මස් වැද්දා සහ වටු කුරුල්ලෝ
Posted on August 9th, 2015

ආචාර්ය . කොඩිසිංහ  හේරත්

අපේ පාසැල් යුගයේ මස් වැද්දා සහ වටු කුරුල්ලන්ගේ කතාන්දරය ගුරුතුමා කියා දෙන විට අපි අහගෙන හිටියේ හරිම ඉවසිල්ලෙන්.   අමරේ,විජේ , සෙයියදු, අබ්දුල් , මාරිමුත්තු  සහ සෙල්ලා අපි ඔක්කොම එක පන්තියේ.

ගෙදරදී  අපි අපේ  දෙමවුපියන් හා එක්ව  අපිට අවේනික වු  සිරිත් විරිත් අනුව  කටයුතු කලද ඒ කිසිවක් පන්තියට ගෙනාවේ නැත. පන්තියේදී සිංහළ මුස්ලිම් හා දෙමළ වූ ඔක්කොම අපි  එක පංතියක සහෝදර කැලක් විය. ඉගැනීම මෙන්ම සෙල්ලම් පිටියේද අපි කටයුතු කලේ එකටය.

සුදු වේට්ටියෙන් හා ජාතික ඇඳුමෙන් සැරසි සිටින ජයතුංග  සර්  හරිම සැරයි. ඔහු අත තිබු වේවැල පිට හරහා නොවැදුන කිසිවෙකු අපේ පංතියෙ සිටියේදැයි මම නොදනිමි. කතාන්දර කියා දෙන කැලැසියේදී  ඔහුගේ සැර පරුෂ බව මුනෙන් පහව යන්නේ කතාන්දරය තුල ඔහු ජිවත්වන නිසා විය හැකිය. අපිද ඔහු සමග කතාන්දරය තුල ජිවත් වූවෙමු.

වටු කුරුල්ලෝ කෑම සොයන් කෑවේ රංචුව එකට , පියාසර කලේ එක රංචුවට , කීචි – බීචි හඬ මැද්දේ ඔවුන් සෙල්ලම් කලේ එක රංචුවට . අනතුරක සේයාවක් දැනුන විට එක විධානයට එකවරම අහසට නැගී පියාඹා ගියේද රංචුව එකටය. මස් වැද්දා ඉතා සීරුවට දැලක් එලුවද එය ඔසවාගෙන ඉහලට පියාඹා  රුක්ෂ ගසක් මුදුනේ  එය රඳවා කුරුල්ලන් නිදහස්ව ගියේ මස් වැද්දාට දැලද අහිමි කරමින්ය

කලක් ගතවෙත්ම වටු කුරුළු රංචුවේ ප්රශ්ණ ඇතිවිය.  එකෙක් අනිකා පරදුවට තබමින් වහසි බස් දොඩන්නට විය. අනෙකාට දොස් පැවරීමට විය. ඔවුන් අතර තිබු සමගිය ක්රමයෙන් අතුරුදහන් විය. මස් වැද්දා යලිත් පැමිණෙනවිට ඔවුන් සිටියේ ලොකු රණ්ඩුවක පැටලිලාය . වෙනදා එක හඬින් එක මොහොතෙන් දැලත් ඔසොවාගෙන පියාඹා පලා යෑමට සමත් වූ ඔවුන්ට  අද සතුරෙකු ඔවුන් අබියස සිටින බව අමතකව ගොස්ය. මස් වැද්දා වෙනදා මෙන්ම ඉතා සීරුවෙන් දැල එළුවද කුරුල්ලන් හිටියේ වෙනම ලෝකයකය. ඔවුන් තමන්ට අත්වෙන ඉරණම කවරක් වුවද  අනෙකාට සිදුවන හානිය හා විනාශය දැක සතුටුවීමට බලා  සිටිyeය. මස් වැද්දා යුහුසුළුව කුරල්ලන් ටික  කුදලාගත්තේය.  තමාගේ විනාශය හමුවේ එයින් බේරීමට කටයුතු කරනවා වෙනුවට දුක සැප බෙදාගෙන එකට ජිවත් වූ තමන්ගේ පිරිස සමග උරණ වෙමින් සිටි කුරුල්ලන් එකිනෙකාට කල මෝඩකම් තේරුම් ගියේ තමාගේම  බෙල්ල වැද්දාගේ ග්රහණයට හසුවෙන විටය. -වටු කුරුල්ලන් සදහටම වනාන්තරයෙන් වදවී ගියේය.

ජයතුංග සර් අප අතරින් වියෝ වී බොහෝ කල් ඉක්ම ගොස්ය.   ජීවතුන් අතර සිටින අපි අද මස් වැද්දන්ගේ කුරුමානමට ලක්වූ වටු කුරුල්ලන් වී  සිටිමු.

මාරිමුත්තු හා සෙල්ලදොරේලා තවමත් අපේ හොඳ මිත්රයෝය. කඩමණ්ඩියේ, රෝහලේ, සේවා ස්ථානයේ මේ හැමතැනම ඔවුන් අප සමගය. කෙසේ නමුත් ඔවුන්ට උතුරේ නෑදෑයන්ගෙන් එල්ලවෙන බැලපෑම් හමුවේ ඔවුන් අසරණ වී ඇත. මේ පුංචි රට තුල කුඩා දෙමළ  රටක් හදන්නයි ඔවුන්ගේ වෑයම. දහස් ගණනින් මිනිස් ඝාතන සිදුවෙන ත්‍රස්තවාදයකට මේ ප්රශ්නය දිග්ගැස්සී ගියේය.

මුස්ලිම් මිත්රයින්වූ සෙයියදුලා සහ  අබ්දුල්ලාගේ පැත්තෙන් බැලුවම ඊටත් එහාගිය ප්රශ්ණයක් මතුවෙලා.  පුරාණ සිංහළ රජ සමයේ වෙලදාමට මෙහි පැමිණි මුස්ලිම් ජනතාව අදටත් ගමේ  කඩමණ්ඩියේ සිට නගරය දක්වා විහිදී වෙලදාම් කරති. මෑතක් වනතුරුම ඔවුන් සුහද සීලිව කටයුතු කලද දැන් වෙනස් වී ඇත. ඔවුහු   මුස්ලිම් අන්තවාදීන් හා එක්ව මේ පුංචි රට මුළුමනින්ම අල්ලා දෙවියන්ට භාර කරීමට අර අඳිති.

එදා  සාරි පොටෙන් සිය හිස පමණක් යාන්තමට වහගත් සෙයියදුලගේ නංගිලා අද පාරේ යන්නෙත් කළුපාටින් මුළු ගතම වහගෙන. ඒක ඒ ඔවුන්ගේ මුල් රටවල සිරිතක්‌  විය හැකිය. නමුත්  මෙතුවක් කල් අපේ රටේදි  නොතිබුන බුර්කාව  හදිසියේ  පාත්වුණේ වෙන කවරක් නිසාවත් නොව ? මුස්ලිම් න්‍යාය  වාදීන්ගේ උපදෙස් අනුවය. මුලින්ම ඔවුන් වෙනස් ජාතියක් බව  ඔවුන්ගේම  හිත්වලට කාවද්දන්න. ඊළඟට ඔවුන් අපෙන් වෙන්කරන තැනට පෙළ ගස්වන්න. එපමණකින් නොනැවතුණු ඔවුන් ඊළඟට අපේ සිංහළ ගැහැණු දරුවන්ද  මේ රැල්ලට හසු කර ගන්නේ ඒ දරුවන්ට නොදැනුවත්වමය.

මුස්ලිම් හා දෙමළ ජනයාගෙන් එන ප්රශ්ණ අඩුම වශයෙන් ඔවුන් පර දේශක්කරයින් නිසා ඇති වූවායයි සලකා ඒ සඳහා විසදුම් සෙවිය හැකිය. නමුත් සිංහල අපි අතරෙම ඉන්න අමරෙලා සහ විජේලට මොකද වෙලා තියෙන්නේ? ඔවුන් අද නිල්,’ කොළ සහ රතු පාට  පක්ෂවලට බෙදිලා ඔවුනොවුන් මරා ගන්නවා.  ඔවුන්ගේ  ඇඟේ දුවන ලේත් හරියට ඒ ඒ පාටවලින්ම හැදිලා තියෙන විදියටයි ඔවුන් වෙන්වෙලා බෙදිලා වැඩ කරන්නේ.  මගුළකට, පාටියකට හෝ බණ ගේකට එකතු වීම තබා අවමඟුලකදී හමුවුනත් මීට පෙර  කවදාවත්ම දැක- හමුවී නැතිවුන්  මෙන් ඇයි- හොඳයිකම් නොපවත්වයි.

සැබෑ  කුරුළු වැද්දා එදා තම ගොදුර  කොටු කර ගැනීමේ අරමුණින් වටු කුරුල්ලන් අතර අසමගිය වැපුරුවේදැයි අපට පිළිගත නොහැකිය. නමුත් අද ශ්රී ලංකාව අගාධයකට ඇද දැමීමට පෙළ ගැසී සිටින විදේශ බලවේගයන් හා ඔවුන්ගේ ඔත්තු කරුවන් මස් -වැද්දාගේ භූමිකාවට පිවිසීමත් සමග මේ රටේ ජනතාව වටු කුරුල්ලන්ගේ තැනට හෙලීම පමණක් නොව ඔවුනොවුන් අතර අසමගිය ජනිත වන  පසුබ්මක් නිර්මාණය කර ඇති බව මොනවට පැහැදිලිවන්නේය

පරන්ගින්,  ලන්දේසින්  හා  ඉංග්රීසින් මේ රට ආක්‍රමණය කරද්දී ඔවුන් හා සටන් වැදුනේ සිංහළයින්ය. ඒ ශ්‍රී ලංකාව ඔවුන්ගේ එකම මව්බිම වු නිසාය. එදා ආක්රමණිකයන් කතෝලික  හා ක්රිස්තු දහම රට තුල ව්යාප්ත කිරීමට  විරුද්ද වුයේ බවුද්ධයින්ය. එදා ශ්‍රී ලාංකීය ජනතාව බුදු දහම හිස් මුදුනින් පිළිගෙන ඒ අනුව ජිවත් වූවෝය.  මේ අනුව බැලූ  කළ  එදා ආක්‍රමණිකයන්ට  මුහුණ දීමට තිබුණු එකම අබියෝගය සිංහල බවුද්දයින්ය. ආක්‍රමණික මස් වැද්දන් සිංහල බවුද්දයින්ව  දඩයම් කිරීමෙහි නිරත විය. එදා දියත්වූ මේ සීතල යුද්දය නොයෙක් වර නොයෙක් මුහුණුවරින් ශ්‍රී ලාංකීය ජනතාව පිඩාවට පත් කර ඇතත් සිංහල බවුද්දයින් සිය මවුබිම ආරක්ෂා කරගැනීමේ වෑයම අතහැර නැත.

වර්ෂ 1948 දී  ආක්රමණිකයින් නිළ වශයෙන් මේ රට හැරගියද ඔවුන්ගේ න්යාය පත්රය තවමත් හකුලා නැත. එය ඔවුන්ගේ ඒජන්තයින් ලවා නොකඩවා ක්රියාවට නංවයි. මේ රටින් සිංහළ බවුද්දයින් අතුගා දමන තෙක් එය අත නොහරිනු ඇත. ඔවුන් විවිද උපක්රම යොදා අප වටා ශක්තිමත්ව තීබු සමාජීය බැඳීම්  දියාරු කොට ඇත. එදා අපේ  බවුද්ද සමාජය තුල මුල්බැස තිබු ‘වැවයි දාගැබයි ගමයි පන්සලයි’ සංකල්පය හකුලා දමා ඇත. අද දෙමළ,  මුස්ලිම් හා සිංහළ ජාති වාදය ඇවිස්සෙන පසුබිමක් ගොඩ නැගී ඇත. දකුණේ සිංහළයින් සමග සම අයිතිවාසිකම් බුක්තිවිදිමින් ජිවත් වන දෙමළ හා මුස්ලිම් ජනතාව සිංහලයින්ගෙන් තොරව ජාති වාදී ලෙස  ඔවුන්ට පමණක් වෙන්වූ රාජ්‍යයන් දෙකක් පිළිවෙලින් උතුරේ සහ නැගෙනහිරින් වෙන් කිරීමට ඔවුන්ට අනුබල දෙන්නේය.

විදේශීය රාජ්‍ය අනුග්‍රහය සහිතව වසර 30ක් තිස්සේ සිංහල ජනතාව පිඩාවට පත්කළ දෙමළ ත්‍රස්තවාදය හා ඔවුන්ට සහය දුන් සියලු බල වේගයන් පරාජය  කිරීමට මහින්ද රාජපක්ෂ රජයට හැකිවිය. එපමණකින් නොනැවතුණු රාජපක්ෂ රජය රටේ සංවර්දනය ඉලක්ක කොට මහා පරිමාණයේ ව්‍යාපෘති දියත් කළේය.  මෙහිදී අද වෙළඳ ලෝකයේ ප්රමුකයෙකු වී ඇති චීනය සහභාගී කර ගැනීම සහ අද ගුවන් හා නැව් ගමනා ගමනයේදී  සිංගප්පුරුවට හිමි තැන හම්බන්තොට වරාය  හා ගුවන් තොටුපොල හරහා ශ්රී ලංකාවට හිමි කර ගැනිමටත් කටයුතු සැලසුම් කරන්නට විය

මේ නව ක්රියාදාමය ඇමෙරිකාවට සහ අසල්වැසි ඉන්දියාවට තද පහරක් විය.  වහා ක්රියාත්මක වූ ඇමෙරිකාව හා ඉන්දියාව එතෙක් ශ්රී ලංකාවට එරෙහිව  ක්රියාත්මක වෙමින් සිටි මස් වැද්දන් හා එක්විය. මහින්ද රාජපක්ෂ  නෙරපා ඔවුන්ට අවනතව කටයුතු කරණ පිරිසක් බලයට පත් කළේ සිංහල බවුද්ද බලවේගය කොල, නිල්,   රතු දේශපාලනය තුල දිය කර හරිමින්ය. අද බවුද්ද ජනතාව කොතෙක් දුර භේද -බින්න වී ඇතිදැයි කියතහොත්  ගිහි බවුද්ද පිරිස පමණක් නොව පැවිදි බික්ෂුන් වහන්සේලා  පවා කොල, නිල්,  රතු පාටවලට වැසී අධර්මය හා මිත්‍යා දෘෂ්ටිය තුල ජිවත් වන්නෝය. බවුද්ද භික්ෂුන් වහන්සේට ඇති ගවුරවය සිඳී යන තැනට කටයුතු සිද්දවී ඈත. ගමේ පන්සල කේන්ද්ර ගතකොට ඒ වටා ගොඩ නැගුණ ගමේ ජන සමාජය නොබෝ දිනකින් ඉතිහාසයට එක්වූ ශ්රී ලාංකීය  සමාජ රටාවක් පමණක් වෙනු ඇත.

මේ අනුව බලන විට එදා මෙන්ම අදත් මස් වැද්දා ජයගෙන ඇත. එහෙත් වටු කුරුල්ලන්ට මෙන් නොව සිංහළ බවුද්දයින්ට ශ්රී ලංකාව තුල සිය ආරක්ෂාව නැවතත් තහවුරු කර ගැනීමට තවත් එක අවස්ථාවක් ඇත. 

ඔවුන්ට එල්ලවී ඇති විදේශ බලවේග හා ඔවුන්ගේ ඒජන්තයින් පරාජය කොට පෙර සේම සියලු ජාතින් හා එක්ව කටයුතු කරණ සිංහළ බවුද්ද රටක් ගොඩ නැගීමට  ලබන  17 දාට  යෙදෙන චන්දය පාවිච්චි කල හැකිය.

එච්.එම් .කොඩිසිංහ

One Response to “මස් වැද්දා සහ වටු කුරුල්ලෝ”

  1. Dr.K Says:

    ශ්‍රී ලංකාවේ 60 ලක්ෂයෙන් බහුතරයක් (යුද්දය වවන් කාපු කොන්ත්‍රාත් කරුවන් හැර) දෙනාට වසර 30 ක් තිස්සේ උදේ හවහ තමන් මර භයකින් තැබු ත්‍රස්ත කලබලය සමතයකට පත් කල ජන නායකයෙක් දන්ගෙඩියට දැක්කිමට සිය කැමැත්ත ප්‍රකාශ කිරීමට තරම් සැහසි වීමෙන් තේරෙන්නේ කොතෙක් දුරට ඔවුන්ගේ මොළ වෙනස්කර ඇත්තේද යන්නය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress