මන්ත්‍රිකම් රැකගන්න අපේ පක්ෂයෙන්ම ඡන්දෙ ඉල්ලන අයට මනාප දෙන්න එපා! විජයදාස රාජපක්ෂගේ පුතාගෙන් එජාප පාක්ෂිකයන්ට ෆේස්බුක් පණිවිඩයක්
Posted on August 11th, 2015

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්‍ෂ මහතා අගෝස්තු 8 වැනිදා දහවල් 12.02ට තමන්ගේ ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් යොදමින් එක්සත් ජාතික පක්‍ෂයේ නොවන අයට මනාප නොදෙන ලෙස එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. ඔහු සිය සටහන මඟින් එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගෙන් කරන ඉල්ලීම මෙපරිදිය.

“හිතවත් කොළඹ එක්සත් ජාතික පාක්‍ෂිකයිනි එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයන්ට මනාප පාවිච්චි කරන්න. බොරුවට එක්සත් ජාතික පක්‍ෂයේ අය වගේ රඟපාන අයට මනාප දෙන්න එපා. අපේ පක්‍ෂයේ නායකයන්ට හා අපේ පක්‍ෂයට බැනවැදී අපහාස කර දැන් තමන්ගේ තනතුරු, මන්ත්‍රිකම් ආරක්‍ෂා කර ගැනීම සඳහා ඊයේ, පෙරේදා එක්සත් ජාතික පක්‍ෂය සමඟ එකතු වුණු අයට මනාප ගහන්න එපා.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress