‘දියත පතල සුවදැති සොඳ සඳුන් කඳ……’
Posted on August 11th, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

පසුගිය හත්මාසයක් තිස්සේ අඳුරේ ගිලී තිබූ රට නැවතත් ආලෝකය අයදියි. අඳුර දුරැකල හැක්කේ ආලෝකයට පමනි. එක් පහනකින් අඳුර තරමක් දුරට සමනය කල හැකි වුවත් රටක මුදාහල ඝනඅන්ධකාරය නැසීම එක පහනකින් කල හැකි කාර්යයක් නොවේ. ඒ සඳහා පහන් විශාල ප්‍රමාණයක් දැල්වීය යුතු වන අතර මෙම අවස්ථාව සකල ශ්‍රී ලාංකික ජනතාවට ලබන සතියේ සඳුදින එනම් අගෝස්තු  දහහත්වන දා උදාවෙයි.

එක්සත් ජාතික පක්‍ෂය ශ්‍රී ලංකාව අඳුරේ හෙඵවේ පසුගිය හත්මස තුල පමනක් නොවේ. ඔවුන් රාජ්‍යය පාලනය කල සෑම කාල පරිච්ඡේදයක්ම අඳුරැ කලු පැල්ලම් වලින් ගහනය. 1977 දී ‘ධර්මිශ්ඨ’ පාලනයක් තුල ප්‍රසූතකල පාතාලය, කිරිදී හදා වඞා, කවා පොවා උස්මහත් කලේද දැනට ‘යහපාලනය’ කරනා පිරිස මයි. අද බ්ලූමැන්ඞල්වල දිගහැරෙන්නේද ඔවුන් ඇති දැඞිකල ඒ පාතාලයයි.

මහින්ද රාජපක්‍ෂයන් ගැන පසුගිය මාස හතක කාලයක්තුල මැතිවරණ වේදිකාවලත්, මුද්‍රිත මාධ්‍යයේත්, සයිබර් අවකාශයේත්, වායුගෝලයේත් මුදාහල අසත්‍ය කෙතරම්දයත් එම බේගල්වලින් මනුෂ්‍ය ලෝකයත්, සත්ව ලෝකයත්, ප්‍රේත ලෝකයත්, නිරයත්, දිව්‍යලෝක හයත්, බ්‍රහ්මලෝක දහසයත් ඇතුඵ මුඵ මහත් ලෝකධාතුවම කමපනයවූවාට සැකයක් නැත. එක් ලෝකධාතුවක විඤ්ඤාණය සහිත ජීවය ඇති ලෝකයට පායන හිරැගේ රෂ්මිය /ආලෝකය අනෙක් ලෝකධාතුවේ මායිම තෙක් පැතිරෙන්නාසේ මහින්දයන්ගේ කීර්තිය පැතිර පවත්නා මොහොතක මෙවැනි බේගල්වලින් එය පලුඳුකල හැකිනොහේ.

සිංහල ජාතිය මේ ලෝකධාතුවේම පවතින වාසනාවන්තම ජාතියවන අතර එහි ජීවත්වන්නන් ලෝක විනාශයකදීවුවද  අභස්සර වැනි සිත පමනක් ඇති බ්‍රහ්ම ලෝකවලට පිවිසෙන්නේද අන්තිමටය. සිංහල ජාතියේ පැවැත්ම එතරම්ම දීර්ඝය. එවැනි ජාතියක වාසභවණයේ දෙකෝටියකටත් වැඞි පිරිසකට අභීත වික්‍රමයක් පා ජීවියදානය ලබාදුන් මේ අපූරැමිනිසා ගේ කිතුගොස නැතිකිරීම ඊනියා යහපාලනට හෝ වෙනත් බලවේගයකට කල හැක්කක් නොවේ.

‘දියත පතල සුවදැති සොඳ සඳුන් කඳ….

දැවෙත දැවෙත දස අත පැතිරෙයි සුවඳ’

ද්වේශ පරවශ අසත්‍ය හමුවේ ධෛර්ය සම්පන්නව නැගී සිටිනා මහින්ද  තවතවත් ජනතාවගේ හඳවතට ලංවෙයි. එවැන්නන් සමඟ සෙෳභාග්‍යයමත් ඒකීය රටක්  වෙනුවෙන් පෙනී සිටීමට ලැබීමත් අපගේ භාග්‍යයකි.

1815 දි සුද්දාට රට සින්නක්කරයට ලියාදිමෙන් පසුවද අපි දෙවතාවක් ‘හරාකිරි’ වීමට උත්සාහ කල අතර අවසාන වරට පසුගිය ජනවාරි අටවන දා සිහිකල හැක. මීට ඉහතදී 2002 වසරේදි රනිල් වික්‍රමසිංහව අගමැතිකොට ‘සටන් විරාම ගිවිසුමක්’ ත්‍රස්තවාදින් සමග අත්සන් කිරීමට ඉඞදී කරගත්තේද හරාකිරිය. එමගින් රටේ භූමියෙන් තුනෙන් එකකුත් මුහුදු තීරයෙන් තුනෙන් දෙකකුත් ත්‍රස්තවාදි පාලනයකට නතුකොට ත්‍රස්තවාදින්ට අයබදු අයකරගැනීමටත් ත්‍රස්ත පොලිසි හා උසාවි පිහිටුවා වෙනම පරිපාලනයකට මගපෑදිමකුත් සිදුවිය. තිස්දහසකට ආසන්න රණවිරැ ජීවිත පූජාවද එම හරාකිරියේම ප්‍රතිපලයකි. රනිල් අගමැතිවූ හැම වරකම රටද අහවර වන්නේ බෙදුමේවාදින්ට රට පාවාදීමෙනි. මෙය ජන්මාන්තර පුරැද්දක්දැයි කෙනෙකුට සිතෙනා තරමටම ප්‍රකටය.

කෙසේ හෝ ජාතියේ පිනට පහලවූ මහින්ද රාජපක්‍ෂයන් බටහිරින් පැමිනි සියඵ තර්ජන ගර්ජනා හමුවේ නොසැලී සිට ලේ පිපාසිත ත්‍රස්තවාදය  සහමුලින්ම පරාජය කොට මේ හෙල දෙරණින් තුරන්කර දැමුවේ ඔහුගේ ජීවිතයට බටහිරින් හා ත්‍රස්තයන්ගෙන් පැමිනුන අනතුරැද නොතකාය. බටහිර අධිකරණයකට කොටුකර ඔහුව නැතිකිරීමේ කර්තව්‍යය තවමත් එලෙසින්ම දේශීයව හා විදේශීයව සිදුවේ. ලිබියාවේ ගඞාෆිට උසාවියක් හෝ දකින්නට වරමක් නොවීය. ඒ රටේ ඇතිවූ ‘යහපාලන’ය ඔහුව ඝාතණය කරනුලැබුවේ මහපාරේය. එවැනි වාතාවරණයක අපි සැමට ජීවිතදාණය දුන් මේ උදාර මිනිසාව අපි බලයෙන් පහකොට ඔහුව නිකම්ම නිකම් මිනිසෙක් බවට පත්කර ජාත්‍යන්තරයට ඔහුව කුදලාගෙන ගොස් මරාදැමීමට අවශ්‍ය පසුබිම පසුගිය ජනවාරි අටවනදා  සලසා දුනිමු. අපගේ ජිවිත වලට නැවත වටිනාකමක් ලබාදුන්නේ  මේ අපූරැ මිනිසාය. ඊට අමතරව ඔහු ශ්‍රී ලංකාව නැවත මුඵ ලෝකයේම අභිමානයට ලක්වන පරිදි කල හැකි සෑම දෙයක්ම කල ජන නායකයෙකි. සංවර්ධනය වන රටක් ලෙස තිබූ ශ්‍රී ලංකාව සංවර්ධිත රටක තත්වයකට උසස් වෙමින් තිබිනි. සෑම ජාත්‍යන්තර දර්ශකයකම ශ්‍රී ලංකාව ඉහලට ගමන් කරමින් තිබිනි. රටේ දස දිසාවේම සංවර්ධන ව්‍යාපෘතින් ක්‍රියාත්මක වෙමින් රට එකම කඞිගුලක්සේ ජවසම්පන්න වී තිබූ සමයක අපි දෙවන ‘හරාකිරිය’ කරගතිමු.

සයිබර් බණ ඇසූ අපි අපේ සදාදරණීය නායකයා එක රැයකින් ගෙදර යැවීමට තරම් ‘කෘතඥ’ වුයෙමු. ඔහු නිසා ජීවිතය රැකගත් අපි, අනතුරේ ඇති ඔහුගේ ජීවිතය තුටටුවකටවත් මායිමේ කලේ නැත. දැන් අප නිදහස්ය. දැන් තැන තැන බෝම්බ පුපුරන්නේද නැත. මල සිරැරැවල කෑලි ඇහිදිමින් මිහිදන් කලා කිසිවෙකුටත් මතක නැත. රණවිරැන්ටත් රටටත් නායකත්වය දුන් මේ අපූරැ මිනිසා කුදලාගෙන ගොස් ජාත්‍යන්තර අධිකරණයට පමුනුවා මරණ දන්ඞණයට යටත්කලාට කමක් නැති ගානය. එම දණ්ඞණයට එරෙහිව ඔහුට තිබූ එකම ආවරණය එක රැයකින් ගලවාදැමු අපි බලා සිටින්නේ යහපාලකයින් ඔහුව ජාත්‍යන්තරයට කුදලා බාරදෙන තෙක්ද?

අපි සියඵ දෙනාටම එදා ජනවාරි අටවනදා වැරදුනා. මෙ වරද නිවැරදි කරගත යුතුයි නැතිනම් අපි තෙවන වරටත් ‘හරාකිරි’ කරගන්නවා පමනක් නොව නායකයෙක් නැති නිහීන ජාතියක් වී බටහිරින් හැලෙන යමක් ඇහිද ජිවත්වන නිවටුන් බවට පත්වේවි. අපි සිටිය යුත්තේ බටහිර හා සමසමවය. අප සතුව ඇති දැනුම් සම්භාරයත් බුදධියත් වෙනත් කිසිම ජාතියකට නැත. අපේ මුතුන් මිත්තන් මේවා අපට ඉතුරැකර තැබුවේ එමගින් ලෝකයේ ඉන්නා උසස්ම ජාතිය වී නිර්මලවු බුදුදහම රැකගැනීමටයි.

රටකට ජනතාව, සංස්කෘතියක්  මෙන්ම ජනතාවට ආදරයකරන නායකයෙක්ද අවශ්‍යය.. යහපාලකයින් රකිනා රටක් නැත. ඔවුන් මේ රට කාගේදැයිවත් නොදනී. ‘මේ රට සිංහලයින්ගේ යැයි ලියා ඇත්තේ කොහේද’ යනුවෙන් ඔලොක්කු කරන්නේත්, මේ රට කාගේදැයි කියා ඔවුන් නොදන්නා බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන්නේත් සිංහලයාට මේ රටතුල ඇති අයිතිය හා හිමිතැන නැතිකරන චේතනාවෙන් බව අප තේරැම් ගත යුතුව ඇත.

යහපාලනය සමඟ අපේ ජීවය බඳුවූ මේ රට ගමන් කරනා දිසාව දැන් පැහැදිලිය. මේ ව්‍යාසනයෙන් මිදෙන එකම මාර්ගය ලබන මැතිවරණය හරහා අපට ලැබී ඇත. එදිනට මහින්ද  ‘කල රට’ ලැබූ සංවර්ධනයත්, ඔහුගේ හැකියාවත්, අද යහපාලනයේ නොහැකියාවත්  තේරැම් ගැනීමට තරම් අප බුද්ධිමත් වෙමු.

රටට ආදරය කරන අපගේ තිරණය ඉතාමත් සරලය. එය නොයෙකුත් නිර්ණායක මත පදනම්වී සංකීර්ණ කරගත යුතු නැත.  2009 වසරේ මැයිමස දහනමවනදා සිට අද වනතුරැ අප නිදහසේ සුලඟ පහස ලබනේනේ මහින්ද රාජපක්‍ෂයන් තම දිවි නොතකා ගත් ඒ අභීත තිරණය නිසයි. එදිනට පසුවද අප රට ලෝකයේ අනෙකුත් රටවල් සමග ජයමාවතක ඉදිරියටම ගියාමිස රට හෝ ජාතිය අපහසුතාවයකට පත්වන කිසිවක් මහින්ද සමයේ සිදුනොවීය.  පසුගිය මාස හතතුල එම ගමන තරමක් අඞාල වූවත් නැවත එදෙසට අපට පියවර මැනීමට හැකිය. ඒ සඳහා අවශ්‍යවන්නේ ඔබගේ  සරල කැමැත්ත පමනි.

පසුගිය ජනවාරි අටවනදා ජනතා තීරණයට හිස නමා ඉතාමත් නිහතමානි ලෙස රටේ නායකත්වයෙන් සමුගත්` මහින්දගේ මුවින් සෑමවිටම පිටවූයේ සෙෳම්‍යය මුදු මොලොක් වදන්මය. ඔහු කිසිවිටෙක කිසිවෙක් අපහසුතාවයට පත්කලේ නැත. අවශ්‍ය සෑමතැනකම අභීතව නැගීසිටි මහින්ද රටත් ජාතියත් රැකගත්තේ ඔහුගේම පන මෙනි.

බුලත් කොලයටත් මහින්දට හිතවත් අපේක්‍ෂයයින්ටත් පමනක් ලැබෙනා ඡන්දය  දල්වන එක් පහනක් නම් ලබන සඳුදින අපි පහන් අසූ ලක්‍ෂයක් දල්වා දැනට ඝනඅන්ධකාරයේ ගිලී ඇති අප රට එළිය කිරීමට ඇප කැපවෙමු.

එතෙක් මෙතෙක් කිසිම ජන නායකයෙක් නොලැබු ආසන සංඛ්‍යවකින් මහින්දයන් ප්‍රමුඛ එ නි ජ සංධානය දිනවා නැවත ජය මඟකට අප ලක් මෑණියන්ව රැගෙන යමු.

ඔබටත් රටටත් ජය ශ්‍රී.

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

2015 අගෝස්තු මස 11වන දා

One Response to “‘දියත පතල සුවදැති සොඳ සඳුන් කඳ……’”

  1. Christie Says:

    බටහිර ඉඳන් බටහිරට කෙලින ඉන්දියාව නොදකින අය ගැන මට ලොකු සැකයක් තියෙනව. ඔය සිඩ්නි මෙල්බන් පැතිවල ඉන්දියානු කුප්පායම් තියනවලු

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress