රනිල් පුවත්පත් කතුවරුන්ට තර්ජනය කරයි
Posted on February 22nd, 2015

නලින් ද සිල්වා

රනිල් වික්‍රමසිංහ අඩු තරමෙන් මෙරට නීත්‍යානුකූල අගමැතිවත් නො වේ. අප ඉතා පැහැදිලිව කිහිප වතාවක් ම මෙම වෙබ් අඩවියෙන් පවසා ඇත්තේ ජනවාරි 8 වැනි දා පවත්වනු ලැබුයේ ජනාධිපතිවරණයක් මිස මහාමැතිවරණයක් නොවන බව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ජනාධිපතිවරණයකින් හිටපු ජනාධිපති වෙනුවට වෙනත් ජනාධිපති කෙනකු පත්වූ විට අගමැති හා කැබිනට් මණ්ඩලය වෙනස්වන බවක් සඳහන් නො වේ. සිදුවන්නේ නව ජනාධිපති කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කැබිනට් මණ්ඩලයට එකතු වීම පමණකි. අගමැති වෙනස්වීමක් අස්වීමක් ගැන සඳහන් නොවන බැවින් අනෙක් කැබිනට් ඇමතිවරුන්ගේ ද වෙනසක් නො සිදුවෙයි. අදටත් නීත්‍යානුකූල අගමැති දි මු ජයරත්න ය.
 
එසේ වුවත් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ නිකුත් කරන්නේ තමා ජනාධිපති ලෙස සලකමිනි. වාර්තා වී ඇති අන්දමට කුරුණෑගල පැවති රැස්වීමක දී ඔහු කියා ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මෙන් ඔහු පුවත්පත් කතුවරුන් මුණගැසීමක් නොකරන බව ය. මහින්ද රාජපක්‍ෂ මෙන් මුණගැසීමට රනිල් ට නොහැක්කේ ඔහු ජනාධිපති නොවන නිසා ය. එසේ කළ හැක්කේ මහින්දට පමණ ය. ඒ කෙසේ වෙතත් රනිල් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට විටෙක තර්ජනය කරයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ඇත්තේ ජනාධිපතිට පමණක් බව ඔහු නො දන්නේ ද?
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකමින් ක්‍රියාකරන රනිල් ජාතිවාදය අවුස්සන්නේ යැයි කියමින් ඉරිදා දිවයින පුවත්පතටත් එහි කතෘ අනුර සොලමන්ස් මහතාටත් ඉරිදා රිවිර පුවත්පතටත් එහි කතෘ සිසිර පරණතන්ත්‍රී මහතාටත් තර්ජනය කර ඇත්තේ නමින් ම ය. රනිල් මේ අවසාන වතාව බවත් පුවත්පත් හිමියන් ගෙන්වා කටයුතු කරන බවත් ප්‍රකාශ කර ඇත. ඔහු කරන්නට යන්නේ කුමක් ද යන පැහැදිලි ය.
 
මගේ ලිපි ඉරිදා දිවයින පුවත්පතෙහි පළ නොවීම පිළිබඳ මට කුකුසක් ඇති වී තිබිණි. අද පුවත්පත් නිල නොවන වාරණයකට යටත් ව ඇති බවට සැකයක් තිබිණි. රනිල්ගේ කුරුණෑගල ප්‍රකාශයෙන් එය තහවුරු වෙයි. මේ පුවත්පත් ජාතිවාදය අවුස්සන්නේ ය යන්නෙන් රනිල් අදහස් කරන්නේ කුමක් ද? මේ පුවත්පත් දෙකම එඩ්මන්ඩ් රණසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ වැඩුණු පුවත්පත් ය. රණසිංහ මහතා මා දන්නා ආකාරයට එ ජා ප නිල පුවත්පත වූ සියරට පත්‍රයෙහි ද කතෘ ධුරය දැරී ය.
 
එහෙත් රණසිංහ මහතා එ ජා පක්‍ෂයේ සාමාජිකයකු ව සිටියේ යැයි මම නො සිතමි. කෙසේ වෙතත් ඒ මහතාට එ ජා පක්‍ෂයට හා එහි නායකයන්ට නැති ජාතිකත්වයක් තිබුණේ ය. රිවිර හා දිවයින පුවත්පත්වල රණසිංහ මහතාගේ ජාතිකත්ව ලකුණ ඇත. මේ ජාතිකත්ව ලකුණ පිළිබඳ ව රනිල් වික්‍රමසිංහට එඩ්මන්ඩ් රණසිංහ මහතාගෙන් තවදුරටත් කරුණු දැනගත හැකි ය. අද රනිල් වික්‍රමසිංහ ජාතිවාදය යනුවෙන් හඳුන්වන්නේ මේ ජාතිකත්වය විය යුතු ය. හැකිනම් ජාතිවාදය යනු කුමක් දැයි නිර්වචනය කර ඒ පුවත්පත්වලින් ජාතිවාදයක් නිරූපණය වන්නේ කෙසේ දැයි පැහැදිලි කර දෙන මෙන් රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටිමි.
 
මෙරට දෙමළ ජාතිවාදීන් ද ඊනියා රාජ්‍ය නොවන පඬියන් ද සිංහල විරෝධීන් ද කලක් තිස්සේ මේ පුවත්පත් ජාතිවාදී යැයි කියන බව අපි දනිමු. පෘතුගීසීන් ලංකාවට පැමිණි දින සිට ම සිංහල බෞද්ධ ජාතිකත්වයට පහර එල්ල වන්නට විය. රනිල් ට පෘතුගීසීන් පැමිණීමේ පන්සිය වස සැමරීමට වුවමනාවක් 2005 දී වූ බව ද අපි දනිමු. එය මගහැරී ගියේ ඔහුට අගමැති පදවිය අහිමි වීම නිසා ය. 1815 ජනවාරි පෙබරවාරි 18 වැනි දා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංගිරිසින්ට පාවා දෙනු ලැබිණි. රනිල්ට සෘජුව ම අභියෝග නොකළත් මහින්ද රාජපක්‍ෂ අගමැති බවට පත්කිරීමේ සටන නුගේගොඩින් ඇරඹුණේ ඉන් හරියට ම අවුරුදු දෙසියයකට පසුව ය. මාර්තු 2 වැනි දාට සිංහල ඉංගිරිසි ගිවිසුම අත්සන් කර අවුරුදු දෙසියයක් පිරෙයි. ආණ්ඩුව එය සැමරීමට කල්පනා කරන්නේ ද?
 
තමා නීත්‍යානුකූල ව  අගමැති නොවන බව දන්නා රනිල් අද හැසිරෙන්නේ  ආත්ම විශ්වාසයක් ඇතිව නො වේ. ඔහුට නුගේගොඩ රැස්වීම ප්‍රශ්නයක් වී ඇත් ද? ඒ කෙසේ වෙතත් සිංහලයන්ට දිනාගැනීමට ඇති අයිතිවාසිකම් බොහොමයකි. එ අයිතිවාසිකම් සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට නැති වූයේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි ආක්‍රමණ සමග ය. 1505(6) දී ඇරඹී මේ ක්‍රියාදාමය 1833 ව්‍යවස්ථාදායක මණ්ඩලය පිහිටුවීමත් සමග සෘජු දේශපාලන තලයට පැමිණියේ ය. එදා පටන් ඉංගිරිසිහු සිංහල ජාතිකත්වයට එරෙහි ව දේශපාලනික වශයෙන්  දෙමළ ජාතිවාදය යොදාගත්හ. දෙමළ ජාතිවාදය හතළිස් ගණන්වල දෙමළ බෙදුම්වාදය බවටත් හැත්තෑවේ දශකයෙහි දෙමළ ත්‍රස්තවාදය බවටත් විකාශය විය. මහින්ද රාජපක්‍ෂ 2009 දී නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ත්‍රස්තවාදය පැරදවීම සඳහා මානුෂික මෙහෙයුම්වලට දේශපාලන නායකත්වය ලබා දුන්නේ ය. ඒ මෙයෙුම්වලට රනිල් ඇතුළු එ ජා ප නායකයෝ උසුළු විසුළු කළහ. තොප්පිගල කැලෑවක් බවත් අලිමංකඩ යනවා යැයි කියමින් පාමංකඩ යන බවත් ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි බවත් ඔවුන් කීවේ රණවිරුවන් අධෛර්යමත් කර දෙමළ ජාතිවාදයට උඩගෙඩි දීමට ය. ඔවුන්ගේ කතාවලින් දෙමළ ජාතිවාදීහු ද ඒ ජාතිවාදය පිටුපස සිටින ඊනියා උගත්තු ද බටහිරයෝ ද උද්දාමයට පත්වූහ.
 
සිංහලයන් බටහිරයන් විසින් නැතිකරනු ලැබූ අයිතිවාසිකම් දිනාගැනීමට කටයුතු කළ යුතු ය. එය සිංහලයන්ගේ අයිතියකි. එ පිළිබඳ පුවත්පත්වලට ලිපි සැපයිය යුතු ය. සිංහලයන්ට එරෙහි ව දෙමළ ජාතිවාදීන් ගෙන යන ව්‍යාපාර ගැන සිංහලයන් දැනුවත් කළ යුතු ය. එය ජාතිවාදී ක්‍රියාවක් යැයි රනිල් වික්‍රමසිංහ කියන්නේ ද? ඉංගිරිසින් සිංහල ජාතිකත්වයට එරෙහිව දෙමළ ජාතිවාදය යොදාගත් ආකාරය මා දිවයින පුවත්පතට ලියූ ලිපිවලින් හා ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා යන පොතෙන් විස්තර කර ඇත. රනිල් වික්‍රමසිංහ ඒ පොත කියවා නැත්නම් රතන හිමියන්ගෙන් හෝ චම්පික රණවකගෙන් හෝ ඒ ඉල්ලා කියවිය හැකි ය. එසේත් නැත්නම් මට එරෙහිව එකල චම්පිකලා ඉදිරියට ගෙන ඒමට තැත්කල, අද එ ජා ප මාධ්‍ය ඒකකයක සිටින සුජිත් අක්කරවත්තගෙන් හෝ ජනමාධ්‍ය ලේකම් කරුණාරත්න පරණවිතානගෙන් හෝ ඉල්ලා ගත හැකි ය. ඔවුන් සියල්ලන් ම ඒ පොත කියවා ඇත.
 
රනිල්ලාගේ ජනාධිපති අපේක්‍ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේනට ජනාධිපතිවරණයේ දී සිංහලයන්ගෙන් ඡන්දවලින් ලැබුණේ ආසන්න වශයෙන් 42% කි.  ඒ ඊනියා යහපාලනයක් ගැන ගෙන යන ලද ප්‍රචාරයක් මගින් පඬියන් විසින් ජාතික යැයි  හැඳින්වෙන ප්‍රශ්නය යටපත් කර තිබිය දී ය, ඇමරිකාව අනෙක් රටවල තමන්ට විරුද්ධ නායකයන්ට එරෙහිව සයිබර් යුද්ධයක් යොදාගෙන ඇති අන්දමට මෙරට ද තරුණයන් නොමග යවමින් මහින්දට වීිරුද්ධව සයිබර් අවකාශය යොදාගැනීමෙන් පසුව ය.
 
මීළඟ මැතිවරණයේ දී රනිල් පක්‍ෂ නායකයා ලෙස තරග කළහොත් එ ජා පක්‍ෂයට ලැබෙන සිංහල ඡන්ද ප්‍රමාණය ගැන අටුවා ටීකා ලිවීම මගේ අභිප්‍රාය නො වේ. රනිල් ඉරිදා රිවිරට හා ඉරිදා දිවයිනට තර්ජනය කරන්නේ ඒ පුවත්පත් සිංලයන්ගේ අයිතිවාසිකම් ගැන කතා කළහොත් තම ඡන්ද ප්‍රමාණය තවත් අඩුවේ යැයි සිතන බැවින් ද? සිංහලයන්ට තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නැගීමට ඉඩ නොතැබීම යහපාලනය ද? මාධ්‍ය නිදහස ද? සිංහලයන්ට මාධ්‍ය නිදහස අහිමි ද? එය තිබිය යුත්තේ ඊනියා රාජ්‍ය නොවන පඬියන් ඇතුළු දෙමළ ජාතිවාදින්ට පමණ ද?
 
ජාතිවාදී වීමක් ගැන කියමින් ඒ පුවත්පත් දෙකට හා එහි කතුවරුන්ට තර්ජනය කරන  රනිල් උතුරේ මහ ඇමති විග්නේස්වරන්ගේ සිංහල විරෝධී දෙමළ ජාතිවාදී ප්‍රකාශ, යෝජනා අමතක කර දමයි. ඔහු ඒ සම්බන්ධයෙන් කියන්නේ විග්නේස්වරන්ට ඊනියා ජාත්‍යන්තරයෙන් කණේ පහරක් ලැබී ඇති බව ය. කවුරු කණේ පහරක් දුන්නත් නැතත් විග්නේස්වරන්ට විරුද්ධව පියවරක් නොගන්නේ ඇයි? රනිල් ක්‍රියා කරන්නේ කා වෙනුවෙන් ද යන ප්‍රශ්නය මැතිවරණයේ දී පුවත්පත් තහනමක් ඇතිව හෝ නැතිව හෝ රැව් පිළිරැව් නැගීම කිසිවකුටවත් වැළැක්විය හැකි නො වේ.
 
නලින් ද සිල්වා
 
2015 පෙබරවාරි 22

4 Responses to “රනිල් පුවත්පත් කතුවරුන්ට තර්ජනය කරයි”

  1. Christie Says:

    Namaste: Ranil is acting on the advise of the Governor of Indian Empire Chandrika. His actions are similar to the actions of a Kankani, manage the Coolies including Sirisena. Jai Hind
    PS: I thank LankaWeb for allowing me to express my views. Indian Empire is more powerful and ruthless and has the ability to control the media of the West through Indian colonial parasites and vermin.

  2. Leela Says:

    සිරිසේන ජනාධිපති පොලොන්නරුවේ සිට කරනවය කිව්ව පාලනය ගැන කතා බහක් දැන් නැහැ. ජනාධිපති බලතල සීමා කිරීම අඩුවෙන ලකුනුත් දැන් දැන් එලි දක්වනව. ගොවියගෙ පුතා සිරිසේන ගැහැනි මිනිහ කරන්න පමණක් බැරි ජනාධිපති බල තල වලින් උද්දාමයට පත්වෙලා සතුටු වෙන බවත් පෙනෙනවා. විධායක බලතල මහජන චන්දයෙන් පත් උන සිරිසේන අතේ තියන එක මහජන චන්දෙන් පත්වෙන්න බැරි වක්‍රාකාරයෙන් බලය ඩැහැ ගන්න මාන බලන රනිල්ට පවරනවට වැඩිය දහස් ගුනයක් හොඳයි. නමුත් සිරිසේනට එ් බලය තියාගන්න පොලිටිකල් අැකියුමෙන් තියනවද කියන එකයි ප්‍රශ්නය.
    අද රනිල් මංත්‍රිවරුන්ට සහ සිංහලෙන් ලියන පත්තර කාරයින්ට සහ තවත් අයට ප්‍රසිද්ධයේ කරන තර්ජන සහ බ්ලැක් මේල් වල කෙලවරක් නැහැ. නමුත් අප්‍රියෙල් වලින් පස්සෙ නවක පාර්ලිමේන්තු මංත්‍රි වරුන්ගෙ පැන්ෂන් එක හරි ගියහම ඔවුන්ට කරන බ්ලැක් මේල් නම් ඉවර වෙනව. ඊට පස්සෙ සිරිපාල ප්‍රේමජයන්ත වගේ කබ්බො ටිකක් විතරයි සිරිසේනට එහෙයි කියන්නෙත් අාණ්ඩුවට කඩේ යන්නෙත්. අප්‍රියෙල් වලින් පස්සෙ මොන පනතද සම්මත කරන්නෙ කියන එක තීරණය කරන්නෙ විදුරල වගේ ජවය තියන අළුත් මංත්‍රිල මිසක් විපක්‍ෂ මංත්‍රිල නෙවෙයි. එ් අය දන්නවා ජන මතය කෙහෙද තියෙන්න කියල. එ් නිසා උන් බය නැතුව වෙඩි පත්තු කරනවා. උන් බය නැතුව රනිල්/චන්ද්‍රිකා/සිරිසේන රෙජිමයේ අායුෂ තීරණය කරනවා.
    එ් අතරෙ රනිල්/චන්ද්‍රිකා/සිරිසේනලා ජනාධිපති ක්‍රමය නැති කරන්න සෝපිත දෙයියො කියපු ඔහුට වෙච්ච බාරය රතන කපුවා ලවා සිරිසේන වෙනස් කරල. සෝපිත දෙයියොයි රතන කපුවයි සිරිසේන අාතුරයයි දැන් කියන්නෙ දින සියයෙ ප්‍රශ්ණයක් නැහැ ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමට මුල් තැන දිය යුතු බවයි. මොකාටද මේ එන්නෙ. මොකක් උනත් චන්ද ක්‍රමය වෙනස් කරන එක කබ්බන්ට හැර අනෙක් කාටත් හොඳ වැඩක්. වීශේෂයෙන්ම මුදල් අඩු මහින්ද සමග හිටගන්න තරුණ මංත්‍රි වරුන්ට ඉතා හොඳයි.

    සිරිසේන ගැට ගහයි. රනිල්ගෙ වෙනම ගැට ගහයි. රනිල් අන්ඩයා උනත් හැන්ද තියෙන්නෙ සිරිසේන අතේ නිසා වැඩි කල් නොගොස්ම වෙන්ඩ විධායක අගමැති රනිල් බලාපොරෙත්තු කඩකරගෙන අාවේස වෙනව. විධායක බලය පැහැර ගන්න බැරි උනහම එජාප නඩය අායෙත් මානසිකව වැටෙනවා. ඊට පස්සෙ එජාප නඩය රනිල්ව පන්නල තමයි පස්ස බලන්නෙ.

    මහින්ද නැති කබ්බො ඉන්න ශ්‍රිලනිපට ෆස්ට් පාස්ට් ද පෝස්ට් තියා කිසිම චන්දයක් දිනන්න බැහැ කියල සිරිසේනට පෙනෙන්නෙ නැහැ. මහින්ද වටා රැල්ලක් හැදෙනව කියල සිරිසේනට පෙනෙන්නෙ නැහැ. එ් තරමට සිරිසේන බලය නැමති අමු කාලා බලයෙන් මත් වෙලා. සිරිසේන ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පටහැනිව අගමැතිවරයා පත්කිරීම සහ තම අත්සන යෙදූ ලිපියකින් බලහත්කාරය යොදවා අග්‍ර විනිශ්චයකාරවරයා ඉවත් කිරීම වැන්න අනාගත දෝෂාභියෝගයකට අමු ද්‍රව්‍ය බව ඔහුට පෙනෙන්නෙ නැහැ. බලයට පත්වී දින 55ට ඔහු යථාර්ථයට අන්ධ වෙලා. තව මහින්ද වගේ අවුරුදු 10ක් සිරිසේන රජ කම් කොලා නම් කොහොම තියෙයිද?

    අසූව දශකයේ ඉන්දිරා ගාන්ධිට කොන්ග්‍රස් (I) හදල වන්ද දිනන්න හැකි උනා නම් අද වගේ සන්නිවේදන ප්‍රවාහන පහසු කම් අැති කාලෙක මහින්දගෙ ශ්‍රිලනිප(M) සහ දිනේෂ්ල විමල්ල අළුතින් හදන හවුල් පක්‍ෂයට එළඹෙන චන්දය අනිවාර්‍යයෙන්ම දිනත හැකි බවයි මගේ අදහස. අද අැතිවේගන යන මහින්ද රැල්ල 60ටේ දශකයෙ වමේ හවුල හෝ 90 දසකයේ ලලිත් ගාමිනි හවුල විදිහට ගනන් හදන අය ඉන්නෙ රැවටිල්ලක. මේ යන රැල්ල කැරකෙන්නෙ යුද්ධය ඉවර කරල රට සංවර්ධනය කරපු නායකයා වටේ බව එ් අය අමතක කරල.

  3. Ananda-USA Says:

    Aiyoooo Sirisenaaaa ….. Under your SUPINE & INEFFECTIVE leadership your Yahapalana has become a Yamapalanaya!

    Yamapalana Sudiya!

    Lankawata Harima Deyak Siduwuna,
    Seemawak Nathuwa Pathuruna.
    Raja Wennata Sithapu Gona,
    Sudiya Nisa Moda Wuna,
    Biwwa Neda Yahapalanaya?

    Biwwa Neda Yahapalanaya?
    Gilla Neda Yahapalanaya?
    Aney Magey Sirisena Paney,
    Kiyannako Attha Aney,
    Apita Pewwa Neda Yamapalanaya?
    Apita Pewwa Neda Yamapalanayaaa ….?

  4. Ananda-USA Says:

    THIS IS THE THIN END of THE WEDGE in DISMANTLING Sri Lanka’s Powerful Armed Forces!

    Gotabhaya ACTED UPON suggestions made by a host of PATRIOTS to OFFSET the cost of MAINTAING a LARGE Sri Lanka Defence Force by using them in National Development work such as CONSTRUCTION of Civilian Infrastructure.

    In that way it would be possible to Maintain Battle-Ready Armed Forces to defend the Nation against ANY & ALL LOCAL & FOREIGN enemies. That is CALLED DETERENCE! Now, that Ran Weta DEFENDING our Motherland is being DISMANTLED!

    Next will come AN EXCUSE that the COST of DEFENCE is TOO HIGH, UNSUSTAINABLE and the numbers of Soldiers, Sailors, Airmen and Coast Guard men MUST BE REDUCED to BALANCE the BUDGET! A self-fulfilling Prophecy since the Development Funds used to maintain them was taken away!

    WHO WILL BENEFIT from This?

    The TAMIL Eelamist SEPARATISTS demanding REMOVAL of Army bases in the North, and the emerging Hard-Core MUSLIM SEPARATISTS demanding the “Return of Land to Muslims” in the East … OF COURSE!

    Aiyooooo Sirisenaaaa …. You are WRECKING the DEFENCES of our MOTHERLAND built as such great COST in BLOOD & TREASURE!

    ……………………..
    Sri Lankan government directs thousands of soldiers engaged in labor work back to their regiments

    ColomboPage News Desk, Sri Lanka.

    Feb 22, Colombo: The government of Sri Lanka has reassigned close to 18,000 soldiers who were deployed to work on development projects under the former government back to their regiments.

    The former government had deployed around 18,000 military personnel to work in most of its development projects and most of them worked as laborers.

    Deputy Urban Development Minister Dunesh Gankanda told the media that the objective was to ensure that their jobs were protected and their services were not used for labor work.

    He said that only soldiers required for skilled work such as technicians would be retained in projects and the others will be sent back to their units.

    President Maithripala Sirisena during the election campaign pledged to ensure the dignity of forces personnel by not deploying them for laborers’ work.

    ………………….

    Sri Lanka Muslim party expresses concerns over land issue in the Eastern Province

    ColomboPage News Desk, Sri Lanka.

    Feb 22, Colombo: Sri Lanka Muslim Congress (SLMC), an ally of the Sri Lankan government has expressed concern over the land issue in the Eastern Province.

    The SLMC has written to Prime Minister Ranil Wickremesinghe about the concerns over land yet to be returned to Muslims in the Eastern Province.

    SLMC General Secretary M.T. Hassan Ali has stated in the letter that the Muslims want a solution to the issue ahead of the announcement of general elections.

    The SLMC has noted that the illegal dispossession of land is affecting thousands of Sri Lanka’s citizens in the Eastern Province.

    “This land has been occupied, cultivated and improved over the last thirty years by these citizens. But today they are being forcibly and irregularly dispossessed and denied the ability to exercise their rights to utilize their lands in freedom and without restriction, despite having done so for a very long period of time,” Hassan Ali has stated, adding that repeated representations to relevant authorities have failed to secure return of the respective lands.

    The SLMC has pointed out that the failure to resume possession of, use and enjoy respective lands by the Muslims in the area has drastically affected their lives and those of their families.

    “Thus, these citizens remain denied of their rights and in relation to lands that their families occupied/cultivated/improved for over three decades. This continuous denial of their rights is referable to failure of the authorities to take proper steps and measures,” Hassan Ali has noted in the letter.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress