බොල් පිළිම
Posted on March 30th, 2015

වෛද් රුවන් එම් ජයතුංග

 ඔවුන් සුවිසල් පිළිම ලෙස අප අතර සැරිසරති 

ඔවුන්ව වන්දනා කිරීමටද අපව පොලඹවති 

 මහා පුරුෂයන් ලෙස පෙනී සිටියත් 

ඔවුන් දේශපාලන අන්තේවාසිකයින් වෙති 

 

නිවාස, ඉඩකඩම්, රථවාහණ, තානාන්තර  හමුවේදී 

ඔවුන් කුක්කන් ලෙස නගුට වනති 

අන්ධ මීයන් ලෙස රැලේ යති 

දේශපාලකයන් හමුවේ දණ නමති 

ඔවුන්ව පැදකුණු කරති 

තම ආත්මය ඔවුන්ට පාවා දෙති 

 

කලාව හා සංස්කෘතිය පෝෂණය කිරීම 

ජනතා කලාවක් ගොඩනැගීම පසෙක ලා 

අනවතරයෙන්ම වන්දිභට්ටයින් බවට පත් වෙති 

 

මොවුන් අතර වික්ටර් හාරාලා නැත 

බොබ් ඩිලන්ලා  විසෝස්කිලා නැත​

ඇත්තේ අත්තෙන් අත්තට පනින

ඇක්‍ෂන් ජැක්සන්ලා හා දීන කලා මනප්පුලා පම​ණි 

 

දීනත්වයෙන් තොර 

ස්වාධීන කලාකරුවන් ගේ කාන්තාරයක් වූ මේ දේශයේ 

 කලාකරුවන් ලෙස හඳුන්වන මේ බොල් පිළිම​

ජීවත්වන කාලයේ රජයෙන් නොමිලේ ගෙවල්ද අයදිති 

එපමණක්ද නොවේ සබඳ 

මියගිය පසු ඔවුන් දෙපැයක්ද​ කලාභවනේ වැතිර සිටිති 

 

වෛද් රුවන් එම් ජයතුංග

One Response to “බොල් පිළිම”

  1. Christie Says:

    Namaste: Ruwan, I don’t think we can comprehend the plight of our Artists. They have been relying on the crumbs thrown out by Indian colonial parasites. Take our Film Industry it was run by these Indian colonial parasites. Ceylon Theatres, Cinemas, Gunaratnam, Robin Tampoe, Page to name a few. Even today our Artists rely on these Indian colonial parasites and their businesses. Wimalaweera’s Podiputha film could not stand up to these wealthy Indian colonial parasites. We should be proud of Artists who you are talking about. Things have not changed much with the Soap Operas either, Indians are running them. Jai Hind.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress