අගෝස්තු දහහත්වනදා විවරවන රන් දොරටුව
Posted on August 4th, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

මහින්ද බලාපොරොත්තුව හා ප්‍රගතිය නියෝජනය කරන අතර රනිල් අස්ථාවරත්වය හා ඉච්ඡාව වෙනුවෙන් පූර්ණ කාලීනව පෙනී සිටියි. මේ දෙදෙනාගෙන් කෙනෙකු අප රට විසිවන සියවසේ ඉදිරියට ගෙනයාම සඳහා මේ මස දහහත්වනදා අපට තෝරාගත යුතුව ඇත.

තාක්‍ෂණයත් සමඟ වේගයෙන් ඉදිරියට ඇදෙනා ලෝකයේ සමස්ත ජන සමාජයම මූලික විපර්යාසකට භාජනය වෙමින් පවතී. සමාජ ගුණ ධර්ම, අන්‍යෝන්‍ය බැදීම, කාරැනික චිත්තය ආදි මෙකී නොකි සියඵම දේ නව අර්ථකථනවලට භාජනය වෙයි. සාමුහිකත්වය පරයා පුද්ගලිකත්වය හිස ඔසවයි. අප විශ්ව ගම්මානයකට ඇතුඵවන්නේයයි සමහර පඬියන් පවසයි. ඵහි හොද හෝ නරක කෙසේ වෙතත් අප අපට පාලනය කරගත නොහැකි යම්කිසි බලවේගයකට හසුවී ඇතිබවක් නම් දැනේ. මෙම තත්වය ඵතරම් සුභදායක නැත. වහාම හදුනාගත යුතු මෙම බාහිර බලවේගය අල්ලා පාලනය කරනොගතහොත් විශ්ව ගම්මානයක්තුල සිංහල ජාතිය වැලලීයන දිනය එතරම් ඇතක නොවේ. යන දීගෙක අපගේ අනන්‍යතාවය රැගෙනම යායුතුය. ඒ සඳහා අපගේ සංස්කෘතික ලක්‍ෂණ වැලලීයා නොදී රැකගතහැකි නායකත්වයක් ඉදිරි අනාගත රාජ්‍යපාලනය සඳහා අප තෝරාගත යුතුවේ. අපටම විශේෂිතවු අනන්‍යතාවයක් සහිතව ජාත්‍යන්තරය හා එකතුවනවිට අපටත් අප රටටත් වටිනාකමක් ඇතිවේ.

දැන් සතිකිහිපයක සිට අප කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ දේශපාලන සුලඟකට ලක්වී සිටිමු. එහිදී විවිධ දේශපාලන ගෝරනාඞු මෙන්ම විවිධ චරිතද අපට හමුවේ. මේ අතර මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ එ ජ නි ස නියෝජිතයන්ද රනිල් ප්‍රමුඛ යහපාලන සංධාන නියෝජිතයන්ද ප්‍රධානය. විශේෂයෙන් මහින්ද රට නැවත ජවසම්පන්න කරනා ‘රටට පන දෙන, අලුතෙන්ම පටන්ගන්නා’ වැඞපිලිවෙලක් ඉදිරිපත්කරන අතර යහපාලනය තම දින සියය නොහොත් මාස හතක පාලනයක් පවතින විටත් ‘අඵතින් පටන් ගන්නා පංව කර්ම ක්‍රියාවලියක්’ ඉදිරිපත් කරයි. දින සියයක යහපාලනයක් යයි කියා මාස හතක වෛරී දේශපාලනයක නිරතවී රටේ සංවර්ධනය සම්පූර්ණයෙන්ම නවතාදමා පහලොස් ලක්‍ෂයකට රැකියා අහිමිකර ජනතාව මුලාකල මොවුන් පොකුරැ ගම්මාන, ජාතික රජයක් හා යහපාලන පෙරමුණ ආදී කාටවත් නොතේරෙන සංකල්ප ඉදිරිපත්කලත් ඒවා ඉදිරිපත්කල වේගයටත් වඞා වැඞි විදුලි වේගයකින් හකුලාගෙන ඇත. මෙය හුදු පරදේශීය (alien) වචන හරඹයක් මිස එයින්  රටට, ජාතියට හෝ ගමට වන සෙතක් නැති බව ජනතාව හොදින් තේරැම්ගෙන හමාරය.

ගම ගැන නොදන්නා මැට්ටන් ප්‍රශූතකල, ගම හා ජනතාව පන්සලෙන් ඇත්කරනා, හතර  මායිමටවත් වැද්ද නොගතයුතු ‘පොකුරැ ගම්මාන’ වලින් රටට සිදුවන්නේ රනිල්ගේ අපකීර්තිමත් අධ්‍යපන ධවල පත්‍රිකාවේ අඞංගුව තිබූ ‘පොකුරැ පාසල්’ වලින් අධ්‍යාපනට සිදුවූ හානියමය. මහින්ද රට හා ජාතිය ත්‍රස්තවාදයෙන් ගලවාගැනීමට සටන්කරනාවිට, ‘ගොන්’ කතාකියමින් අපේ උදාර රණවිරැවන් මන්දෝත්සාහිකිරීමේ ප්‍රයත්නයක යෙදුන රනිල් පූමුඛ යහපාලකයින් ජාතික රජයක් අවශ්‍ය මොහොතක සිටියේ කොහේද? යන එන මං නැතිවසිටි යු ඇන් පි පක්‍ෂය සොබිතගේ ‘යහපාලනයේ’ එල්ලී සංධාන ගතවී මහ බැංකු මංකොල්ලය, රාජරත්නම් කොමිස් මුදල්ගිලිමින් හා බ්ලූමැන්ඞල් පාතාලයට  කිරිපොවා අනුග්‍රහකරමින්  ගෙනයන යහපාලනය කුමක්දැයි ජනතාව වික්ශිප්තවී සිටි.

මායම් ගම්මානවල සිංහලයින් කුඞා දරැවන් හා සමඟ කපා කොටා මරාදැමූ ත්‍රස්තවාදින්ට රනිල් රජ්‍ය වරප්‍රසාද ලබාදීමට පසුගිය දා ඉලාම් කොඞි ලෙලදවමින් උතුරේ කල ඡන්ද ව්‍යාපාරයේදී පොරොන්දු වී ඇත. මේවා පලවන්නේ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත් වල පමනි. සිංහල පමනක් දන්නා කියවන ජනතාවගෙන් මෙවැනි කූට ප්‍රකාශ සඟවා තැබිය යුතු නිසා ඒවා සිංහල මාධ්‍යවල පල නොවේ. මොහුගේත් ඊනියා යහපාලන නියෝජිතයින්ගේත් සටකපටකම් ජනතාව අවබෝධ කලයුතුව ඇත. නැතහොත් අප මුතුන් මිත්තන් අවුරැදු තුන්දහසකටත් වඞා කාලයක් රැකගත් මේ මව් බිමේ උරැමය  අපෙන් ගිලිහීයන දවස වැඞි ඇතක නොවේ.

මහින්ද රාජපක්‍ෂයන් හෝ එ ජ නි ස වේදිකාවෙන් එකඳු වෛරී ප්‍රකාශයක්වත් අපට ඇසුනේ නැති අතර යහපාලන වේදිකාවල  දැනටමත් ඇසෙන වෙඞි හඬත් පාතාලය බිලිගන්නා ජීවිතත් තුල ගැබ්ව ඇත්තේ අනාගත යහපාලන අඳුරැ සෙවනැලිය. මොවුන් ඇතිකරන්න හදන්නේ බ්ලුමැන්ඞල් පාතාලයේ පිපුන මල් වලින් සැරසුන මල් වට්ටියක් වැනි පාලනයක් විය යුතුය.

වෛරය සිරිසේනගෙන් යහපාලනයට ලැබුනාද සෝබිතගේ යහපාලනයෙන් සිරිසේනට බෝවුනාදැයි පැහැදිලි නැත. කෙසේ වෙතත් මහින්ද ප්‍රමුඛ එ ජ නි ස නොදිනන බවත් දිනුවත් මහින්ද අගමැති නොකරන බවටත් කල ප්‍රකාශය තුල ගැබවීඇති වෛරය හා ද් වේශය සීමා රහිතය. රන්තලියකට ලොබබැඳි දේවදත්ත අප මහ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මුදාහල ආත්මයක් ආත්මයක් පාසා හබාආ වෛරයත් මෙයත් අතර වෙනසක් නැත. මෙහිදී මහින්ද රාජපක්‍ෂයන්තුල ජනතාවට ඇති කරැණාව හා සෙනෙහස නිසාම ඔහු ඔහුගේ ජීවිතයට ඇති අනතුරද නොතකා අපව ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවා නැවත නිදහසේ ජීවය ලබාදුන් බව පමනක් සිහිපත් කිරීම සෑහේයයි සිතමි.

අතීතය අමතක නොවන අහිංසක ජනතාව මේ සෑම කෙනෙහිල්ලකම ඉවසා සිටින්නේ ඔවුන්ට සුපුරැදු සංසිඳුනාවූ ශාන්තභාවයෙනි. ඒ පිලිතුරැ දීමට සුදුසු අවස්ථාව හා දිනය ඔවුනට ලබන දහහත්වනදා උදාවන බව දන්නා බැවිනි. එදාට තමන්ටත් ජාතියටත් අප්පච්චි වු මහින්ද රාජපක්‍ෂයන් ඉහලින්ම ඔසවා තැබීමට නොපැකිලෙන ජනතාව එදා මෙදාතුර කිසිම ජනනායකයෙක් නොලැබූ ආසන සංඛ්‍යා‍වකින් මහින්දයන් ප්‍රමුඛ මහින්ද හිතවාදි එ ජ නි ස අපේක්‍ෂකයින් පමනක් දිනවීමටත් සූදානමින් සිටී. ‘සිරිසේන ද්‍රෝහින්ට’ වේදිකාවලින් ලැබුන ‘හූ’ හඬින්ම  ඔවුන් කවුරැන්දැයි හදුනාගෙන සිටින ජනතාව නැවත කිසිදා ඔවුන් දේශපාලනයට නොඑනා ලෙසට පන්නා දමනු ඇත. ජනතාව අති විශාල ආසන සංඛ්‍යාවකින් දිනවන මහින්දයන්ව අගමැති කරනුවිනා වෙනත්  විකල්පයක් එවිට සිරිසේනට ඉතුරැ නොවේ. තම වෛරය තුල තමාටම පැහි පැහී රස බැලීමට අවස්ථාවක්ද ඔහුට උදාවනු ඇත.

මහින්දට කෘතගුණ සැලකිය යුත්තේ අපට ජිවිත දානය ලබාදුන් මිනිසා ඔහු නිසාම නොවේ. ජනතාවට ආදරයකරනා ඉතාමත් සංවේදී ජන නායකයින් ඇතිවන්නේත් හමුවන්නේත් කලාතුරකිනි. එසේ අපට හමුවූ මේ අපූරැ කරැනාවන්ත මිනිසා රැකගැනීම අපේ යුතුකමද වන බැවිනි. ඒ සඳහා අවශ්‍ය ශක්තියද ධෛර්යද ඔබට ලබන දහහත්වනදා ලැබේවා.

 

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

2015 අගෝසතු මස 4 වන දා

4 Responses to “අගෝස්තු දහහත්වනදා විවරවන රන් දොරටුව”

  1. ranjit Says:

    We like to see the innocent smile in every face of Sri Lankans on 18 August 2015 after Mahinda wins this election defeating the evils and traitors to this land.

    Ranil the joker must give up politics if he loses this fight because this will be his 30th defeat. Mahinda lost only one time but still he is the most popular and Charismatic leader we ever had. Ranil/Sira/Choura the evil trio must bow down to the people’s power and stay away without creating unnecessary scene if Mahinda wins this election. Do not vote for UNP and regret later on. It’s a matter of life and death for Sinhala Buddhists therefore use your brains and vote to “BETEL” on Aug 17th without fail.

  2. NeelaMahaYoda Says:

    Ranil and his Yahapalana clan even can’t count up to 100, leave aside complex economic management. They said they will rule only for 100 days and surprisingly they could not keep counting and completely lost the count, ended up in 160 but they thought it was only 100.

  3. Hiranthe Says:

    Dear Patriots,

    I want everyone to view this on MR. Great stuff. This is from the Daily Divaina Wednesday.
    කොහොල්ලෑ බබාගේ හැටි

    බලයේ සිටි මහින්දට වඩා සමහරු බයවී ඇත්තේ හිටපු ජනාධිපති මහින්දටය. දහ නම වෙනි සංශෝධනය ගෙන ඒම සඳහා ප්‍රධාන හේතුව වී තිබී ඇත්තේ, යළිත් මහින්ද ජනාධිපති පුටුවට එතැයි එජාපයට තිබූ බය බව සමහරුන් පවසන්නේ නිකම්ම නොවේ. පොදු අපේක්‌ෂකයා විසින් ඡන්ද කාලේ, පොරොන්දු වූයේ දහ නමය ගෙන ඒම පමණක්‌ නොවේ. විස්‌ස, විගණන පනත සහ තොරතුරු දැනගැනීමේ පනත ද ඒ අතර වූහ. ඒ අතරින් ලහි ලහියේ දහ නවය පමණක්‌ ගෙන ආවේ මහින්දට බාධකයක්‌ දමන්නට වුවත් දැන් එය ආශිර්වාදයක්‌ කර ගෙන ඇත්තේ මහින්දය. අගමැති තනතුරට පත් වී විධායක බලතල සහිතව පාර්ලිමේන්තු බලයක්‌ හොබවන්නට ලැබෙන හැකියාව නිසා, මහ මැතිවරණයක්‌, තවත් ජනාධිපතිවරණයක්‌ කරගන්නට මහින්දට ඉඩ කඩ ලැබුණි. විපක්‌ෂයේ සිටියදී මහින්ද කොහොමටත් ක්‍රියාශීලීය. ශ්‍රී ලංකා දේශපාලනයේ අග්‍රගන්‍ය විදී සටන්කරුවා යන නාමයේ හිමිකාරිත්වය දරන්නේ මහින්දය. මේ කිරුළ මහින්ද දිනාගත්තේ, විපක්‌ෂයේ සිටියදී, නිදි සැප රැගෙන නොවේ. 1994 ආණ්‌ඩුව ගෙන එන්නට වැඩියෙන්ම දැඟලූ ශ්‍රී ලංකාකාරයා මහින්දය. භීෂණයෙන් ඇට කටු බවට පත් වූ තරුණයන් වෙනුවෙන් මහින්ද හඬ නගන විට, අවම තරමින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවත් නොවීය. මේ නිසා විපක්‌ෂයේ අරගලය මහින්දට කිසිම අවුලක්‌ තිබෙන වැඩක්‌ නොවේ.

    දාහත් අවුරුද්දක්‌ විපක්‌ෂයේ සිටි ශ්‍රීලනිපය අළු ගසා දමා නැගිට්‌ටවන්නට මහින්ද යොදන ලද විර්යය හත් මාසයක ආණ්‌ඩුවක්‌ පෙරළන්නට භාවිතා කිරීම මහින්දට අමාරු කාර්යයක්‌ නොවේ. මේ ගැන දන්නා විරුද්ධවාදීන් මහින්ද මහ මැතිවරණයට ඉදිරිපත් වීම වළක්‌වන්නට නොකළ දෙයක්‌ නැත්තේය. පළමු කඩුල්ල තිබුණේ, මහින්ද වෙනම එනවාද නැද්ද යන්නය. සන්ධානය එකට තබා ගෙන එන්නට මහින්දට ලැබුණු හැකියාව සමග, තුන් කොන් තරගයක්‌ ලෙස පිවිසි, තම ඡන්ද දෙකඩ කඩා ගැනීම වෙනුවට දෙපිළක තරගයක්‌ බවට පත් කරගත්තේ මහින්දගේ හැකියාවෙනි. ඊළඟට තිබුණේ සන්ධානයෙන් නාම යෝජනා දෙනවද නැද්ද යන ප්‍රශ්නයය. ජනාධිපති මෛත්‍රීපාලම කියූ ලෙස, මහින්දට අපේක්‌ෂකත්වය ලබාදීමට ඔහු තදින්ම විරුද්ධවෙද්දීත් මෛත්‍රී ලවාම අපේක්‌ෂකත්වය ලබාගන්නට මහින්ද සමත් වූයේ, විපක්‌ෂයේ සිටියදී ගේම ගසා ගන්නට අනික්‌ හැමෝටම වඩා හැකියාවක්‌ මහින්දට තිබෙන නිසාය. මහින්ද පැමිණි මේ ගමන ගැන විරුධවාදීන් දැන් කියන්නේ අලුත් කතාවකි.

    “දින්නත් මහින්දට අගමැතිකම දෙන්නේ නැහැ.” එහෙම කියන කොටම ජනතාවගේ ඔළුවට යන්නේ මහින්ද දැනටමත් ඉලක්‌කයට කිට්‌ටු වී තිබෙන බවය. කොහොමටත් යහපාලන ආණ්‌ඩුව බලයට ආවේ, ප්‍රජාතන්ත්‍රවාදය උරහිසේ තබා ගෙනය. එසේ තිබියදී ජනතාව බහුතර බලය ලබාදුන් පිලේ නායකයාට අගමැතිකම ලබා නොදීම, ප්‍රජාතන්ත්‍රවාදයේ කුමන මූලධර්මයට එකඟදැයි ඇසිය යුත්තකි. දින්නොත් මහින්දට අගමැතිකම ලබා නොදිය හැක්‌කේ, ජනාධිපති බලතල යටතේ නම්, විධායක බලයට එරෙහිව උදේ හවා සටන් කරන ලද පිරිස තමන්ගේ දේශපාලන කැමැත්ත ඉටුකර ගැනීම සඳහා,ජනතා මතය එම බලතලවලින් යටකර දමන්නට සැරසීමම, ජනවාරි අට වෙනිදාට පෙර තමන්ම කියූ දේවල්වලට දැන් තමන්ම විරුද්ධ වීමක්‌ මිස අන් යමක්‌ නොවේය. සුළුතර බලයක්‌ සහිත රනිල් තප්පර කිහිපයකින් අගමැති කරන්නට, ජනාධිපති මෛත්‍රීට හැකි වූවානම්, මහා මැතිවරණයේදී ජයගන්නා මහින්ද අගමැති කළ නොහැක්‌කේ ඇයි යන්නද ප්‍රශ්නයකි. මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපයේ නායකයා ලෙස මුලින්ම රදවාගත යුත්තේ පක්‌ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ය. ඔහු පවසන පරිදිම පක්‌ෂයේ සීයට අනූ නවයකගේ කැමැත්ත මහින්දට තිබේ නම්, සන්ධානය මහා මැතිවරණයෙන් ජය ගතහොත් මහින්දට අගමැතිකම නොදෙනවා කියන අයගෙන් රටට ප්‍රජාතන්ත්‍රවාදයක්‌ බලාපොරොත්තු විය හැකිද…?

    අනුරාධපුරයේ පැවැත්වුණු දුමින්ද දිසානායකගේ රැස්‌වීමට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල විසින් එහිදී කතාවක්‌ නොකරන ලද්දේ, තමන් කතා කළහොත් Êදුමින්දගේ තියෙන ඡන්ද වලටත් පාඩු විය හැකියෑයි පවසා බව, දුමින්ද විසින් තම රැස්‌වීමේදී ප්‍රසිද්ධියේම පැවසුවේය. මෛත්‍රී විසින් සන්ධානයේ අපේක්‌ෂකයෙකුට පක්‌ෂපාතිව කතා කළහොත් ඔවුනට මනාප අඩු වෙන බව ඔහුම පවසනවානම්, මේ මැතිවරණය තනිකරම මහින්දගේ හයියෙන් දුවන්නකි. එසේම මෛත්‍රී විරෝධයක්‌ සමග මතුවුවකි. එවැනි තත්ත්වයක්‌ යටතේ සන්ධානය ජයග්‍රහණය කළහොත්, අගමැතිකම වෙනත් අයෙකුට ලබාදෙන්නට මෛත්‍රීට කිසිම අයිතියක්‌ නැති බව කිව හැකිය. පක්‌ෂයේ සහ සන්ධානයේ අපේක්‌ෂකයෙකුට පක්‌ෂ නායකයා සහය දෙන්නට පැමිණියහොත් ඔහුට මනාප අඩු වෙන තැනක පාක්‌ෂික මතය තිබේ නම්, ඒ නායකයා කළ යුත්තේ, පක්‌ෂයේ තීන්දු තීරණ ගැනීම නොව, වහාම පක්‌ෂ නායකත්වයෙන් ඉවත්වීමය.

    දින්නත් මහින්දට අගමැතිකම නොදෙනවා යෑයි කියන්නේ මෛත්‍රී පාර්ශවයේ පිරිස සහ එජාපයේ අයය. මහින්දට අපේක්‌ෂකත්වය නොදෙනවා කියූ මේ පිරිසම, දැන් කියන්නේ මහින්දට අගමැතිකම නොදෙන බවය. මේ ප්‍රශ්නය සදහා ජනිපෙ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් හොද පිළිතුරක්‌ ලබා දුන්නේය. “අපිට අපේක්‌ෂකකම දුන්නෙත් නැහැ. අපි ඒක අරගත්තා. ඒ වගේම තමයි අගමැතිකමත්”

    පරාජයට පත්වුණු මහින්ද ලක්‌ෂ පනස්‌ අටක තම පිරිවර එකතු කරගෙන මේතරම් දුරක්‌ ආවා නම්, මහ මැතිවරණය ජයග්‍රහණය කළහොත් ඔහුට අගමැතිකම ලබාදීම නැවැත්විය හැකිද යන ප්‍රශ්නය තිබේ.

    මහින්දට අගමැතිකම පළමු වාරයේදී නොදෙන්නට කටයුතු කරන ලද පිරිසක්‌ විය. ජවිපෙ මේ සදහා චන්ද්‍රිකාගෙන් ලිතව ඉල්ලීමක්‌ කළේය. චන්ද්‍රිකාගේ අවශ්‍යතාවය වී තිබුණේද මහින්දට අගමැතිකම නොදී ඉන්නටය. එසේ වුවත් මහින්දට අගමැතිකම නොදී ඉන්නට ඒ කිසිම බාධකයකට හැකියාවක්‌ තිබුනේ නැත.

    දේශපාලනයේ රැළි හමන්නේ පුදුමාකාරයටය. පනස්‌ හයේදී බණ්‌ඩාරනායක මුල් කරගනිමින් ම.එ.පෙ. රැල්ලක්‌ නිර්මාණය විය.ඡේ.ආර්. මුල් කරගත් රැල්ලක්‌ හැත්තෑ හතේදී නිර්මාණය විය. අනූහතරේදී චන්ද්‍රිකා වටා රැල්ලක්‌ ඇති විය. මේ රැළි වලින් දේශපාලනයේ ඊළග ජයග්‍රාහකයා තෝරනු ලැබීය. 2005 දී මහින්ද ජයගත් නමුත් ඔහු වටා රැල්ලක්‌ නිර්මාණය නොවිය. 2010 දී ද එසේමය. මහින්ද සහ ෙµdන්සේකා අතර තරගයෙන් මහින්ද ජය ලැබූ මුත් එය රැල්ලක්‌ නොවීය. වෙනදා පරාජිතයාගේ ඡන්ද ගොඩ පරාජයේ පරිමාව කියන්නක්‌ මිස ඊළග ඉලක්‌කය සඳහා රැල්ලක්‌ ඇති කරන්නේ නැත. නමුත් මෙවර එය රැල්ලක්‌ නිර්මාණය කරමින් පවතී. මහින්ද අගමැති අපේක්‌ෂකයා වුයේ ඒ රැල්ලෙනි. මහා මැතිවරණය ජයග්‍රහණය කළහොත් මේ රැල්ල උදම් රළක්‌ සේ සැඩ වී අගමැති පුටුවට මහින්ද පා තැබීම, රැළි කලාවට අනුවනම් අරුමයක්‌ නොවේ.

    මහින්ද කොහොමටත් දේශපාලන කොහොල්ලා බබෙකි. එදා සිටම ඔහුට පහර දුන් අය, අන්තිමට ඇවිත් ඔහුගේ ඇඟේ ඇලුනේය. මහින්දට අගමැතිකම දෙන්න එපා කියූ ජවිපෙ, ඔහු ජනාධිපති කරන්නට කර උර දුන්නේය. එවැනි උදාහරණ බොහොමයක්‌ තිබේ. අද අගමැතිකම මහින්දට නොදෙනවා යෑයි කියන පිරිසගේ අතින්ම මහින්දට අගමැතිකම දෙන්නට සිදුවුණොත් ඒ ගැන පුදුම නොවිය යුත්තේ, කොහොල්ල බබාගේ හැටි එහෙම නිසාය.

    * මනොඡ් අබයදීර

  4. Hiranthe Says:

    Thank you Tissa for the really positive article.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress