එදා හා මෙදා (තවදුරටත්)
Posted on March 24th, 2015

තිස්ස ගුණතිලක, සිඩ්නි නුවර සිට

1803 නේ වෑගොල්ලෙ සටන අපිට ජයගන්න හැකිවුනේ රජායි අදිකාරම්වරැයි එකම මතයක ඉදල ජනතාව සුදු ආක්‍රමනිකයිට එරෙහිව පෙලගස්සපු හින්ද. එහෙම එකමතයක හිටපු රජායි අදිකාරම්වරැයි විරසක කරන්න සුද්දට ගියේ අවුරැදු දහයයි. 1814 දී මේ අදිකාරම්වරැම රජාව සුද්දට පාවලා දෙන්නෙ තාන්නමාන්නවලට වහවැටිල. එදා සුද්දන්ව බලන කපොල්ලෙන් පහලට වැටෙන්න පහරදීපු සිංහලයොම තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජාව 1814 දි හැංගිලා හිටපු තැනින් එලියට ඇදල කන් ඉරල, ඇදුමේ ඉරල, පයින් පහරදිදී බිමදිගේ ඇදගෙන ගිහිල්ල සුද්දට බාරදෙන්නෙ.

 මේ ඔක්කොමකලේ අර සුද්දා දෙන්‍ඤං කියපු තාන්නමාන්නවලට වහවැටිල.

 ඉතින් අද වෙන්නෙත් ඒකම නේද?

 නූතන අදිකාරම්වරැ 45 කට ඇමතිකම් දීලා කියනවා නුබලා මේ තනතුරැවල රසබලලා, රට බේරාගත්ත වරදට, අපට කොටින්ගෙන් ජීවිතදානය ලබලදීපු වරදට අපේ රජාව ශ්‍රී වික්‍රම රජසිංහට කලාවගේ එහෙමත් නැතිනම් ලිබියාවෙ ගඩාපිට කලාවගේ තලාපෙලා දසවදදී හේග් වලට දක්කන්න සුද්දට බාරදීම තොපි සිංහලයින්ට බාරදීපල්ලා. දැන් මේ නව ඇමතිවරැ රාජකාරිය පැත්තක තියලා මේ පවරපු දේවකාරිය කරන්න පිඹූරැපත් අදිනව.

 අරාබි වසන්තය ලංකාවෙ තරම් ලස්සනට අරාබියෙදිවත් වුනේනැහැ. අපි ඒතරම්ම සත්කාරශීලි ජාතියක්.

 මේ ඇවිත් තියෙන්නෙ හිතහිතා විතරක් ඉන්න කාලයක් නෙමෙයි. සුඵවෙන් හෝ ක්‍රියාත්මක වියයුතු කාලයක්. ඒ හින්දා අපි හැමෝම තරමක් හෝ කෙලෙහිගුණයක් ඇති කියල හිතෙන අයත් එක්ක මේවාගැන කතාකරන්න කාලය ඇවිත්.

 ඔබට සුභ පැතුම්

 තිස්ස ගුණතිලක, සිඩ්නි නුවර සිට

2 Responses to “එදා හා මෙදා (තවදුරටත්)”

  1. Christie Says:

    Namaste: “දසවදදී හේග් වලට දක්කන්න සුද්දට බාරදීම”. There are not many Suddas left or arriving in the island. But there are plenty of Indian colonial parasites and Indian Empires agents in the island. It is the Indians doing it as Indian Sepoys did then. Jai Hind.

  2. Jag Says:

    Tissa, the need has arisen for you to form another ”Sinhala Association” and continue what those adhikaram’s did..!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress