දිනූ මහින්දට එරෙහිව පැරදුනු මහින්ද..
Posted on March 13th, 2015

වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර මහ ලේකම්, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය  Courtesy lanka C news

2005 දී දිනූ මහින්ද රාජපක්‍ෂට ශ‍්‍රී ලංකා ඉතිහාසයේ දුටුගැමුණු සහ කීර්ති විජේබාහු රජවරුන්ට පසුව සුවිශේෂී භූමිකාවක් ඉටුකිරීමේ අවස්ථාව හිමි විය. ඒ වසර 30ක් තිස්සේ අධිරාජ්‍යවාදී කුලී හේවයින් විසින් පවත්වාගෙන ගිය බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමය. ඔහු තම භූමිකාව තුළින් ඉතිහාසයට සාධාරණය ඉටුකිරීමට සමත් විය. ඉන්පසුව 2010 දී දිනූ මහින්ද රාජපක්‍ෂට ඉතිහාසය තවත් සුවිශේෂී භුමිකාවක් පැවරිය. ඒ යුදමය වශයෙන් පරාජයට පත් කළ බෙදුම්වාදය දේශපාලන වශයෙන්ද පරාජය කරන අතර අධිරාජ්‍යවාදීන්ගේ ආර්ථික සහ සංස්කෘතික පෙරමුණුවල තීරණාත්මක සටනක් ආරම්භ කිරීමය. එහිදී ජාතිකවාදී බලවේග අපේක්‍ෂා දල්වාගෙන බලා සිටියේ ඔහු ඉතිහාසය විසින් තමාට පැවැරූ එම භූමිකාවටද සාධාරණය ඉටුකරනු ඇත කියාය.

නමුත් එහිදී ජාතිකවාදී බලවේග නව අපේක්‍ෂා දල්වාගෙන බලා සිටියා මිස තමාට ඉතිහාසය විසින් බාරදුන් භූමිකාව මැනවින් ඉටු නොකළේය. 2005 දී එම බලවේග විසින් ඉටු කළ භූමිකාව 2010 න් පසුව ඔවුන් විසින් අත්හැරියා යැයි පැවැසීම අතිශයෝක්තියක් නොවේ. එම නිසා 2010 න් පසුව මහින්ද රාජපක්‍ෂ තමාට උරුම වූ ඒ දෙවන ඓතිහාසික භූමිකාවට තම පස්ස හැරවීම පිළිබඳව ඔහු පමණක් නොව ජාතික බලවේගද වගකිව යුතුය.

එම අසාර්ථක භූමිකාවේ ප‍්‍රතිඵලයක් ලෙස අද පොදු ජනතාව විසින් මහින්ද රාජපක්‍ෂ සිහසුනෙන් බස්සවා ගෙදර යවා ඇත. එනම් 2009 දී පරාජය වූ බෙදුම්වාදී අධිරාජ්‍යවාදී බලවේග ඉතා සූක්‍ෂම ලෙස මහින්ද රාජපක්‍ෂ වරදවාගත් තැන් නිවැරැුදි කිරීමේ ව්‍යාජ භූමිකාව තම අතට ගැනීම තුළින් ඉතිහාසයට සරදම් කිරීමට සමත් වී ඇත. මහින්ද රාජපක්‍ෂට ඒ ආකාරයට ඉතිහාසය විසින් භාරදුන් රජුගේ භූමිකාව අහිමි විය. දැන් අධිරාජ්‍යවාදී බලවේග විසින් සිහසුන දැරීම සඳහා තොරාගෙන ඇති  පාලකයා කැමැති වූවත් අකැමැති වූවත් ඔහුට ඉතිහාසයේ ගමනට එරෙහිව උඩුගං බලා පිහිනීමට සිදුවන්නේ අධිරාජ්‍යවාදී න්‍යාය පත‍්‍රයට අනුවය. ඔහුට නාමිකව සිහසුන හිමිවූවද සැබෑ රාජ්‍ය බලය පස්සා දොරින් අත්පත් කරගත් රනිල් වික‍්‍රමසිංහයන්ට 2002 දී ඔහු වරද්දාගත් තැන සිට නැවත ආරම්භ කිරීමේ භූමිකාව හිමි වී ඇත. එදා ඔහු පළමු පාවාදීමේ ගිවිසුම හෙවත් සටන් විරාම ගිවිසුම අත්සන් කළත් දෙවැන්න හෙවත් තාවකාලික ආණ්ඩු ගිවිසුම අත්සන් කිරීමට කල්යල් බලමින් සිටියේය. එම අවස්ථාව ප‍්‍රයෝජනයට ගත් ජාතික බලවේග ඔහු විසින් රට උගුලට තල්ලූ කිරීමට පෙර ඔහු බලයෙන් පහකිරීමට සමත් විය. එදා සොල්හයිම්ලා සහ රනිල් වික‍්‍රමසිංහලා පමණක් නොව ප‍්‍රභාකරන් අතින්ද ඒ වරද සිදු නොවූවා නම් අප අද සූඩානයේ මෙන් ඊළාම් දේශසීමාව දෙපස මරාගන්නා අවාසනාවන්ත ජාතියකි.

කෙසේ වෙතත් ඒ වරද නිවැරැුදි කිරීම සඳහා අදියර දෙකක මෙහෙයුමක් යොදාගැනීමට අධිරාජ්‍යවාදීන් තීරණය කොට ඇති බව පෙනේ. පළමු වටයේදී එදා වික‍්‍රමසිංහ බලයෙන් පහකිරීමට මුල් වූ බලවේගය බේදකොට ඉන් එක් පාර්ශ්වයක් ඔහු සමඟ සන්ධානගත කිරීමට අධිරාජ්‍යවාදී බලවේග සමත් වී ඇත. එසේම ඔහුට විරුද්ධව සිටගත් සිංහල බෞද්ධ බලවේග නියෝජනය කළ තවත් පාර්ශවයක් මිලදී ගැනීමටද එම බලවේග සමත් වී ඇත. ‘‘මෛත‍්‍රී – රනිල් – චම්පික – අනුර’’ දේදුනු සන්ධානය නිර්මාණය වන්නේ  ඒ මෙහෙයුමේ ප‍්‍රතිඵලයක් අනුවය. එම ක‍්‍රියාවලිය තුළින් මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහකිරීමේ පළමු අදියර සාර්ථකව නිම කිරීමට ඔවුන් සමත් වී ඇත.

දැන් 2002 දී රනිල් වික‍්‍රමසිංහ අත්හළ හෝ අසමත් වූ භූමිකාව ඉදිරි මහ මැතිවරණයෙන් පසුව නැවත ඔහු අතට ලබා දිය යුතුය. ඒ දෙවන වටය සාර්ථක කරගැනීමට පවතින ප‍්‍රධානතම බාධකය පරාජිත මහින්ද රාජපක්‍ෂය. ඒ අනුව එදා 2010 දී දිනූ මහින්ද භාරගත් වගකීමට වඩා බරපතල වගකීමක් අද පරාජිත මහින්දට ඉතිහාසය විසින් භාරදී ඇත. ඔහු අගමැති අපේක්‍ෂකයා ලෙස එක්සත් ජනතා නිදහස් සංධානයෙන් ඉදිරිපත් වූවහොත් පාර්ලිමේන්තුවේ බහුතරය සහිත ආණ්ඩුවක් පිහිටුවීම සංඛ්‍යාත්මකව අභියෝගයක් නොවන බව පැහැදිලිව පෙනේ. අද ඔහුට ඉතිහාසය විසින් භාරදී ඇත්තේ රජුගේ භූමිකාව වෙනුවට ‘‘කඩොල් ඇතාගේ’’භූමිකාවය. අද ඒ කඩොල් ඇතා නොමැතිව අධිරාජ්‍යවාදී බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය බිඳ හෙලීමට ජාතික බලවේගවලට ශක්තියක් නැත. කවුරු කැමැති වූවත්, අකමැති වූවත් ඒ යථාර්ථය භාර ගැනීමට ඉතිහාසය විසින් ජාතියට බලකෙරෙමින් ඇත.

ඒ අනුව අධිරාජ්‍යවාදී බලවේගවලට ශ‍්‍රී ලංකාවේ ඉතිහාසයයේ ගමන අවසන් කිරීම හෙවත් රට බෙදීමේ න්‍යාය පත‍්‍රය ජයග‍්‍රහණයෙන් අවසන් කිරීම සඳහා දැන් සපුරාගත යුත්තේ එක් කොන්දේසියක් පමණී. ඒ මහින්ද රාජපක්‍ෂ දේශපාලන වශයෙන් වළදැමීමය. මේ නිශ්චිත මොහොතේදී අධිරාජ්‍යවාදීන් විසින් හසුරුවනු ලබන සියලූ බලවේග එක පෙළකට සිටගන්නේ එම අභියෝගය ජයගැනීම සඳහාය. ඒ සඳහා ඔවුන් පෙරමුණු රාශියකින් තම මෙහෙයුම ආරම්භ කොට ඇත. පළමු පෙරමුණ අභ්‍යන්තරිකව ඔහු බිඳ වැට්ටීමය. ඒ සඳහා ඔහුගේ දෙපස සිට ඔහු වළදැමීම සඳහා දේශපාලන වළ කෑපු පිරිස් අතුරින් කොටසක් අද ද උදැල්ල අතැතිව ඔහුවලට දමා ඒ වළ වැසීම සඳහා ඔහු අසලින්ම සිටගෙන සිටිති. එසේ වළ කැපීමේ මෙහෙයුමේ ප‍්‍රමුඛයා වූ රාජපක්‍ෂ සහෝදරයන්ගෙන් අයෙක් උදැල්ලද සමඟ රට හැර පැන ගියත් සෙස්සෝ තම කොන්ත‍්‍රාත්තුව මැනවින් ඉටුකරති.

එසේ උදැල්ල අතැතිව සිටින පිරිස් මහින්ද රාජපක්‍ෂ දේශපාලන වශයෙන් වළ දැමීමේ පළමු පස් තට්ටුව දැමීමට දැනටමත් සමත් වී ඇත. ඒ පක්‍ෂයේ සභාපතිකම ගැටුමකින් තොරව සහ සාමකාමීව තම පක්‍ෂය කඩාගෙන එළියට ගිය මෛත‍්‍රීපාල සිරිසේන මහතාටම භාරදීමට ඔහු කැමැති කරවා ගැනීම මඟිනි. වාසුදේව නානායක්කාර මහතා ඉතා නිවැරැුදිව සඳහන් කළ ආකාරයට එම පාවාදීම මාරාන්තික පාවාදීමකි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව මහින්ද රාජපක්‍ෂ හැරගිය නිසා සභාපතිකම භාරදුන්නාද එසේ නැතහොත් ඔහු සභාපතිකම භාරදුන් නිසා ඔවුන් මහින්ද රාජපක්‍ෂ හැරගියා ද යන්න ඉදිරි කාලයේදී සංවාදයට පාත‍්‍ර විය යුතු කාරණයකි.

කෙසේ වෙතත් ඒ යටත් වීමේ චක‍්‍රය ආරම්භ වීමෙන් පසුව විවිධ මට්ටම් සහ ක්‍ෂේත‍්‍රවල යටත් වීමේ දම්වැල් ක‍්‍රියාවලියක් ආරම්භ විය. එම යටත්වීමේ මනෝභාවය විසින් අගවිනිසුරුවරයාද යටත් වන තැනට තල්ලූ කළ බව පෙනේ. එසේ නොමැති තත්වයක් යටතේ ඔහු රාජිත සේනාරත්න අමාත්‍යවරයාට පමණක් නොව අනුර දිසානායක වැන්නවුන් සහ නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරියට පවා විරුද්ධව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කිරීමට ඉඩ තිබුණි. එසේ වූවා නම් සිදු වූ දේට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අභියෝගයකට මුහුණ දීමට රනිල් වික‍්‍රමසිංහ මහතාගේ  ඊනියා යහපාලන ආණ්ඩුවට සිදුවනු ඇත.
ඉතිහාසයේ මහින්ද රාජපක්‍ෂට උරුම වී ඇති භූමිකාව ඔහුට අහිමි කිරීම ස`දහා බාහිරින් දියත් කරන මෙහෙයුමද ආකාර කිහිපයකින් ක‍්‍රියාත්මක වේ. පළමු වැන්න සත්‍යය යම් මාත‍්‍රාවක් සමඟ අසත්‍යය කප්පරක් මිශ‍්‍රකොට දිගින් දිගටම ප‍්‍රසිද්ධියේ චෝදනා එල්ල කිරීමය.

එහිදී එම ප‍්‍රහාරයෙන් ඔහුගේ දරුවන්ට පමණක් නොව භාර්යාවටද බුරුලක් ලැබෙන්නේ නැත. එසේ දිගින් දිගටම සමස්ත පවුලටම එල්ලකරන චෝදනා මඟින් ඔහු තවදුරටත් පීඩනයට ලක් කිරීම ඔවුන්ගේ ප‍්‍රධාන උපක‍්‍රමයක් වී ඇත. එහිදී චෝදනා ඔප්පු කිරීමට පෙර චෝදනා මාධ්‍ය මඟින් තොරම්බල් කිරීම හරහා අධිකරණයේ වගකීම මාධ්‍යයට පැවැරීම කුමන යහපාලන මූලධර්මයක්ද යන්න යහපාලන පියවරුන්  පැහැදිලි කෙරෙන්නේ නැත. එසේ පීඩනය උත්සන්න කරන අතර එම බලවේග අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්‍ෂ වළදැමීම සඳහා උදැල්ල අතැතිව සිටින ‘‘මිතුරන්’’ හරහා ඔහුට ඒත්තු ගන්වන්නේ භාගෙට යටත්වීම මඟින් පීඩනය අඩුකරගත හැකි බවය.

එහෙත් මහින්ද රාජපක්‍ෂට අදාලව පරම සත්‍යය වන්නේ භාගෙට යටත්වීම අවසානයේදී සම්පූර්ණයෙන්ම යටත්වීම හෙවත් විනාශය තුළින් කෙළවර කිරීම එම බලවේගවල අරමුණ බවය. ඔවුන් මහින්ද රාජපක්‍ෂට ජාතික බලවේග අපේක්‍ෂා කරන ආකාරයට කඩොල් ඇතාගේ භූමිකාව ඉටුකිරීමට කිසිදු ඉඩක් ලබානොදීමට තීරණයක් ගෙන ඇති බවට කිසිදු සැකයක් නැත. ඉන්දියානු සහ ඇමෙරිකානු ඔත්තුසේවා තමාට මීට පෙර වැරදුණු තැන් නිවැරැදි කිරීම සදහා ඒකාබද්ධව කටයුතු කරනවා පමණක් නොව කිසිදු අනතුරක් හෝ අඩමාන තීන්දුවක් නොගන්නා බවද ඉතා පැහැදිලිය.

මහින්ද රාජපක්‍ෂ ඉතිහාසයෙන් පිටමං කිරීම සහ රට බෙදීමේ මාර්ග සිතියම රනිල් වික‍්‍රමසිංහ හරහා දිගහැරීම යනු උපාය මාර්ගිකව සෘජුව එකට බැඳී ඇති ක‍්‍රියාවලියන් දෙකකි. එම නිසා යටත් වීමෙන් හෝ සමාව ඉල්ලීමෙන් මහින්ද රාජපක්‍ෂට කිසිදු සහනයක් නොලැබෙන බවට කිසිදු සැකයක් නැත. ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයින් කියන ආකාරයට දැන් මහින්ද රාපක්‍ෂ තාවකාලිකව බලයෙන් පහකොට ඇති බැවින් අධිරාජ්‍යවාදීන් තම ලෝක න්‍යාය පත‍්‍රයේ ප‍්‍රමුඛතම මෙහෙයුම වන ශ‍්‍රී ලංකාව බෙදාවෙන් කිරීමේ මාර්ග සිතියම අකුලාගන්නේ නැත. එසේ වීමට නම් ශ‍්‍රී ලංකාව ලෝක සිතියමේ භූගෝලීයව ස්ථානගත වී ඇති තැන වෙනස් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සමත් විය යුතුය. ඔවුන් අද අධිරාජ්‍යවාදී බෙදුම්වාදී න්‍යායපත‍්‍රය යටපත්කොට ඒ වෙනුවට ¥ෂණ වංචා න්‍යායපත‍්‍රය ව්‍යාජ ලෙස මතු කිරීමට ගන්නා උත්සාහය ජුගුප්සාජනකය.

අධිරාජ්‍යවාදීන් එළඹ ඇති දැඩි තීන්දුව විවිධ සංඥා හරහා පැහැදිළි කරගත හැක. රාජපක්‍ෂ පුතුන්ගේ ක‍්‍රීඩා නාලිකාව සෘජුව සහ පෞද්ගලිකව එල්ලකොට මිලියන 1000 ක බදු පැනවීම එක් සංඥාවකි. ඒ මඟින් ඔවුන් එම ආයතනය වසා දැමීම අරමුණ කළ බවට කිසිදු සැකයක් නැත. එය ගෙදර ගියොත් අඹු නසී මඟ සිතියොත් තෝ නසී වැනි තත්වයකි. එනම් බද්ද නොගෙවා නාලිකාව වසා දැමුවත් බද්ද ගෙවා නාලිකාව බේරාගත්තත් දේශපාලන වශයෙන් ලැබෙන්නේ එකම ප‍්‍රතිඵලයකි. මාධ්‍ය වාරණය සඳහා ආයතන ගිනිතැබීම සහ මාධ්‍යවේදීන් මරාදැමීම වැනි දුප්පත් ක‍්‍රමවේදවල සිට වඩා උසස් යයි පෙනෙන ආකාරයට ඉලක්ක සහගතව බදු පැනවීම දක්වා වන විශාල පරාසයක උපාංග ලෝකය පුරා භාවිතා වේ. නමුත් එම මාධ්‍ය වාරණය පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ යහපාලන ‘‘ඔස්තාද්ලා’’ කටක් හොල්ලන්නේ නැත.

එවැනි තවත් සංඥාවක් වන්නේ චම්පික රණවක මහතා විසින් මහින්ද රාජපක්‍ෂ මහතා ඉලක්ක කරමින් කරනු ලබන ප‍්‍රකාශයන්ය. ඒවා අසා සිටින විට දේශපාලනය යනු හුදු ‘‘බලගේමක්’’ පමණක්ද යන ප‍්‍රශ්නය අප සිත් තුළ නැගේ. එම ප‍්‍රකාශ මඟින් ඔහු තමාගේ දේශපාලන සංස්කෘතිය තුළ සදාචාරය, මනුස්සකම, හෘද සාක්‍ෂිය වැනි සංකල්පවලට කිසිදු ඉඩක් නැති බව ඔප්පු කොට ඇත.

අනෙක් පැත්තෙන් චම්පික රණවක මහතා මහින්ද රාජපක්‍ෂට ඒ තරම් ද්වේශ සහගතව පහර දීමට පෙළඹෙන්නේ ඔහුට නැවත දේශපාලනයට ඒමට නිසිදු ඉඩක් නොතබන බවට තුන්වන පාර්ශවයකින් දැඩි සහතිකයක් ලැබී ඇති නිසා බවට සාධාරණ සැකයක් මතු කළ හැක.

කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතා නැවත දේශපාලනයට පැමිණීම සහ චම්පික රණවක අමාත්‍යවරයාගේ දේශපාලන අනාගතය එකට බැඳී ඇති බව දේශපාලනයේ ‘‘අයන්න’’ දන්නා අයෙකුට දැන් පැහැදිලිව තේරුම් ගත හැක. මහින්ද රාජපක්‍ෂ අගමැති අපේක්‍ෂකයා ලෙස බාරගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බලකෙරෙන තත්වයක් තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ සන්ධානය තුළ චම්පික මහතාට කිසිදු ඉඩක් නොලැබෙන බවට කිසිදු සැකයක් නැත. එවැනි තත්වයක් තුළ ඔහුට ඉතිරි වන්නේ එක්සත් ජාතික පක්‍ෂය සමඟ සන්ධානගත වීම හෝ තනිව මැතිවරණයකට මුහුණ දීමටය. ඒ තීන්දු දෙකම ඔහුගේ දේශපාලනයේ ‘‘ගමනක අවසානය’’ සනිටුහන් කිරීමට ඉඩ ඇති බව ඔහු නොදන්නවා යැයි පිළිගත නොහැක. ඒ නිසා යම් පාර්ශවවල උවමනාවට අමතරව ඔහුට පුද්ගලිකවද මහින්ද රාජපක්‍ෂ සමඟ මරාගෙන මැරෙන සටනක් ඇත. ඒ අනුව මහින්ද රාජපක්‍ෂව දේශපාලනිකව වළදැමීමේ මෙහෙයුම තුළ චම්පික රණවක අමාත්‍යවරයාටද සුවිශේෂී භූමිකාවක් ලැබී ඇති බවට විවාදයක් නැත.

ඊට අමතරව මහින්ද රාජපක්‍ෂ වළදැමීමේ මාර්ග සිතියම ඉතා දැඩි ලෙස සහ සූක්‍ෂම ලෙස ක‍්‍රියාත්මක වන බවට වන ඊළඟ සංඥාව මහා පරිමාන වංචා සහ ¥ෂණ සෙවීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කිරීමට තීන්දු කිරීමය. එම උත්සාහය ඉතා පැහැදිලිව මහින්ද රජපක්‍ෂ මහතාගේ ප‍්‍රජා අයිතිවාසිකම් ඊළඟ අපේ‍්‍රල් මාසයට පෙර අහිමි කිරීමේ අරමුණ සහිතව කෙරෙන්නක් බවට කිසිදු සැකයක් නැත. ඒ ආකාරයට දැන් මෙම බලවේග යහපාලන සළු පිළි කිසිදු ලැජ්ජාවකින්, බියකින් හෝ සැකයකින් තොරව ගලවාදැමීම ආරම්භ කරන්නේ අමු හෙළුවෙන් හෝ මහින්ද රාජපක්‍ෂ වළදැමීමේ ව්‍යාපෘතිය අවසන් කළ යුතු බැවිනි.

එතෙක් රනිල්-චම්පික-අනුර සන්ධානයට අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්‍ෂ ප‍්‍රතිරූපය බාහිරින් විනාශ කිරීම සහ අභ්‍යන්තරිකව ඔහු මානසිකව වැට්ටීම සඳහා ජනාධිපති කොමිසම ඉදිරියේ ඔහුට එරෙහිව ගෙන එන අභූත චෝදනා තොරොම්බල් කරන මාධ්‍යය සංදර්ශනය දීර්ඝකාලීනව පවත්වාගෙන යාමය. ඒ අතර මහින්ද රාජපක්‍ෂගේ මිතුරන් විසින් ඔහු දේශපාලන වේදිකාවට නැගීම පමා කිරීම සඳහා ඔහුව කැලෑ පාරක රැුගෙන යන සාමකාමී සිහින සන්ධානයක් හැදීමේ කැරට් අලයක් ඔහුට දිගුකිරීමේ ක‍්‍රියාවලියද දිගින් දිගටම පවත්වාගෙන යනු ඇත. ඒ අනුව මෛත‍්‍රී-චන්ද්‍රිකා-මහින්ද සන්ධානය යථාර්තයක් බව පහළ ශ‍්‍රී.ල.නි.ප. පාක්‍ෂිකයාට ඒත්තු ගැන්වීම සඳහා එම මතය බිම් මට්ටමටම ගෙන යනු ඇත. ඒ මඟින් මහින්ද රාජපක්‍ෂ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අගමැති අපේක්‍ෂකයා ලෙස ප‍්‍රකාශ කළ යුතු බවට පහළින් නැගෙන හඬ දියාරු කළ හැකි යයි ඔවුන් කල්පනා කරනු ඇත. මහින්ද රාජපක්‍ෂ කෙසේවෙතත් ඔහු වටා සිටින සැබෑ මිතුරන් අවංකව ඒ ලනුව ගිලීම නිසා බිම් මට්ටමේ සටනට අවාසියක් සිදුවනු ඇත. ඔහු වටා සිටින ව්‍යාජ මිතුරන් හෙවත් උදැල්ල අතැතිව සිටින මිතුරන් ව්‍යාජ ලෙස ඒ සිහිනය පිළි ගනිමින් අන් අයට එය ගිලීම සඳහා ආරාධනා කිරීම තුළ අවාසිදායක තත්වය තවදුරටත් වර්ධනය වේ.

කෙසේවෙතත් මෛත‍්‍රී-චන්ද්‍රිකා-මහින්ද එකට සිටගන්නා සන්ධාන හැදීම සඳහා කල්මරමින් මහින්ද රාජපක්‍ෂ දේශපාලන වේදිකාවට නැගීම පමාකරන සෑම දවසකම ඔහු වටා පෙළගැසීමට පුල පුලා බලාසිටින සහ ඔහුට ආදරය කරන පොදු ජනතාව මෙන්ම ජාතික බලවේගයද මානසිකව බිඳ වැටීම වැලැක්විය නොහැක. උපක‍්‍රමිකව එම පමා කිරීම හතුරාට වැදගත් වන්නේ ඒ නිසාමය. ඒ ආකාරයට මහින්ද රාජපක්‍ෂ තම දේශපාලන පුනරාගමනය කල් අරින තත්වයක් තුළ ඔහුට පොදු අගමැති අපේක්‍ෂකයා බවට පත්වීමේ අවස්ථාව ගිලිහී යන බවට සහතිකයක් ලැබේනම් ජනාධිපති කොමිසම හරහා ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමේ මෙහෙයුම සතුරා විසින් ක‍්‍රමයෙන් සීරු මාරු කරනු ඇත. එම සංඥාව යටත්වීමට ලැබෙන ත්‍යාගයක් ලෙස නිර්වචනය කෙරෙනු ඇත. ඉන් පසුව ජනාධිපති කොමිසම භාවිතාවනු ඇත්තේ අධිරාජ්‍යවාදී බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයට තර්ජනයක් විය හැකි සෙසු බලවේග සහ පුද්ගලයින් මට්ටු කිරීමට විය හැක. කෙසේවෙතත් එම ක‍්‍රියාවලිය දිගටම පවත්වාගෙන යාම ආණ්ඩුවේ යහපාලන සංදර්ශනය සඳහාද වැදගත් වේ.

නමුත් විජේදාස රාජපක්‍ෂ වැනි නීති ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රබලයින් පවා බොරු කියමින් ජනාධිපති කොමිසම සාධාරණීකරනය කිරීම සඳහා එම ක‍්‍රියාවලිය 1972 අපරාධ යුක්ති කොමිෂන් සභාව පත්කිරීමට සමාන කිරීම පිළිබඳව ඊනියා විපක්‍ෂය පැත්තෙන් වචනයකවත් විරෝධයක් එල්ල කෙරෙන්නේ නැත. අපරාධ යුත්ති කොමිෂන් සභාව පාර්ලිමේන්තු පනතක් මඟින් විධිමත්ව පිහිටවූ අධිකරණමය ක‍්‍රියාවලියකි. නමුත් ජනාධිපති කොමිෂමක් යනු එවැන්නක් නොවේ. ව්‍යවස්ථාවේ එම ප‍්‍රතිපාදනය භාවිතා කළ යුත්තේ ජාතික වැදගත්කමකින් යුත් සමාජ-දේශපාලන ගැටලූවක් විමර්ෂනය කිරීමටය. 1983 ජාතිවාදී කෝලහාලවලින් පසුව පත්කළ සන්සෝන් කොමිසම එවැන්නකි. නමුත් මේ පත් කරන්නට හදන්නේ එදා ජේ.ආර්. ජයවර්ධන මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා භාවිතා කළ ආකාරයේ කැළෑ කොමිසමකි.

විපක්‍ෂය විසින් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සුළුතර ආණ්ඩුවට අභියෝග කළ යුත්තේ හැකි නම් 1977 සිට නව ලිබරල් ආර්ථික ක‍්‍රමය යටතේ සිදුවූ සියලූ ¥ෂණ වංචා විමර්ශනය කිරීම සඳහා පොදු මහජනතාවට පවා පැමිණිලි කළ හැකි කොමිසමක් පාර්ලිමේන්තු පනතක් මඟින් පිහිටුවන ලෙසය. එසේ නොමැති නම් පවතින අල්ලස් හා ¥ෂණ කොමිසම කාර්යක්‍ෂම කිරීම සඳහා අවශ්‍ය සංශෝධන කඩිනමින් ගෙන එන ලෙසය. එවැන්නකට එකඟ වුවහොත් චන්ද්‍රිකා-රනිල් යුවලටද විත්ති කූඩුවට නැගීමට සිදුවන නිසා එවැන්නක් වැලැක්වීම සඳහා ඒ දේපළ පමණක් නොව අනාගතයේ එක්සත් ජාතික පක්‍ෂ රජයක් යටතේ ඒ දේවල්ම කිරීමට බලා සිටින සියලූ දෙනාද එක හඬින් ඊට විරුද්ධ වනු ඇත. එසේ අභියෝග කිරීම දේශපාලන වශයෙන් වැදගත් වන්නේ ඒ නිසාමය.

ඊට අමතරව මහින්ද රාජපක්‍ෂ මහතා තමා සතුව ඇතැයි කියූ ෆයිල්වලින් යම් ප‍්‍රමාණයක් හෝ අල්ලස් ¥ෂණ කොමිසමට ඉදිරිපත් කළ යුතුය. එවිට ආණ්ඩුව නියෝජනය කරන ජ.වි.පෙ. සමඟ එකම පෝලිමේ සිටිමින් විපක්‍ෂයටද මාධ්‍ය සංදර්ශන පවත්වමින් තම පැමිණිලි ඉදිරිපත් කළ හැක. එසේ කියන විට ජ.වි.පෙ. විසින් තමා පෙනී සිටින්නේ විපක්‍ෂයේ නියෝජිතයින් ලෙස  බවට බොළ`ද තර්ක ගෙන එනු ඇත. නමුත් අමාත්‍ය මණ්ඩලයට පවා ඉහළින් පිහිටුවා ඇති බලසම්පන්න ජාතික විධායක සභාව නියෝජනය කරන අතර තමා විපක්‍ෂයේ යයි කීමට ඔවුනට සදාචාර අයිතියක් නැත. සැබෑ ප‍්‍රතිපත්ති ගරුක විපක්‍ෂයක් නම් කළ යුත්තේ පරාජිතයින්ට පමණක් නොව ජයග‍්‍රහයකයින්ට විරුද්ධව එල්ල වන චෝදනා සමානව සලකා ඒ සියල්ලට එරෙහිව ක‍්‍රියාකිරීමය.

එවිට රාජ්‍ය ආයතන 46 ක් විකුණා දැමූ චන්ද්‍රිකා සහ රනිල්ට මෙන්ම හොරකම නීතිගත කිරීම සඳහා ක‍්‍රමවේද සකස්කල පී.බී. ජයසුන්දරට සහ බැසිල් රාජපක්‍ෂට  විරුද්ධවද පැමිණිලි ගෙනඒමට සිදුවනු ඇත.

නමුත් මහින්ද රාජපක්‍ෂ පාලනය පෙරලා දැමීමට නියමින් සහ අනියමින් මුල් වූ බැසිල් රාජපක්‍ෂට සහ පී.බී. ජයසුන්දරයන්ට විරුද්ධව ඔවුන් කිසිදා චෝදනා ගොනු නොකරනු ඇත. හැකිනම් එසේ කරන ලෙස ඔවුනට අභියෝග කළ යුත්තේද එනිසාමය. කෙසේවෙතත් මහින්ද රාජපක්‍ෂට ක‍්‍රියාකාරී දේශපාලන භූමිකාවක් අතට ගැනීමට ඉඩනොදී පාර්ලිමේන්තු මැතිවරණය දක්වා රැුගෙන යාම යනුු අධිරාජයවාදී බෙදුම්වාදී නයාය පත‍්‍රයේ මූලික කොන්දේසියකි. නමුත් එය සාර්ථක වූ පසුව ඔහුට නිවි සැනසිල්ලේ විශ‍්‍රාමික දිවියක් ගෙවීමට ඉඩ දෙනු ඇතැයි කිසිවකුට සිහිනයක ගිලීමට ඉඩක් නැත. මහින්ද රාජපක්‍ෂයට එරෙහිව පවතින වෛරය මෛත‍්‍රී-රනිල්-වම්පික-අනුර සන්ධානයේ පාර්ශවවල සිත් තුළ පමණක් පහළ වන දෙයක් නොවේ. එම වෛරයේ සැබෑ උල්පත ඇත්තේ ඉන්දු- ඇමෙරිකානු පොදු න්‍යාය පත‍්‍රය තුළය. ඒ අනුව යම් කිසිවකු පුද්ගලිකව මහින්ද රාජපක්‍ෂයට අනුකම්පා කළත් ඒ මහා න්‍යාය පත‍්‍රය වෙනසකින් තොරව ඉදිරියට ගමන් කරනු ඇත. මේ වන විටත් සකස්කොට අවසන් කර ඇති මානව හිමිකම් සමුළුවේ වාර්ථාව අනුව මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ හමුදා නායකයින් රාශියකට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙන ආ යුතු බවට එම වාර්තාවේ  ස`දහන් වන බවට කිසිදු සැකයක් නැත.

එසේ සැකයක් නැත යන්න ඉතා වගකීමෙන් සඳහන් කිරීමට හේතුවක් ඇත. ඒ ජාත්‍යාන්තර දේශපාලන උවමනාවන්ට අනුව මානව හිමිකම් වගකීම කේවල් නොකරන බව කියන වර්තමාන කොමසාරිස්වරයා ඊට පෙර සිටි කොමසාරිස්වරියටත් වඩා උනන්දුවකින් දේශපාලන ඉල්ලීමකට හිස නැමීම නිසාය. මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා සෘජුව සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හරහා එම වාර්ථාව එළිි දැක්වීම කල්දමන ලෙස ඉල්ලන්නේ කුමක් නිසාද? ඒ එක් පැත්තකින් පාර්ලිමේන්තු මැතිවරණයට පෙර යුද අපරාධ චෝදනා නැගීම මඟින් මහින්ද රාජපක්‍ෂට ඡුන්දයෙන්ද මහජන අනුකම්පාව ලැබෙන නිසාය. ඊට අමතරව අනෙක් පැත්තෙන් එම වාර්ථාවට පක්‍ෂ වීම මඟින් රජය මහජන වෛරයට පාත‍්‍රවේ. ඒ අනුව රැුවුලයි, කැඳයි දෙකම බේරාගැනීමේ එකම ක‍්‍රමය වාර්තාව කල්දමන ලෙස ඉල්ලා එය සාධාරණීකරණය කිරීම සඳහා දේශීය යාන්ත‍්‍රණයක් පිහිටුවීම සඳහා එකඟතාව පළ කිරීමය. අධිරාජ්‍යවාදීන්ගේ පැත්තෙන් ගත්විට ඔවුනට වැදගත් වන්නේ විදේශීය ඒකපාර්ශවීය වාර්තාවේ අඩංගු කරුණු දේශීය වාර්තාවක් ලෙස එළිදැක්වීමය.

එ අනුව මහින්ද රාජපක්‍ෂ වළදමා පාර්ලිමේන්තු මැතිවරණය දිනා ගැනීමට හැකිවුවහොත් පිහිටුවනු ලබන ඊනියා දේශීය යාන්ත‍්‍රණයට විදේශීය නියෝජිතයන් සහ උපදෙස් ලබාගන්නවාට අමතරව ජාත්‍යන්තර වාර්තාවේ සඳහන් චෝදනා ආශ‍්‍රිත සාක්‍ෂිද ඉදිරිපත් කෙරෙනු ඇත. ඒ මඟින් ඊනියා ජාත්‍යන්තර සමීක්‍ෂණ වාර්තාව දේශීය වාර්තාවක් ලෙස භෞතීස්ම කෙරෙනු ඇත. පසුගිය 25 වැනි මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ  ඇමෙරිකානු යෝජනා මඟින් මූලික වශයෙන් ඉල්ලා සිටියේ එම තත්වය බව ඉතා පැහැදිලිය. ඔවුන් ඒක පාර්ශ්විකව විදේශීය යාන්ත‍්‍රනයක් පිහිටුවීමට දෙවනුව යෝජනා ඉදිරිපත් කරන්නේ මහින්ද රාජපක්‍ෂ රජය මානව හිමිකම් කවුන්සිලයේ මැදිහත්වීම සහිත දේශීය යාන්ත‍්‍රණයකට විරුද්ධ වූ බැවිනි.

ශ‍්‍රී ලංකා රජය එකඟ වූ දේශීය යාන්ත‍්‍රණයක් විදේශීය ඒක පාර්ශවීය යාන්ත‍්‍රණයකට වඩා වැදගත් වන්නේ ඒ මඟින් ඉදිරිපත් කරන විමර්ෂණ වාර්තාවක් වඩා පහසුවෙන් ආරක්‍ෂක මණ්ඩලයේදී අනුමත කරගත හැකි බැවිනි. ආරක්‍ෂක මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වන්නේ සර්බියාවේ මෙලෙසොවික් ජනාධිපතිවරයාට එරෙහිව පත් කළ ආකාරයේ විශේෂ යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමටය. එහිදී ශ‍්‍රී ලංකා රජය එකඟ වූ යෝජනාවකට විරුද්ධ වීමට රුසියාවට සහ චීනයට හැකියාවක් ලැබෙන්නේ නැත. ඇමෙරිකාව විසින් දේශීය යාන්ත‍්‍රණයක් ඉල්ලා සිටීමේ සහ මංගල සමරවීරලා ඊට එකඟවීමේ රහස ඇත්තේ එතැනය.

කෙසේවෙතත් ටී.එන්.ඒ. පක්‍ෂය දේශීය යාන්ත‍්‍රණයකට නාමිකව විරුද්ධ වන්නේ ඒ මහා පින්තූරය නොදැන නොවේ. ඒ ම`ගින් ජාත්‍යන්තර පීඩනය වැඩිකිරීමද අරමුණු කෙරේ. ඉබ්බා දියේ දමන විට ඇන්නෑවේ කිවා සේ ඔවුන් තමාට උවමාන දේටම විරුද්ධ වන්නේ එම මෙහෙයුමේම උප කොන්ත‍්‍රාත්තුවක් ලෙස දකුණේ ජනතාව ගොනාට ඇන්දීම සඳහාය. ටී.එන්.ඒ. එකත් විරුද්ධ යාන්ත‍්‍රණයක් නම් එය එතරම් භයානක නොවනු ඇතැයි දකුණේ ජනතාව කල්පනා කරන බව ඔවුහු ඉතා හොදින් දනිති. පසුගිය ජනාධිපති මැතිවරණයේදී සිංහලයා, විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයා තීන්දු ගනු ලැබූ ආකාරය අනුව දැන් ඔවුනට එදාට වඩා ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ඇති බවට සැකයක් නැත. ඊට අමතරව එම ඡුන්දයේදී ජාතික බලවේගය නියෝජනය කළ යම් පිරිස් ඔවුන් විසින් කළමණාකරනය කළ ආකාරය අනුව තමාට ඊළම නැමැති ඉඩම ඩොලර් ගෙවා මිලදී ගතහැකි යයි ඔවුන් කල්පනා කලද අප පුදුම විය යුතු නැත. දැන් ඔවුන් ඉතා බරපතල ලෙස සහ අභුත ලෙස සමුල ඝාතන චෝදනා එල්ල කරන්නේ ඒ අවබෝධය තුළ කෙටි පාරකින් ගමන අවසන් කිරීම සඳහාය.

එම කෙටි න්‍යාය පත‍්‍රය තුළ 13 ඉක්මවා යන බලයක් සඳහා ව්‍යවස්ථා සංශෝධනය කිරීම හෝ ෆෙඩරල් පැකේජ හෝ අවශ්‍ය වන්නේ නැත. ඔවුනට අනුව 1948 සිට දෙමළ ජනතාව සමූල ඝාතනය කිරීමේ යෙදී සිටි සිංහල මධ්‍යම ආණ්ඩුව සමඟ ෆෙඩරල් රාජ්‍යක් තුළ බලය බෙදීමක් ගැන කථා කිරීම විහිළුවකි. දීර්ඝ කාලීනව සමූල ඝාතනයකට මුහුණ දී සිටින සුළු ජාතියකට ජාත්‍යන්තර නීතිය යටතේ පවතින එකම විසදුම වෙන් වී යාමය. එසේ වෙන්වී යාමේ අයිතිය පිළිගෙන ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග ඉල්ලා සිටින්නේ මූලික නිර්ණායක ප‍්‍රමාණයක් පමණී. පළමුවැන්න සමූල ඝාතන චෝදනා ඔප්පු කිරීමය. දැන් ඊනියා යුද අපරාධ විමර්ශණයට අමතරව සමූල ඝාතන විමර්ෂණයක් ඉල්ලා සිටින්නේ ඒ සඳහාය.
දෙවැන්න ලෙස අවශ්‍ය වන්නේ ඒකාබද්ධ උතුරු නැගෙනහිර දේශසීමාව තුළ වෙනම රාජ්‍යයකට ආසන්න රාජ්‍ය පාලන බල ඒකකයක් පවත්වාගෙන යාමය. එය නීත්‍යානුකූලව හෝ ව්‍යවස්ථානුකූලව කරගෙන යාම අත්‍යවශ්‍ය වන්නේ නැත. නීතියෙන් පිළි නොගත්තත් ප‍්‍රායෝගිකව රාජ්‍යයක් ලෙස පැවැතීම පමණක් ඒ සඳහා ප‍්‍රමාණවත් වේ. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පිහිටුවනු ලබන ආණ්ඩුවෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ එක් දෙයකි. එනම් ව්‍යවස්ථාවේ දැනටමත් තියෙන ප‍්‍රතිපාදන අනුව උතුරු

නැගෙනහිර පළාත් සභා ඒකාබද්ධ කිරීම සඳහා යෝජනා සම්මත කිරීම, ගැටුම් සහිතව පොලිස්, හෝ ඉඩම් සහ මහ ඇමැති අරමුදල් ප‍්‍රඥාප්ති සම්මත කිරීම සහ ඒවා ක‍්‍රියාත්මක කිරීම ආදී තත්වයන් ට අවශ්‍ය  පහසුකම් සැලසීමය.
ඊට අමතරව දකුණේ ජනතාව ගොනාට ඇන්දීම ස`දහා එම මාර්ග සිතියම ඉදිරියට යාමේදී එම ගමන වැලැක්වීම සඳහා අවශ්‍ය ප‍්‍රමාණයට ප‍්‍රමාණවත් නොවන මවා පෑමක්  හැසිරීමක් පවත්වාගෙන යාමය. එම ක‍්‍රියාවලිය තුළ දෙමළ සිවිල් ජනතාව පාරට බස්සා හමුදාව සමඟ ගැටුම් ඇතිකරගන්නා තත්වයක් නිර්මාණය කිරීම තුළින් ජාත්‍යන්තර මැදිහත් වීමකට ම`ග පෑදීම අවසාන අවශ්‍යතාවය වනු ඇත.

යුද්ධයක් නොමැතිව සිවිල් ගැටුම් තුළ මළමිනී ප‍්‍රමාණයක් ගොඩ ගැසීම අවශ්‍ය වන්නේ ජාත්‍යන්තර මැදිහත් වීම සහ අවසානයේ ඒ තුළ ජනමත විචාරණයක් පැවැත්වීම සාධාරණීකරණය කිරීම සඳහාය. ඒ අනුව ඊළඟ අගමැතිට එරෙහිව  ෆෙඩරල් දීමේ චෝදනා එල්ල නොවනු ඇත. ඔහුට එල්ලවනු ඇත්තේ අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා අධි ආරක්‍ෂක කලාප ඉවත් කිරීම සහ උතුරේ නිර්මිලිටරීකරණය හෙවත් හමුදා ප‍්‍රමාණය අඩුකොට එම ජනතාවගේ ප‍්‍රජාතන්තවාදී අයිතිවාසිකම් තහවුරු කිරීම වැනි ‘‘සාධාරණ චෝදනා පමණී’’. ඒ අනුව රට බෙදා අවසන් වූ පසුව ඊට දායක වූ සියලූම දෙනාට  ‘‘අප රට බෙදීම වැලැක්වීම සඳහා සාධාරනව සහ නීත්‍යානුකූලව කළ හැකි සියල්ල කළා, ජාත්‍යන්තර මැදිහත්වීම අපේ වරදක් නොවේ’’  කියා ඇඟ බේරා ගත හැක. ඊට අමතරව ජාත්‍යන්තරය එසේ මැදිහත් වන තත්වයක් මූලික වශයෙන් ඇති කළේ මහින්ද රාජපක්‍ෂ පාලනය විසින් බවටද ප‍්‍රතිචෝදනා එල්ල කරනු ඇත.

සමහර විට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වැඬේ වරදින බව දකින විට සද්භාවයෙන් යම් පියවර ගැනීමට උත්සාහ කිරීමට ඉඩ ඇත. එහෙත් ඔහුට සිදුවන්නේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමටය. එසේ නැතහොත් කුළු හරකාට කඹය කඩාගෙන යන්නට ඉඩදී පසු පසින් දිව යමින් කඹ කොටේ අල්ලා ගන්නට උත්සාහ කිරීම වැනි අසරණ භූමිකාවක් රඟපෑමටය. ජාත්‍යන්තර බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය ආරම්භක අවස්ථාවේදීම බිඳහෙලීම සඳහා මහින්ද රාජපක්‍ෂ නැමැති කඩොල් ඇතා රටට අවශ්‍ය වන්නේ මෙම අනතුරුදායක තත්වය නිසාය. එහෙත් මහින්ද රාජපක්‍ෂ රජු විසින් බෙදුම්වාදී බලතල සහිතව උතුරේ පළාත් සභා ඡුන්දය පැවැත්වීම මඟින් ඒ ඇතාගේ කකුලට හෙවත් තමාගේම කකුලට වෙඩි තබා ගැනීම නිසා වැඬේ හිතන තරම් පහසු වන්නේද නැත. දිනූ මහින්දට වඩා පැරදුණු මහින්ද රටට අවශ්‍ය වන්නේත් වැඬේ අමාරු නිසාමය. ඊට අමතරව චන්ද්‍රිකාගේ පැකේජ රා බී මත් වූ නිමල් සිරිපාල වැනි කුරු අලින්ට කඩොල් ඇතාගේ භූමිකාව ඉටු කිරීමට හැකියාවක් නැති නිසාය.

කෙසේ වෙතත් යුගොස්ලාවියාවේ මෙලෙසොවික් ජනාධිපතිවරයා මෙන් මහින්ද රාජපක්‍ෂ යුද අපරාධ විශේෂ අධිකරණයට රැගෙනයාම සඳහා පූර්ව කොන්දේසිය වන්නේ ඔහු රටේ අගමැති වීම වැලැක්වීමය. බලයේ සිටින කිසිදු පාලකයකු මේ වනතුරු යුද අපරාධ අධිකරණ දක්වා රැගෙන යාමට ලෝකයේ කිසිදු රටක ඉඩක් ලැබී නැත. ඒ අනුව මහින්ද රාජපක්‍ෂට තමා වටා සිටි අතිබහුතරයක් වූ කුහකයින් සහ බොරුකාරයින් සමඟ නැවත එක්වීමට හිත හදාගැනීමට නොහැකි වූවත් තමාගේ පුද්ගලික ගැලවීම සඳහා හෝ දේශාපාලන කරලියේ තමාට හිමි භූමිකාව අතට ගත යුතුය. ඒ සියල්ලටම වඩා බලයේ සිටිය දී තම ගෝල බාලයින්ට පිස්සු කෙළීමට ඉඩදී බලා සිටීමේ වරදට තමාට ඉතිහාසය විසින් සමාව දී නව භූමිකාවට ආරාධනා කරනේ තමා යම් අවධියකදී රටේ ඉතිහාසයට සාධාරණය ඉටුකළ නිසා බව එතුමා තේරුම්ගත යුතුය.

කෙසේ වෙතත් බල සම්පන්න පාලකයින් බලයෙන් පහකෙරුණු පසුව ඔවුන්ට නැවත දේශපාලන භූමිකාවක් අත්පත්කර ගැනීමට ඉඩක් නොලැබුණහොත් ඔවුන් ඉතා ඉක්මනින් අසනීප වීම පිළිබඳ ලෝකයේ  ඕනෑ තරම් උදාහරණ ඇත. බොහෝ විට මහින්ද රාජපක්‍ෂ කාලය මරමින් සිටින අතරතුර එම බෝනස් වාසියද තමාට ලැබෙනු ඇතැයි ඔහුගේ සතුරන් කල්පනා කරන බවට සැකයක් නැත. ඔහුගේ මිතුරන් සේ තවමත් ඔහු වටා කරකැවෙන ඔහුට වළකැපූ හතුරන්ද හිත යටින් එවැන්නක් ප‍්‍රාර්ථනා කරන බව එළිදරව් වී ඇති ඔවුන්ගේ කථාබහවලින් පැහැදිලි වේ. දේශපාලන කල්මැරීම අනුමත කරන මෙම පිරිස් කියා සිටින්නේ මහින්ද කල්වේලා ඇතිව සටනට කැඳවීම මඟින් රනිල්- චම්පික- අනුර සන්ධානය ප‍්‍රකෝප වී ප‍්‍රහාරාත්මක ප‍්‍රවේශයට යා හැකි බවය. එම නිවට ස්ථාවරය සැඟවීම සඳහා ඔවුන් ඉදිරිපත් කරන තර්කය වන්නේ එම උත්සාහයන් මඟින් පක්‍ෂය දෙකඩ කැඞීමේ පාපයට මහින්ද රාජපක්‍ෂට කරගැසීමට සිදුවන බවය. එහෙත් ඔවුන් හොඳින්ම දන්නා සැඟවීමට උත්සාහ කරන සත්‍යවන්නේ පාලක සන්ධානය දැනටමත් ප‍්‍රකෝපකාරී ප‍්‍රහාරාත්මක ස්ථාවරයක සිටින බව සහ ශ‍්‍රී.ල.නි.පක්‍ෂ කැඞීමේ පාපයට මුලින්ම වගකිව යුත්තේ ඔවුන් බවය. එම තත්වය තුළ ‘‘පක්‍ෂය කැඩෙන්නේ මහින්ද රාජපක්‍ෂ පිටමං කළහොත් පමණී’’ යනුවෙන් බිම් මට්මමේ පාක්‍ෂිකයා දැන් නඟන හඬ ඉතා වැදගත් වේ. මහින්ද රාජපක්‍ෂ තුළ මානසික බාධකයක් ඇතිකිරීම සඳහාද ඒ දෙකඩ කැඞීමේ තර්කය මිතුරන් සේ පෙනී සිටින ඔහුගේ සැබෑ සතුරන් විසින් යොදාගනිති. ඒ අනුව පක්‍ෂය තුළ මහින්ද රාජපක්‍ෂ ඉල්ලමින් සිදුකරන නැගී සිටීම එම බාධකය ඉවත් කිරීම සඳහාද ඉතා වැදගත්
වේ.

‘‘මහින්ද රාජපක්‍ෂ නැතිව පක්‍ෂයට බෑ’’ යනුවෙන් සටන්පාඨ කියන බිමි මට්ටමේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයාගේ හඬ නොසලකමින් සුළු කාලෙකට විශ‍්‍රාම ගැනීමට හෙවත් ‘‘අපායේ ඉන්ටර්වල් ’’ එකක් ගැනීමට මඟින් රාජපක්‍ෂ තීරණය කළහොත් එය ශ‍්‍රී ලංකා ඉතිහාසයේ බරපතලම ඛේදවාචකයක් ලෙස සටහන් වනු ඇත. එවැනි තත්වයකදී ඔහුට විරුද්දව බාහිරින් එල්ලවන අභූත චෝදනාවලට වඩා මහජනයාගේ සිත්තුළ උපදින චෝදනා බරපතල වනු ඇත. ලක්‍ෂ 58 ක ජනතාව පාවාදීමේ චෝදනාව ඔවුන් සමාජගත නොකලත් එය පොදු ජන හදවත් තුළ බරපතල ආකාරයට සටහන් වන බවට සැකයක් නැත. එයට හේතුව දැන් ඔවුන්ගේ එකම බලාපොරොත්තුව‘‘ මහින්දගේ පුනරාගමනය’’ බවට පත්වී තිබීමය. එවැනි අවාසනාවන්ත තත්වයක් ඇතිවුවහොත් මහින්ද රාජපක්‍ෂ දේශපාලන වශයෙන් වළදමා ඔහුට විරුද්ධ යුද අපරාධ චෝදනා ගෙන එන අවස්ථාවේදී ඔහුට පක්‍ෂව සමාජ බලවේගයක් නැගී සිටීම සිදු නොවනු ඇත. එය ඔහුගේ සතුරන්ගේ අවසාන අපේක්‍ෂාව බවට සැකයක් නැත.

මහින්ද රාජපක්‍ෂ පසු බසින  තත්වයකදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාවා දෙන්නන් මහින්දගේ ඓතිහාසික භූමිකාව අවසන් බැවින් ඒ ගැන තවදුරටත් කණගාටු නොවී පක්‍ෂය නගා සිටුවිය යුතු බවට තර්ක ගෙනඑනු ඇත. එසේම පක්‍ෂය තුළ මහින්ද රාජපක්‍ෂ කළ වැරදි නිවරිදි කරගෙන ඉදිරියට යාම සඳහා කාලය අවශ්‍ය බවද ඔවුන් කියනු ඇත. එතෙක් උපක‍්‍රමිකව හිස නමා රජය සමඟ ගනුදෙනු කළයුතු බවටද ඔවුන් මතය හදනු ඇත. රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව වසර 5 ක් තුළ දෙදරා යන බැවින් ඉන්පසුව තමාට අවස්ථාව ලැබෙන බවටද ඔවුහු දැන් සිටම තර්ක ගෙන එති. එහිදී මහින්ද නැති පිරිසිදු පක්‍ෂය තුළ විමුක්තිලා සමඟ නව ජවයකින් නැඟී සිටීම සඳහා මහා සදාචාර බලයක් ලැබෙන බවද ඔවුහු දැනටමත් අභ්‍යන්තරිකව මත නිෂ්පාදනය කරති. එම ගුලිය ගිලීමට අකමැති පිරිස්වලට ජාතික ආන්ඩු ගුලියට අමාත්‍ය සහ උප ඇමති සීනි තවරා ගිල්ලවීමටද දැන් උත්සාහ කෙරෙන බව පෙනේ.

ඔවුන් කියන වසර 5 ක අපායේ ඉන්ටවල් එක තුළ බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය ඉදිරියට ගමන්කොට රටේ ඉතිහාසයේ අවසානය සටහන් කරන බව ඔවුහු නොදකිති. ඔවුන් බලාපොරොත්තු වන වසර 5 කට පසුව උදාවන වසන්ත සමය වෙනුවට වසර 20 ක පැසිස්ට්වාදී පාලනයක් සහිත සීත කාලයක් උදාවන බවද ඔවුන් නොදකිති. එසේවූවත් ඔවුන් අතර ඒ යථාර්තය දකින නිමල් සිරිපාල විපක්‍ෂනායකකුමා වැන්නවුන්ද සිටිති. ඔවුන් ජාතික ආණ්ඩු සංකල්පය ඉදිරිපත් කරන්නේ එම සීත කාලය තුළ උණුසුමින් තමාගේ ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දැමීමටය. බොහෝවිට 19 වැනි සංශෝධනය සම්මත කරගැනීම සඳහා කැරට් අලයක් ලෙස ඉදිරිපත් කෙරෙන උප අගමැති තනතුර බලාපොරොත්තුවෙන් එම පුද්ගලයින් සමස්ථ පක්‍ෂය පමණක් නොව රටද පාවාදීමට මැලි නොවනු ඇත.

කෙසේ වෙතත් ඉහත සදහන් කළ ආකාරයට නිමල් සිරිපාල ද සිල්වා විපක්‍ෂනායකවරයා වැනි චන්ද්‍රිකා මැතිණියගේ ‘පැකේජ’ රා බී මත්වී සිටින කුරු අලියකුට කඩොල් ඇතාගේ භූමිකාව ඉටුකළ නොහැකි බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉහළ නායකයින්ට කෙසේවෙතත් මිනිසුන් සමඟ ගැටෙන පහළ නායකයින්ට තේරුම්ගැනීම අපහසු වනු ඇතැයි සිතිය නොහැක. ඒ අනුව ඔවුන් පමණක් නොව ජාතික බලවේග සහ මහින්ද රාජපක්‍ෂට ඡුන්දය දුන් සිංහල බෞද්ධයින් ජාතික ආණ්ඩු ගසමින් පාවා දෙන්නට සූදානම් වන්නන්ට එරෙහිව පෙළ ගැසෙන බවට සැකයක් නැත. ඊට අමතරව මහින්ද රාජපක්‍ෂ වළදමා ඒ මඟින් දුර්වල වන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලය අල්ලා ගැනීමට සිහින දකින චම්පිකලාගේ කිඹුල් කදුළුවලටද තවදුරටත් ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයා රැුවටිය හැකි යයි සිතිය නොහැක. ඔවුන්ගේ සිංහල බෞද්ධ කථා එම ජනතාව ඇන්දීම සඳහා දිගු කරන රස කැවිලි බව බහුතර සිංහල බෞද්ධ ජනතාව මේ වන විට තේරුම්ගෙන ඇත. හලාල් කථා, අළුත්ගම සිදුවීම සහ ව්‍යාපාරික ස්ථානවලට පහරදීම ආදිය ඇතුළත් සැලසුම් සහගත මෙහෙයුමක් හරහා මහින්ද රාජපක්‍ෂට මුස්ලිම් ජන සහාය අහිමිකොට ඊට සමගාමීව සිංහල, බෞද්ධ ඡුන්ද පදනම ද අනතුරකට හෙළා ඒ කොන්ත‍්‍රාත්තුව අවසන්වූ පසුව දැන් ඊළඟ කොන්ත‍්‍රාත්තුවට අදාළව මුස්ලිම් ජන අයිතිය ගැන කථාකිරීම නිසා ඔවුන්ගේ අනන්‍යතාව දැන් එළිදරව් වී ඇත.

ජනතා විමුක්ති පෙරමුණද කල්පනා කරන්නේ මහින්ද වළදැමීම මඟින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දුර්වල කළ විට එම පාක්‍ෂිකයින්ගේ ඡුන්ද ප‍්‍රමාණයක් තමාට ලබාගත හැකි බවය. මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන පුනරාගමනය ඔවුනට දේශපාලන වශයෙන් මාරාන්තික බව ඔවුහු ඉතා හොඳින් දනිති. ඒ නිසා චම්පිකලා මෙන්ම අනුරලාද රනිල් සමඟ එක්ව මහින්ද රාජපක්‍ෂ වළදැමීමේ මෙහෙයුමට උපායමාර්ගික වැදගත්කමක් ලබාදී ඇත. අනුරලාගේ ¥ෂණ වංචා විරෝධය මුල්කරගත් මාධ්‍ය සංදර්ශන දැන් දියාරු වෙමින් ඇත. ඔවුන් ආණ්ඩුවේ කොටස්කාරයින් නොවන බවට පුන පුනා කියමින් මාත‍්‍රාවකට ආණ්ඩුව විවේචනය කිරීමේ උපක‍්‍රමයක් භාවිත කළත් ජාතික විධායක සභාව තුළ නියෝජනය වීම මඟින් ආණ්ඩුවේ කොටස්කාරයකු බවට පත්වීමේ වගකීමෙන් ඔවුනට ගැලවීමට නොහැකිය. එම නිසා එදා 2004 දී මෙන් නැවත ශ‍්‍රී ලංකා කාරයාගේ අනුකම්පාව දිනාගැනීමට ජ.වි.පෙ. ට හැකිවන්නේ නැත.

අනුර කුමාරගේ සිහිනයට අනුව රට අනාගතයේදී කුමන අර්බුදයකට තල්ලූ වූවත් තම පක්‍ෂය ඊළඟ මැතිවරණයේදී වැඩි ආසන ප‍්‍රමාණයක් දිනාගත යුතුය. ඔවුන් කල්පනා කරන්නේ දුර්වල ශ‍්‍රී.ල.නි. පක්‍ෂය රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව සමඟ ජාතික ආණ්ඩුවක් ලෙස සන්ධානගත වූ විට තමාට විපක්‍ෂ නායක විය හැකි බවය.

ඔවුන්ගේ න්‍යායට අනුව තම පක්‍ෂයට ජන පදනම ගොඩනගාගත හැක්කේ රනිල් වික‍්‍රමසිංහ පාලනය විසින් රට පාවාදීමේ ක‍්‍රියාවලිය තුළ ඉදිරියට යන ප‍්‍රමාණයට සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව මර්ධනකාරී ක‍්‍රියාමාර්ගවලට එළඹෙන ප‍්‍රමාණයට සාපේක්‍ෂවය. එම ‘‘පණු න්‍යාය’’ අනුව ඔවුනට දේශපාලනය ඔවුන්ගේ න්‍යායට අනුව තම පක්‍ෂයට ජන පදනම ගොඩනගාගත හැක්කේ රනිල් වික‍්‍රමසිංහ පාලනය විසින් රට පාවාදීමේ ක‍්‍රියාවලිය තුළ ඉදිරියට යන ප‍්‍රමාණයට සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව මර්ධනකාරී ක‍්‍රියාමාර්ගවලට එළඹෙන ප‍්‍රමාණයට සාපේක්‍ෂවය. ඔවුනට අනුව ජවිපෙයට දේශපාලනය කිරීමට වැඩි ඉඩ කඩ සහ සදාචාර බලය ලැබෙන්නේ සමාජය විනාශ වී කුණු වීමට පටන් ගත්විටය. යමක් කුණුවන විට වාසි ලැබෙන්නේ පණුවන්ටය. අනුර කුමාර මහතා 2005 සිටම එක්සත් ජාතික පක්‍ෂය බලයට ගෙන ආ යුතු බවට ජ.වි.පෙ. තුළ සූක්‍ෂමව මතය හදන්නේ එම න්‍යායට අනුවය. ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා රට බෙදීමේ ක‍්‍රියාවලිය ඉදිරියට යාමට ඉඩදී බලා සිටින විට ඔවුන් ඊට එරෙහිව මාත‍්‍රාවකට විරෝධතා දියත්කරනු ඇත. එම අවස්ථාවේදී මහින්ද නොමැතිව ‘‘අසරණ වන’’ ජාතික බලවේගය සහ ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයා තමා වටා එක්රැුස් වනු ඇතැයි ඔවුහු තර්ක කරති.

නමුත් ඔවුන්ට සිදුවන්නේ තමා විසින් සිදුකළ මහා පාවාදීම නැවත නිවරැුදි කිරීමට කිසිදු අවස්ථාවක් නොලබා ශ‍්‍රී ලංකා ඉතිහාසයේ වසර 2500 ක පරිච්ෙඡ්දය අවසන් වනු බලා සිටීමටය. රට බෙදීමෙන් පසුව එළඹෙන ඊළඟ පරිච්ඡේදයේදී ඉතිහාසය ඔවුනට නියම කරන්නේ දේශපාලන කුණුවලේ සිට නැවත නැගසිිටීමටය. එදාට ඒ මරා ගන්නා මිනිසුන්ගේ දේශයේ ඉතිරිවන ප‍්‍රබුද්ධයින් ඔවුන්ගේ මුහුණුවලට කෙළ ගසනු ඇත. ඒ මහා පාවාදීමට එරෙහිව ඊළඟ පරම්පරාව ඔවුන්ගේ සොහොන් කොත්වලට මුත‍්‍රා කරනු ඇත.

එවැනි සංදර්භයක් තුළ ජාතික බලවේගයට තම  උපාය මාර්ගික තේරීම් කිරීමට සිදුවන්නේ එදා 2005 අත්දැකීම් මත සිටිමිනි. නමුත් අද වසර 10 කට පසුව එදා ජාතික බලවේගය නියෝජනය කළ ජ.වි.පෙ. සහ හෙල උරුමය සතුරාගේ පිලට තල්ලූවීම තුළ ජාතික බලවේගය සතුරා ඉදිරියේ ප‍්‍රබල අභියෝගයකට මුහුණ දී සිටියි. ඒ අනුව ජාතික බලවේගය එම බාහිර වගකීමේ තරම තේරුම් ගෙන ඉතා ඉවසිලිවන්තව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ මහින්ද රාජපක්‍ෂ යන සාධක දෙකම රැකෙන ආකාරයට සියලූ දේශපාලන ක‍්‍රියාමාර්ග තේරිය යුතුව ඇත. එසේම රටට ආදරය කරන සියලූ මිනිසුන්ගේ අද සවසේ පරම යුතුකම වන්නේ ඒ අතුරේ යන මෙහෙයුමට ආශිර්වාද කිරීම සහ ඊට දායක වීමය. පවතින උණුසුම් දේශපාලන වාතාවරණය තුළ බලාපොරොත්තුවේ සේයා රාශියක් ඇත. ඒ නිසා මහින්ද රාජපක්‍ෂගේ පරාජයෙන් උකටලී ව සිටින ඔහුට ඡුන්දය දුන් ජනතාව තුළ නව බලාපොරොත්තු ඇති කිරීම සඳහා දේශපාලන පෙරහුරු රාශියක් අවශ්‍ය වී ඇත. නුගේගොඩ ඓතිහාසික මහා රැුස්වීම ඉන් එකක් පමණී. ඒ තුළ නව දේශපාලන කතිකාවක් ආරම්භ කිරීමේ ඉඩකඩ විවර වී ඇත. එම තත්වයන් තුළ සමහර විට ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ ජයග‍්‍රහණය කලාටත් වඩා යහපත් ගමනකට රට යොමු කිරීම සඳහා ඔහුගේ පුනරාගමනය හේතු විය හැක. අවසාන වශයෙන් අමතක නොකළ යුතු කාරණය වන්නේ මහින්ද රාජපක්‍ෂගේ පුනරාගමනය සහ ඉන්දු-ඇමෙරිකානු ඒකාබද්ධ බෙදුම්වාදී මාර්ග සිතියම හැකිලීමේ කාර්්‍යභාරය දෙකක් නොව එකක් බවය. එනම් ඒ පුනරාගමනය

සිදුවිය යුත්තේ ඒ මාර්ග සිතියමට එරෙහිව තෝරන උපාය මාර්ග  මුල්කර ගෙනය. එම නිසා එම ක‍්‍රියාවලිය තුළ මිතුරු පිලේ සිට ගැනීමට සුදුසුකම් ඇති කිසිවකු පිටමං නොකළ යුතුය. ඒ සියලූ දෙනාට ඒ මහා ඓතිහාසික මෙහෙයුම තුළ භූමිකාවක් ඉතිරි වනු ඇත. එම අර්ථයෙන් ගත් විට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට මෙන්ම අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාටද තීරණාත්මක අවසාන මොහොතකදී ඉතිහාසය විසින් රට වෙනුවෙන් වගකීම් පවරනු ඇත. එම යථාර්ථය අමතක නොකර කටයුතු කිරීම ජාතික බලවේගයේ වගකීමකි.

වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර
මහ ලේකම්,
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

5 Responses to “දිනූ මහින්දට එරෙහිව පැරදුනු මහින්ද..”

  1. Christie Says:

    Namaste:The former President called an early election. The Indian imperialists (India) were ready to correct its mistake in 2005 when it backed Mahinda Rajapaksa over Ranil Wickramasinge. Indian imperialists advised Indian block vote in the island to abstain from voting. The reason for the preference was Indian imperialists thought it will be easier to negotiate with Mahinda an unknown matter for India. Unfortunately for India, Mahinda did not follow Indian directions as former Sri Lankan leaders did since 1956. In 2010 India enrolled General Sarath Fonseka as a presidential candidate against Mahinda and failed. So behind the scene as Indian imperialist always do they were planning for years and got former governor Chandrika Bandaranayake-Kumaranatunge to do the job and succeeded with doing a repeat of what India did with her father Solomon West Ridgeway Dias Bandaranayake in 1951. India did not have to wait for four year this time. India managed to divide the non-Indian vote and got the Indian block vote for Maithripala Sirisena the new governor of Sri Lanka who may be the proxy for the real governor Chandrika Jai Hind

  2. Dr.K Says:

    “මහින්ද රාජපක්‍ෂට තමා වටා සිටි අතිබහුතරයක් වූ කුහකයින් සහ බොරුකාරයින් සමඟ නැවත එක්වීමට හිත හදාගැනීමට නොහැකි වූවත් තමාගේ පුද්ගලික ගැලවීම සඳහා හෝ දේශාපාලන කරලියේ තමාට හිමි භූමිකාව අතට ගත යුතුය. ඒ සියල්ලටම වඩා බලයේ සිටිය දී තම ගෝල බාලයින්ට පිස්සු කෙළීමට ඉඩදී බලා සිටීමේ වරදට තමාට ඉතිහාසය විසින් සමාව දී නව භූමිකාවට ආරාධනා කරනේ තමා යම් අවධියකදී රටේ ඉතිහාසයට සාධාරණය ඉටුකළ නිසා බව එතුමා තේරුම්ගත යුතුය”

    වසන්ත ඔබ දේශහිතෛෂීයෙකු ලෙස ඉදිරිපත් කොට ඇති විග්‍රහය ඉතාමත් සංවේගජනකය . මොකද මේ අපේ රටට වෙන්නේ? මොකද මේ රටේ දේසපාලනය කරන්න සැදී පැහැදී සුදු වතින් සැරසිලා පෙරමුණේ යන රාලලා පොට වරද්දාගෙන අමු කැවිච්ච රිලවු වගේ තමන්ගෙම වරිගේ නහගෙන රටත් විනාසෙට තල්ලු කරන්නේ?

    මෛත්රිපාල මැතිතුමාට යහපාලන තොවිල් ගේ තුළ තනිකම් දෝසෙ ගහල රනිල් ,අනුර, මංගල , චම්පක හා රාජිත වැනි කූට යමපල්ලන් ඇවිත් ඔහුගේ බොටුව තදකරන්න කලින් තොවිල් ගෙයින් එලියට ඇවිත් තමන්ගේ පාක්ෂිකයන් සමග එකතුවී කටයුතු කළොත් තමනුත් බේරී රටත් බේරගන්න හැකිවේවි . මෙහිදී තමුන්ට අමු කැවුව වුන් තමන්ගේ ඔළුවට දමාපු අදහස් අනුව මහින්ද ඔහුගේ සතුරෙක් යන අදහස ඉවතට දමලා (ඔහු පක්ෂයෙන් එලියට යන්න පෙරදා රාත්‍රියේත් එකට ආප්ප කෑව බව හෝ සිහිකරලා ) මහින්ද සමග එක්වුවහොත් මුළු රටම (හොරිකඩ ඊනියා සිංහලයන් හැර ) ඔවුන් පිළිගනු ඇත.

    මෙහිදී මහින්ද තම අතේ බලය තියෙද්දී රටේ ජනතාවගේ හදගැස්මට වඩා තමා වටේ ඉඳගෙන තමාගේ වල කපමින් හිටි එවුන් ආරක්සා කරමින් ඔවුන් සුරතල් කිරීම නිසා උගුලක වැටුනත් තවමත් තමා වටා කළෙහිගුණ දන්නා සැබෑ සිංහලයින් සිටිනබව වටහාගෙන ඔවුන්ගේ පෙළගැස්මට නායකත්වය දී කටයුතු කළොත් ශ්‍රි ලංකාව තනි රටක් ලෙස ඉදිරියටත් පවතිනු ඇත.

  3. Geeth Says:

    Dear Wasantha,
    We have discussed these things for several times didn’t we? And we have accurately predicted about the results much earlier. Many things that have been unfolded now were our predictions weren’t they Wasantha?

    Your article is a very powerful, important and timely article Wasantha. it is so important to open all sides of the situation to the public. Singing hosannas is not the need of the hour, but to inform the masses of all our mistakes and dangers. With all odds, I glad you found time to write this. I know how tight your daily routines are.

    This is an eye-opening article from many aspects. It is sad that JVP has been taken a ride by its new leadership. They have been caught up with complete confusion about the current situation. And the most troubling part is that they haven’t sensed the gravity of it. Yes they always had this “Panu Nyaya.” Currently JVP has got the worst leadership in its entire history.

    Yes you are correct, “පවතින උණුසුම් දේශපාලන වාතාවරණය තුළ බලාපොරොත්තුවේ සේයා රාශියක් ඇත. ඒ නිසා මහින්ද රාජපක්‍ෂගේ පරාජයෙන් උකටලී ව සිටින ඔහුට ඡුන්දය දුන් ජනතාව තුළ නව බලාපොරොත්තු ඇති කිරීම සඳහා දේශපාලන පෙරහුරු රාශියක් අවශ්‍ය වී ඇත. නුගේගොඩ ඓතිහාසික මහා රැුස්වීම ඉන් එකක් පමණී. ඒ තුළ නව දේශපාලන කතිකාවක් ආරම්භ කිරීමේ ඉඩකඩ විවර වී ඇත. එම තත්වයන් තුළ සමහර විට ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ ජයග‍්‍රහණය කලාටත් වඩා යහපත් ගමනකට රට යොමු කිරීම සඳහා ඔහුගේ පුනරාගමනය හේතු විය හැක. අවසාන වශයෙන් අමතක නොකළ යුතු කාරණය වන්නේ මහින්ද රාජපක්‍ෂගේ පුනරාගමනය සහ ඉන්දු-ඇමෙරිකානු ඒකාබද්ධ බෙදුම්වාදී මාර්ග සිතියම හැකිලීමේ කාර්්‍යභාරය දෙකක් නොව එකක් බවය. එනම් ඒ පුනරාගමනය

    සිදුවිය යුත්තේ ඒ මාර්ග සිතියමට එරෙහිව තෝරන උපාය මාර්ග මුල්කර ගෙනය. එම නිසා එම ක‍්‍රියාවලිය තුළ මිතුරු පිලේ සිට ගැනීමට සුදුසුකම් ඇති කිසිවකු පිටමං නොකළ යුතුය. ඒ සියලූ දෙනාට ඒ මහා ඓතිහාසික මෙහෙයුම තුළ භූමිකාවක් ඉතිරි වනු ඇත. එම අර්ථයෙන් ගත් විට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට මෙන්ම අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාටද තීරණාත්මක අවසාන මොහොතකදී ඉතිහාසය විසින් රට වෙනුවෙන් වගකීම් පවරනු ඇත. එම යථාර්ථය අමතක නොකර කටයුතු කිරීම ජාතික බලවේගයේ වගකීමකි.”

  4. Senevirath Says:

    great. we need more and more articles like this send this to mahinda

  5. ranjit Says:

    Only way forward for MY3 is to get out from the clutches of Ranil & CBK nothing else if not he will be treated as a traitor same as them. No one in this country gave Ranil the power to form a Govt at any time. He took it by force and he himself appointed 75% UNP ers’ in to his cabinet thru the back door without anybody’s consent. MY3 should stand in his two feet and show to the countrymen where he stands whether with UNP or with S.L.F.P. He cannot stand in one foot with UNP and the other with S.L.F.P. and carry on his work because both parties have different views and different attitudes. As a Sinhala Buddhist he must take the stand of the Majority Sinhalese without bending like Beckham and giving more and more concessions to Tamils and Muslims. He should sack the Central Bank Governor Immediately without any excuse. Tamils taking over important positions in the Govt cannot be acceptable at all. We know what Tamils asking for and from whom they take advise and what are their future plans and so on. My3 must take a stand to keep our country safe from these evil foreign Mafia. We ask the President to join with the lion king of Hamabantota rather than joining with liars,cut throats and traitors to the country and work together to take us forward and save Sinhala race from evil minds.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress