ජාතික ආණ්ඩුවේ ඇමැතිකම් 25ක් එජාපයට 20ක් ශ්‍රී ලනිපයට
Posted on August 22nd, 2015

ජාතික ආණ්ඩුවක් පිහිටුවමින් නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව 45කට සීමා කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස්

පක්ෂය එකඟත්වය පළ කර ඇත. ජාතික ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාවද 45කි. එම අවබෝධතා ගිවිසුමට අනුව එකී සියලු අමාත්‍ය ධුරවලින් 25ක් එක්සත් ජාතික පක්ෂයටද 20ක් ශ්‍රී ලංකා නිදහස්පක්‍ෂයටද හිමිවනු ඇත. සම්මුතිවාදීව රට ඉදිරියට ගෙන යෑමේ රජයේ කාර්ය භාරයට සහාය වීමට එකඟතාව පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජාතික
පක්‍ෂය සමඟ පෙරේදා (21) අවබෝධතා ගිවිසුමක්ද අස්සන් තැබීය.

ජනාධිපති කාර්යාලයේ පැවැති නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමේ අවස්ථාවෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී මේ අවබෝධතා ගිවිසුමට අස්සන් තැබීම සිදුවිය.

එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් ලේකම් කබීර් හෂීම් මහතාත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් එම පක්‍ෂයේ වැඩ බලන ලේකම් දුමින්ද දිසානායක මහතාත් අවබෝධතා ගිවිසුමට අස්සන් කළහ.

මේ අතර අමාත්‍ය ධුර යටතේ ඒ ඒ පක්‍ෂ සඳහා විෂය පථ බෙදෙන ආකාරය සම්බන්ධයෙන් එ. ජා. ප. සහ ශ්‍රී ල. නි. ප. නායකත්වය අතර මේ වන විට සාකච්ඡා පැවැත්වෙයි.

ජාතික ආණ්ඩුවේ මුදල් ඇමැති ධුරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වීමට ඉඩ ඇති බවද වාර්තා වේ.
තවද ජාතික ආණ්ඩුව යටතේ නියෝජ්‍ය අගමැති ධුරයක් පිහිටුවීම සම්බන්ධයෙන්ද අදාළ පාර්ශ්වයන්ගේ අවධානය යොමුව තිබේ.

One Response to “ජාතික ආණ්ඩුවේ ඇමැතිකම් 25ක් එජාපයට 20ක් ශ්‍රී ලනිපයට”

  1. Independent Says:

    ආසන 83ක් තියාගෙන අවජාතක ආණ් ඩුවක් නැවැත්වීමටවත් නායකත්වයක් දෙන්න මහැකාට බැරි ද ? එසේනම් බැරි ඇයි ? උත්තර දීපියව් පුලුවන්නම්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress