදා බලයට පත් එක්සත් ජාතික පක්ෂ රජය සිදුකල තවත් අතීත කාර්යයක් වූයේ; 1980 වැඩ වර්ජනය කල සියලුම සේවකයින් සේවයෙන් ඉවත් කිරීමයි.එදා ඒ රජය ඉතා පැහැදිලිවම තම රජයෙන් යම් දීමනාවක් ඉල්ලන අයව සතුරන්සේ දකින මානසිකත්වයකින් පසුවූහ. මෙහි ප්රතිඵලය වූයේ එක්සත් ජාතික පක්ෂයට එරෙහි ස්තිරසාර බලමුලු රටපුරා ගොඩනැංවීමයි..මෙම වැඩ වර්ජනය කල සියලුම සේවකයින් අස්කලද, පසුව සමහරක් දේශපාලන සම්බන්ධතා මත නැවත රැකියාවට බදවා ගන්නා ලදී. නමුත් ලක්ෂ ගනනක් සේවකයින් සේවය අතහැර ගියාසේ සලකන ලද.මේ වැඩ වර්ජනයේදී සේවයකයෙක් මරා දැමුණු අතර බොහෝමයකට පහරදීම් වලටද ලක්වූහ, ඉතා දුක්කදායක අන්දම්න් තවත් පිරිසක් සියදිවි නසා ගත්හ. ලක්ෂයකට එහා ගිය සේවක සංඛ්‍යාවකට මහා පීඩනයක් ගෙනදුන් මේ සිදුවීම; මේ සමාජයට සිදුකරන ලද බලපෑම සුලුවෙන් අවතක්සේරු කල යුතු කරුණක් නොවේ. එක්සත් ජාතික පක්ෂ රජයකට යලි කිසිදා මේ බිමේ රෝපණය වීම වලකාලන බලමුලුවක් මේ සමගම නිර්මාණය විණි. ඒදා මහා පීඩාවකට ලක්වූ ඒ දූ දරුවෝ අද වැඩිහිටියන්ය. අද එක්සත් ජාතික පක්ෂයට හා මේ පොදු අපේක්ෂකයාට, “අනේ මහින්ද හරිම දූෂිතයි අපිට චන්දය දෙන්න” යයි අයදින්නට වී ඇත්තේ මේ මිනිසුන්ගෙනි. අද මේ මිනිසුන් මහා බලවන්ත තැනක ස්ථානගතව සිටී. ඔවුන් කිසිදා එක්සත් ජාතික පක්ෂයටවත් පොදු සිරිසේනටවත් තමන්තේ චන්දය නම් ලබා දෙන්නේම නැත.

3.1982 ජනාධිපතිවරණය හා ජනමත විචාරණය මේ රටේ ජන මනස තුල සිදුකල පෙරලිය අති මහත්ය. එදා පැවති මැර එක්සත් ජාතික පක්ෂ රජයේ ඔවුන් විසින්ම නම් කරන ලද විශිෂඨ මැතිවරණ විශේෂඥයින්ද වූහ.ඒ මැතිවරණ විශේෂඥයින්ගේ කාර්ය භාරය කොතරම් සුවිශේෂ වුවේද, යත් මෙරට චන්දෙදායකයාට සිය චන්දය පාවිච්චි කිරීම සදහා චන්ද පොලට යාමට ඇවැසි වූයේම නැත. චන්දදායකයා නිවසේ සිටියචීම අන් අයකු විසින් චන්දය දැමූමේ ක්රම වෙදයක් එදා මනාව සකස්ව තිබිණී.මෙය කොතරම් අති විශිෂථ ක්රමයක්ද යත් ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ චන්දයද එම මැතිවරණ විශේෂඥයින් විසින් ඔවුන්ගේ චන්ද අපේකෂකයාගේ ජයග්රහණය සදහා පාවිච්චි කර තිබුණි. මේ තාවකාලික වින්දනයන් සදහා එදා යෙදූ සියල්ලක්ම අද එක්සත් ජාතික පක්ෂයට පාරා වලල්ලක්සේ පහර පිට පහර දෙමින් සිටින යුගයක පොදු අපේක්ෂකයාගේ විනාශය උදෙසා ගොඩනැංවී ඇති බලකායට මේ මහා මැතිවරණ දූෂණය නිසා ඇතිවූ බලකායද එකක් බවට පත්වේ.

4.1983 වන විට රටට එරෙහි බලවෙිගය සිංහල හා දෙමල කැරැල්ල සූදානම් කර තිබිණ. ද්රවිඩ ත්රස්තවාදයටද ආධාර කරමින් සිංහල ජාතිවාදීන්ටද උදව් උපකාර කරමින් මේ ගින්දර රටතුල ඇවුලවූහ.දෙමළ මිනිසුන්ගේ දේපල විනාශ විය මිනිසුන් හා දරුවන් ගනනාවක් ඝාතනය කෙරිණ. ඒ දෙමළ ප්රජාවට සෘජුවම ජේ. ආර්. ජයවර්ධන මහතා නිග්රහ කරමින් එය ඔවුන් විසින්ම නිර්මාණය කර ගත්තක් බව පවසමින් වගකීමෙන් නිදහස් වීමට වෙර දරන ලදී. දෙමළ සමාජයේ විශාල බලපෑමක් මේ තුලින් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ගොඩනැංවී ආ අතර. එය ත්රස්තවාදයට උපකාරෟ තතවයකට පත්කර ගැනීමට අදිසි බල වේගයට හැකි විය. ඔවුනගේ ඉලක්කය වූයේද එයයි. මේ තත්වයන්ට මුහුණ දුන් දෙමළ ජන සමාජයද අද පොදු අපේක්ෂකයාගේ පරාදයට හේතුවෙන බලවත් සාධකයකි.

  1. මේ සිදුවීමත් සමගම එක්සත් ජාතික පක්ෂ රජය තවත් මර්ධන ක්රියාවලියක් ඇරඹීය.ඒ ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ බලවේගය විනාශ කිරීමයි. ඔවුන් මිනිස් ජීවිත ඉතා අපූරුවට විනාශ කලහ. ඒ් විනාශයන් හා මල කදන් අදත් මේ රටේ මිනිසුන්ගේ මනස පුරාම සනිටුහන්ව තිබීම හේතුවෙන් මිය ගිය මිනිසුන්ගේ ඥාතිත්වයන් ඒක්සත් ජාතික පක්ෂ පාලනයක් කිසිදා අපේක්ෂා නොකිරීම වර්තමාන පොදු අපේක්ෂකයාට බලවත් ගැටලුවන් නිර්මානය කර අැත.

6.වර්ෂ 1984-91 දක්වා වූ කාලය තුලදී ඒක්සත් ජාතික පක්ෂ රජය ඉතා පැහැදිලිවම ජනතාවෙගේ අාරක්ෂාව තමන්ගේ වගකීමක්ය යන කරුණෙන් බැහැර විය. තමන්ට අනාරක්ෂිත රටක් නිර්මාණය කල ඔවුන් තමන් විසින්ම නිර්මාණය කල ඒම අනාරක්ෂිතභාවෙයන් ඉතා මැනවින් බැට කෑහ. ඒ් හේතුවෙන් රජය විසින්ම ප්රකාශ කර සිටින ලද්දේ “ජනතාවෙණි, තම තමන්ගේ අාරක්ෂාව තම තමන්ම බලා ගනිල්ලා” යන්නයි. ෙම් සිදුවීම් ඒකිනෙකට ඉතා පැහැදිලිව ඉස්මතු කොට පෙන්වාදෙන ලද්දේ; තීරණාත්මක අවස්ථාවකදී ඒම පක්ෂ රජයන් ජනතාව අතරමංකොට පලා යන බවයි. මෙයද ප්රභලවම ජනමනස තුල කිදාබැස ගෙන අැති සංසිද්ධියකි.මේ සිද්ධීන් හා බැදුනු ජනතාව අද ප්රභල ජන බලමුලුවක්සේ ඒක්සත් ජාතික පක්ෂයට ඒරෙහිව මහින්ද රාජපක්ෂ මහතා හා පෙල ගැසී සිටී. ඒය අචල බලමුලුවක් වන අතර පොදු අපේක්ෂකයාට ඒරෙහිව බලවත්ව පවතින්නකි.

7 ඒදා අධිකරණය බල්ලාට දමා මැරවරයා නඩුකාරයින්ගේ ගෙවල් වලට ගල් ගසන යුගයක් වූ අතර; මැරයන් නඩුකාරයන්ගේ ගෙවල් වලට ගල් ගැසීමත් ප්රජාතන්ත්රවාදී නිදහසක්සේ හදුන්වාදීමට තරම් ජේ. අාර්. ජයවර්ධන මහතා මහා උද්ධච්ඡ පාලකයෙකු විය.ඒදා ඒ්වාට ලක්වූ අය හා ඔවුනගේ ඥාතීන් අදද මේ සමාජය තුල සිටින අතර බලයන්ද මේ සමාජය තුල තවමත් නිධන්ගතව සිටින බව වටහා ගත යුතුමය. ෙම් බලමුලු අදත් ක්රියා කරන්ෙන් මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂවය.

මේ බලවේගයන්ගේ සම්ප්රයුක්තය මීලග රාජ්‍යනායකත්වය තීරණය කරන ප්රධානම සාධකය විය. ජනාධිපති අාර්. ප්රේමදාස මහතාද ජාතිකව පැවති මේ බලමුලුවලින් හා බටහිර බලවේගයන්ගෙන්ද වියෝව සිටි ජනාධිපතිවරයකි. බටහිර බලවේගයන් බලාපොරොත්තුවෙන අාකාරයේ පුද්ගලයකු නොවන බැවින්,ඒතුමාව ඉවත් කොට තමන්ගේ හුරුවට ගැලපෙන පුද්ගලයකුට මෙරට ජනාධිපති ධූරය ලබාදීම සදහා සියලු කටයුතු සූදානම් කර; බටහිර බලෙව්ගයන් විසින් නිර්මාණය කල කොටි සංවිධානය උපයෝගී කරගෙන ජනාධිපති අාර්. ප්රේමදාස මහතාව විනාශ කලහ.

මේ සිදුවීම මේ රටතුල ගොඩනැංවී තිබූ රාජ්‍ය විරෝධී බලවේගයන්ගේ මහත් සතුටට හේතුවිය. ඉහත දක්වන ලද සියලුම බලමුලු මේ සිදුවීම තුලින් මහත් අාශ්වාදණීය තත්වයකට පත්විය. මේ අාශ්වාදණීය තත්වය මනාව කළමණානරනය කරන ලද බටහිර අදිසි බලවේග මේ උද්දාමයෙන් සිටි ජාතික බලවේග අතරට ඔවුන් මනාව ගොඩනංවා සකස් කොට තිබූ චන්ද්රිකා කුමාරතුංග මහත්මියව සියුම්ව දමන ලදී. නායකයෙක් බල බලා සිටි මෙරට ජාතික බලවේගයන් විසින් මේ පහලව අැත්තේ නූතන විහාර මහා දේවී යයි සිතමින් අැයව වැලද ගත්ය. 1994 බලයට පත් අැය සම්බන්ධද අැය හා අධිරාජ්‍යවාදී සම්බන්ධතාවයන් හදුනා ගන්නා විට රටට සිදුව තිබූ හානිය අතිමහත්ව  අස්ථාවර රාජ්‍යයක තත්වයට පත්ව තිබුණි. ඒහි ඵලයක් වශෙයන් ඉහත සදහන් බලමුලුත් කොටි ප්රහාරයන් හේතු කොටගෙන මතුවූ නව බලවේගත් ඒකතුව ජනතා විමුක්ති පෙරමුණට ඒම ශක්තිය මුසුකොට ජාතිය ඉල්ලා සිටි දේශපාලන ගමන යන්නට අාරම්භ කරන ලදී. ඒහි ඵලය වූෙය් මහින්ද රාජපක්ෂ මහතාෙග් 2005 නොවැම්බර් මස ජනාධිපතිවරණ ජයග්රහණයයි.

ඒදා බලය ලබාගත් ජනාධිපතිතුමා 1977 සිට 2005 දක්වා සිටි බලෙය් සිටි පාලකයින් තම බලයන් පවත්වා ගැනීම සදහා අනුගමනය කල

  1. පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩත්වයන් සිදුවීමට කිසිදු ඉඩක් ලබා දුන්නේ නැත.
  2. වැඩ වර්ජන හේතුවෙන් රාජ්‍ය සේවයෙන් කිසිවෙකුද ඉවත් කලේ නැත.

3.වාර්ගික ගැටුප් ඉස්මතුවීමට ඉඩ ලබා දුන්නේ නැත.

4.දූෂිත අාකාරයට මැතිවරණ පැවැත්වීම සදහා උපයෝගී කරගත් හැදුනුම් පතක් නැතිව චන්දය දැමීමට ලබාදී තිබූ අවස්ථාව නැති කිරීම.

  1. කිසිදු දේශපාලන පක්ෂයක් තහනම් නොකර ඒ ඒ් පක්ෂ වලට නිදහසේ දේශපාලනය කරගෙන යාමට පසුබිමද ගොඩබංවන ලදී.
  2. රටට හා ජනතාවට විශාලම බලපෑම වූද ඉහත සදහන් කරුණු ජනතාවට නිසි ලෙස බුක්ති විදීමට තිබූ මූලිකම බාදකය වූ කොටි සංවිධානයද සහමුලින්ම විනාශ කර දමන ලදී.

මේ ක්රියාදාමයත් සමග රජයට ඒරෙහි බලමුලු ගොඩනැංවීම නැවතී. රජය සමග ඒකතු වෙන බලමුලු සංඛ්‍යාව බලවත් විය. ඒ් සමගම 2009 මැයි මස 18 වෙනිදායින් පසු මෙරට ජනතාව නව ලෝකයක් දකින්නට විය. දොර දොර මල කදන් නිරතුරු දුටුව; දෙදරා යන දුම්රිය; බස්රිය; ගොඩනැගිලි දුටුව දෑස්; සැම තැන මල් පිපුන ලිය ගොමු; සුපිරි සිදු ජල දහරාවන් ගලා යන දිය අගල් හා සොදුරුභාවය මවන වැව් පද්ධතීන් දකින්නට පුරුදු පුහුණු වන්නට විය. තරුණ තරුණියන්ට සිය සොදුරු වසන්තය මේ සුන්දර පරිසරය පුරාම අැවිද රස විද දරාගැනීමටද; නිදහස් සිතුවිලි හා දැවටී තුටු වීමට සුන්දර පරිසරය තුල විවේකීව සිටීමටද සුදුසු අාකාරයට පරිසරය නිර්මිත විය. සැළලිහිණිය වැනි කවි වැල් මන බැද ඒනවිට; අැති වන ඒ් සතුට මනසට හානි කරන්නට හෝ රට පුරා නැගි ගිනි දැල් අවුලවන්නට නොහැකි තරමට රටපුරා සුන්දරත්වය ගොඩනැංවෙව විට; ජනතාව අවුලවන්නට වෙර දරණ ගින්දරට වඩා ගොඩනංවා අැති සුන්දරතාවයට අැලුම් කලහ. අද අැස් අැති; කන් අැසෙන; ගද සුවද දැනෙන නාසයක් අැති; මනා ලෙස ලොව දකින මනසක් සහිත සියලු ජන බලවේගයන්ම මහින්ද රාජපක්ෂ මහතා සමග පෙල ගැසී සිටී.

අැස් වලින් කිසිවක් නොදකින කන් වලින් කිසිවක් නොඅසන; ගද සුවද නොහදුනන ප්රජාවන් තමන් කල යුත්තේ කුමක්දැයි නොදැන වල් මත්ව සිටී. ස්වභාවය විසින් උරුම කල ඉන්ද්රිය පද්ධතීන් නිසි ලෙස සංඥා ලබා නොදීම නිසා අැවිදින මල කදන් බවට පත් මේ ජන ප්රජාව රට තුල සිදුව අැති දේ නොහදුනයි. සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි නොහදුනයි. මේ ජීවී මලකදන් අයෙක් ජාතික මලහෝන්තු වශයෙන්ද තවත් අයෙක් ජාතික නිවටයින් ලෙසද හදුන්වයි. මෙෙත්රීපාල සිරිසේන මහතා ලබන චන්ද සංඛ්‍යාව තුලින් මේ රටතුට සිටින නිවටයින්ගේ සංඝණනය කවර අගයක් ගනීදැයි හෙලි කරයි.

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

 

One Response to “2015 ශ්රී ලංකාවේ ජනාධිපතිවරණය හා නිවටයින්ගේ ජන සංඝණනය”

  1. sarathk Says:

    ඔහොම කරපු ජේ ආර් කොහොමද මහතා වෙන්නේ ?එක හරියට මිස්ටර් ප්‍රභාකරන් කිව්වා වගේනේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress