බටහිරයන්ගේ අරමුණ
Posted on March 11th, 2015

එස්. අකුරුගොඩ

“අප මේ අත්විදින්නේ පරාජයක් නොව කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. මා හමුවන්නට එන ජනතාවගේ මතය එයයි”. නුගේගොඩ රැලියට පණිවිඩයක් එවමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබින.

වාර්තාවන අන්දමට  කුමන්ත්‍රණයේ ආරම්භය අද ඊයේ නොවේ. ඒබැව්  රාජිතසේනාරත්න, චන්දිරිකා කුමාරතුoඟ, රතන හිමි වැන්නවුන්ගේ හැකර කටවල් වලින්ම මේ වනවිට එලියට පැන තිබේ.  ඔවුන් එහි ඉත්තන් පමණි. කුමන්ත්‍රණයේ සැලසුම් මහින්ද විරෝදී බටහරයන්, ඉන්දියානුවන් සහ ඔවුන්ගේ ඔත්තුසේවාවන් මගන් ක්‍රියාත්මකවී ඇතිබවට අමුතුවෙන් සාධක අවශ්‍යය නොවේ. ඇමරිකා ඵක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මේ වනවිට කිසිදු චකිතයක් නැතිව පවසා ඇත්තේද ශ්‍රීලoකාවේ වත්මන්පාලන වෙනස ඇතිකිරීමට තම රට මුල්වූ බවය.

කුමන්ත්‍රණයේ අරමුණ මහින්ද රාජපක්ෂ කෙසේ හෝ පරදා බටහිර ගැති රනිල් වික්රමසිoහව ඵතනට ගෙන ඵ්මය. ඵ් සඳහා  ඔවුන් ශ්‍රී ලoකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ පෙර පලපුරුද්දක් හා දෙමළ බෙදුම්වාදයට මනා සම්බන්දයක් ඇති රාජිත සේනාරත්නව ටෝජන් අස්වයෙකුසේ මහින්ද රාජපක්ෂගේ සැලූන් දොරටුවෙන් ඇතුලු කලේය.      කාලයාත් සමග විවිද පුද්ගලික හේතූන් මත වෛරයෙන් පෙලෙන්නවුන් හා තනතුරු අපේකෂාවෙන් පෙලෙන්නවුන්  ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව පෙලගැස්සීවීම ඔහුට පැවරුනු එක් කොටසක් බැව් පෙනේ.

කුමන්ත්‍රණය තවමත්ඉවරනැත. තවමත් සිදුවෙමින් පවතී.

ඒ සදහා විවිද සැලසුම් දැනටමත් පෙනෙන්නට තිබේ.

  1. වත්මන් පාලකයන්ට එරෙහිවන සියලු දේශපාලන බලවේග මර්දනය කිරීම
  2. කෙසේ හෝ මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත්කිරීම
  3. මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත්කොට මැතිවරණයටයෑම
  4. මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් දැනට ඉවත්කිරීම අපහසුනම්, වත්මන් ශ්රී ලoකා නිදහස් පක්ෂයේ බඩගෝස්තර නායක කරකාදීන් සමග මැති ඇමතිකම් හිතේහැටියට බෙදාගෙන ඊනියා ජාතික ආණ්ඩුවක් ඇතිකොට තව වසර දෙකක් පාලනය ගෙනයෑම.

තම කොටස මනාව ඉටුකර ඇති බැවින් දැන් රාජිතට පැවරී ඇත්තේ මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන්  ඉවත්කිරීමේ  අරමුණෙන් ශ්රී ලoකා නිදහස් පක්ෂය සම්පූරණර්ණයෙන්ම විනාසකිරීමය. කිසිමදාක ශ්රී ලoකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඉදිරියෙන් නොසිටි හා දෙවරක්ම පක්ෂයෙන් පැනගොස් තම දේශපාලන ජීවිතේ වැඩි කාලයක් එම පක්ෂයට විරුද්ධව සිටි රාජිතට එම පක්ෂයේ ජේෂ්ඨයන් අභිභවා උප සභාපති වනේනේ එබැවනි. 

මේ කුමන්ත්‍රණකරුවන් ලෝකයේ පළමු වතාවට අමුතුම මාදිලියේ පාලන ක්‍රමයක් ඇතිකොට තිබේ. රටේ අගමැතිවරයා මෙන්ම විපකෂනායකයාද පත්කරන්නේ ජනාධිපතිය. කැබිනට් ඇමතිවරු, අගමැතිවරයාගේ දේශපාලන පක්ෂයේ මෙන්ම විපකෂනායකයාගේ දේශපාලන පක්ෂයේද සිටිති.  අගමැති කියනදේ ජනාධිපති කරයි. ජනාධිපති කියනදේ විපකෂනායක කරයි.

විසිනම වතාවක් මැතිවරණ පරාජයවීත් එ.ජා.ප.යේ.නායකත්වයෙන්.ඉවත් නොවූ රනිල් බටහිරයන් විසින් තමන්ට මේ ලබාදී ඇති මහඟු අවස්ථාව ලේසියෙන් හැරදාවියයි සිතිය නොහැක. ලබාදුන් තනතුරේ ඔහුව දිගටම තබාගැනීමද බටහිරයන්ගේ අරමුණ වේ.

එස්. අකුරුගොඩ

2 Responses to “බටහිරයන්ගේ අරමුණ”

  1. Christie Says:

    Namaste: Yes we cannot see beyond the Westerners. How many British colonists are left in the island, I hardly see any. There are more than there million of Indian colonists in the island and their block vote sealed the last prsidential election. Indians are a powerful lot in the West, if not for the Indian coders of the IT in the US, US will be a beggar. The same goes for the UK and Cameron and Milband are courting the Indians and Indian money for the upcoming election in UK. What is happening between the majority in the island are not relevant. Jai Hind

  2. NAK Says:

    Next general elction should seal the political fate of dalits like Pa.Cha.Ranawaka,Dentist Senaratne,Athuraliye Rathana,Nimal Siripala,Wijithamuni and so on.
    Now that John Kerry has admitted that it was them who were responsible for regime change, what has those who scoffed at foreign conspiracy have to say now.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress