නුවර රැස්විම
Posted on March 7th, 2015

නලින් ද සිල්වා

හයවැනි දා (ඊයේ) මහින්ද අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කිරීම සඳහා වූ මහනුවර පවත්වන ලද රැස්වීම අතිශයින් සාරථක ය. ශ්‍රි ල නි පක්‍ෂ පික් පොකට් නායකත්වයට ඉන් අත්වූයේ පරාජයකි. පක්‍ෂයේ මහජන නියෝජිතයන්ට රැස්වීමට සහභාගි තහනම් කිරීමට එහි මධ්‍යම කාරක සභාව තීරණය කර තිබියදීත් පාර්ලිමේන්තු මන්ත්‍රී  දිලුම් අමුණුගම වේදිකාවේ ම පෙනී සිටියේ ය. ඒ අතර හිටපු ඇමති (නීත්‍යානුකූල ව නම් තවමත් ඇමති) සාලින්ද දිසානායක ඇතුළු මන්ත්‍රීවරු අට දෙනෙක් පමණ රැස්වීමට සහභාගි වූහ.
වේදිකාවේ සිටි පළාත්සභා ඇමතිවරුන් හා මන්තී්‍රවරුන්, නගරසභා සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන්්, ප්‍රාදේශීයසභා සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සියයක් පමණ විය. අනුර යාපාගේ තහනම  කඩදාසියකට පමණක් සීමා විය. 

රැස්වීමට සහභාගි වූ ජනතාවගෙන් අති විශාල බහුතරය ශ්‍රී ල නි පක්‍ෂයේ හිතවතුන් බව ඉතා පැහැදිලි ය. රැස්වීම සංවිධානය කර තිබුණේ වෙනත් පක්‍ෂ හතරක් මගින් වුවත් රැස්වීම ප්‍රධාන වශයෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයේ හිතවතුන්ගේ රැස්වීමක් විය. ඒ බව රැස්වීමට සහභාගි වූ සියල්ලන්ට ම පෙනී ගියේ ය. සියල්ලන්ගේ අපේක්‍ෂාව වූයේ මහින්ද රාජපක්‍ෂ නැවත දේශපාලනයට පිවිසී අගමැති බවට පත්වීම ය. මහින්ද රාජපක්‍ෂ විසින් එවන ලද පණිවුඩයක් කියවනු ලැබුයේ මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසිනි. ඒ පණිවුඩයෙන් මහජන අපේක්‍ෂා ඉටුකිරීමට මහින්ද ඉදිරිපත්වන බවට බලාපොරොත්තුවක්  ඇති කර ගැනීමට බොහෝ දෙනකුට හැකි විය. 

එහෙත් අද ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වය ගැට කැපූ (පික් පොකට් ගැසූ) පිරිස හැසිරෙන්නේ කෙසේ ද? අද ඔවුහු ඊනියා ජාතික ආණ්ඩුවක ඇමතිකම් බලාපොරොත්තුවෙන් සිටිති. මෛත්‍රිපාල සිරිසේන ඔහුගේ මහරැජින හමුවීමට එංගලන්තයට යෑමට නියමිත ය. ඔහුට අනුව ඔහු එහි යන්නේ දෙවැනි එලිසබෙත්ගේ ආරාධනයකිනි. එය එසේ ම විය හැකි ය. එහෙත් මේ ගමනේ අරමුණ දෙවැනි එලිසබෙත් හා ඇගේ නියෝජිත රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති මෛත්‍රිපාල මුණගැසීමක් නොවන බව පැහැදිලි ය. මෛත්‍රිපාලට ඩේවිඩ් කැමරන්ගෙන් ලැබෙන්නේ කිනම් උපදේශයක් දැයි දැනගැනීමට  අපි කැමැත්තෙන් සිටිමු. ඊනියා ජාතික ආණ්ඩුව, කොළඹ වරාය නගරය, චීන සම්බන්ධකම් ආදිය ගැන කැමරන්ගේ නියෝජිතයන් මගින් කැමරන් මෛත්‍රීපාලට උපදෙස් දෙනු ඇත. 

කැමරන්ලාට මහින්ද නුරුස්සන පුද්ගලයෙක් විය. එහෙත් මෛත්‍රිපාලට ඔවුන්ගේ කැමැත්තක් ඇති බව පෙනෙයි.එසේ වන්නේ කුමක් නිසා ද? එමෙන් ම එංගලන්තයේ සිටින විසුරුණු දෙමළ ජනයා මහින්දට විරුද්ධව උද්ඝෝෂණ කළහ. ඔහුට රැස්වීම්වල කතාකිරීමට ඉඩ නොදුන්හ. එහෙත් මෛත්‍රිපාලට ඔවුන්ගෙන් විරුද්ධත්වයක් නැති බව පෙනෙයි. එසේ වන්නේ කුමක් නිසා ද? ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වය  ගසා කෑවුන්ට එය ප්‍රශ්නයක් නොවිය හැකි ය. එහෙත් සාමාන්‍ය ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට හා පක්‍ෂයේ හිතවතුන්ට එය විශාල ගැටලුවකි. 

ඊනියා ජාතික ආණ්ඩුවේ ඇමතිකමක් බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ල නි පක්‍ෂයේ එක් උපසභාපතිවරයෙක් නුවර රැස්වීමට කලින් දින පක්‍ෂයේ මහජන නියෝජිතයන් හමු වී ඔවුන්ට නුවර රැස්වීමට නොයන ලෙස කියා ඇත. එහෙත් මහජන නියෝජිතවරුන් සියයක් පමණ රැස්වීමට සහභාගි වී වේදිකාවට ද ගොඩ වුයේ මේ උපසභාපතිවරුන් මෙන් නොව ඔවුන් තනතුරුවලට කෑදර නොවන බැවිනි. අද එක්සත් ජාතික පක්‍ෂයේත් හෙට ශ්‍රී ල නි පක්‍ෂයේත් නැවතත් අනිද්දා එ ජා පක්‍ෂයේත් සාමාජිකයන් විය හැකි උපසභාපතිවරුන්ට ඇමතිකම මිස ශ්‍රී ල නි ප හා එ ජා ප අතර වෙනස නො තේරෙයි. එහෙත් කිසි දිනෙක ශ්‍රී ල නි ප අත්හැර නොගිය මහින්දට මෙන් ම නුවර රැස්වීමට සහභාගි වූ ජන සන්නිපාතයට මෙන් ම මහින්දට ඡන්දය දුන් ලක්‍ෂ පනස්අට ද ඒ වෙනස තේරෙයි. අපි ඒ වෙනස කුමක් දැයි පසුව සාකච්ඡා කරමු. 

නලින් ද සිල්වා

2015 මාර්තු 07

 

5 Responses to “නුවර රැස්විම”

  1. Christie Says:

    Namaste: We should get all votes of non Indians of the island. We should appeal to all non Indians without dividing the Sinhalese politically or religiously. Jai Hind

  2. charithsls Says:

    The cunning strategy of the Sirisena group of SLFP is to go to the polls without naming a PM candidate so there is no clash with Mahinda group, telling the PM will be appointed only after the results. Mahinda won’t form a new party & the power greedy SLFP top rung is awaiting ministerial posts in the new national govt so they don’t support Mahinda.Funny, now the rogues are not the UNPers but the spineless SLFP bigwigs.Other than Wimal,Dinesh groups who are considered outsiders, who are the real SLFP big shots who are openly supporting Mahinda now? Welgama?Kobbekaduwa?Dissanayake?? Rather than confrontation can they make amends with Sirisena,after all he is in the SLFP, to make Mahinda PM candidate? But will Ranil allow it?? Can really these rallies make any impact to change the mindset of Sirisena group??

  3. Leela Says:

    රනිල් ප්‍රමුඛ එජාප ටිඑන්එ් මුකො හෙඋ ජවිපෙ සහ පුද්ගල හවුල සිරිසේන පොදු අපේක්‍ෂකය හැටියට තෝරා ගත්තෙ සිරිසේන දෙකයියෙක් නිසයි. කොහොම උනත් එජාප මතයයි ශ්‍රිලනිප මතයයි කියන්නෙ දෙකක්. සිරිසේන ශ්‍රිලනිප අත හැරල ගියේ ශ්‍රිලනිප මතය අත හැර දමලයි.එ්ක හරියට ලොකුගේල එජාප අතහැරල අාව වගෙයි. එනිසා සිරිසේන එයාව පරද්දන්න වැඩ කරපු ශ්‍රිලනිප දිනවන්න වැඩ කරනව කියන්නෙ පට්ට පල් බොරුවක්. එ් යතාර්ථය ශ්‍රිලනිප මංත්‍රි වරුත් පාක්‍ෂිකයිනුත් මටි හිතෙන් හරි පිළිගත යුතුයි.
    ලංකාවෙ දේශපාලන පක්‍ෂ වල සාමාජිකයො වෙලා ඉන්නෙ ඉතාම ටික දෙනයි. අපි වගේ වැඩි දෙනෙකුට පක්‍ෂක් නැහැ. එ් කියන්නෙ චන්ද දායකයන්ගෙන් බහුතරයට වැදගත් වෙන්නෙ මොකක්ද පක්‍ෂය කියන එක නෙවෙයි මොකක්ද ප්‍රතිපත්ති කියන එකයි. තමන්ගෙ අදහස් වලට අාසන්නව ගැලපෙන පක්‍ෂෙකට චන්දෙ දෙන එකයි අද බහුතරය කරන්නෙ. දෙමළුයි හම්බයොයි සිරිසේනට චන්දෙ දුන්නෙත් එ්කටයි. නමුත් පරම්පරා වෙන් පක්‍ෂ බදාගන නායකය කියන ඔිනා දේකට එල්ලිලා ඉන්න හරක් වගේ අයත් ටිකක් ඉන්නවා.
    ජාතිකවාදී අපි වගේ අයගෙ මතය නියෝජනය කරන්නෙ ශ්‍රිලනිප යෙන් චන්දෙ ඉල්ලා පැරදිච්ච මහින්ද මිසක් එජාපෙ සහ ටෙරා ජෙප්පො සහ බොරු උරුම කාරයො සහ බෙදුම්වාදී ටිඑන්එ් පක්‍ෂෙට සහාය දෙන දෙමළ සහ අාගම්වාදී මුකො සහාය දෙන හම්බයන්ගෙ චන්දෙන් දිනපු සිරිසේන නෙවෙයි. එන පාර්ලිමෙන්තු චන්දෙදි ‘මහින්ද’ කියන්නෙ දිනුමෙ සංකේතය බව නුගේගොඩ මිනිහා තහවුරු කලා. එය තව දුරටක් නුවර මිනිහ තහවුරු කල බවයි මගේ අදහස.
    නමුත් අද තියන ශ්‍රිලනිප සිරිසේන විසින් ජනාධිපති බලයෙන් හයිජැක් කොරගන ඉවරයි. සිරිසේනගෙ ශ්‍රිලනිප මහින්දගෙ මතයට ඉඩක් දෙන්නෙ නැති බව පැහැදිලියි. බහුතර ශ්‍රිලනි පාක්‍ෂිකයන්ට මහින්ද ඉදිරියට ගෙනෙන්න ඉඩක් දෙන්නෙත් නැති බවත් පැහැදිලියි. 19 වන සංශෝධනයෙන් සිරිසේනට විධායක බලය අඩු/නැති උනහම පක්‍ෂය අැතුලෙ බලයත් සිරිසේනගෙන් ගිලිහේවි යන්නයි මගෙ අදහස.
    එනිසා පක්ෂෙද ප්‍රතිපත්තිද කියන දෙකෙන් එකක් තෝරා ගන්න මහින්ද කලබල වෙන්න ඔිනැ නැහැ.

  4. Senevirath Says:

    රට නොකැඩී ශ්‍රීලනිපය කැඩුනට කමක් නැහැ ශ්‍රීලනිපයෙන් අපේක්ෂකත්වය දෙන්නේ නැත්නම් මහින්ද වෙනම ආයුතුමය් රට ගැන හිතන හරි හමන් මිනිහෙක් නම් . ද්‍රෝහීන්ට රට බෙදීමට නොදී විරුද්ධ වෙන්න හැකි ප්‍රබල ආසන ගණනාවක් හරි මහින්දට ලබෙනවාමය් අය මහින්ද පස්ස ගහන්නේ රටේ නායකයා වෙන්න ම ඕනේ නැහැ රට බෙර ගන්න කල වැරදි වල පව් ගෙවෙන්නත් එක්ක එන්න ඉදිරියට මහින්ද

  5. mahesh fernando Says:

    I hope Mahinda will show up at right time and help kicking Ranil and UNP out of parliament. It is funny that Ranil W wants to shoot unarmed TN fishermen. All of a sudden RW became the “Chandiya of The Day.” He was peeing in his pants when Prabakaran was terrorizing the island.

    Mahesh Fernando From CA USA

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress