ලිහිණි හෙළෙන් පහළට බැස සිරිපා හිමේ අතරමංවූ කාන්තාව පිළිබඳ මනෝ වෛද්‍ය විද්‍යාත්මක අදහසක්
Posted on March 31st, 2015

වෛද්‍ය රුවන් එම් ජයතුංග

 
සමනල අඩවියේ  අතරමං  වූ රංජනී නැමැති කාන්තාව විසින් කරන ලද ප්‍රකාශය අනුව ඇය හැටන් පාරෙන් තනියම සිරීපාදයට ගොස් තිබේ. සිරිපා වැඳීමෙන් පසු ඇය රත්නපුර පාරෙන් බැස තිබේ. එම මාර්ගයේදී රංජනී කුරේ කැලේ අතරමං වූවාය​. ඇය එම අද්දැකීම ගැන මෙසේ පවසන්නීය​. 
 මම විවාහ වෙලා ඉන්නේ. ටික කාලයකට පෙර පුරුෂයා මාව අත්හැර ගියා. මට පුතෙක් හිටියා. ඒ ළමයා අවුරුදු කිහිපයකට උඩදි මැරුණා. 
‘‘පහුගිය දෙවෙනිදා මම හැටන් පාරෙන් තනියම සිරිපා ව`දින්න ආවා. තුන්වෙනිදා සිරිපා වැන්දා. රත්නපුර පාරෙන් බැස්සා. මට හිතුනා සිරිපාදේ අනික් පැත්ත බලන්න. ඉඳිකටු පානෙදි මම හිතලම කැළේට ඇතුල් වුණා. ආපහු එන්න පාර හොයාගන්න බැරිවුණා. මගේ අතේ තිබුණ බෑග් එක බර වැඩි හින්දා විසිකළා. මම දවස් ගාණක් කැළේ ඇවිද්දේ පාර හොයාගන්න. කන්දෙන් එහා පැත්තේ කවුරුහරි මට කතා කරනවා වගේ ඇහුනා. මම උත්තර දුන්නා. මට ඒ අය ඔහොමම ඉන්න කිව්වා.’’ 
‘මා ශ්‍රී පාදස්ථානයට යන්නට පිවිසි දින සවස් වරුවේදී ශ්‍රීපාද මාර්ගයේ එක්තාරා ස්ථානයකට පැමිණි බව මට මතකයි. මා පැමිණියේ තනියමයි. මා එසේ පැමිණ නතර වූ ස්ථානයදී මා නියමිත යා යුතු තැනට නොපැමිණ ඇති බව මට දැනුණා. පැමිණ සිටි ස්ථානයේ අඳුරු ස්වභාවයක් දැනුණා. කුඩා ගල් ගුහාවල් කීපයක්ම එතැන තිබුණා. ඉන්පසුව සිදු වූ දේ ගැන නිශ්චිත මතකයක් මට නැහැ. මා මෙම රොහලට ගෙන ආ නිලධාරින් එන විට මා ප‍්‍රපාතයට බසින්නට සූදානම්ව සිටි බව මට පසුව දැනගන්නට ලැබුණා.
යම්කිසි හේතුවක් නිසා මගේ පෙර ආත්මයන් පිළිබඳ මතකයක් මට සිහිපත් වන අවස්ථාවන් තිබෙනවා. නමුත් එම අවස්ථාවේ මා කුමක් කරන්නේද කියා මා දන්නේ නෑ. එවැනි අවස්ථාවල කායික වශයෙන් මට විශාල ශක්තියක් ඇතිවනවා. එයින් ප‍්‍රයෝජන ගෙන සමහරුන් මා නපුරු සතුන් සමඟ සටන්වලට පවා යොදවාගෙන මුදල් හම්බකිරීම පවා කර තිබෙනවා. ඒ පිරිස කවුරුන්ද කියා මට කියන්න බෑ. ඒ පිරිස අතර සමහර ඇමැති පුතුන් පවා සිටිනවා.
දේශපාලනඥයන් පවා මගේ උපකාර ලබා තිබෙනවා. නමුත් කිසියම් බලවේගයක් විසින් මා මෙහෙයවන බව මට වැටහෙන්නේ මෙවැනි දේ සිදු වූ පසුවයි. බොහෝ විට මා නින්දෙන් ඇවිදිනවා යයි මගේ පවුලේ අය මට පවසා තිබෙනවා යනුවෙන් තම අතීතය සම්බන්ධව රංජනී පැවසුවාය. මට මගේ හැසිරීම වෙනස්වන බව දැනගන්නට ලැබෙන්නේ එවැනි අවස්ථාවකින් පසුව මට යම් තුවාල සිදු වී මා සිටින ස්ථාන වෙනස පිළිබඳව දැනගත් විටදීය. ඒ අවස්ථාවලදී මට ඇතිවන වෙනසින් ප‍්‍රයෝජන ගන්නා පිරිසක් සිටින බව මට වැටහෙනවා. නමුත් ඒ වනවිට බොහෝ දේ සිදු වී අවසන් යයි පැවසූ ඇය දිග සුසුමක් හෙළා සිනාසුනාය. (ලිහිණි හෙළෙන් පහළට බැස සිරිපා හිමේ අතරමංවූ කාන්තාව – ලංකාදීප  2015 මාර්තු මස 24  )
  රංජනී   විසින් කියන ලද ප්‍රකාශයන්ට අනුව මෙම කාන්තාව  Dissociative disorder හෙවත් විඝටන ආබාධයකින් පෙලෙන බවට බොහෝ දුරට උපකල්පනය කළ හැක. මෙම රෝගී තත්වය නිසා ඇය තුල මතකය අඩු වී ඇම්නීසියා හෙවත් විස්මෘති තත්වයක් පැන නගියි. මෙකී විස්මෘතිය විනාඩි ගනනක් සිට පැය ගනනක් ද ඇතැම් විට දින ගනනාවක් ද පැවතිය හැකිය​. විඝටන ආබාධයෙන් පෙලෙන්නන් අතර විශාදය,  කාංසාව බහුලය​. උක්ත කාන්තාව පුරුෂයා හැර යාම සහ දරුවාගේ මරණය නිසා යම් කිසි විශාද තත්වයකින් ද පෙලෙනවා විය හැකිය​. 
 තවද a sense of being detached from  self  හෙවත් තමන් තම මනස සහ තම අනන්‍යතාව තුලින් වියුක්ත වීමද සිදුවේ. මේ හැර a perception of the people and things around you as distorted and unreal  (උදාහර​ණ -සමහරුන් මා නපුරු සතුන් සමඟ සටන්වලට පවා යොදවාගෙන මුදල් හම්බකිරීම පවා කර තිබෙනවා. ඒ පිරිස කවුරුන්ද කියා මට කියන්න බෑ. ඒ පිරිස අතර සමහර ඇමැති පුතුන් පවා සිටිනවා) වැනි අසාමාන්‍ය සිදුවීම් සත්‍ය ලෙසින්ම සිදුවූ බවට ඔවුන් ප්‍රකාශ කරති , විශ්වාස කරති.ඇය ව්‍යාධිවේදික විඝටනයේ (Pathological Dissociation) ලක්‍ෂණ ද පෙන්වන බව කිව හැකිය. 
මෙම කාන්තාව බොහෝ දුරට  විඝටන ආබාධයකින් පෙලෙන්නීය​. මේ නිසා ආගමික හෝ සංස්කෘතික මති මතාන්තර තව දුරටත් ඇයට කවා ඇයව තව දුරටත් ව්‍යාකූල කිරීම , මුල්‍යා වාසි සඳහා ඇයට දේව වරම් තිබෙන බව කියා සාස්තර කීමට යොමු කිරීම  වැනි අනිසි සූරාකෑම් නොකොට  ඇයට තිබෙන රෝගී තත්වය ගැන සත්‍ය පවසා ඇයගේ මනස සුවපත් කිරීමට අවශ්‍ය කෙරේ.  නැතහොත් මේ රෝගී තත්වය තව දුරටත් උත්සන්නව ඇය මනෝව්‍යාධික තත්වයකට පත් විය හැක​. එම නිසා මෙවැනි ප්‍රවෘත්ති වාර්තාකරණයේදී පුවත්පත් වාර්තාකරුවන් ඥානවත් ආකාරයට පුද්ගලයාට මෙන්ම සමාජයට හාණි නොවන  අන්දමට වාර්තා කළ යුතුය​. 
වෛද්‍ය රුවන් එම් ජයතුංග

2 Responses to “ලිහිණි හෙළෙන් පහළට බැස සිරිපා හිමේ අතරමංවූ කාන්තාව පිළිබඳ මනෝ වෛද්‍ය විද්‍යාත්මක අදහසක්”

  1. Independent Says:

    “එම නිසා මෙවැනි ප්‍රවෘත්ති වාර්තාකරණයේදී පුවත්පත් වාර්තාකරුවන් ඥානවත් ආකාරයට පුද්ගලයාට මෙන්ම සමාජයට හාණි නොවන අන්දමට වාර්තා කළ යුතුය​. ”

    පුවත්පත් වාර්තාකරුවන් බොහොමයක් හදවතක් නැති නරුමයෝය​. සියල්ල විකෘතිකොට උන්ට අවශ්‍ය පනිවිඩය ලියා මිනිස්ජීවිත සමග දුරාචාරයේ යෙදෙන්නෝය​.මුන්ට ආගමක් ධර්මයක් නැත​.

  2. Christie Says:

    Namaste: Thanks. This is much more common these days and is a sign of the minority complex among the majority taken in a group situation. Most of us are innocent and poor. Our wealth, land and control of us are in the hands of a foreign power the Indian Empire. The day we understand our plight which is unlikely’ we as individuals will be free from this kind of behavior. Siripa Hime is surrounded by Indian colonial parasites. Jai Hind.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress