ගුප්ත බලවේග පරාජය කරමු
Posted on August 9th, 2015

එස්. අකුරුගොඩ

එකදහස් නමසිය පනස්හයේ සිදුකල සමාජ පෙරලියේ පුරෝගාමියා වුයේ හොරගොල්ලේ වලව්වේ එස්.ඩබිලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාය. ඉන් වසර තුන හමාරකට පසුව, එවන් අඟනා සේවයක් කළ එතුමා ඝාතනය කරවන ලද්දේ තල්දූවේ සෝමාරාම නම් භික්ෂුවක් යොදවා ගෙනය. එම ඝාතනය කුමන්ත්‍රණය කිරීමේ වරදට එවකට කැළණි වහාරාධිපතිවූ මාපිටිගම බුද්ධරක්කිත හිමිද හසුවිය. අද ද රට බෙදුම්වාදීන් ගෙන් මුදවා රට එක්සේසත් කළ නායකයා දේශපාලනමය ඝාතනයකට ලක්කිරීමට නූතන බුද්ධරක්කිතලා සහ සෝමාරාමලා යොදවා ගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ.

බණ්ඩාරනායක මහතා ගේ හදිසි වියෝවෙන් කම්පාවට පත් ජනතාවගේ ආරාධනයෙන් දේශපලනයට පිවිසි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජනතාවගේ අභිලාශයන් නොයෙකුත් බාදක මැද ඉටුකරමින් හොරගොල්ලේ වලව්ව තව තවත් ජාතික හදවතට ලoකළේය. එහෙත් අද හොරගොල්ලේ වලව්වෙන් ඇසෙනේ මොනවාද? ඒ ‘මිස්ටර්’ ප්‍රභාකරන්ගේ අවතාරයේ හඞය. එස්.ජේ.වී.චෙල්වනායගම්ගේ ගුණවරුනය. ‘සිoහල බෞද්ධ ආධිපත්‍යය’ විනාශ කළ යුතුය යන්නය.   මේ වෙනස සිදුකිරීමට හොරගොල්ලට ඇතුලුවූ හෝ ඇතුලුකළ අබෞද්ධ විජය කුමාරතුoගලා සහ අසිoහල සම්භවයක් ඇති කුමාර් රූපසිoහලා කිසියම් අයුරින් දායක වුනිද?

එදා ඉන්දු-ලoකා ගිවිසුමට එරෙහිව හඞ නැගීම නිසා එ.ජා.පය රජය මගින් නිවාස අඩස්සියට ගත් මාදුවේ සෝභිත හිමි,  එවක් පටන් අප සැලකූවේ අපේ ජාතකත්වයේ මුර දේවතාවෙක් හැටියටය.  එහෙත් අද කෝට්ටේ නාග විහාරයෙන් ඇසෙනේ මොනවාද? ඒ බලය බෙදීමය. අද සෝභිත හිමි එදා තමා නිවාස අඩස්සියට පත්කළ එ.ජා.පය සමග ගිවුසුම් ගහයි! මේ වෙනස සිදුකිරීමට නාගවිහාරයට ඇතුලවූ හෝ ඇතුලුකළ අබෞද්ධ  හා අසිoහල   රවි කරුණායකම්ලා සහ පරගැති හා බෙදුම්වාදී රජයේ නොවන ආයතන මගින් සැපයිය හැකියයි හැඟෙන  මුදල්, විදෙස් චාරිකා සහ වෙනත් සම්පත් කිසියම් අයුරින් දායක වුනිද?

ආරම්භයේ සිටම ජාතිකත්වය වෙනුවෙන් කටයුතුකළ ශ්‍රී ලoකා නිදහස්පක්ෂය, 1994 දී චන්ද්‍රිකා කුමාරතුoග විසින් ‘හයි-ජැක්’ කිරීමෙන් පසු, යාපනයට ඊනියා සාම ගමන් ගොස් කොටින්ගේ තුවක්කු වැළඳගෙන පෙන්වූ විජය කුමාරතුoගගේ බoකොළොත් මහජන පක්ෂයේ  මඟ ගත්තේය. චන්ද්‍රිකා විසින් ගෙන ආ ඊනියා බලය බෙදීමේ පිලල අද ද පක්ෂය තුල හොල්මන් කරයි.

මේ අතර උතුරු-නැගෙනහිර බෙදුම්වාදයට අමතරව නැගී එන තවත් අන්තවාද ගැන ජනතාව අවදි කළ ගoගොඩවිල සෝම හිමි සඳහටම නහඞ කළේ කෙසේද? සෝම හිමි ගේ අපවත් වීමෙන් හෝ අපවත් කිරීමෙන් පසු ඒ තැනට ආ සිහළ උරුමය, පසුව හෙල උරුමය වි දැන් ‘හෙල කරුමය’ වූයේ කෙසේද?

ඉන්දු-ලoකා ගිවිසුම ට හා 13 වෙනි ව්‍යවස්තා සoශෝධනය ට එරෙහිව තරුණ ජීවිත දහස් ගනනක්  බිලිදී, රනිල්-ප්‍රභාකරන් ගිවුසුමට, චන්ද්‍රිකාගේ ඊනියා සුනාමි මණ්ඩලේට සහ පැකේජයට එරෙහිව 2008 තෙක් ජාතිකත්වය සමග පෙනිසිටි ජනතා විමුක්‌ති පෙරමුණ අද සිටින්නේ කොයිබද? අද ජා.වි.පෙ, එදා තම නායක රෝහණ විජේවීර අත්අඩන්ගුවේදිම පුලුස්සා මරාදැමූ එක්‌සත් ජාතික පක්‍ෂයේ ශාඛා සමිතියක්‌  බවට පත්ව ඇතැයි පවසනේ අන් කවරෙකු නොව සෝමවoශ අමරසිoහමය .

හෙල උරුමයේ සහ ජා.වි.පෙයේ වත්මන් නායකයින් අන්ත අවස්ථා වාදීන්වීම, ඔවුන් දැන් සිටිනා තැනට තල්ලු කිරීමට ගුප්ත හස්තයන්ට පහසුවී ඇත.   හොරගොල්ල, කෝට්ටේ නාග විහාරය, ජා.වි.පය හා හෙල උරුමය  පැහැදිලිවම දේශපාලන වශයෙන් අතරමන්වී ඇත. ඔවුන්ගේ දේශපාලන ‘ගමනක අවසානය’ වැඩි ඈතක නොවේ.

ගුප්ත බලවේග වල සැලසුම ජාතිකත්වය අඞපන කොට රට බෙදා අස්ථාවර කොට තමුන්ගේ දීර්ඝ කාලීන අරමුණු කරා යෑමය.  පසුගිය ජනවාරි 8 වෙනිදා මෙරට සිදුකළ ඊනියා වෙනස  පිටුපස  මේ ගුප්ත බලවේගයන් සිටින බව නම් ඉතාම පැහැදිලිය.  එම බලවේග හඳුනාගෙන ඔවුන්ගේ අරමුණු පරාජය කළයුතුමය.

එස්. අකුරුගොඩ

6 Responses to “ගුප්ත බලවේග පරාජය කරමු”

  1. Samanthi Says:

    බැඳුම්කර මගඩියෙන් දැන් පාඩුව රු. කෝටි 7211 යි

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    රට තුළ ඉමහත් ආන්දොaලනයට තුඩුදුන් ශ්‍රී ලංකා මහ බැංකුවේ තිස්‌ අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව නිසා මේ වන විට සිදුව ඇති පාඩුව රු. කෝටි 7211 ක්‌ පමණ දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි ඇස්‌තමේන්තු කර තිබේ.

    පසුගිය පෙබරවාරි 27 වැනි දින මහ බැංකුව විසින් සිදු කළ මෙම බැඳුම්කර නිකුතුවේදී රු. බිලියන 10 ක්‌ (රු. කෝටි 1000 ක්‌) දක්‌වා අගය ඉක්‌මවා ලංසු පිළිගැනීමෙන් සිදු වූ පොලී අනුපාත ඉහළ යැම නිසා රජයට මේ පාඩුව (පොලී වියදමේ ඉහළ යැම) සිදුව ඇතැයි මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති.

    පෙබරවාරි 27 වැනි දින සිදු කළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් පසු සිදු වූ පොලී අනුපාත ඉහළ යැම නිසා ඉන් පසු පැවැත් වූ සෑම භාණ්‌ඩාගාර බිල්පත් හා භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවකදීම පොලී අනුපාත ඉහළ යැමට ඇති වූ පීඩනය හමුවේ පොලී වියදමේ වැඩිවීමක්‌ සිදුවූ බව ද ඔවුහු පෙන්වා දෙති.

    මේ බැඳුම්කර නිකුතුව තුළින් සිදුව ඇති පාඩුව නිසා මෙය ලංකා ඉතිහාසයේ පමණක්‌ නොව දකුණු ආසියාවේම සිදුවූ විශාලතම මූල්‍ය වංචාව බවට ද විපක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු චෝදනා කරති.

  2. Christie Says:

    56දී කල ඉන්දියානු ජඩවැඩ හා සින්හලයින්ගේ මොල හේදීම. ඔබලා දන්නවාද බන්ඩගෙ හොරුරැල ආවට පස්සෙ ජනපද වියාපාරය නතර වූ බව. සින්හල වියාපාරකයින් විනාසකල බව.චන්ද්‍රිකා රනිල් හා සිරිසේන අපිව ආපසු 56ට ගෙනගියා ඉන්දියානු ජඩයන්ට ඕනෑ කරනවිදියට.

  3. Christie Says:

    Yasmin Sooka an Indian colonial parasite from South Africa has released a report as repotted by Sunday Leader headed by another Indian colonial parasite in Sri Lanka. A friend of mine has put a comment on the Sunday Leader but it may not be published by them.

    Be aware of what Indian Empire is up to.

  4. Christie Says:

    International Truth & Justice Project Srilanka |
    http://www.itjpsl.com/

    We hope to secure justice for the victims of war crimes and post-war crimes against humanity in Sri Lanka. Our lawyers and country experts have been …

    ඉහත දැක්වෙන්නේ යස්මින් සූකා නැමති දකුනු අප්රිකාවේ ඉන්දියානු පරපෝසිතයෙකුගේ වැඩක්ය. මේ පිලිබඳව ඉන්දියානු පරපෝසිතයකු ගේ සන්ඩේ ලීඩර් නැමති පත්තරයේ කයිවාරු ඇත. මැය ඉන්දියානු ජඩවාදයේ කොටසකි. සින්හලයිනි අවදිවන්න, එක්වන්න ඉන්දියනු ජඩවාදයට එරෙහිව නැගී සිටින්න

  5. Kumari Says:

    Please vote for a United Sri Lanka. Our motherland is blessed by the Buddha. Now we have a rare gem by the name of Mahinda. Let the voters and the gods save this heroic leader.

    We know there are so many enemies who are waiting to destroy us. That is why the last Presidential campaign was targeted around one man. You can find enough Sirisenas, but there is only one Mahinda.

    The protective devas of the land gave us another opportunity by way of a Central Bank Bond fiasco. The PM post has no term limits like the President post. Keep Mahinda until, we groom the next level of Leaders with a vision and love for the country.

  6. Christie Says:

    ගුප්තයෝ හා ගුප්ත බලවේග තමයි ඉන්දියානු ජඩයෝත් ඉන්දියානු ජඩවාදයත්. 1792දෙකේ ඉඳල.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress