වැරදිකරුවන්ට මහින්ද දඬුවම් දුන්නේ නෑ. මෙන්න උදාහරණය.
Posted on August 13th, 2015

උපුටාගැණීම  www.mahinda.info

මහින්ද රාජපක්ෂ මහතා වැදිකරුවන්ට දඬුවම් ලබා නොදීම ගැන තම කණගාටුව ප්‍රකාශ කර තිබේ. එම ප්‍රකාශය යොදා ගනිමින් එජාපය එතුමාට මඩ ගසතත් එකී වැරදිකරුවන්ගේ ලයිස්තුවේ මුලටම රනිල් වික්‍රමසිංහ මහතා සිටින බව පෙන්වා දීම මේ ලිපියේ අරමුණයි.

11265255_10153360381822813_6322715958520135144_n

බටලන්ද කොමිෂන් සභා වාර්තාව

1 වන පරිච්ඡේදය – වාර්තාගත විය යුතු කරුණු
2 වන පරිච්ඡේදය – පුද්ගලයින් සමහරක් දෙනා ගැන හැඳින්වීම
3 වන පරිච්ඡේදය – ආරක්ෂක තත්තවය පිරිහීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වීම
4 වන පරිච්ඡේදය – බටලන්ද නිවාස යෝජනා ක්‍රමය
5 වන පරිච්ඡේදය – නීති විරෝධී රැඳවුම් මධ්‍යස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම
6 වන පරිච්ඡේදය – සපුගස්කන්ද පොලිස් ස්ථානයට පහර දීම
7 වන පරිච්ඡේදය – උප පොලිස් පරීක්ෂක රෝහිත ප්‍රියදර්ශන අතුරුදහන් වීම
8 වන පරිච්ඡේදය – උප පොලිස් පරීක්ෂක අජිත් ජයසිංහ අත් අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම
9 වන පරිච්ඡේදය – තීරණ
10 වන පරිච්ඡේදය – නිර්දේශය

බටලන්ද කොමිෂන් සභාව යනු තවත් මඩක් නොවේ. 88-89 එජාප පාලන සමයේදී තරුණ තරුණියන් 60000ක් පමණ පිරිසක් දරුණු ලෙස වද බන්ධනයන්ට ලක් කර ඝාතනය විය. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් නිල වශයෙන් පත් කළ ජනාධිපති කොමිෂන් සභාවකි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ වන විට එක්සත් ජාතික පක්ෂය කෙරෙහි නැඹුරු බව පෙනෙන මොහොතක එක්සත් ජාතික පාක්ෂිකයින්ද චන්ද්‍රිකා කුමරතුංග මහත්මිය වෙනුවෙන් පෙනී සිටින මොහොතක, මෙම බටලන්ද කොමිෂන් සභා වාර්තාව ඔවුන්ට ප්‍රතික්ශේප කළ නොහැකි වෙයි.

බටලන්ද කොමිෂන් සභා වාර්තාවට අනුව බටලන්ද වධකාගාරයට සම්බන්ධව ඇති අයගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ වී ඇත. (If the Batalanda Commission report is correct, how could Ranil contest the election?source: AsianTribune) එබැවින් රනිල් වික්‍රමසිංහ මහතාගේත් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ වී තිබුණත් චන්ද්‍රිකා මහත්මිය එය සිදුකළේ නැත. ඒ මන්දැයි නොදනිමු.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රට බාර වුණ පසුව එළඹ තිබුණේ ප්‍රභාකරන්ගෙන් රට බේරා ගැනීමයි. එහිදී ලැබී තිබුණේ එක් මන්ත්‍රීධූරයක් විතරක් වැඩිපුර ඇති අස්ථාවර පාර්ලිමේන්තුවකි. එවන් වකවානුවක බලයට ආ ගමන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කළානම්, රට තවත් අස්ථාවර වනු ඇත. එවිට මානුෂික මෙහෙයුම කර ගැනීමට නොහැකි වී ප්‍රභාකරන් තවමත් ජීවත් වෙනු ඇත. මානුෂික මෙහෙයුමට පසු වන විට බටලන්ද සිදුවීම් ජනතාවගේ සිත් වලින් ඈත් වී තිබුණි. එළඹ තිබුණේ රට සංවර්ධනය කරන යුගයයි. අධිවේගී මාර්ග, වරාය සහ ඊට ඒකාබද්ධ ගුවන්තොතුපොළ, තොරතුරු සහ සන්නිවේදන අංශයේ සංවර්ධනය ආදිය සිදු කළ හැකි විය. එදා බටලන්දේ ඝාතන වලට අණ දුන් අයට දඬුවම් දීම පසෙකලා ප්‍රභාකරන්ගෙන් රට බේරා ගැනීමට ජාතියම පෙළගැස්වීම මහින්ද රාජපක්ෂ මහතා කළ අතර එහි ප්‍රතිඵල අදටත් අප භුක්ති විඳිමු.

තාජුඩීන් මහතාගේ සිදුවීමේ පළමු පරීක්ෂණ සහ සියලුම සාක්ෂි අනුව රිය අනතුරක් බව නිගමනය වී තිබියදීත්, දෙවැනි පරීක්ෂණය අවසන් නොවී තිබියදී එය යොදාගෙන මඩ ගසයි. එසේ කරන්නේ 88/89 භීෂණ යුගයේ මිනිසුන් මරා දැමූ ආකාරය වත්මන් පරපුර නොදන්නා බැවිනි. අද මෙන් එදා හැමෝටම කැමරා නොතිබුණත් ඒ බිහිසුණ සිදුවීම් වල පොලිස් ඡායාරූප කිහිපයක් හමු වී තිබේ.
4

11825914_10153569924136289_4311046976297307230_n

9 - Copy

11745964_1473437342970168_5121647756476923765_n

3

5

11377148_475257099307531_1223272381704916800_n

බටලන්ද ඇසින් දුටු සාක්ෂි

එදා ඒ බිහිසුණු අතීතය ගැන නොදන්නා අයට දැනගැනීමට Share කරන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress