මෛත්‍රිපාලට විකල්පයක් නැහැ
Posted on May 20th, 2015

නලින් ද සිල්වා

මෙයට කලින් ලිපියෙන් අපි මෛත්‍රිපාල සිරිසේනට විකල්පයක් යෝජනා කෙළෙමු. ඒ ඔහුගේ අවශ්‍යතාව පරිදි පාර්ලිමේන්තුව ලබන වසරේ අප්‍රේල් වන තුරු පවත්වාගෙන යෑමට ය. එහෙත් එය කොන්දේසි විරහිත එකක් නො වී ය. ඒ කොන්දේසි අනුව රනිල් පික්පොකට් අගමැති ධුරයෙන් ඉවත්කර සංධාන ආණ්ඩුවක් පිහිටුවිය යුතු ව තිබිණි. මෛත්‍රිපාල ඒ කරාවි දැයි අපට ප්‍රශ්නයක් විය. අප ලිපිය අවසන් කෙළේ මෙසේ ය. එහෙත් ප්‍රශ්නයක් වේ. මෛත්‍රිපාලට බටහිර බලපෑම හමුවේ එවැන්නක් කළ හැකි ද? අඩු තරමෙන් පලිබෝධනාශක රසායන ද්‍රව්‍ය රැගත් කන්ටේනර් නිදහස් නොකිරීමට ඔහුට ශක්තියක් වේ ද?” 

මෛත්‍රිපාලට එවැනි ශක්තියක් නැත. එවැනි ශක්තියක් තිබිණි නම් ඔහු ඊනියා පොදු අපේක්‍ෂකයා වන්නේ ද නැත. බටහිර රටවල් හා ඉන්දියාව ඔහු පොදු අපේක්‍ෂක බවට පත්කර ගත්තේ ම ඔහුට එවැනි ශක්තියක් නොමැති බැවිනි. ලිපිය ලියා පැය කිහිපයක් ගතවීමට පෙර තමා පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පවත්වන බව මෛත්‍රිපාල මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කෙළේ ය. පැහැදිලිව ම එ ඔහුට අවශ්‍ය තීරණයක් නොව බටහිරට හා රනිල්ට අවශ්‍ය වූවකි. 

මෛත්‍රිපාලට විකල්ප නැත. ඔහුට කළ හැක්කේ බටහිරට අවශ්‍ය දේ පමණකි. ඔහු එය දින එකසිය තිහක පමණ කාලයක දී පන්සිය වාරයක් පමණ පෙන්වා දී ඇත. ඔහු රණවිරුවන්ට නැවත ලංකාවේ උපදින ලෙස ආරාධනා කෙළේ ය. ඒ කුමකට දැයි නො කීවේ ය. ඔහුට අනුව නැවත ඊනියා යුද්ධ ඇති නො වේ. එ ඔහු සංහිඳියාව ඇති කරන බැවිනි. රණවිරුවන් නැවත ඉපදිය යුත්තේ ඔහු සංහිඳියාව ක්‍රියාත්මක කරන ආකාරය නැරඹීමට ද?

ඔහුගේ ඊනියා සංහිඳියාව යනු බටහිර රටවල හා ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි දෙමළ ජාතිවාදයට සිංහල බෞද්ධ උරුමය පාවාදීම ය. පසුගිය දා උතුරේ කොටි කොඩිය ලෙළ දුන් බව මහින්ද රාජපක්‍ෂ පවසා ඇත. එහි ඡායාරුප ද වෙබ් අඩවියක පළ වී තිබිණි. මෛත්‍රිපාල කියන්නේ බුද්ධි අංශය තමාට එවැන්නක් දන්වා නැති බවත් මහින්දට අනෙක් අයට නොපෙනෙන කොඩියක් පෙනී ඇති බවත් ය. ඊනියා ස්වාධීන රූපවාහිනියට අනුව ඒ කදිම පිළිතුරක් විය. ඔවුහු ප්‍රවෘත්ති ප්‍රචාරයට අමතර ව අර්ථකථන ද දෙති.

මහින්දට පෙනෙන කොඩි අනෙක් අයට නොපෙනීම පුදුමයක් නො වේ. රනිල්ට තොප්පිගල පෙනුණේ වනාන්තරයක් ලෙස ය. රවි කරුණානායකට අලිමංකඩ පෙනුණේ පාමංකඩ ලෙස ය. ලක්‍ෂමන් කිරිඇල්ලට අනුව ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි විය. අද මෛත්‍රිපාල සිටින්නේ ඔවුන් සමග ය. ඔවුන්ට සැමරීමට ජයග්‍රහණයක් නොමැති වීම පුදුමයක් නො වේ. මහින්දට හොඳින් කොටි කොඩි පෙනුණු නිසා ඒ කොඩි ගලවා සිංහ කොඩිය එසවීමට හැකි විය. කොටි කොඩි නොපෙනෙන්නවුන් අතින් සිංහ කොඩි නො එසවේ. මෛත්‍රිපාල උතුරේ ඔසවන සිංහ කොඩියක් නැත. ඔහු දෙමළෙන් ජාතික ගීය ගැයීමට ඉඩ දෙයි. පිරිත් කීමට පැමිණි භික්‍ෂූන් වහන්සේ උසාවියට රැගෙන යයි. ඒ ඔහුගේ සංහිඳියාව ය. කොටි කොඩි නොපෙනුණාට සුදු කොඩි දකින වෙල් විදානෙලා නම් ඔහුට ඇත.  

මෛත්‍රිපාල පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ විසිවැනි සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුව නො වේ. රනිල්ට විස්ස අවශ්‍ය නො වේ. රනිල්ට අවශ්‍ය නොවන දෙයක් මෛත්‍රිපාලට කළ නො හැකි ය. රනිල්ට අවශ්‍ය නිමල් සිරිපාල ද හවුල් කරගනිමින් සිංහල විරෝධී බහුතරයකින් සමන්විත ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ය. මෛත්‍රිපාලට ඒ කිරීම හැර වෙනත් විකල්පයක් නැත. 

නලින් ද සිල්වා

2015 මැයි 20

One Response to “මෛත්‍රිපාලට විකල්පයක් නැහැ”

  1. jay-ran Says:

    MY3 kiyanaa GONG HARAKA KARA ETHTHE, METHEK
    JANDAYAKING JAYAGATH,PREMADASA,WIJETUNGA,CBK SAHA RATA BERAGATH APEY UTHUM MAHARAJA(my3kiyana ping gonaagema kating kiyaaethiparidi) WENI KISI KENEK NOKARAPU JARAAMA JARAA ALIGETHTHERU WEDAKI,ENAM SULUTHARAYAK INNA RW VENI LTTE EKATA,HORUNTA,BATAHIRATA KATH ADINA BALLAAWA PM KALA EKAYA.
    Mewaata langadeema OOTA PALA LEBEI!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress