මිනිසුනි.. මේ යන්නේ ඒකීය ලංකාවට යන අවසන් බසයයි… දෙමළ සන්ධාන ඉල්ලන්නේ ඊළමයි..
Posted on August 16th, 2015

lanka C news -– රිවිර

මිනිසුනි.. මේ යන්නේ ඒකීය ලංකාවට යන අවසන් බසයයි… දෙමළ සන්ධාන ඉල්ලන්නේ ඊළමයි..දෙමළ සන්ධානයේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් කියනවා ඊළග රජයෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එහාට ගිය ෆෙඩරල් ක‍්‍රමයකට බලය බෙදීමක් ගැන.උතුරු නැගෙනහිර ප‍්‍රදේශ ඒකාබද්ධ කිරීමක් ගැන.එල්.ටී.ටී.ඊ යේ අරමුණු තමයි දෙමළ සන්ධානය මේ ඉටුකර ගැනීමට හදන්නේ යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා එම ප‍්‍රකාශය කළේ කුලියාපිටිය ඇඹව ප‍්‍රදේශයේදී පැවති හමුවක් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී මෙසේද පැවසීය.

හිරේ විලංගුවේ සිටින ත‍්‍රස්තවාදී සැකකරුවන් සියලූදෙනා මුදා ගැනීමක් ගැනද දෙමළ සන්ධානය සිය මැතිවරණ ප‍්‍රකාශයේ සදහන් කරනවා.එමෙන්ම යුද්ධය මෙහෙයවූ නායකයන්,හමුදාපතිවරුන්,සේනාංකවලට අණ දුන් හමුදා නිලධාරීන් යන සියලූදෙනා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් යුද අධිකරණයට ගෙනියන්න රජය සහයෝලය ලබාදිය යුතු බවක් දෙමළ සන්ධානය කියනවා.මෙය භයානක තත්ත්වයක්.පසුගිය 30 වසරක යුද්ධයෙන් පසුව රට සංවර්ධනය කිරීම සදහා අපේ රජය ලබාගත් විදේශ ණය නිසි අයුරින් විධිමත්ව ආයෝජනය කළා.අපි වැඩිපුර ණය ලබාගත්තේ චීනයෙන්.

පැවැති යහපාලන රජය චීනයෙන් ලැබෙන ණය ආධාර නැති කළා.ඒ තුළින් දැන් රටේ ආර්ථිකය කඩා වැටීමට ලක්වෙලා.වී වලට සහතික මිලක් දෙන්න බැරි පොල්,රබර් හා කිරි නිෂ්පාදන සදහා දැන් මිලක් නැත්තේ මේ නිසයි.80 දශකයට දැන් මේ රට යොමු වෙමින් පවතිනවා.පසුගිය කෙටි කාලය තුළදී අපට දැකගන්න ලැබුණා උතුරුකරේදී පොලීසියේ වාහන ගිනි තියනවා.උසාවිවලට පහර දෙනවා.පාරවල් හරහා ටයර් පුච්චනවා.එල්.ටී.ටී.ඊ කොඩි දානවා.විරෝධතා පෝස්ටර් ප‍්‍රදර්ශනය කරනවා.80 දශකයේදී උතුරුකරයේ තිබූ ස්වරූප ලක්ෂණ යළිත් දැක ගන්නට ලැබීම ඉතා භයානක තත්ත්වයක්.

 

2 Responses to “මිනිසුනි.. මේ යන්නේ ඒකීය ලංකාවට යන අවසන් බසයයි… දෙමළ සන්ධාන ඉල්ලන්නේ ඊළමයි..”

  1. Ananda-USA Says:

    Yamapalana Sudiya!

    Lankawata Harima Deyak Siduwuna,
    Seemawak Nathuwa Pathuruna.
    Raja Wennata Sithapu Landa,
    Sudiya Nisa Moda Wuna,
    Biwwa Neda Yahapalanaya?

    Biwwa Neda Yahapalanaya?
    Gilla Neda Yahapalanaya?
    Aney Magey Sirisena Paney,
    Kiyannako Attha Aney,
    Apita Pewwa Neda Yamapalanaya?
    Apita Pewwa Neda Yamapalanayaaa ….?

  2. Ananda-USA Says:

    To the ALWAYS FAITHFUL Patriots,

    A Heartfelt Tribute in Gratitude!

    Semper Fidelis, Patriots of Lanka

    By Ananda-USA

    Our Motherland, resplendent Sri Lanka,
    Hallowed be thy name!
    Thy children flock today to vote,
    To preserve thy immortal flame!

    The Lion Flag flutters proudly aloft,
    To remind us this freedom’s day!
    Our duty to keep thee, safe and strong,
    As our forefathers did yesterday!

    A Mahinda Rajapaksa by deed and word,
    Strode forth boldly to eternal fame!
    To lead his people to a safer world,
    When all others retreated in shame!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress