ශ්‍රී ලංකාවේ අනාගත ඉල්ලමට ඊලම හරස් වෙයිද ?
Posted on August 9th, 2015

අරවින්ද රුබසිංහ

ජාත්‍යන්තර සමුද්‍ර ප්‍රඥප්තියට අනුව ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ උතුරු වෙරළට මඳක් ඈතින් පිහිටි ඛණිජ සහ ගෑස් නිධියක අයිතිය ඉදිරි වසර 5 තුළදී ශ්‍රීලංකාවට ලැබීමට නියමිතයි. මේ පිළිබදව උපාය මාර්ග ව්‍යවසාය කළමණාකාරී ආයතනයේ අධ්‍යක්ෂ සහ   ජාතික සමුද්‍ර කටයුතු කාරක සභා කාර්යාංශයේ සභාපති ක්‍රිස් තිලක ශ්‍රී ධර්මකීර්ති මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ වාර්තාවක් පාඨක ඔබගේ දැණුම පිණිස ඉදිරිපත් කරමි.

ජාත්‍යන්තර සමුද්‍ර නීති රීති වලට අනුකූලව ශ්‍රී ලංකාව ඔබ්බෙන් සමුද්‍ර පත්ලේ ඇති අති විශාල සම්පත් නිධියක අයිතිය සඳහා ශ්‍රී ලංකාව අයදුම් කර ඇත. මෙම අයදුම් පත එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කිරීම කලක් තිස්සේ පමා උනත් ආචාර්ය එන්. විජයනන්ද මහතාගේ සහය ඇතිව පිටු 450 කින් යුත් වාර්තාවක් ධර්මකීර්ති මහතා විසින් සකස් කර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නියම කොට තිබූ 2009 මැයි මාසයේ අයදුම් පත් භාරගන්නා අවසාන දිනයට පෙර ඉදිරිපත් කිරීමට සමත් විය. මේ කටයුත්ත සාර්ථක කරගැනීමට බ්‍රිතාන්‍ය, නවසීලන්ත සහ ශ්‍රී ලාංකික සමුද්‍ර විද්‍යා සහ භූ විද්‍යා විශේෂඥයන්ගෙන් සමන්විත කණ්ඩායමකගේ සහය ලබාගැනීමට ධර්මකීර්ති මහතා ප්‍රධානත්වය දැරූ උපාය මාර්ග ව්‍යවසාය කළමණාකාරී ආයතනය පියවර ගනු ලැබීය.

ශ්‍රී ලංකාවට එරෙහිව දරුස්මාන් වාර්තාවත් යුධ අපරාධ චෝදනාත් එල්ල වූයේ මේ වකවානුවේම නිසා මෙම ඉල්ලුම්පතට යහපත් ප්‍රතිචාරයක් නොලැබෙනු ඇතැයි බොහෝ දෙනකු සිතුවද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එම යෝජනාව පිළගන්නා තත්වයට ගෙනඒමට මෙම විශේෂඥ කණ්ඩායම කටයුතු කරණු ලැබීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම අයදුම් පත් සලකා බලන්නේ ඒවා ලැබෙන අනුපිළිවෙල අනුවයි. ඒ අනුව අප කලින් සිටියේ 43 වන ස්ථානයේය. එහෙත් ඉහත කී  ආයතනයේ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන විද්වතුන් කිහිපදෙනකු දැඩි පරිශ්‍රමයක් දරා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කරන ලද තීරණය යලි සලකාබැලීමට කෙරුණු ඉල්ලීම හේතුවෙන් ඉල්ලුම් පත් සලකා බැලීමට පැවැත්වෙන රැස්වීම් වාර ගණන වැඩිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමට බෑන් කී මූන් මහතා එකඟ කරගෙන හැම රටක්ම ඉදිරිපත් කළ අයදුම් පත් සලකා බැලීම ඉක්මන් කරලීමට සමත් වී ඇත. මෙය මුළු ලෝකයේම රටවල යහපත සඳහා අප කණ්ඩායම විසින් කරන ලද මහඟු සේවයකි. එම කාලසටහන අනුව 2027 දී ගැනීමට නියමිත වූ ශ්‍රී ලංකාවේ අයදුම් පත 2018 සහ 2020 අතර කාලය තුළදී සළකා බැලීමට නියමිතයි.

ශ්‍රි ලංකාව ඉදිරිපත් කළ අයදුම් පතට ඇතුළත් කළ කරුණු වල විද්‍යානුකූල භාවයත්, එහි අන්තර්ගත දත්ත වල ඇති නිරවද්‍යතාවයත් දත්ත විශ්ලේෂණය සදහා උපයෝගී කරගනු ලැබූ තාක්ෂණ මෙවලම් සහ පරිගණක මෘදුකාංගවල ඇති යෝග්‍යතාවයත් අනුව මෙම අයදුම් පතට අනුමැතිය ලැබෙනු ඇතැයි පූර්ණ විශවාසයක් ඇත.

මෙම සම්පත් නිධිය ප්‍රමාණාත්මකව  වර්ග.කි.මීටර් දාහත් ලක්ෂයකි (1,700000). මෙම ප්‍රමාණය පිළිබදව පාඨක ඔබට නිවැරදි අදහසක් ඇතිකිරීමට සන්සන්දනාත්මක ලෙස කිවහොත් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය වර්ග.කි.මීටර් 65,000 කි. ශ්‍රී ලංකාව මෙන් 27 ගුණයකින් වැඩි මෙම සම්පත් නිධිය කි.මී. 20 ගැඹුරට පවතී.  ඉන්ධන සඳහා යොදාගත හැකි ගෑස්, ප්ලැටිනම්, ටයිටේනියම් යනාදි අතිශය වටිනාකමකින් යුතු ලෝහ සහ මූල ද්‍රව්‍ය වලින් මෙම නිධිය සමන්විත වේ. දැනුදු ලංකාවේ නැගෙනහිර වෙරළ ආශ්‍රිතව ඉල්මනයිට් නම් වූ ඛණිජ ද්‍රව්‍යය ඇති නමුත් අපි එයින් උපරිම ප්‍රයෝජන නොගන්නා බව කණගාටුවෙන් සඳහන් කළ යුතුව ඇත. උදාහරණ ලෙස කිවහොත් මෙම  ඉල්මනයිට් ටොන් එකක් සදහා ලෝක වෙළඳ පොලේ $160ක වටිනාකමක් ඇතත් අපි එය විදේශීය සමාගම් වලට විකුණන්නේ ටොන් එකක් $40 බැගිනි. අපෙන් $40 ට ගන්නා එම සමාගම් ඒවා නිසි පරිදි සකස් කොට විවිධ ලෝහ සහ මූලද්‍රව්‍ය ලෙස වෙන්කරගත් පසු ටොන් එකක් $16,000 බැගින් විකුණනු ලබයි. මෙම කාර්යය අප විසින්ම කරන්නේනම් ඒ සඳහා ආයෝජනය කළයුතු වන්නේ ඩොලර් මිලියන 200 ටත් අඩු මුදලකි.

කෙසේ වෙතත් අප අද කතාකරන සාගර පත්ලේ ඇති සම්පත් නිධිය මේ කිසිවක් හා සැසඳිය නොහැකි තරම් අති විශාල වටිනාකමකින් යුතුවේ. ශ්‍රී ලාංකිකයකුගේ ඒක පුද්ගල ආදායම ඩොලර් කෝටි ගණනක් වනු ඇත.

මෙම වාසනාව අප රටට ලැබෙන්නට ආසන්නව ඇති මේ මොහොතේ ඊටම ඈඳුනු අඳුරු සෙවනැල්ලක්ද වේ. එනම් උතුරු සහ නැගෙනහිර පලාත් සභා වලට ස්වයං පාලන අයිතිය දීමට අදහසක් මතුවීමයි. යම් ලෙසකින් පලාත් සභාවලට මෙම අයිතිය දුනහොත් මෙම සම්පතෙහි අයිතිය සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගෙන් ගිලිහී එම පලාත් සභාවලට පමණක් ලැබෙනු ඇත. අළුතින් ලැබෙන සම්පත් නිධිය පමණක් නොව, ඉහත මා සඳහන් කළ ඉල්මනයිට් නිධියද අපට  අහිමි වනු ඇත.

දේශපාලන අනාවැකි අනුව මෙවර චන්දයෙන් පත්වන ප්‍රධාන පක්ෂ වලට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය තරම් බලයක් නොලැබුණහොත් තුන්වැනි පක්ෂයක සහය පැතීමට සිදුවනු ඇත. මෙම තත්වය ඇතිවන තුරු ඇතැම් පක්ෂ මහත් උනන්දුවෙන් බලා සිටී. බලයට කෑදර අප දේශපාලනඥයන් මහ ජනතාවගේ මතයත් රටට අහිමි වන ආර්ථික වාසිත් නොතකා සුළුතර  පක්ෂ විසින් ඉදිරිපත් කරනු ලබන ඕනම කොන්දේසියකට එකඟ වන බව පෙර අත්දැකීම් අනුව අපට අවබෝධ කරගත හැකිය.

මෙම අවස්ථාව මඟ හැරියහොත් අපට ඒ වරද කිසිදා නිවරද කරගත නොහැකි වනු ඇත. එනිසා එවන් තත්වයක් ඇතිවුවහොත් එහිදී නිවැරදි තීරණ ගැනීමට දේශපාලනඥයන්ට බල කර සිටීමට අවශ්‍ය අවබෝධය මහ ජනතාව තුළ ඇතිකරළීම මෙම ලිපියේ අරමුණයි.

අරවින්ද රුබසිංහ

5 Responses to “ශ්‍රී ලංකාවේ අනාගත ඉල්ලමට ඊලම හරස් වෙයිද ?”

  1. Independent Says:

    බලයට කෑදර අප දේශපාලනඥයන් මහ ජනතාවගේ මතයත් රටට අහිමි වන ආර්ථික වාසිත් නොතකා සුළුතර පක්ෂ විසින් ඉදිරිපත් කරනු ලබන ඕනම කොන්දේසියකට එකඟ වන බව පෙර අත්දැකීම් අනුව අපට අවබෝධ කරගත හැකිය.

  2. Hiranthe Says:

    Great work Mr Rubasingha,

    This message has to be taken to grass root level in every corner. If we can make aware some of the key politicians who are really love this country, they will take this up in the political rallies, which will be picked up by the public and the media. What we can say it that TNA are trying to grab the whole thing while it belongs to the whole country.

    This may be another reason US and Norway are supporting the Ealam. We should make some of the politicians know.

    I have sent to Udaya Gammanpila since I had his Linked-in connection.

  3. Hiranthe Says:

    I don’t know if it will reach him or not!!!??

  4. Hiranthe Says:

    Yes Patriots, Udaya Gammanpila has responded. He will definitely bring it to lime light.

  5. Ananda-USA Says:

    There is ONE reason, and ONE reason ONLY, why Sri Lankan Tamil Eelamists, representing a minute fraction of Sri Lanka’s population unlike in other countries with larger Tamil minority populations, are emboldened and DARE to persist in demanding a SEPARATE State.

    That REASON is: the PROXIMITY of 65 million Tamils in Tamil Nadu, and the support they receive from Tamil Nadu, and an Indian Union BLACKMAILED by Tamil Nadu.

    One PROBLEM is the STEADY INFLUX of ILLEGAL IMMIGRANTS from Tamil Nadu to Sri Lanka, even in during the war years.

    CONSIDER that the most recent CENSUS in Sri Lanka shows that, despite the legal and illegal emigration of over 1.5 million FAKE Sri Lankan Tamil “refugees” from Sri Lanka to foreign countries in the last 30 years, the number of Tamils currently resident in Sri Lana has INCREASED above the number in the last CENSUS!

    HOW CAN THIS BE ….. EXCEPT through REPLACING the Sri Lankan Tamils who were deiberately EXPORTED to form the TAX BASE for the LTTE’s separatist WAR, they were more than 1:1 replaced by Kallathonis brought in from Tamil Nadu, working hand-in-glove with the Racist Demagogues like Karunanidhi, Jayalalitha, and other who held the reigns of power in Tamil Nadu.

    Did you wonder why a certain segment of Tamils held fast Prabhakaran accompanying him to the last stand in Puthirrikuddupu? They MUST HAVE BEEN who FEARED DEPORTATION from Sri Lanka if they were identified as Kallathonis living where they had NO RIGHT to be.

    This is the GREATEST SCAM perpetrated on the Sri Lankan Nation, that has been THRUST BELOW the BELOW the PUBLIC’s EYS, and carefully hidden under LAYERS of “Compassion” towards war victims, “Reconliation”, missing birth and familyiberately destroyed during the war years, and new ones issued in the place of those who have escaped abroad as FAKE refugees to Western countries.

    THIS ILLEGAL IMMIGRATION SCAM which REPOPULATED the North and East of Sri Lanka with Indian Tamils posing as long time Sri Lankans using the fake IDs of the dear departed, is ONE OF THE MAIN REASONS WHY Sri Lanka MUST NEVER GIVE UP control of its coastal borders to Tamils, and NEVER DEVOLVE POLICE and LAND Powers to them, for they are DELIBERATELY IMPORTING INdian Tamils to take posession of the land and CHANGE THE DEMOGRAPHICS of SRi Lanka!

    This is why IT IS IMPERATIVE that Sinhalese be settled in the North and East and the DEVOLUTION be ENDED forthwith, and the 13th Amendment scrapped to BOOT!

    Let the HISTORY of the FIRST IMPORTATION of over 1.5 million Indian Tamils by the BRITISH to work the coffee and tea estates in OCCUPIED Sri Lanka, and the SECOND IMPORTATION of 1.5 million Indian Tamils in the last 30 years by the TAMIL SEPARATISTS to replace Sri Lankan Tamils sent abroad, NEVER BE FORGOTTEN or ALLOWED to be REPEATED!

    As we see, EVERY DAY in EVERY WAY the TNA and Tamil Eelamist Diaspora is trying to get the OPPORTUNITY to OUST the GoSL from the North and the East, acquire Land and Police powers, to CONTINUE the task begun under Prabhakaran to repopulate the area with Indian Tamils and PERMANENTLY change the DEMOGRAPHICS of Sri Lanka in their favor! This PLOT to change the DEMOGRAPHICS is at the HEART of the DEMANDS for DEVOLUTION by the Tamil leaders!

    This is CRITICAL to the SURVIVAL of Sri Lanka as the HOMELAND of its MAJORITY Sinhala population …. who have NO OTHER HOME …NONE …. in this entire world!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress