මෛත්‍රීගේ තර්ජනය
Posted on February 23rd, 2015

නලින් ද සිල්වා

රනිල් පුවත්පත් කතුවරුන්ට තර්ජනය කරන අතර මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා කටුනායක හෝටලයක පැවැත් වූ වැඩමුළුවක දී ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට තර්ජනය කර ඇත. රනිල්ට අනුව අදාළ පුවත්පත් කතුවරුන් මහින්ද රාජපක්‍ෂගේ වැසිකිළි සෝදා ඇත.  ඔහු එහි දී සක්කිළි යන වචනය ද යොදා ගෙන ඇත්තේ එක් ජනවර්ගයකට එයින් අපහාසයක් වන බව නො දැන ද? ඒ කෙසේ වෙතත් මෛත්‍රිපාල නුගේගොඩ රැස්වීමට ගිය ශ්‍රී ල නි පක්‍ෂ මන්ත්‍රීවරුන්ට තරයේ බැණ වැදී ඇත. ඔහු පක්‍ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්තට හා ලේකම් අනුර ප්‍රියදර්ශන යාපාට පක්‍ෂයේ සාමාජිකයන්ට නුගේගොඩ රැස්වීමට සහභාගි වීම තහනම් කිරීම සඳහා කොන්දක් තිබී නැතැයි කියා ඇත.

 

අගමැතිකම ගැන කතාකරන්නේ තමන්ට අගමැතිකම නොදුන් බව අමතක කරමින් ද යන ප්‍රශ්නය මෛත්‍රිපාලගේ මුවින් පිට වී ඇත. ඒ අතර වෙල්ගම නුගේගොඩ රැස්වීමට බස් විස්සක් යැවීම ගැන ද ඔහු සඳහන් කර ඇත. මෛත්‍රිපාල මන්ත්‍රී වෙල්ගමට දොස් කියන අතර රනිල් වෙල්ගමගේ සොයොයුරාට අයත් දිවයින පුවත්පතට තර්ජනය කළේ ය.

 

කටුනායක දී සම්මත කරගත් යෝජනාවකට අනුව 2016 අපියෙල් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින ලෙසත් එතෙක් ඇමතිවරුන් පනහකගෙන් පමණ සමන්විත ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් පිරිසකට ද ඇමතිකම් ලබා දෙන ලෙසත් ඉල්ලා ඇත.

 

මේ සියළු තර්ජනවල, යෝජනාවල ඇත්තේ එක් අරමුණකි. එනම් මහින්ද රාජපක්‍ෂ සදහට ම දේශපාලනයෙන් ඉවත් කිරීම ය. මෙය රනිල්ගේ හා මෛත්‍රීපාලගේ අවශ්‍යතාවක් පමණක් නොව බටහිරයන්ගේ ද ඉන්දියාවේ ද අවශ්‍යතාව වෙයි. ඒ පිටුපස දෙමළ ජාතිවාදය පෝෂණය කර සිංහල ජාතිකත්වයට එරෙහිව යොදා ගැනීමත් චීනයට ඇති විරුද්ධතාවත් වෙයි. චීනයේ මුහුදු සේද මාර්ගය නැවත්වීම හා චීනයට එරෙහිව ඉන්දියාව ඉදිරියට ගෙන ඒම චීන විරුද්ධතාවට මුල වෙයි. අද ඉන්දියාව පැහැදිලිව ම තම අවශ්‍යතා සඳහා මෛත්‍රිපාල යොදා ගනියි.

 

මේ තත්ත්වය හමුවේ මහින්ද මෛත්‍රී එකතුවක් බලාපොරොත්තු විය නො හැකි ය. අද මෛත්‍රිපාලගේ නායකත්වය යටතේ ශ්‍රී ල නි පක්‍ෂය එ ජා පක්‍ෂයේ අතකොළුවක් බවට පත්වෙමින් ඇත. ශ්‍රී ල නි පක්‍ෂ වත්මන් නායකත්වයට මහින්ද රාජපක්‍ෂ මුළුමනින් ම දේශපාලනයෙන් අතුගා දැමීමට අවශ්‍ය වුවත් රටේ තත්ත්වය සම්පුර්ණයෙන් ම වෙනස් ය. එය නිරූපණය වන්නේ පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් මිස තම පාර්ලිමේන්තු මන්ත්‍රීකම් ආරක්‍ෂා කර ගැනීමට බලාපොරොත්තුවන මන්ත්‍රීවරුන්  සුළු පිරිසකගෙන් නො වේ. මෛත්‍රිපාලට මේ සුළු පිරිසට තර්ජනය කළ හැකි ය, අවශ්‍ය නම් එ ජා ප සමග එකතු වී ප්‍රසන්න රණතුංග මහඇමතිකමෙන් ඉවත් කළ හැකි ය.

 

මෛත්‍රිපාලට අවශ්‍ය ශ්‍රී ල නි පක්‍ෂය දිය කර හැරීම බව පැහැදිලි ය. ඔහුට අගමැතිකම නොදීම ගැන මහින්ද රාජපක්‍ෂ ගෙදර  යැවීමට හා දංගෙඩියට යැවීම ගැන සිහින මවන මෛත්‍රිපාල තම වෛරය පාලනය කරගත  නොහැකි ව පක්‍ෂය ම දියකර හැරීමේ මාවතකට යොමු වී ඇත. ශ්‍රි ල නි පාක්‍ෂිකයන්ට පස්සා දෙරෙන් පත් වූ පක්‍ෂ සභාපති ඉවත් කිරීමට කාලය පැමිණ ඇත.

 

 

නලින් ද සිල්වා

 

2015 පෙබරවාරි 23

12 Responses to “මෛත්‍රීගේ තර්ජනය”

  1. Senevirath Says:

    රටේ උරුමක්කාරයන් වන සිංහල බෞද්ධයන්ට විරුද්ධ ද්‍රෝහී රනිල් හා චන්ද්‍රිකා සමග එකතුවුයේ කොන්ද පන තියන නිසාද මහින්ද එපා නම් කෙලින්ම සටනක් දෙන එකනේ තියෙන්නේ ඉන්දියාවෙය් බටහිරය් සහයෝගේත් තියෙන එකේ . . අහෝ ….මයිත්රියේත් හැටි මෙහෙම නම් සිංහලයාට අබ සරනය්.

  2. Independent Says:

    වැරදි වැඩ කලානම් ඒවා පිලිගෙන දංගෙඩියට යාමට සූදානම් වීම නියම නායකයාගේ උතුම් ලක්‍ෂණයකි. එසේ වුවහොත් ඇමරිකාවේ වැඩ වාසයකරන වීරයින් ලංකාවට ගොස් ජීවිත පූජාවෙන් අභීතව සටන් කරතැයි අපි බල්ලපොරොත්තු වෙමු.

  3. NAK Says:

    Nama kapuruhami unath kata gandai! It is that kind of My3. He is doing his level best to keep MR out because as he percieves MR is a clear threat to him. Ranil has already gone off his rocker and like the proverbial ‘drunken rat’ has openly challanged MR.
    Some of the SLFP leadership it seems unashamedly are prepared to sleep with the UNP as long as they get their positions.
    Siripala takes the cake. It is high time MR comes out of his shell and show all these rats who are making a lot of noices who he really is once and for all.

  4. NAK Says:

    This is not the first time MY3 threatened. At the ‘Ape Gama’ party meet too he threatened to disslove parliament if his wishes were opposed. Ranil is threatening not only the the news paper editors but owners as well.
    Yahapalanaya with freedom of expression at ts best.

  5. Senevirath Says:

    ආවොත් වරෙන් ගියොත් ගියදෙන් කියල දැන් තියෙන්නේ මහින්ද දේශප්‍රේමීන් සමග අත්වැල් බැඳගෙන නවපෙරමුනකින් හරි ඉදිරියට එන එකය් ද්‍රෝහීන්ට රට කන්න නොදී .58 ලක්ෂයක් ඔහු සමග ඉන්න විට ද්‍රෝහී ආණ්ඩු තිබුනත් වැඩේ ලෙසිවෙන්නේ නැහැ උන්ට හැබය් මහින්ද කෙලින්ම 13 අහෝසි කරන බවට පොරොන්දු වෙන්න ඕන පස්සේ බැ හැ

  6. Senevirath Says:

    මොන වැරදි තිබුනත් වයරය ඇත ඇරලා හරිමන් සිංහලයෝ නම් එකතු වෙලා ද්‍රෝහී බෙදුම්වාදීන්ගෙන් රට බෙර ගන්නවා නේද මයිත්රීට ලොකු අගමැතිකමද නමටත් කැළලක් මයිත්‍රී- සරත් – මහින්ද එකතු වුනොත් ආයෙත් රට බෙදෙන්නේ නැහැ . එහෙත් බල ලොභීන්ගෙන් අපි මොනවා බලාපොරොත්තු වෙන්නද දිනේෂ් හැකි දෙයක් කරන්න අනිත් අයත් සමග එකතුවී .

  7. ranjit Says:

    It is high time to form a new third wave maybe Nugegoda Man could be the answer. Why a strong leader like Mahinda go behind a puppet like MY3 and beg for anything when he has millions to stand behind him? He should get out from S.L.F.P. and form a new party with the faithfuls to him and to the country. A Sinhala Buddhist Govt to work for the Sinhalese people and to safeguard Buddhism.

    We have to show the world that they cannot push the Sinhalese so easily. We are a strong nation with kindhearted people who treats human beings like human beings not like Americans who kill thousands everyday in different countries around the world.

    MY3/Ranil/Chandrika the three blind mice who got the power by a chance won’t give up so easily and they will never like to give a chance to Mahinda in their dreams even therefore Mahinda should come out from wilderness and walk with the millions who supported him and form a new movement to take power and serve the people of this country again. It’s the only way he can pay back his millions of supporters who wish to see him back. MY3 is a stooge of the UNP and the west. He is already blind by the power he got suddenly thanks to Americans & Indians. He will not know when his end will come and it will be too late for him because no one will be there to greet him when it happens. He will be a forgotten President same like Wijetunga.

  8. Christie Says:

    Namaste: Sakkiliyas are the Sinhalese who lived in the Yapa Patuna before the mass migration of Indians mainly from Tamil Nadu after the arrival of British. Indians never let their Dalits to leve their villages. We will be full pledged Sakkiliyas soon. Jai Hind

  9. Senevirath Says:

    නලින්ගේ ”’ දැක්ම ” ලිපි ඉරිදා දිවයිනේ පලනොකරනවිට මම කර්තෘට ලියා ” මේක ඔබේ තීරණයක්ද නැත්නම් තීරණයක්ද කියල . උතත රයක් නම් නැහැ මම ලියු අවසාන වැකිය නම් ””””’කොහොම හරි පත්තර රජෙක් අපිට නැතිවුනා ””””’

    ගාමිණී සුමනසේකර කර්තෘ පදවියෙන් යනකොට නම් මම නිකමටත් හිතුවා මෙහෙම වෙයදා කියල නමුත් තවමත් පත්තරේ නරක නැහැ කර්ත්රුවරුත් මොනවා කරන්නද අලුගෝසුවෝ මරන්න එනකොට . රිවිරේ සිසිර පරණ තන්ත්රීත් මම දන්නේ වසර 30 ක විතර ඉඳල හොඳ ජාතිකත්වයක් තිබුන කෙනෙක් ද්‍රෝහී රනිලයා ට මේ වගේ ය වහකදුරුය් රනිල් තමන්ට ඉබේ ලැබුන අගමැතිකම නම් මේ සම්මත්ජාතියේ අ ත හරින එකක් නැහැ රටෙන් බාගයක් බටහිරටත් ඉතිරියෙන් බාගයක් දෙමලුන්ටත් දීල ඉතිරිය එයා පාලනය කරය්
    එයාගේ ””ඉතිරිය ”” වෙනඅ ය පාලනය කරය් . නලින් ප්‍රවේසමෙන් ඉන්න ඔබ අපට අවශ්ශය් . .

  10. Senevirath Says:

    නිවරදිකිරීම
    ”’රජයේ තීරණයක් ද ”

  11. Independent Says:

    ආලුගෝසුවෝ ඔහොම තමයි. උන් එන්නේ ඔබට නිදහස් දීමට නොවෙයි. අලුගෝසු පාලනය වඩාත් දරුණු කළේ ඔයකියන බයසේන තමයි.

  12. Hiranthe Says:

    We should wait for a while patriots, festina lente;

    If the new party is formed now, My3 and the clan will not dilute the executive powers of the President and MR will become a name sake PM similar to DM Jayaratne, should the new party wins.

    Now that MR cannot contest as the President, only option is the PM position. In order to make it a meaningful position, certain powers from EP should be given to PM. We should first push for that based on the Yahapalanaya promise and once it is done.. Run-Nil will be happy for a few weeks before MR announce his new move.

    The other option is to keep quiet for a while. Yahapalana clan will be happy to keep all the executive powers to My3 without risking MR coming to power as the PM. Wait until My3’s term is over and put GR as the next presidential candidate. MR can come forward and lead the campaign. Main slogan would be to abolish 13A and the wasteful Provincial Councils.

    I guess it would solve most of the problems! Hopefully the Ealam will not be declared before then!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress