“සිකීම් මහින්ද හිමි දෙව් ළොව හිඳ ලියන වගයි……….”
Posted on February 5th, 2015

නිමල් ( ඇ එ ජ )

 ටිබෙට් රටේ ගම්මානෙක……………….. ඉපදීලා

පුණ්ණජි හිමි සමගින් ලක් දිව………….. වැඩලා

සරණක් නැති හෙළයින් වැළපෙනු…….. දැකලා

අවදිකරන්නට සිතුවෙමි කවි…………….. ලියලා

 

අමන සිහළුනගෙ බියසුළු ගති……………….දුටිමි

උන් වෙනුවෙන් අණුකම්පාවෙන්……….. බැලිමි

දෙස,බස රකිනට දැඩි වෙහෙසක්………… ගතිමි

දුනෙමි දිරිය, සිවුරක් ගැන……….. නොසිතුවෙමි

 

පන්හිඳ විය අසිපත පත් මා………………… අතට

පිටින් ඇවිත් මා ගරුකලෙ හෙළ…………. කමට

කිව් දේ නාහපු අමනයො මුන්……………. නිවට

ඉහළ ගියත්,බිම වැටුනත් එකයි…………….. මට

 

පන්හිඳ අරන් තොපි වෙනුවෙන් කවි…….. ලිව්වා

හෙළ අබිමානෙ මං දිය කර කර………… පෙව්වා

ඇස්ගෙඩි වලට හෙණ ගැහිලද මං……….. ඇහුවා

අමතකවෙලා ඇත කාටත් අද……………. මෙව්වා

 

හෙළයින් ගොඩලන්ට පෑනෙන් කලෙ….. සටන

මතකද?පොඩිඋන්ට ලිව් නැළවිලි……….. වරුණ

අම්මෙක් කොයිද? ඒ නැළවිලි ගී…………. ගයන?

කිම පල? සුළඟ, නොහමන් සමනළ……. දෙසින

 

බොදුකම,සිහළකම,බැති පෙම දැයට………. ඇති

අද වෙනකොට මෙහෙම දේවල් වෙලා…… නැති

උන්ගෙම එවුන් උඩ යනකොට ඇද……….. දමති

තලන කැකුණ හබන් කුකුළන් රසට……….. කති

 

ගැමුණු,විජයබා,මහසෙන්,……………..පැරකුම්බා

ලක් මෑණිගෙ සිරිපද අල්ලා……………….. ඉම්බා

අද ඉන්නා හෙළ පරපුර………………. “නිදිකුම්බා”

ඇඳුම වෙනස්කර ඇඳගනියව්……………. කම්බා

 

දියණිය නොහඳුනන පියවරු සිටින………… රටේ

මව්වරු අතින් තම දරුවන් ගඟට………….. වැටේ

දුසිරිත් මෙළක වැඩිවෙනවා හැටට……….. හැටේ

මේ හිටි එකා තව මොහොතින් මරුගෙ…… කටේ

 

දහමත් නොඅදහා පව්කම හිත……………… බන්දා

රට රට වලින් එන හැම දුසිරිත්……………. කැන්දා

දැය ගැන කිසිත් නැත ඔළුගෙඩි වල………… රන්දා

තෙවරක් බුදුන් මොහොකට වැඩියද………. මන්දා

 

හොරතක්කඩින් මුල් පුටුවල ……….වැජඹෙන්නේ

මහ පරිමාණයෙන් හොරකම්……… වැඩිවෙන්නේ

තෝරුන් පනී කූනිස්සන්……………. අහුවෙන්නේ

හෙළයිනි,තොපේ ගෙල තොපිමයි…… සිඳගන්නේ

 

පරයින් ඉදිරියේ ඇඹරෙනුයේ……………….. මන්ද?

අස්වද්දා ගනිව් වතුපිටි,වෙල…………………. ලන්ද

ආපසු ගනිව් සුද්දන් අත ඇති……………….. හැන්ද

අතගා බලව් නැතිවද තොපෙ පිට………… කොන්ද

 

අරගෙන දීපු නිදහසෙ පළ නෙලා…………… ගනිව්

කුළල් නොකා එකම පැත්තෙම ඉන්න……… බලව්

හෙළ සිරිතට අනුව දරුවන් හදා……………… ගනිව්

බැරිනම් ළඟදි, දිනකදි මර ගීය……………….. ගයව්

 

දම්පල් තුම, වළිසිහ මැති……………….  ජයතිලක

කුමරතුඟුන්,පියදස් සිරිසෙන්…………….. මෙලක

මොරදුණි,පළ ගත්තද මුන් කිසි…………. කළෙක?

ඉළුවානම් හොඳයි කටවල් කළු…………… ගලක

 

සිංහය කොඩිය දැන්වත්………………. ගලවාපල්ලා

උඩකින් තියාගන ඒකට…………………. වැඳපල්ලා

බූරුවෙකුගෙ රුවක් අළුතින්…………….. ඇඳපල්ලා

පෑදෙන තුරු මොළය එය……………… ඔසවාපල්ලා

 

නිමල් ( ඇ එ ජ )

 

One Response to ““සිකීම් මහින්ද හිමි දෙව් ළොව හිඳ ලියන වගයි……….””

  1. Independent Says:

    සිංහ කොඩිය තව ඉහලට නංවගමු
    පක්‍ෂ බේද නැති රජයක් පිහිට ගමු
    මිහිඳු හිමි දෙසූ උපදෙස් පිලිපදිමු
    සිහල බොදු රටක් යලි අපි බිහිකරමු

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress