දූෂණයට හා වංචාවට ඒරෙහිව පැහැදිලි විසදුමක් සොයමු.
Posted on April 12th, 2015

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

විශ්වය නිර්මාණයේදී; ඒහි නිර්මාතෘවරයා විසින් මෙහි අැතිවෙන සැම ගැටලුවකටම ඊටම අාවේනිකවූ විසදුමක්ද ඉදිරිපත් කර අැත. මේ හේතුකොටගෙන මතුවෙන ගැටලු හමුවේ අපට නිරුත්තරව පසුබා සිටීමට කිසිදු හේතුවක් නැත. විසදුම අප අවටම දැවෙටෙමින් අැති බැවින්; ඒය හදුනා ගෙන ගැටලුව විසදාලිය යුතුය.

 පසුගිය රජය මේ රට පාලන කරන සමයේදී,විපක්ෂ දේශපාලන වේදිකාවේ ප්රභලතම මාතෘකාව වශයෙන් පාවිච්චි කරන ලද්දේ, දූෂණය හා වංචාවයි. දූෂණය හා වංචාව සිදු කලේද? සිදුකලේ කවුද? සිදුකලේ කොහොමද? යන්න සෙවීම; වර්තමානයට අයත් කාර්යයක් නොවේ. වර්තමානය විසින් සිදුකල යුත්තේ අනාගත සමාජයන් තුල මේ දූෂණය නමින් හදුන්වන සමාජ පිලිකාව හට ගැනීමට අැති මූලයන් ගලවා ඉවත්කර දැමීමයි. අැත්තටම දූෂණය මේ සමාජයෙන් පිටු දැකිය හැකිද? හැකිනම් ඒ් කෙසේද යන්න අද සමාජය විසින් සාකච්ඡා කලයුතු ප්රභලම මාතෘකාවක් බවට පත්ව තිබේ.

දැන් අප සාකච්ඡා කල යුත්තේ මේ සමාජ පිලිලය සමාජයෙන් ගලවා ඉවත් කරන්නේ කෙසේදැයි යන ගැටලුවයි.මේ වනතෙක් මෙරට කිසිදු දේශපාලන පක්ෂයක් මේ සමාජ පිලිලයට විසදුම මේ යයි සමාජගත කර නැති තත්වයක් තුල; අප.විසින් සිදුකල යුතු බැරෑරුම්ම කටයුත්ත වන්නේ එය මුලිනුපුටා දැමීමට හැකි තත්වයන් නිර්මාණය කිරීමයි. වංචාව හා දූෂණය පිටු දැකීම කථා කරන අප, සැබෑ ලෙසම වංචාව හා දූෂණය හදුනාගෙන තිබෙනවාද? මීලගට මතුවෙන ගැටලුව එයයි. අපි පලමුව වංචාව හා දූෂණය හදුනා ගැනීමට වෙර දරමු.

වර්තමානයට අනුව යමෙක් අයතා විදියට මුදල් ඉපයීම අප වංචාව ලෙස අර්ථ දක්වමු. මෙතන වැදගත්ම කටයුත්ත ඉටු කරන්නේ මුදල්ය. මුදල් විසින් මිනිසා තුල අැති ධන ලෝභීත්වය උසි ගන්වා; ඒය වෙත ආකර්ශණය කර ගැනීමේ බලය;දූෂණය උත්පාදනය කරයි. මේ අනුව වංචාවකට මුල් වෙන එක සාධකයක් මුදල් වෙන අතර අනික් කරුණ වන්නේ; ඒ නිසා මිනිසා තුල හට ගන්නාවූ මානසික ව්‍යාකූලත්වයයි. මේ දෙකෙන් එකක් නැති කලවිට වංචාව නවතී. මුලු ලොකයේම මේ වංචාව නවතාලීම සදහා සිදු කරන්නේ ඒක පාර්ශවික ක්රමවේදයකි. ඒ මුදල් නිසා හට ගන්නාවූ මානසික ව්‍යාකූලත්වය නතර කිරීම හෝ පාලනය කිරීමට කටයුතු කිරීමයි. ඒ සදහා නීති රීති හා එම වරදවල් සදහා වූ දඩුවම් සමාජයට හදුන්වාදී ඇත. චීනය වැනි සෘජු ප්රතිපත්ති ඇති රටවල මේ හේතුවෙන් වංචාවන් රාශියක් අවම කරගෙන ඇති වුවද ඒ රටවල සිදුකරන ඒ දඩ්වම් තුලින් ඉතා වටිනා දක්ෂ ජීවිත ගනනාවක්ම නිරන්තරයෙන්ම රටට අහිමි වෙ.

දැන් අප හමුවේ ඉතා පැහැදිලිව ගැටලුව විවෘතව ඇත. අප කල යුත්තේ කුමක්ද? එක් පැත්තකින් මුදල්ද අනික්පැත්තෙන් මුදල් ගිජුකම විසින් උත්පාදනය කරනු ලබන මානසික ව්‍යාකූලත්වය ඇති විට වංචාව උපදින බව දන්නා අප; මානසික ව්‍යාකුලත්වය නතර කිරීම සදහා මහත් වෙහෙසක් දරන්නෝ වෙමු. ඒ සදහා පොලීසි, උසාවි හා නීති රීතිත් මහා පිරිස් බල ඇණියකුත් අතැතිව සිටින්නෝ වෙමු.මේ සදහා විශාල වියදමක්ද දරන්නෝද වෙමු. අප සැබෑ ලෙසම මේ ගැටලුවට විප්ලවීය විසදුමක් ලබා දෙන්නේ නම්; සිදුකල යුත්තේ මිනිස් මනසේ මුදල් ගිජු කම වඩා ලන; නගා සිටුවන මනස ව්‍යාකූලත්වයට පත් කරන මුදල් වලට යමක් කිරීමයි. කාටවත් කඩා වඩා ගත නොහැකි මුදල් සංසරණ ක්රමයක් නිර්මාණය කිරීමයි. එම ක්රමය ඉතා පහසුවෙක් සිදුකල හැකි ක්රමයකි. නමුත් ඒම ක්රමය පවතින ධනවාදී වංචාකාරී ක්රමවේදයට ප්රභල පහරක් වෙන බැවින් කිසිදු රාජ්‍ය පාලකයකු ඒම ක්රම වේදය දෙස නිකමටවත් අැස් අැර බැලීමට සූදානම් නැත. අප ලොව පවතින සියලුම රාජ්‍යයන්ට ත්රස්තවාදය විනාශ කරන අාකාරය පෙන්වූ ප්රබල ජාතියක් වෙමු. අපට ජය ගත නොහැකි කිසිදු අභියෝගයක් නැත. ඒ අාකාරයටම; වංචාව හා දූෂණය පිටුදකින පැහැදිලි මුදල් සංසරණ යාන්ත්රණයක් ලොවට හදුන්වාදීමද අපට කල හැකිය.  දැන් අප කල යුත්තේ එම ක්රම වේදය සම්බන්ධව පුලුල්ව කථා කිරීමට සංවාදශීලීව වේදිකාවක් ගොඩනැංවීමයි. වර්තමානය විසින් මේ කාර්යය ඉටුකල යුතු වැදගත්ම කාර්යය බව ම් වනවිටත් පෙන්වාදී තිබේ.

මේ වනවිට පිරිසිදු හා අපිරිසිදුව දුගද හමන පාලක පාලිකාවෝ පවා විනිවිද භාවය සම්බන්ධව කථා කරති. කතා කරන බොහෝමයක් දෙනාට බිය ගෙන දෙන කරුණ වන්නේද විනිවිද භාවයයි..අපි සියල්ලන්වම විනිවිද දැකිය හැකි සමාජයක් බිහිකරලීමට පියවර ගනිමු. ඒ් සදහා කටයුතු කිරීමට සූදානම් නායකයකු සොයා පියවර මනිමු.

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

3 Responses to “දූෂණයට හා වංචාවට ඒරෙහිව පැහැදිලි විසදුමක් සොයමු.”

  1. Christie Says:

    Namaste: Ever heard of cause and effect. What is the cause of corruption in the Island. The Sinhalese have lost their control of the economy of the Island since 1790’ties; the arrival of British and Indian colonial parasites. Indian colonial parasites control us. If we unite and free ourselves from these Imperialists then that will be the end of corruption. Jai Hind

  2. chandrasena Pandithage Says:

    Christie, You are exactly correct. Colonialism started just after the Portuguese’s arrivals here and most of the corruption have very close relationship with the colonialism. When we look into that historical events we could see that was the starting point of capitalism. Your proposal is very advance on this issue and thank you very much for it.

  3. AnuD Says:

    This is how MavunKaarayanan Vahanse wanted it.

    Just take it.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress