දෙමළ ඡන්දයෙන් දිනූ එවුන් සිංහල දරුවන් තකන්නේ නැත
Posted on August 15th, 2015

– දිල්රුක් කන්නන්ගර 

සිරිසේන ජනාධිපති වූයේද, ආතක් පාතක් නැති රනිල් අගමැති වූයේද සිරිසේනට ලැබුණු දෙමළ ඡන්දයෙනි. ඡන්දය දිනූ දා සිට කළේ දෙමළ ජනතාව පිනවීම මිස වෙන කිසිවක් නොවේ. අද සිංහල තරුණයන් අතර දෙමළ තරුණයන්ට වඩා සේවා වියුක්තිය සහ ඌණ සේවා නියුක්තිය දක්නට ලැබේ. විශ්ව විද්‍යාල තුලද මෙම අසාධාරණ ව්‍යාප්තවාදය දක්නට ඇත. මෙම නින්දිත පරිහානියට සිරිසේනගේ රනිල් ප්‍රමුඛ UNP ආණ්ඩුව වග කිව යුතුය. අගෝස්තු 17 න් පසුව මෙම පරිහානිය තවත් දරුණු වනු ඇත.

රාජ්‍ය සේවය කපා දමා ඒ වෙනුවට කොන්ත්‍රාත් පදනමට රාජ්‍ය සේවකයන් ඉතා තාවකාලිකව බඳවා ගන්නා ක්‍රමයක් සකස් කර හමාරය. මේ යටතේ සියලු කළමණාකරු නොවන නිල සේවකයන් රජයට සේවකයන් සපයන කොන්ත්‍රාත් සමාගම් වල ලියාපදිංචි විය යුතුය. ඔවුන්ගේ පඩි නඩි ගෙවනුයේ මෙම කොන්ත්‍රාත් සමාගම් විසිනි. වැඩ ප්‍රමාණයේ පමණට කොන්ත්‍රාත් සමාගම් සේවකයන් යොදවයි. වැඩ නැතිනම් පඩි නැත. කොන්ත්‍රාත් සමාගම් මහා ලාභයක් ලබමින් සේවකයන්ට ඉතා සුළු වැටුපක් ගෙවයි. අගෝස්තු 17 න් පසුව දින 100ක් ඇතුලත මෙය ක්‍රියාත්මක කල යුතු බවට IMF (ලෝක මූල්‍ය අරමුදල) නිර්දේශ කොට ඇත. චීනය එලවා ගත් UNP ආණ්ඩුවට IMF හැර අන් සරණක් නැත. රුපියල් කෙල කෝටි 52ක් මහා බැංකු මගඩියෙන් හොරකම් කල UNP ආණ්ඩුව රාජ්‍ය වැටුප් ගෙවනුයේ රටින් ණය ගෙනය. මෙම බොහෝ කොන්ත්‍රාත් සමාගම් 1990 දශකයේ ලංකාවෙන් විදේශ ගතවුණු දෙමළ සරණාගතයන්ට අයත් ඒවාය. දකුණු ඉන්දියාවෙන්ද රාජ්‍ය සේවකයන් ගෙන ඒමට ඔවුන් සූදානම්ය. අගෝස්තු 15 අත්සන් කිරීමට නියමිතව තිබූ, ඡන්දය නිසා කල් ගිය, ලංකා-ඉන්දියා ආර්ථික සහයෝගීතා ගිවිසුම (CEPA) යටතේ ලක්ෂ ගණන් රැකියා නැති ආර්ථික වශයෙන් දුර්වල ඉන්දියානුවන් ඔබේ රැකි රක්ෂා කොල්ල කනු ලබයි.

සෞඛ්‍ය, අධ්‍යාපන සහ සුළු පරිමාණ ව්‍යාපාර ද ඉන්දියානුවන් ට, 1990 දශකයේ ලංකාවෙන් විදේශ ගතවුණු දෙමළ සරණාගතයන්ට  පැවරීමට කටයුතු යොදා හමාරය.

UNP යට ඡන්දය දීමට පෙර මෙය සිතන්න.

2 Responses to “දෙමළ ඡන්දයෙන් දිනූ එවුන් සිංහල දරුවන් තකන්නේ නැත”

  1. sarathk Says:

    ලංකා දු පුතුනි අප මෙය දත යුතුය
    නිමකළ යුතුය යමපාලන පර රජය
    රැක ගන්නට අපේ හෙලබොදු රට සමය
    සෙන් පති මහින්දට චන්දය දිය යුතුය

    උපතින් මෝඩයෙකු බඳු වූ රනිල් හොරා
    මහ බැංකුවට කල මගඩිය මුදල් ගරා
    නිමකරවන්න සිංහල ජාතියම මරා
    අර අදිනවා පරගැති ගති හිසින් දරා

    නැණවත් සියලු ලක් වැසියනි දැනගන්න
    රනිල්- චන්ද්‍රිකා උගුලෙන් ගැලවෙන්න
    එක්සත් සිහල බොදු ගති රට රැක ගන්න
    රට රැකි මහින්දට යලි චන්දය දෙන්න

  2. Christie Says:

    Thanks Dilrook

    The former President called an early election. The Indian imperialists (India) were ready to correct its mistake in 2005 when it backed Mahinda Rajapaksa over Ranil Wickramasinge. Then, Indian imperialists advised Indian block vote in the island to abstain from voting. The reason for the preference was Indian imperialists thought it will be easier to negotiate with Mahinda an unknown matter for India. Unfortunately for India, Mahinda did not follow Indian directions as former Sri Lankan leaders did since 1956. In 2010 India enrolled General Sarath Fonseka as a presidential candidate against Mahinda and failed. So behind the scene as Indian imperialist always do they were planning for years and got former governor Chandrika Bandaranayake-Kumaranatunge to do the job and succeeded with doing a repeat of what India did with her father Solomon West Ridgeway Dias Bandaranayake in 1951. India did not have to wait for four year this time. India managed to divide the non-Indian vote and got the Indian block vote for Maithripala Sirisena the new governor of Sri Lanka who may be the proxy for the real governor Chandrika.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress