ලක්හඬ වැසෙන ලකුණු
Posted on April 10th, 2015

-අපි ලක්හඬ-

වසර ගණනාවකට පසු ලක්හඬ අපි අවුරුද්දට ගෙදර සිටිමු. සමහරවිට අවුරුද්දම ගෙදර සිටීමට වුවද සිදුවනු ඇත. ලක්හඬ අපට වෙනදා අවුරුදු ආවේ රටටම අවුරුදු බෙදන්නටය. සන්නිවේදකයෝ, කළමණාකාරිත්වය ඇතුලූ සැමට අවුරුදු තිබ්බේ ගෙවල්වල නොව බත්තරමුල්ල ලක්හඬ පරිශ්‍රෙය්ය. අවුරුදු නැකැත් රටටම කියන, අවුරුදු දා ’රේඩියෝ අවුරුදු උළෙලෙන් ’  රටටම තෑගි බෙදන ලක්හඬ පවුල තම තමන්ගේ පුද්ගලිකත්වය අමතක කර රටපුරා වෙසෙන අසන්නන් සමග අවුරුදු කෑවේ හිතේ කහටක් නැතිවය.

නමුත් මෙදා අවුරුද්දේ ඔවුන් බහුතරයක් ගෙවල්වල උදවියත් සමග අවුරුදු කන්නේ හිතේ කහටක් ඇතිවය? ඒ ලක්හඬ පවුලට මෙදා අවුරුදු නැති නිසාය. විවිධ තරාතිරම්වල අසන්නන් රැසකගේ හදවත් ස්පර්ශ කල වැඩසටහන් රැුසක් දියත් කල ලක්හඬ මෝඩයාගේ දවසේ රටම මෝඩයාට අන්දාට ගොලූකර තිබේ. පැය 24ම ගීත පමණක්ම වාදනය වන ඵඡු3 සංයුක්ත තැටියක්  බවට ලක්හඬ පත්කර තිබේ.

වෙනදා රටටම අවුරුදු ගෙනා සන්නිවේදකයන්ගේ හඬට මෙදා අවුරුද්දේ ඉඩක් නැත. එය මෙදා අවුරුද්දේ පමණක්මද යන දෙගිඩියාව බොහෝ දෙනෙකුගේ සිත්වල ජනිත වි ඇත. ඒ සියල්ලටම වඩා ලක්හඬ අපට හිත් වේදනා දෙන කරුණ වී ඇත්තේ ලක්හඬ යහපාලනාධිකාරිය විසින් ලක්හඬ සන්නිවේදකයන් වාචාලයන් කර තිබීමයි. මාර්තු 31වනදා මධ්‍යම රාත‍්‍රියේ සියලූ වැඩසටහන් නතර වන විට මේ යහපාලනාධිකාරිය රටපුරා පෝස්ටරයක් අලවන්නේය. එහි සදහන් වන්නේ ’ රේඩියෝ වාචාලකම ඉවරයි’ යනුවෙනි. ලක්හඬේ වාචාලයන් සිටියාද නැද්ද යන කරුණට පාලනාධිකාරිය කෙසේ වෙතත් අසන්නන් නම් කදිමට සාක්ෂි දරනු ඇත.

එසේ මෙසේ කෙසේ වෙතත් ලක්හඬට යහපාලනය උදා වූයේම සේවකයන්ගේ රැුකියා සුරක්ෂිතභාවය පිළිබද දෙගිඩියාවක් ඇති කරමින් බව මේ රටේ බොහෝ දෙනා නොදන්නවා ඇත. එය පසුගිය දිනක පාරලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා විසින් සංඛ්‍යා ලේඛනද සහිතව ප‍්‍රසිද්ධ මාධ්‍යයේ පෙන්වා දී තිබේ. එම දෙගිඩියාව මේ  ර්‍ණවාචාලකම අවසන් කිරීම ර්‍ණ තුල දෙගුණ තෙගුණ වී ඇත.

ගතවු දින 10 තුල ලක්හඬ විකාශය වූ සංඛ්‍යාත තුල පරීක්ෂණ විකාශයකටත් අන්ත තත්වයෙන් විකාශන කටයුතු කරගෙන යන්නේ වෙන්නේ මොකක්දැයි කිසිදු ඉගියක් නැතිවය. ලක්ෂ සංඛ්‍යාත ලක්හඬ අසන්නන්ට තබා එහි සේවකයන්ටද අවිනිශ්චිත හැගිම් ඉතිරිකරමින් 93.5 සහ 93.7 මොනවාදෝ සිංදු ටිකක් වාදනය කරයි.
රටටම යහපාලනය උදාවී ඇතැයි කියන යුගයක, මාධ්‍ය නිදහස දිවි හිමියෙන් සුරකිනවායයි කියන යුගයක, මාධ්‍ය ස්වාධීන යයි කියන යුගයක ලක්හඬට මේ සිදුවී ඇත්තේ කුමක්දැයි බොහෝ දෙනා ප‍්‍රශ්න කරති. දිනපතා ලැබෙන සිය දහස් ගණන් ඇමතුම්වලින් විමසන්නේ ලක්හඬට මොකද වෙන්නේ කියාය. මේවාට පිළිතුරු දෙන්නේ තීරණ ගන්නා පාලනාධිකාරිය නොව සාමාන්‍ය සේවකයන්ය. මේ සියලූ ප‍්‍රශ්නවලට ඔවුන්ට දිමට ඇත්තේ අවිනිශ්චිතාර්ථයේ පිළිතුරකි.

’මොකද වෙන්නෙ කියල තමයි අපිත් බලන් ඉන්නේ’

බලා හිදීම , කල් මැරීම සහ නිහැඩියාව තුල කිසිවෙක් බලාපොරොත්තු නොවන අර්ථ පැවතිය හැකි බව සියල්ලෝ අවබෝධ කරගත යුතුය. ගිණිකන්දක දිගුකාලීන නිහැඩියාව බිදෙන්නේ ලෝකයේම අවධානය දිනාගන්නා ක්ෂණික විදාරණයකිනි. අලූයට ගිනිපුපුරු සැගවි තිබිය හැක. සක්හඬක් බදු ලක්හඬේ හඬ වියැකී යනතුරු ලක්හඬ පවුල බලා නොසිටිනු ඇත. පවුලේ නාලිකාව තුල අවුලක් දකින්නට බලාපොරොත්තුවෙන් සිටින සැමටද  , ලක්හඬ වෙනුවෙන් සෝ සුසුම් හෙලන ආදරණීය සැමටද , ලක්හඬ පාලනාධිකරියටද සිහිපත් කල යුතුව ඇත්තේ සුපුරුදු හඬ වියැකුණද ලක්හඬ පවුලේ පිටකොන්ද සිඳී නොමැති බවයි, එනම් ’අපි ලක්හඬ’ මියගොස් නැති බවයි. එනිසා අපි තව ටික කලක් ඉවසීමෙන් බලා සිටිමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress