රනිල්ට ඡන්දය දුන්නේ කවු ද?
Posted on February 24th, 2015

නලින් ද සිල්වා

රනිල් වික්‍රමසිංහ පසුගිය දා කියා තිබුණේ තමාට අගමැති වීම සඳහා ජනතාව ඡන්ද හැට දෙලක්‍ෂයක් දී ඇති බව ය. ඔහු වැඩි දුරටත් කියා ඇත්තේ 2005 පැවැත්වූ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ දිනුවේ කොටි සංවිධානය එහි දී ඡන්දය දීම වර්ජනය කළ නිසා බව ය. ඉන්පසු ඔහු මහින්ද රාජපක්‍ෂට අභියෝග කර ඇත්තේ හැකි නම් මහා මැතිවරණයට ඉදිරිපත් වී තමා පරාජය කර අගමැති වීමට ය. 

 

රනිල් වික්‍රමසිංහ අද වියරුවෙන් මෙන් කතා කරන්නේ , හැසිරෙන්නේ තමන් නීත්‍යානුකූල ව අගමැති නොවන බව දන්නා නිසා ය. ඔහු සිංහල ජාතිකත්වයට මූලික වශයෙන් විරුද්ධ ය. එබැවින් සිංහල ජාතිකත්වයට යම් ආකාරයකින්වත් පක්‍ෂව කටයුතු කරන රිවිර හා දිවයින පුවත්පත් මර්දනය කිරීමට ඔහුට අවශ්‍ය වෙයි. පාර්ලිමේන්තු මැතිවරණයක දී ඔහුගේ සිංහල ජාතිකත්ව විරෝධයට ජනතාව එරෙහි  වන බව ඔහු දනියි. ඔහු මහින්ද රාජපක්‍ෂට අභියෝග කරන්නේ මෛත්‍රිපාල සිරිසේන පික් පොකට් ගැසූ ශ්‍රී ල නි පක්‍ෂයෙන් මහින්දට නාම යෝජනා දීමට ඇති ඉඩ ඉතාමත් අඩු නිසා ය. 

 

රනිල්ට මහින්ද පැරදවිය හැකි නම් ඔහුට 2010 දී හා 2015 දී ජනාධිපතිවරණවලට ඉදිරිපත් වීමට තිබිණි. එහෙත් ඔහුට එය කළ නොහැකි බව දන්නා බැවින් ඔහු වෙනත් අයට ඒ අවස්ථාව ලබා දුන්නේ ය. සිංහලයන්ගේ ඡන්ද ඔහුට ලැබෙන්නේ  අඩු ප්‍රමාණයකිනි. ඔහු පවසන පරිදි 2005 දී ඔහු පැරදුණේ කොටි සංවිධානය ඡන්දය වර්ජනය කළ බැවිනි. එයින් කියැවෙන්නේ සිංහලයන් ඔහුට ඡන්දය අඩුවෙන් දෙන බව හා කොටි සංවිධානය ඡන්දය වර්ජනය නොකළේ නම් දෙමළ ඡන්ද ඔහුට ලැබීමට තිබුණු බව ය. ඔහුට සිංහල ඡන්ද ප්‍රතිශතයට වඩා දෙමළ ඡන්ද ප්‍රතිශතයක් ලැබෙයි. එසේ වන්නේ කුමක් හෙයින් දැයි රනිල් තේරුම් කරන්නේ ද?  

 

ඔහුට නොව පොළොන්නරුවේ ගොවියකුගේ පුතකු යැයි කියන මෛත්‍රිපාල සිිසේනටවත් සිංහල ඡන්ද වැඩි ප්‍රමාණයක් ලැබී නැත. මෛත්‍රිපාලට සිංහල ඡන්දවලින් ලැබී ඇත්තේ 42%ක් පමණ ය. අද මහින්ද සිංහල ජාතිකත්වයේ ඉහළ ම නියෝජිතයා වෙයි. ඔහු සමග අද සිංහල ඡන්ද සඳහා තරග කිරීමට වෙනත් කිසිම දේශපාලනඥයකුට නො හැකි ය. අප මෙයින් අදහස් කරන්නේ දෙමළ හා මුස්ලිම් ඡන්ද ප්‍රතික්‍ෂෙප කළ යුතු බව නො වේ. එහෙත් ඒ ඡන්ද ලබාගැනීමට බටහිරයන් හා ඉන්දියාව පසුපස ගොස් සිංහල ජාතිකත්වය පාවා නොදිය යුතු ය. අද මෙරට ජාතිවාදය නමින් රනිල් ඇතුළු එ ජා ප, පඬියන් හා අන් අය විසින් හැඳින්වෙන්නේ සිංහල ජාතිකත්වය පාවාදීමට විරුද්ධ වීූම ය.    

 

ඒ කෙසේ වෙතත් ජනවාරි 8 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස  පාර්ලිමේන්තු මැතිවරණයක් නො වේ. එහි දී දි මු ජයරත්න වෙනුවට රනිල් අගමැති කළ යුතු ය යන්න යම් කිසිවකුගේ සිතේ තිබුණි නම් ඒ රනිල්ගේ විය යුතු ය. ජනවාරි 8 වැනි දා රනිල් අගමැති කළ යුතු බවට කිසිම වේදිකාවක හඬක් නො නැඟිනි. යම්කිසි අයුරකින් කිසිවකු එවැනි අදහසක් ප්‍රකාශ කළේ නම් නිසැකව ම මෛත්‍රිපාල පැරදීමට තිබිණි. 

 

තමා නීත්‍යානුකූල අගමැති නොවන බව රනිල් හොඳාකාරව ම දනියි. මෛත්‍රිපාල සිරිසසේන දිවුරුම් දුන් විගස ඔහු අගමැති ලෙස දිවුරුම් දුන්නේ දි මු ජයරත්නගේ අගමැතිකම පික්පොකට් ගැසීමට ය (මේ වෙබ් අඩවියේ පළ  වී ඇති මේ ආණ්ඩුව නීත්‍යානුකූල ද යන ලිපිය කියවන්න). තවමත් මේ රටේ අගමැති දි මු ජයරත්න ය. අද රනිල් අගමැති වී සිටින්නේ විධායක ජනාධිපති බලතලවලට හා ශ්‍රී ල නි ප ඉහළ නායකයන්ගේ නිවටකමට පින්සිිදුවන්නට ය. රනිල්ට අගමැති වීමට ජනතාව ඡන්දය දී නැත.      

 

නලින් ද සිල්වා

 

2015 පෙබරවාරි 24

3 Responses to “රනිල්ට ඡන්දය දුන්නේ කවු ද?”

  1. Christie Says:

    Namaste: Ranil is an appointed PM (pathkarapu agamathi kenek) not an elected PM and he is the only one who cannot comprehend it. This is an Indian trick called divide and rule. This the age old rule that keeps the caste system. Some mistakenly attribute divide and rule to the British, in fact British learned it from Indians. Indians divided the Sinhalese in 1951 with SWRD. JJJJJRRRRRRR a quarter of an Indian brought in the Presidential system with executive powers as Indian ghetto votes will not succeed all the time in a parliamentary system. Unless the Sinhalese are united in the parliament Indians will run our country.

  2. Indrajith Says:

    ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එල්ල වී ඇති විදේශ ගමන් බලපත‍්‍ර සම්බන්ද චෝදනා අසත්‍ය බවට තහවරු කරන ලේඛණ අධිකරණයට ඉදිරිපත් කල බව ඇය වෙනුවෙන් පෙනී සිටින නීතීඥයෝ පවසති.

    එම නීතීඥ කණ්ඩායමේ නීතීඥ කපිල ගමගේ මහතා පවසන්නේ වීරවංශ මහත්මිය විදේශ ගමන් බලපත් දෙකක් භාවිත කර ඇති බවට එල්ල වන චෝදනාව මුළුමනින්ම අසත්‍ය බවත් කලිවන් පැවති බලපත‍්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුවට බාර දී දෙවැන්න ලබාගෙන ඇති බවයි.

    ඒ බව තහවුරු කරන ලේඛණයක්ද ඔහු ඉදරිපත් කලේය.

    උපන් දිනය වෙනස් කිරීම සම්බන්ධයෙන්ද එල්ල වී ඇති චෝදනාවද බැහැර කරන නීතීඥවරයා මෙය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත අනුව සකසන ලද විදේශ ගමන් බලත‍්‍රයක් බවත් එම වරද නැවිරදි කරන ලෙස ඉල්ලා සැකකාරිය විසින් දැනට කලකට පෙර එම දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා තිබුනද එය සිදුව නැති බවයි.

    ඒ සම්බන්ධයෙන් වූ ලේඛණද ඔහු මාධ්‍ය වෙත ඉදිරිපත් කලේය.

    මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාද සඳහන් කරන්නේ පොලීසිය පරීක්‍ෂා කරන්නේ ඇයට එල්ල වී ඇත්තේ විදේශ ගමන් බලපත් දෙකක් භාවිතා කිරීමේ චෝදනා නොව අවධිමත් ලේඛණ භාවිතා කරමින් විදේශ ගමන් බලපත‍්‍රයක් සෑදිම බවයි.

    ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාරත්මේන්තුවද වගකිව යුතු බවත් ඒ ගැන පරීක්‍ෂණයක් කල යුතු බවත් ඔහු පවසයි.

    දෙරණ රූපවාහිනිය සිද්ධිය වාර්තා කල අයුරු…

  3. NAK Says:

    If Ranil claims he knew that he could have won in 2005 if not for the LTTE boycott of the elections,means he is admitting that he had an understanding with the LTTE. If not there is no way one could know the out come of an election before the count of ballots.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress