ශ්‍රී ලංකාව අරාජිකත්වයේ පාමුළ ?
Posted on March 15th, 2015
Callystus Jayatillake
වත්මන් ආණ්ඩු සභාගයේ තිබෙන පිරිමැසිය නොහැකි න්යාය පරස්පරතා ඉතා නුදුරේ දීම ශ්රි ලංකාව අත්කරගෙන තිබෙන ආරක්ෂක හා ආර්ථික ජයග්රහණ ආපසු හැරවිය හැකි මට්ටම දක්වා පැතිර යාමේ අවදානමක් මතු ව තිබේ. විශේෂයෙන් ම දැනට න්යායික මට්මේ පවතින පතුල නොපෙනෙනෙ තරම් වන පරස්පරතා පූර්ණ ප්රාගෝගික ක්රියාමාර්ග දක්වා වර්ධනය වුවහොත් කෙනෙකු සිතනවාට වඩා අසුභවාදී විපාක ජාතියට රැගෙන එනු නියත ය…. එජාපය, හෙළ උරුමය, මුස්ලිම් කොන්ග්රසය, දෙමළ ජාතික සංධානය, කුඩා අන්ත වාංමාංශික පක්ෂ, වාමාංශික ඇකඩමික් කණ්ඩායම් යන මේවා කිසි දිනෙක එක් ව තබා ගෙන ජාතික සංවර්ධන ඉලක්ක පසුපස හඹා යත හැකි නොවේ. ඔවුන් උඩට පහළට දිගට හරහට ජාතික රාජ්‍ය අදිනු ඇත. යාන්තම් නැගී එන සංවර්ධනයේ ලංකාව වන් තැනක තිබෙන රටකට ප්රබල න්යෂ්ටියක් නැති එවැනි අරාජික සංධාන විනාශකාරී ය.
මහතිර් මොහොමඩ් මැලේසියාව අද තිබෙන තැනට ඔසවා තැබීමේ දී ද ප්රජාතන්ත්රවාදය, සිවිල් අයිතිවාසිකම්, දූෂණය වැනි මහින්ද මුහුණ දුන් තරමේ අභියෝගවලට මුහුණ පෑවේ ය. මහතිර්ගේ ම මුදල් ඇමතිවරයා වන අන්වර් ඊබ්රහිම් යොදා ගනිමින් රට ආපස්සට හැරවීමට ඇමරිකාව හා බ්‍රිතාන්‍ය ප්රමුඛ රටවල් උත්සාහ කළ ද ශ්රී ලංකිකයින් මෙන් මැලේසියානු ජනතාව කුමන්ත්රණයට හසු වූයේ නැත. බැරී වේන් (2010) මහතිර්ගේ චරිතාපදානය ලියමින් මෙසේ ලියයි: නැගී ආ ජීවන මට්ටම, ආචාර්ය මහතිර්ගේ රුව සහිත ගොඩනැගිලි හා මැලේසියානු ජාතික අභිලාෂයන් නොවළහා ආරක්ෂා කිරීම වැනි දෙය ඒ තාක් රට තුළ නොවූ විරූ ජාතික අනන්යතාවක්, ප්රෞඩබවක් හා ආත්ම විස්වාසයක් ජනිත කළේ ය. ඔහු මැලේසියාව, ලෝක සිතියම මත, බොහෝ මැලේසියානුවන් ආදරය කරන තැනක ස්ථාපනය කළේ ය. මහින්ද රාජපක්ෂ කළේ ද මෙය නොවේ ද?
ගැඹුරු දේශපාලන පරස්පරතා නිදහසින් පසු වසර 60 තුළ ම ලංකාව තුළ පැවතුණි. විශේෂයෙන් ම ජේ ආර්, ප්රේමදස හා චන්ද්රිකා යුගවල දී රට එක් දිශානතියක් කරා යොමු කොට බෙදුම්වාදය පරාජය කළ නොහැකි වූයේ එකී පරස්පරතා අතික්රමණය කළ නොහැකි නායකත්වයක් රට තුළ නොතිබූ නිසා ය. එහෙත්, බෙදුම්වාදය පරාජය කිරීමට ද ඉන් පසු ව රට දැවැන්ත සංවර්ධන ඉලක්ක වෙත රැගෙන යාමට ද මහින්දට හැකි වූයේ මෙකී විනාශකාරී පරස්පරතා ජාතික රාජ්‍ය ඒකකයට හානි නොකරණ දුරක තැබීමට ඔහු සමත් වීම නිසා ය. මහින්ද සියළු දෘෂ්ටිවාද එක් තැනකට ගොනුකරමින් ෆ්රැන්සිස් ෆුකුයාමාගේ අර්ථයෙන් ‘ඉතිහාසය අවසන් කළේ ය’. එහෙත්, මහින්දගෙන් පසු බලය ගත්තේ ඔහුගේ දෘෂ්ටිවාදයට කට්ටි පනිමින් සිටි මෙරට සමාජ–සංස්කෘතික මූලයන්ගෙන් බහිෂ්කරණය වූ ආන්තික (marginalized) පිරිසකි. ලාංකේය ඓතිහාසික මුල් තමා විසින් ම සිඳ ගැනීම හේතුවෙන් මහින්ද තන්ත්රය තුළට පෑහීමට නොහැකි ව කලක් ස්වයංකොන්කරණයකට පත්ව සිටීම නිසා ම ඇති කරගත් මහින්දට එරෙහි ජන්මාන්තර වෛරය මෙම කණ්ඩායමේ පොදු දේශපාලන අවිය විය. එජාප, ජවිප, හා හෙළ උරුමයට අයත් බහුතර පොදු ජන ඡන්ද දායකයා තම නායකයින් සේ මෙවන් ආන්තික මනෝභාවයන් සිය කැමැත්තෙන් දරණු නොපෙනේ. එහෙත්, තම නායකයින්ගේ කියුම් කෙරුම් හා සමපාත වීමට සිදුවීම නිසා ඔහු වත්මනෙහි සිටින්නේ දැඩි අනන්යතා අර්බුදයක ය.
පුද්ගලික අනන්යතා අර්බුද මෙසේ දිස්වන විට සාමූහික වශයෙන් වන අනන්යතා අර්බුදයකට ද හංස පාක්ෂිකයින් දැන් මුහුණ දී තිබේ. ඒ මහින්දට සාපේක්ෂ ව තමා ගොඩ නැගීම හේතුවෙන් මහින්ද නැති තැන තමා යනු ඇත්ත වශයෙන් ම කවුදැයි තමන්ට ම හඳුනා ගැනීමේ දැවැන්ත අභියෝගයයි. රන්ජන් රාමනායක, වසන්ත සමරසිංහ වැනි නොමේරූ මන්ත්‍රීවරුන්ගේ ‘හොරු ඇල්ලීමේ මෙහෙයුම්’ හරහා හංස සංධානය ඉටුකර ගනිමින් සිටින්නේ ඇත්ත වශයෙන් ම හොරු අල්ලා ගැනීමේ කාර්යක් නොව ‘තමා අල්ලා ගැනීමේ’ කාර්යයි, එනම් තමා කවුදැයි හඳුනා ගැනීමේ කාර්යයි. සියළු පාපයන්ට වග කිවයුත්තා මහින්ද බවත් එනිසා ඔහු අත් අඩංගුවට ගතයුතු බවත් කියමින් ඇතැම් ඇමැතිවරුන් තවදුරටත් මහින්දට එරෙහි වෛරය වැපිරීමට උත්සාහ ගන්නේ ද තම සන්ධානය නුඳුරේ දී ම කැඩී බිඳී යතැයි යන බිය නිසා ය.
පසුගිය දින කිහිපය තුළ ආණ්ඩුවේ ක්රියාවලිය මදක් නිරීක්ෂණය කිරීමෙන් පවතින සභාගයේ අභ්යන්තර පරස්පර මනාව දත හැකි ය. උදාහරණයක් ලෙස මැතිවරණ සමයේ දැඩි විවේචනයට ලක් වූ මහින්දගේ පෝර්ටි සිටි පිළිබඳ කැබිනට් ප්රකාශකවරයා එකක් කියන විට අගමැතිවරයා පාර්ලීමේන්තුවේ දී අනෙකක් කියන්නේ ය. ජවිප නායක අනුර කුමාර කියන්නේ තෙවැනි කතාවකි. ඇමති අර්ජුන රණතුංග සිව්වැන්නකි. ලක්ෂමන් කිරිඇල්ල ඇමතිවරයාට අනුව වත්මනෙහි එවැනි ව්යාපෘථියක් මෙසිරිලක පවතින්නේ ම නැත. හෙළ උරුමය මේ පිළිබඳ හඬ ඇසෙන තරම් නිහඬ ය. තවත් සටන් පාඨයක් වූයේ හොරු, කුඩුකාරයින් හා එතනෝල්කරුවන් ය. එසේ සිටිතැයි කියන වුන් අඩංගුවට ගන්නැයි රංජන් රාමනායක, හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැනි අය දිනපතා මාධ්‍ය හමුවේ දෙස් දෙවොල් තබති. එහෙත් රජය කරවන කිසිවෙකු මෙම ප්රකාශ බැරෑරුම් ඒවා ලෙස සලකන බවක් නොපෙනේ. මේ අතර, මෛත්රීපාල සිරිසේන ජනපතිකරවීම සඳහා සුවිසල් සේවයක් කළ දෙමළ සංධානය උතුරේ සිට ලංකා රාජ්යයට එරෙහි ව සමූල ඝාතක චෝදනා අඩංගු ප්රඥප්තියක් සම්මත කරගන්නා විට රාජිත ඇමැතිවරයා එය විවේචනය කරනු පෙනේ. තව බොහෝ පරස්පරතා ය. ප්රශ්නය වන්නේ මෙවන් තත්වයක දී, කුමන පාර්ශවය නියෝජනය කරන මතය රජයේ මතය ලෙස ගන්නේ ද යන ගැටළුවයි. උදා; ලෙස වරාය නගර ගැටළුවේ දී අප අත්පොළසන් දිය යුත්තේ රාජිත ඇමැතිවරයාට ද අගමැතිවරයාට ද? සමූල ඝාතක ප්රඥප්තිය හමුවේ උතුරු පළාත් ජනයා විසින් පිළිගත යුත්තේ තමාගේ පළාත් සභාව ද එසේත් නැතිනම් තමා විසින් පත්කළ ජනාධිපතිවරයා ද?
මේ අතර, කරලියට නොපැමිණිය ද සැඟ වී තිබී එළියට ඒමට නියමිත පරස්පරතා ද බොහෝ ය. එක්සත් ජාතික පක්ෂය නවලිබරල් ය. ජවිපය හා මෙම රජය පත්කිරීමට දර දිය අදින හා ඇදි විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය වැනි සංවිධාන වාමාංශික බව කියවේ. (වත්මන් ජවිපය වාමාංශික ද දක්ෂිණාංශික ද යන්න නිශ්චිත ව කිව නොහැකි ය. අධීරාජ්යවාදී ඇමරිකාවට එරෙහි ව තිබෙන එකම විකල්ප කඳවුර වන චීනය හා රුසියාව ජවිපයට නයාට අඳු කොල සේ පෙනීම මෙම සැකයට හේතුවයි. වසන්ත සමරසිංහ රුසියානු තානාපති කාර්යාල භූමියට එරෙහි ව රන්ජන් රාමනායක භූමිකාව කරන අතර අනුර කුමාර චීන පෝර්ටි සිටිය කෙසේ හෝ වළකන බවට සපත කරයි). මෙවන් පසුබිමක ජවිපය වැනි පක්ෂ සාම්ප්රදායික ව පුද්ගලික විශ්වවිද්යාලවලට එරෙහි ය. එහෙත් නවලිබරල් එජාපය මෙම මතයේ නැත. ඔවුන් ශ්රිලනිප රජය ඉක්මවා පුද්ගලික විශ්වවිද්යාල ව්යාපෘතිය ඉදිරියට ගෙන යාමට නියමිත ය. පසුගිය අයවැයෙන් අධ්යාපනය සඳහා වත්මන් රජය මහින්දට වඩා රුපියල් බිලියනක් පමණක් වෙන් කොට අධ්යාපනයට සියයට 6 ක් ක්‍රමානුකූලව” දෙන බව කියූ දේශපාලන පොරොන්දුවට ෆූටා වැනි සංවිධාන මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙනුවෙන් උත්මාචාර වෙඩිමුර පවත්වන විට අධ්යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් සියයට 6 සටනට කණේ පහරක් ගසමින් මේතාක් නොවූ විරූ ලෙස පාසැල්වල මුදල් එකතු කිරීමට නෛතික බලයක් ලබා දෙමින් චක්රලේඛයක් නිකුත් කර තිබේ.
මේ මසක් වැනි ඉතා කෙටි කලක් තුළ මතු ව ආ පරස්පරතා පිළිබඳ රට ම දන්නා කාරණා ය. එහෙත් මේ වන විට සැලසුම් කරමින් යන තවදුරටත් විදේශ ණය ලබා ගැනීම් වැනි එකී නොකී බොහෝ කාරණා කරලියට ඒමට නියමිත ව තිබේ. හෙළ උරුම නායකයින් විසින් සැදූ ‘ඒක පුද්ගල ණය උගුල’ සියයට සියයකින් ම වැඩි කිරීමට සිදුවන කාලය වැඩි ඈතක නොවේ.
මේ අතර, රුපියල් 350 ක සහතික මිලක් නියම කළ රබර් මිල දැන් මහින්ද රජයේ 300 න්ද බැස 220 වී තිබේ. රුපියල් 80 සහතික මිලක් නියම කළ තේ දළු කිලෝවක මිල රුපියල් 55 කි. ඩීසල් හා පෙට්රල් මිල අඩු වූව ද එළවලු හා සෙසු බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල අඩු වූයේ නැත (කොත්තමල්ලි හා උඳු වැනි දෙය අපගේ සාමාන්‍ය ගොසරි ලැයිස්තුවේ නැත) සහල් මිල එන්න එන්න ම වැඩි වෙමින් තිබෙනු පෙනේ. මේ අතර, සරදියෙල් වැනි බදු ප්රතිපත්ති, ආර්ථික කළමනාකරණ දුබලතා හා ඉදිරියේ දී අපේක්ෂිත අස්ථාවර ආර්ථික ප්රතිපත්ති හේතුවෙන් ලංකාවේ කොටස් වෙළඳ පොල ද කඩා වැටෙමින් තිබේ. මේ සියල්ල ම නිසා මහා පරිමාණ විදේශ ආයෝජන ලංකාවට පැමිණීම පිළිබඳ නව සැක සංකා මතු වෙමින් තිබේ.
මේ සිදු වෙමින් තිබෙන්නේ අප විසින් ඉහත සාකච්ඡා කරන ලද න්යාය පරස්පරතා කෙමෙන් ප්රායෝගික තලයට සේන්දු වීමේ මූලික සලකුණු නොවේ ද ? ශ්රී ලංකාව පිළිබඳ ජාතික හැඟීමක් නොමැති පුද්ගලයින්ගේ ක්රියා නිසා විනාශ වීමේ අවධානමට ලක් ව තිබෙන ශ්රී ලාංකික ජාතික අභිලාෂ නොවේ ද?
March 15th, 2015 at 10:18 am
There is a concerted effort to undermine Sri lankan buddhist culture and to promote minority cultures.
Making Ranil wickramasinghe the leader is one step in that direction.
At the general election Ranil Wickramasinghe must be defeated.
March 15th, 2015 at 11:20 am
අපි කැමති උනත් අකමැති උනත්, පිනා චාන්ස් එකක් උනත්, විධායක ජනාධිපති හුටං සිරිසේනයි. පෙනෙන විදියට ඉදිරියටත් විධායක ජනාධිපති හුටං සිරිසේන ම තමයි. හුටං සිරිසේන හිතා මතාම බොරුවක් කරන්නෙ. හුටං විධායක ජනාධිපති විතරක් නෙවෙයි අද ශ්‍රිලනිපයේ සහ පොපෙ සන්ධානයේත් සභාපති. එ් අනුව පාර්ලිමේන්තුවෙ බලයත් තියනවා. හුටං ඔිනැම දෙයක් කරන්නෙ චෙෞර වියගෙන් අහලයි. කරුණු කාරනා කිහිපයක් නිසා දැනට දෙන්නගෙම මූලික සහ ප්‍රධාන අරමුන එකයි. එකක් මහින්දට අැනල ක්නොක් අවුට් එකක් ගහල ශ්‍රිලනිප යේ බලය තහවුරු කරගන්න එකයි.
චෙෙරවියට දැන් යූඑන්පී ය අැනයක්. චෙෙරවියට දැන් යූඑන්පී යෙන් වැඩක් නැහැ. මතකනෙ චෙෙරවිය යූඑන්පී ය අමාරුවෙන් දිනාගත්ත 2001-3 රනිල්ගෙ අාණ්ඩුවට කොටපු හැටි. අනිවාර්‍යයෙන්ම චෙෙරවිය මේ සැරෙත් පිටිපස්සෙන් ඉඳල යූඑන්පී යට පිහියෙන් අනිනව. සිරිපාල ලගෙ සහයෙන් කොරන්න යනවයි කියන ව්‍යවස්ථා සංශෝධනය අඩු ගනනෙ අද හෙට නොකෙරෙන තැනට වැඩේ සෙට් කොරනව. දෙන්නම හිතන්නෙ ටික දවසකින් යූඑන්පී යෙ අය වැර සහන වාෂ්ප වෙනව. එතකොට මිනිස්සුන්ට යූඑන්පී එපා වෙනව. එතකොට චෙෙරවියටයි හුටං ටයි පුළුවන් රජ වෙලා ඉන්න. කොහොමද ටිකිරි මොලේ. හැබැයි ඉතින් චෙෞරවියගෙ 1994-2005 කාලෙ වගේම රට අනාථයි.
රනිිලුයි යූඑන්පී කාරයොයි ඉල්ලන් කාල අපිටත් බෙදුව.
March 15th, 2015 at 5:08 pm
Namaste: Hi folks Malaysia is lucky the majority Malays united and stood up to minority Chinese and Indian colonial parasites. In the island nation Indian colonial parasites and Indian Empire divided the Sinhala majority in 1951 by funding SWRD. Please read what the current Indian Empire said in various forums and interviews when he was here. Please stop blaming each other among us. Our enemies are Indian Empire, Indian colonial parasites and vermin in the world and here. Jai Hind.